Just Breathe

Just Breathe Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Just Breathe, Digital creator, Colombo.

හැමදාම ඉර බැහැගෙන යන වෙලාවට බීච් එකට නොගිහින් බැරි උනේ කරන්න දෙයක් නැතිකමටද, පුරුද්දට කියන එක තාමත් හිතාගන්න බෑ. සමහරවිට...
02/02/2026

හැමදාම ඉර බැහැගෙන යන වෙලාවට බීච් එකට නොගිහින් බැරි උනේ කරන්න දෙයක් නැතිකමටද, පුරුද්දට කියන එක තාමත් හිතාගන්න බෑ. සමහරවිට ඒ මතක එක්ක ගෙවන්න තිබ්බ ආසාව නිසාම වෙන්නත් පුළුවන්.
චන්නකී එක්ක වෙරළ අයිනෙ ගෙවුන හැම හැන්දෑවකම තිබුණේ අදුරකට වඩා එළියක් කිව්වොත් හරි.
ලා රත් පාටකට හුරු, ඉන වෙනකං කඩා වැටුණු තුනී කෙස් ගස්, මුහුදු හුළඟට එහා මෙහා දිව්වෙ චන්නකීටවත් කීකරු නැති තරමට. අඳුන් ගාපු ඇස් වල තිබ්බේ මලානිකකමක්ද අහිංසකකමක්ද කියලා අදටත් මට හිතාගන්න බැහැ. හැමදාම වගේ අපි පුරුදු උනේ මුහුද දිහා බලාගෙන කතා කරන්න මිසක රැල්ල පාගන්නවත්, කෑම කරත්තෙකින් කෑමක් අරගෙන කන්නවත් නෙමෙයි.
සමහරවිට ඒකට හේතුව උනේ මගේ කැමැත්ත අකමැත්ත මත ගොඩක් දේවල් තීරණය කරපු නිසා වෙන්නැති.

"ඇයි නිහත් ඔයා මූදු වතුරට ඔච්චර අකමැති?"
"අපෝ මන් ආස නෑ. ඇදුම් සපත්තු ඉවරයි වැලියි වතුරයි ගෑවිලා."

හැමදාම මගේ උත්තරේ උනේ ඒක. ඒත් මට කවදාවත් චන්නකීගෙන් අහන්න අමතක උනා ඇයි එයා ඒ තරම් මූදු හුළඟටත් කැමති කියලා. ඒක කොච්චර අතපසුවීමක්ද කියලා තේරෙනකොට සියල්ල පමා වැඩිය.

"ආන් ඈත බෝට්ටුවක්..."
ළග ලගම ඇහුණ පොඩි එවුන්ගේ සද්දෙ නිසා බොඳ වෙච්ච පරණ මතකවලින් එළියට ආවේ ගෙදර යන වෙලාව පසුවී ඇති බව මතක් වුන නිසයි.

"දුක හාදු දෙන රැයේ... සිත පතුලටම වෙලා..."
රථය පනගන්නවනවත් එක්කම රේඩියෝව ක්‍රියාත්මක කළේ හැමදාම ඇහුණු චන්නකීගේ කියවිලි නැති අඩුව පුරවන්නම තමයි.

"දවසක යමු අපේ ගෙදර, අප්පවයි අම්මවයි බලන්න එක්කම..."
ඇය කීවතාවක් මේ දේ කිව්වද කියා මතක නැත. නමුත් ඒ ගැන උනන්දුවක් නැති වීම, මගේ නොසැලකිලිමත් බව මම දනිමි. මුල් කාලයේ තිබූ ආදරය කල්යත්ම ඒකාකාරී වූ බවක් මතකය.

චන්නකී ඉන්දියානු සම්භවයක් තිබූ කෙනෙක් විය. පියා ඉන්දියානුවෙකු වූ අතර මව ශ්‍රීලාංකික දමිළ කාන්තාවක් විය. පියාගේ රැකියාව නිසාවෙන් අවුරුදු තිහකට පමණ උඩදි ලංකාවේ පදිංචි වූ පසු, ඇයගේ මව හමුවී විවාපත්වි ඇති බවත්, ඉන්පසු මෙහෙම පදිංචි වි දිවිගෙවූ බවත් ඇය මට හමුවූ මුල් දවස් වල කීවා මතකය.

"අර ඉන්නේ මචෝ ඉන්ටර්න් ආපු මේ පාර සෙට් එක"
ඒ සාරදය.

චන්නුව මම මුලින්ම දැකපු දවස මට හොඳින් මතකය. ඉන්දියානු සම්භවයත්, දමිළ හුරු කතාවත් නිසාවෙන් ඇයට තිබුණේ ඉන්දියානු කෙල්ලෙකුගේ පෙනුමකි.
උසස් අධ්‍යාපනය අවසන් කර, පුහුණු කටයුතු වෙනුවෙන් අප ආයතනය හා බැඳුණු ඇය, හැමෝ අතරම කැපී පෙනන කෙනෙකු වූයේ ඇගේ පෙනුම සහ කතා විලාශය නිසාමය.
.........................................................................................

"ඇයි නිහත් ඔයා මට ඒම කළේ?"
හැඬුම් ස්වරයෙන් කියූ දේවල් තාමත් රෑ නින්දෙනුත් ඇසෙන තරම්ය.
"මන් දන්නෙ නෑ. මට සමාවෙන්න චන්නු"
අපහසුවෙන් උනත් කිසිවක් නොවූ ගානට කිව්වේ කියන්නට දෙයක් වෙන නැති නිසාමය.
නොනවත්වා කඩා හැලෙන කඳුළු මැද්දෙන් සුසුම්ලෑම මිසක වෙන වචනයක්වත් නොකීමට ඇය වගබලා ගත්තාය.
ප්‍රියා මට මුහුණුපොතෙන් හමුවූ හිතවතියකි. ඉඳහිටක සිදු කරන පණිවිඩ හුවමාරුවට පසු, ඕනෑවට වඩා කුළුපගවීම ආරම්භ වූයේ චන්නු ඉන්දියාවට ගිය කෙටි කාලය තුළ බව විශ්වාසය.

"අපි හෙට මීට් වෙමුද? මම හෙට ලන්ච් එකට වැඩ වගේකට එළියට යනවා..."
ප්‍රියාගේ ආරාධනාවට අකමැති වෙන්න තරම් හේතු තිබුණත්, ඒ ගැන හිතන්න මට වුවමනාවක් නොතිබුණු බවත් පිළිගත යුතුය. චන්නකී නැති අතරේ දැනුන පාළුව, නිදහසට හේතු කරගෙන අනවශ්‍ය සම්බන්ඳකමක බැදුණත්, ඇය වෙනුවෙන් තිබූ ආදරය අඩු වැඩි වෙමින් ඒ වනතුරුත් හිතේ පැවතිණි.

"නිහත් මන් හිතන්නේ අපි පොඩ්ඩක් මීට් වෙලා කතා කරන්න ඕනි"
ඇගෙන් ආ දුරකථන ඇමතුම ගැන හොඳින් පැහැදිලිය.

ප්‍රියා එක්ක තිබූ සම්බන්ධය ගැන චන්නකී දැනගන්නේ ඉන්දියාවේ සිට පැමිණ මාසයක් පමණ ගතවෙන විටයි. ඒ දිනක් ප්‍රියා සහ මම අවන්හලක සිට දොඩමලු වෙන අයුරු දුටු ඇගේ හොදම මිතුරිය අස්රින් ගේ තොරතුරු මත විය හැක.

හැමදාම දකින කලබල නැති සිනාමුසු මුහුණින්ම චන්නකී ඒ ගැන විමසන විට, කිසිම හිත්පිත් නැති ආයෙකු මෙන් සියල්ල පිළිගත්තේ හිතේ බුර බුරා නැගුණු ඕළාරික හැඟීම නිසාම වෙන්න ඇති. සියල්ල පවසා ඇයගේ සම්බන්ධයට තිත තබා, ප්‍රියා සමඟ වෙනස් ජීවිතයක් ගත කිරීමේ ආශාව කලෙක පටන් මට තිබුණි. ඒ නිසා කිසිත් නොසඟවා මම ඇය හා ඒ ගැන පැවසුවෙමි.
නමුත් ප්‍රියා ගැන වචනයකදු කතා නොකර සිටීමට මම වගබලා ගතිමි.

"මට ටිකක් නිදහසේ ඉන්නයි ඕනි. කොහොමත් ඔයා ආයේ මාසෙකින් ඉන්දියා ගියාට පස්සේ ආයේ එන්න කාලයක් යනවා නේ..."
"අනික නොගැලපීම් තේරෙනකොට අපි දිගින් දිගට මෙහෙම ඉදිල්ලෙන් වැඩක් නෑ නේ චන්නු"
හිත්පිත් නැති අයෙකු ගානේ මම හඬ අවදි කළෙමි.

මුහුදු හුළඟට වද දෙන කෙහෙරැළි ගැනවත් තැකීමක් නැති ඇය, හැලහොල්මනක් නැතුව මේ සියල්ල සාවධානව අසා සිටියාය.
"අප්පට ටිකක් අසනීපයි. මන් ඉක්මනට යන්ඩ ඕනි"
කවදාවත් නැති කලබලයකින් ඇය කියනකොට, මන් බලන් ඉදියේ වෙනදාට ලා රෝස පාටට තියන මූණ, අද සුදුමැලි වෙලා තියන විදිහ ගැන විතරයි.
........................................................................................
"නිහත්, චන්නු ඔයා එක්කද?"
"නෑ... මන් ස්ටේෂන් එකට ඇරලුවා නේ"
"පොඩ්ඩක් චන්නුට කෝල් එකක් ගන්න. තාම චන්නු ගෙදර ගිහින් නෑ..."
අස්රින්ගෙන් ආපු දුරකථන ඇමතුම උන්හිටි තැන් අමතක වුණේ හවස ඇතිවුන කතාබහ ගැන මතකෙට ආ නිසාමයි.
නොනවත්වා ගත්ත ඇමතුම් එකකටවත් පිළිතුරු නැති වෙනකොට ගෙදර අයටවත් නොකියා එළියට බැස්සේ හැන්දෑවේ සිදුවීම් එකිනෙක හිතට වදදෙද්දියි.

"නිහත්"
ආයේ ඇමතුම අස්රින්ගෙන් වෙද්දී මොහොතක් නොබලා පිළිතුරු දුන්නේ ස්ටේෂම පෙනී පෙනීමය.
"ඔව් අසී..."
"නිහත් චන්නු..."
ඇමතුම අවසන් වෙන්න ප්‍රථම, මා කෙරූ වරදක තරම දැනී අවසන්ය. හඬන්නටවත් බැරි තරම් ලජ්ජාවක් මට මා කෙරේම ඇති වුණි.
.....................................................................................
රෝස පාට මල් පිපුන බෝගන්විලා පඳුරු මැදින් දිස්වෙන, වසර ගනනාවකට පෙර කහ පාට තැවරූ ගරා වැටෙන ඔන්න මෙන්න ඇති බිත්තිත්, බොහොම පිළිවලට අඩුක් කර බිත්ති පුරා විහිදුනු පොත් රාක්කත්, යාබදව පොඩි මේසයක් මත මල් මාලයක් දමා ඇති ඇයගේ උපාධි පින්තූරයත් මා නොමරා මැරීමට සමත් විය.
බොහොම විඩාපත් නෙත් ඇතිව කෙසඟ සිරුරු වාරු කරගෙන, ඇගේ දේහය දෙස උපේක්ෂාවෙන් බලා හිඳින්නේ, අප්පයි අම්මයි බව දුර තියා මම හැඳින ගතිමි.
හැමදාම දකින, නිවුණු ලීලාවෙන්ම, ඇය නිසොල්මනේ සාලය මැද ලී පෙට්ටියක තැන්පත් කර ඇත.

"යමන්. පොඩ්ඩක් අර මිනිස්සු දෙන්න එක්ක කතා කරලා වරෙන්."
"උඹ මෙතන ගල් වෙලා වගේ ඉඳලා හරියන්නේ නෑ නේ..."
සාරද ගේ හඬින් සිහි එළවාගත් මම, චන්නකීගේ අම්මයි අප්පයි හිඳින තැනට ඇදුණේ දෙපා වාරු නැති අයෙකු විලසටය.

"අන්කල් අපි චන්නුගේ යාළුවෝ. ඔෆිස් එකේ."
සාරද මුලින්ම කතාවට එක්වුණේ මට කියා ගන්නට වචන කිසිත් නොමැති තැනය.

"අනේ එහෙමද මහත්තයෝ... කව්රුනම් හිතපු දෙයක්ද මේ උනේ අපිට. කොච්චර අසනීපෙන් ඉදියත් මගේ එකී මෙහෙම දෙයක් කරගනී කියලා අපි හීනෙකින්වත් හිතුවේ නෑ මහත්තයෝ"
වෙවුලන ස්වරයෙන් ඇගේ පියා පවසන දේ අපිට තවමත් අපැහැදිලිය.

"අසනීපෙන් කිව්වේ අංකල්?"
සාරද කතාවට එක්වුණා මිස මට කිසිදු වචනයක් කතා කිරීමට තරම් ඔළුවට පහසුවක් නොවීය.

"ඇයි මහත්තයා චන්නකී දුව කියලා නැතැයි? ලියුකේමියාව කියලා නේ කිව්වේ. පහුගිය දොහේ මගෙකී ඉන්දියා ගියෙත් ඒක තමයි නේ. දැනගත්ත දවසේ ඉදන්ම අපෙනුත් හැංගුවා. මේන් මේ මෑතකදී තමයි කිව්වේ හොඳටම අසනීප වෙච්ච වෙලාවක. පව් අපේ අහිංසකී."
අප්පාගේ සුසුම් හඬ පමණකි. තිදෙනා අතර දිග නිහැඩියාව අහවර කලේ නැවත ඔහුමය.

"පොඩි කාලේ ඉඳන්ම අපි චන්නකීව හැදුවේ ඇහැ මානේම තියාගෙන. අතක් පයක් තුවාල වෙන්න තියා සිරීමක්වත් නැතුව ඇහේ තියං බලාගත්තේ."

බොහොම හැඬුම් ස්වරයෙන් චන්නුගේ අප්පා කියවගෙන ගියේ හිතේ හිරකරගෙන ඉඳපු වේදානාව වෙන්නැති.

"කවදාවත් වේදනාවක් අපේ මූණට පෙන්නලා නෑ මහත්තයෝ. අපි දැනගත්ත දවසේ ඉඳන්ම අද හොඳවෙයි හෙට හොඳවෙයි කිය කියා හැමදාම කිව්වේ. සමහරවිට ඒ නහින දෙහින කාලේ ඉන්න අපි දෙන්නගේ හිත හදන්න වෙන්නැති."
"කව්ද හිතන්නේ මහත්තයෝ, ගහක් ගලක් වගේ හයියට ඉඳපු මගේ රත්තරං කෙල්ල අසනීපයක් නිසා මෙහෙම කෝච්චියට පනී කියලා...."
කඳුළු බිංදු හංගගෙන කතා කරන ඔහුගේ හඬ බිදී ගිය ස්වරයකි.
ඈතින් චන්නුගේ මවද ඉකිබිඳිමින් කව්රුන් හෝ සමඟ කතාවකි. සාරද ද ඔහේ බලාගත් අතම බලාගෙන කල්පනාවකය.
උගුරේ යමක් සිරවී ඇති සේ වේදනාවක් දැනුණි. හුස්ම ගැනීමද අපහසුය. ලෝකයම කඩාවැටෙන තරමට හිසට වේදනාවක් දැනුන මුත්, පියවි සිහියට එන්න තරම් වුවමනාවක් මට නොවීය.

ඇය සමඟ ගතවූ සුන්දර සවස් මින්පසු නැත. ඇය මා හා දොඩමළු වූ නොයෙක් කතන්දර ආයේ නොඇසෙන බව දනිමි.

කව්රු දැන නොදැන ඉදියත්, චන්නකීගේ මරණයට හේතුව මගේ වරද බව සිත ඇතුලෙන් කෑගසා වදදෙයි. සියල්ල සිදුවී හමාරය. චන්නු සදාකලයටම අප අතහැර ගොස් ඇත. ඉතිරිව ඇත්තේ දුකත් පසුතැවීමත් පමණි.
.........................................................................................

චන්නු අහිමි වී අදට වසර පහකි.
නැත, මා ඇයව අහිමි කරගෙන අදට වසර පහකි. තාමත් සියල්ල අද ඊයේ සිදුවූවා වැනිය. කිසිම මොහොතක තවම මට චන්නුව හිතෙන් ඈත් කරගෙන, වෙනත් පෙමක පැටලෙන්නට තියා නිදහසේ හුස්මක් ගැනීමටද සිතක් නැත. එසේ කිරීමටද මට දැන් උවමනාවක් නැත.
අවසානයේ ඉතුරු වූ එකම දෙය ඇය සමග ගතකල මතකයන් සිහිකිරීම පමණි.
හැමදාම ඉර බහින වෙලාවට වෙරළට යන්නත්, ඉඳහිටක ඇගේ නිවසට ගොස් අප්පගේ සුවදුක් විමසා බැලීමෙනුත් මට සිතට අස්වැසිල්ලක් දැනුණි.
චන්නුගේ අවසන් කටයුතු වලින් සයමසකට පසු ඇගේ මවද රෝගාතුරව හිඳ, මෙලොව හැර ගිය බව මට අස්රින් මගින් දැනගන්නට ලැබුණි. ඒ නිසා එතෙන් පටන් අප්පගේ සුවදුක් සොයා බැලීමට මම ඉටා ගතිමි.
සමහරවිටෙක ඒ ඇගේ සුවඳ පිරුණු නිවසේ මොහොතක් හෝ රැදිසිටිමෙන් මගේ පසුතැවීම මදකට හෝ අමතක වෙන නිසා බව මම සිතමි.
ඉතින් හැමදාම අන්දකාර වෙරළේ මගේ එකම සිතුවිල්ල නම් මතු සසරේ කාවදාකමත් මා වැනි අදම මිනිසෙක් නුඹට මුණනොගැහිය යුතුය.

✍️ Just Breathe

26/01/2026

මට නුඹ මගහැරී
කොපමණ කලක් ගතවුවද,
කවදා කොහේ කොතැනකදී හෝ
හමුවුණු විටක,
ඇසීමට ඇති එකම දෙය
"නුඹ සතුටින්ද" යන දෙය පමණි... 🥺💔

22/01/2026

සැබෑ වෙන්න ඕනි ලස්සනම සිහින ♥️✨

18/01/2026

කාලයක් අපිට නැතිවම බෑ කියලා හිතුන බැඳීම්, අපිව මගහැරලා යනකොට, ටික ටික ඒ බැඳීම් නැතිව ජීවත් වෙන්න අපි පුරුදු වෙනවා 💔

16/01/2026

ජීවිතේ ලස්සන කරන යාළුවෝ තමයි හැමෝටම හමුවෙන්න ඕනි ♥️✨💫👣

තාත්තාගේ අම්මාගේත් අසීමිත කැපකිරීමත්,අයියලා දෙන්නාගේත් අක්කාගේත් සරසවි සිහින අත් හැරමගේ සිහින වෙනුවෙන් කැපකිරීම මතින්මම ...
19/12/2025

තාත්තාගේ අම්මාගේත් අසීමිත කැපකිරීමත්,
අයියලා දෙන්නාගේත් අක්කාගේත් සරසවි සිහින අත් හැර
මගේ සිහින වෙනුවෙන් කැපකිරීම මතින්
මම පවුලේ පළමු උපාධිධාරිවුනෙමි.
ආදරණීය මගේ පවුලේ අයත් ශිල්පය දුන්න ගුරුවරුන්ට ජිවිතය ජය විය යුතුයි.

නිදහස් අධ්‍යාපනය කියන්නේ අපි වගේ මිනිස්සුන්ට අත්තටු❤️

-උපුටාගැනීම Suchith Madhuranga ගේ Facebook පිටුවෙනි ♥️-

කොළ හැලෙන ඉඩෝරෙත්කඳුළු වෑහෙන මොහොතේදිත්මට මාව අමතකම වෙද්දිත් හිනැහුණා නුඹ මානයෙන් නෙත්...කළුවරම රෑ තනිව ඉද්දිත්සිහින වද ...
19/12/2025

කොළ හැලෙන ඉඩෝරෙත්
කඳුළු වෑහෙන මොහොතේදිත්
මට මාව අමතකම වෙද්දිත්
හිනැහුණා නුඹ මානයෙන් නෙත්...

කළුවරම රෑ තනිව ඉද්දිත්
සිහින වද දෙන විටදි නින්දෙත්
එකම එක මා නිවපු රූපෙත්
වියෝ වූවත් නුඹගේ පමණයි...

🖋️ Just Breathe

කාලයක් ඉඳලා ඉඳලා මහා හයියෙන්පිටාරයන්න වැස්සට,වැස්සවත් දන්නේ නැතුවැතිකොච්චරක් ගස්මැරිලා ගියබවවහිනකන් බලන් ඉඳලම....🖋️ Just...
18/12/2025

කාලයක් ඉඳලා ඉඳලා
මහා හයියෙන්
පිටාරයන්න
වැස්සට,

වැස්සවත් දන්නේ නැතුවැති
කොච්චරක් ගස්
මැරිලා ගියබව
වහිනකන් බලන් ඉඳලම....

🖋️ Just Breathe

ජීවිතේ තෝරා ගැනීම් නිවැරදිව වෙන්න ඕනි කියන දේ  හොඳින් දැනෙන කාල පරිච්ඡේදයක් හැමෝටම තියනවා. නොහිතන වෙලාවට අපිට ලැබෙන හොඳ ...
14/12/2025

ජීවිතේ තෝරා ගැනීම් නිවැරදිව වෙන්න ඕනි කියන දේ හොඳින් දැනෙන කාල පරිච්ඡේදයක් හැමෝටම තියනවා. නොහිතන වෙලාවට අපිට ලැබෙන හොඳ නරක මේ හැමදේම සම සේ දරාගන්න පුළුවන් වෙන්නේ, නිවැරදි තේරීම් තියනකොට තමයි.

කාලෙකදී අපි නිවැරදි කියලා ගන්න තීරණය, තව කාලයක් යද්දි වැරදී කියලා දැනෙන්න පුළුවන්. විශේෂයෙන් ආදර සම්බන්ධතාවලදී. ගැහැණු පිරිමි දෙපාර්ශවයටම මේක පොදු කරුණක්.

ජීවිතේ දහසක් බලාපොරොත්තු තියාගෙන ඉන්න මනුස්සයෙක්, තව සහකරුවෙක් හෝ සහකාරියක් එක්ක බැඳෙන්නේ තමන්ගේ සිහින නැති කරගන්නවත්, අනෙකාගේ සිහින බිඳ දමන්නවත් නෙමෙයි. දෙදෙනාගේම සිහින වලට වාරුදීලා ජීවිතේ ගලපගන්න දෙන්නටම පුළුවන් වෙනවා නම් අන්න එතන තමයි ආදරේ සහ ජීවිතේ සැනසීම තියෙන්නේ.

එහෙම නැතුව බැඳීම් කල් ගත වෙත්ම, අහේතුකව අනෙකාට වැටකඩුළු බඳිනවා නම්, මානසිකව එහෙමත් නැත්නම් ශාරීරිකව හිංසාවට පත්කරනවා නම්, ඒ වගේ toxic relationship එකක් පවත්වාගෙන යනවා කියන්නේ මිහිපිට අපායක ජීවත් වෙනවා වගේ දෙයක් තමයි.

ඒක භෞතික උනත් මානුෂීය උනත් අපිට බලපානවා එකම විදිහට. ඒ නිසා අපි නිවැරදි තීරණ ගන්න ඕනි තැන, ඒ තීරණ ගන්නම ඕනි!

"The girlfriend"

ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම බලන්න ඕනි කතාවක්. මොකද toxic boyfriends ලා වගේම toxic girlfriends ලත් ඉන්නවා මේ ලෝකේ.

ඔයත් ඔයාගේ තේරීම ගැන කල්පනා කරලා බලන්න.

ඉතින් මන් ප්‍රාර්ථනා කරන එකම දේ, මින් මතුවට අපි කරන තේරීම්, නිවැරදි තේරීම් විතරක් වෙන්න කියන එක විතරයි! ♥️

🖋️Just Breathe_

වෙහෙසකර දවසක නිමාවනුඹට සහ මටඅවැසි එකම සැනසීමඅපේ උරහිස් මත තබා හිස,හදවතේ ඇති විඩාවන් දියකර හැරීමය...🖋️Just Breathe_      ...
03/12/2025

වෙහෙසකර දවසක නිමාව
නුඹට සහ මට
අවැසි එකම සැනසීම
අපේ උරහිස් මත තබා හිස,
හදවතේ ඇති විඩාවන්
දියකර හැරීමය...

🖋️Just Breathe_

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Just Breathe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share