04/06/2025
අධ්‍යාපනයට වැට බදින කුහකයෝ ....
ලංකාවේ විශ්වවිද්‍යාල සදහා තේරී පත්වීමට අවශ්‍ය අවම සුදුසුකම වෙන්නේ තමන් ඉගෙන ගනු ලබන වීෂය කාණ්ඩයට අදාළ විෂයන් 3ට S සාමාර්ත 3ක් ලබා ගැනීමයි.
ඒ අනුව ගියවර උසස් පෙළ සදහා පළමුවර පාසල් අපේක්ෂකයින් 222,774 සහ පෞද්ගලික අපේක්ෂකයන් 51,587 විභාගය සදහා පෙනී සිටියා. ඒ අනුව සමස්ත අපේක්ෂකයන් සංඛ්‍යාව 274,361.
අපි ඔතනින් 24,361ක් අයින් කරමු.ඔවුන් දෙවෙනි වර ලියන්නේ ඔවුන්ගේ යම් කිසි සුදුසුකමක් සපුරගන්න පෞද්ගලිකව ලියනවා කියලා.
එතකොට විශ්ව විද්‍යාල අපේක්ෂාවෙන් 250,000ක් විභාගයට පෙනි සිටිනවා.
274,361න් විශ්ව විද්‍යාලයට ඇතුල් වීමට අපේක්ෂකයින් 177,588 මුලික සුදුසු කම ඒ කියන්නේ S-3 සපුරලා සුදුසුකම් ලබනවා.
හැබැයි ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියට දරාගන්න පුලුවන් සිසුන් 45,000කට ආසන්න සංඛ්‍යාවක් විතරයි. ඒ කියන්නේ රටේ බදු වලින් රජයට පහසුකම් දීලා බලාගන්න පුලුවන් 45,000ක් විතරක් නිසා එයාලා Z- score එක මත 45,000ක් විතරයි ගන්නේ.
එතකොට අර 177,588න් ඉතුරු වන 132,588ක් වන විශ්ව විද්‍යාල සුදුසුකම් සපුරපු ළමයි විශ්ව විද්‍යාල ප්‍රවේශයට නුසුදු වෙන්නේ මොකක් නිසා ද??
එතකොට ඒ ළමයි උසස් අධ්‍යාපනයට නුසුදුසු වෙන්නේ,විශ්ව විද්‍යාල ප්‍රවේශයට අවශ්‍ය මුලික සුදුසුකම් සපුරලා තියෙද්දී.එතකොට ඒ ළමයිට උසස් අධ්‍යාපනය අකැප ද?
ලංකාවේ උසස් පෙළ ඇතුල්වීමේ සුදුසකම් පරීක්ෂා කර බලන සුදුසුකම් විභාගයක් මිසක් තරහ විභාගයක් නෙවෙයි.මේක තරහ විභාගයක් වෙලා තියෙන්නේ සීමිත් ඉඩ ප්‍රමාණයකට විශාල අපේක්ෂකයින් පිරිසක් මුහුන දීම නිසා.මේකට අපි කියනවා Bottle Neck effect එකක් කියලා.මේක නිසා සුදුසුකම් ලබපු විශාල ප්‍රමාණයක් සෘජුව විශ්ව විද්‍යාලයකට සුදුසකම් ලබන්න බැරි වෙනවා.
මේ bottle Neck effect එකම තමයි ලංකාවේ අති දැවැන්ත tution mafiaවකට පාර කපලා තියෙන්නේ.
මේ තියෙන තරගය නිසා Z-score එක දශම ගණනකින් වෙනස් වීම, යම් අපේක්ෂකයෙක්ගේ විශ්ව විද්‍යාල සිහිනය බොද කරන්න පුලුවන්. එහෙම වෙච්ච අති දක්ෂ ශිෂ්‍යයෝ කී දෙනෙක් ඇත් ද මේ උසස් පෙළ පීඩනය නිසා.දැන් කියයි පීඩනය කළමණාකරණය කියන්නේ life skill එකක් එක බැරි නම් ඒ වගේ අය නොයන එකමයි හොද කියලා. එතකොට අහන්න් තියෙන්නේ එච්චර පීඩන කළමණාකරණයක් පුලුවන් ළමයි විශ්ව විද්‍යාලයට ගිහින් සිය දිවි හානි කරගන්නෙ කියන එක.
හරි දැන් කාරණයට එමු නැවත. එතකොට මේ මුලික සුදුසුකම සපුරපු ළමයිට දෙන්න පුලුවන් දේ මොකක්ද ?
එකක් පුලුවන් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල ප්‍රවේශය තව ටිකක් වැඩි කරන්න අඩුම 100,000 වෙනකම්වත්. හැබැයි එක කරන්න බෑ මොකද ලංකාව කියන්නේ බංකලොත් රටක්,ඒ වගේ ආර්තික හැකියාවක් නෑ.තවත් ළමයි පිරිසක් බදු මුදලින් බලාගන්න.ඉන්න ළමයිටත් පහසුකම් දී ගන්න බැරුව. 6%ක් දෙන්න බෑ අපිට මොකද අපේ රාජ්‍ය බදු අදායම 15%ක් විතරයි,අධ්‍යාපනයට 6%ක් වෙන් කරාම වෙන්නේ අපේ අනෙකුත් දේවල් වලට ඉතුරු වෙන්නේ 9%ක් විතරයි. අපි 20%ක් වෙනකම් රාජ්‍ය බදු වැඩි කලත් 15%න් පස්සේ එන හැම සතේම අපි පාවිච්චි කරන්න ඕන ණය ගෙවන්න IMF ප්‍රතිපත්තියට අනුව. IMF එකෙන් අයින් වෙලා කරා නම් හරි කියන්න එපා,IMF වලින් අයින් වුණොත් මේ ඔලුව උස්ස ගත්ත ටික ආයි පොළවේ ගහගත්තා වගේ දෙයක් තමයි වෙන්නේ.
2 තමයි රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට ළමයිට ගෙවලා ඇතුල්වීමට ඉඩ හදලා දෙන එක. එතකොට මුලික සුදුසුකම් සපුරපු ළමයිට පුලුවන් ගෙවලා සෘජුව ඇතුල් වෙන්න.දැන් කියන්න එපා මුදලට විකූණවා කියලා. කොහොමත් නිදහස් අධ්‍යාපනයට සෘජුව ළමයා ගෙව්වේ නැති වුණාට මිනිස්සු බදු වලින් ගෙවනවා.
මේ ක්‍රමයේ වාසිය තමයි දැන් යන 45,000 කෝඨාවට ගෙවලා ඉගෙනගන්න පුලුවන් ළමයිනුත් යන නිසා,දුප්පත් ළමයෙක්ට තියෙන අවස්තාව නැති වෙන එක. හැබැයි මෙහෙම කළාම අර සල්ලි ගෙවන ළමයෙක් 45,000 කෝඨාවෙන් ඉවත් වීම එක්ක ඒ අවස්තාව දුප්පත් ළමයෙක්ට ලැබීම.එතකොට අපිට ලංකාවේ දුප්පත්කම තුරන් කීරිමට අධ්‍යාපනය තවත් ඵලදායිව භාවිතා කරන්න පුලුවන්.
මෙතන එන ප්‍රශ්ණය තමයි ඉඩ පහසුකම්.එක කළමණාකරණය කරගන්න ඕන.
3)පෞද්ගලික අංශයත් එකතු කරගැනීම.මේක දැනටත් තියෙනවා.මේ ක්‍රමයේදී මුලික සුදුසුකමක් ලබපු ළමයිට පෞද්ගලික විශ්ව විද්‍යාලකයට ඇතුල්වීමට ඉඩ හදලා දෙන්න ඕන. එතකොට ඒ ආයතනය නියාමනයට හොද ප්‍රතිපත්ති රාමුවක් හදලා , ලබාදෙන උපාධියේ තත්ත්වය නියාමනය කරන්න ඕන. මේක හරහා රජයට සෘජු බදු එකතු කරගැනීම තුළින ඒ මුදල් නැවත රාජ්‍ය අංශයේ විශ්ව විද්‍යාලවලට ඇතුල් කරන්න පුලුවන් කම ලැබෙනවා.
එහෙම නැතුව අධ්‍යාපනයට තියෙන ඔක්කොම ඉඩවල් අහුරන එක නෙවෙයි කරන්න ඕන.