Lanka Gossip

Lanka Gossip රට වටෙන්ම ඇහෙන අලුත්ම කතා පුවත් සවිස්තරාත්මකව ඔබ වෙත ගෙන එන විශ්වාසනීය පුවත් වෙබ් අඩවිය.

| ''මම කවදාවත් ඇය සහභාගි වන උත්සවවලදී ඇය ළඟටම ගිහින් හිටියෙ නෑ. එහෙම කරන එක හරි නෑ කියලා මට හිතුණා'' |හෙළ සිනමා නිළි රැජ...
04/06/2025

| ''මම කවදාවත් ඇය සහභාගි වන උත්සවවලදී ඇය ළඟටම ගිහින් හිටියෙ නෑ. එහෙම කරන එක හරි නෑ කියලා මට හිතුණා'' |

හෙළ සිනමා නිළි රැජින මාලිනී ෆොන්සේකා මහත්මියගේ අභාවයෙන් පසුව වැඩි වශයෙන් කතාබහට ලක්වුණු චරිතයකි, චන්දික නානායක්කාර.

ඔහු පිළිබඳව ලියවෙන සටහන් අතර, මීට ඉහත ඔහු මාලිනිය පිළිබඳව කළ ප්‍රකාශයන් ද හිත මිතුරන් විසින් අනාවරණය කර තිබුණා.

පහතින් දැක්වෙන්නේ ද එයාකාරයෙන් චන්දික බොහෝ අවස්ථාවලදී සිය සමීපතමයින් සමඟ කියූ කතාවකි.

''ඇය එක්ක මම සිටියත්, මම කවදාවත් ඇය සහභාගි වන උත්සව අවස්ථාවලදී ඇය ළඟටම ගිහින් හිටියෙ නැහැ. මම එහෙම කරන එක හරි නැහැ කියලා මට හිතුණා. මම ඇත්තටම ඇගේ නමට කිසිදු හානියක් වන එකට කැමති වුණේ නැහැ.''

එමෙන්ම මාලිනියගේ අවසන් දින කිහිපය පිළිබඳවත් ඔහු මෙලෙස හඬ අවදි කර තිබුණා.

''අවසාන දින කීපයේදී ඇය හිටියෙ දැඩි අසනීප තත්ත්වයකින්. ඉතින් ඔය කියන රාත්‍රියේ එකපාරටම ඇය අවදි වෙලා කිව්වලු 'චන්දික ආවද. චන්දිකට එන්න කියන්න' කියලා. ඒත් ඇය ළඟ හිටපු හිතවත් නර්ස්ලා ඒ සම්බන්ධව එච්චරටම හිතලා නෑ.

මේ සිද්ධිය වෙද්දි රෑ 12ට වගේ ඇතිලු. ඉතින් වරක් දෙවරක් නෙමෙයි කීප අවස්ථාවක්ම මගේ නම අහලා තිබෙනවා.

පස්සෙදි ළඟට කවුරු හරි ආවමත් මේ කවුද චන්දිකද කියලා අසිහියෙන් වගේ අහලා තියෙනවා.

ඔන්න ඔය වෙලාවේ තමයි ළඟ හිටපු අය අහලා තියෙන්නෙ කාටද මැඩම් එන්න කියන්නෙ කියලා.

එතකොට තමයි 'චන්දික නානායක්කාර' කියන සම්පූර්ණ නම කියලා 'එයාට එන්න කියන්න. මට එයාව තුරුළු කරගන්න ඕන' කියලා දන්වලා තියෙන්නෙ.

ඒත් පහුවෙනිදා එළිවනතුරු මේ අය ඒ ගැන වැඩිපුර හිතලා නැහැ. උදේ තමයි ඒ ළඟ හිටපු නර්ස්ලා චාන්දනී කියන මිස්ට මේ ගැන කියලා තියෙන්නෙ. ඇය ඒ පාර කලබල වෙලා දැන්වූයේ. ඇත්තටම ඒ වෙද්දි මාලිනියට හුඟක් අමාරුයි.

උදේ අපිට කතා කරලා ICU එකට දාන්නද කියලත් ඇහුවා. එයින් පසුව තමයි ඒ දවසේ රෑ සිහිය එන්නෙ නැතිවම නැතිවුණේ.

මං හිතනවා අර මාව හෙව්වෙ අවසන් වතාවට හරි මාව බලන්න ඕන කියන සිතුවිල්ල ආපු නිසා වෙන්න ඇති කියලා. ඇත්තටම මේ දෙයින් මමත් හුඟක් සංවේදී වුණා....''

උපුටාගැනීම් : සඳමඬල | සමන් ප්‍රියංකර නම්මුනිගේ ලියූ සටහනක් ඇසුරින්

Published by

“රූ රැජිණක් වෙනවාට වඩා අමාරු, රූ රැජිණක් විදිහට ජීවත් වෙන එක” – මේ වචන මතකය තුළින් යළි ජීවමාන වන රූ රැජිනක්… බර්නඩීන් රෝ...
04/06/2025

“රූ රැජිණක් වෙනවාට වඩා අමාරු, රූ රැජිණක් විදිහට ජීවත් වෙන එක” – මේ වචන මතකය තුළින් යළි ජීවමාන වන රූ රැජිනක්… බර්නඩීන් රෝස්, හෙවත් රෝසි සේනානායක.

රූ රැජිනක රැඳවුම් කිරුළ පළඳින එක වාසනාවක්. ඒ වාසනාව හිමිවුණු රෝසි, තවමත් බොහෝ දෙනාගේ සිතිවිලි අතර ඉන්නවා. අලුත් පරපුරටවත් මේ හැඟීම මතක් වෙන විදිහට ඇය තමම ෆේස්බුක් සටහනක් ලිව්වා.

1984දී ලොව පළමු විවාහක රූ රැජිණ (Mrs. World) කිරුළ දිනූ බර්නඩීන් රෝස්, ඒ වන විට 1980දී Miss World එකට සහභාගීවී, 1981දී Miss Asia Pacific සම්මානයත් දිනාගෙන තිබුණා. ඒක අපේ රටට ලැබුනු අගනා ගෞරවයකි.

එවකට social media නෑ. ඒත් රෝසි ජාත්‍යන්තරයෙන්ම ජනප්‍රියයි. පසුව ඇය එක්සත් ජාතීන්ගේ නියෝජිතාවක් හැටියටත්, දේශපාලන ව්‍යාපාරයකටත් පිවිසුණා. ඒත් ඇය ගෙවූ පළමු අභිමානවත් ගමන ගැන අද කතා කරන කෙනෙක් හොයාගන්න අමාරුයි.

අපේ රටට අලුත්ම පරපුර කියලා, අලුත්ම නාම කියලා ලස්සනට වාද කරද්දී, පරණ ජයග්‍රහණ පිළිබඳව මතක තබාගන්න එකත් වැදගත්!

Published by
තවත් විස්තර: https://tinyurl.com/LankaGossip15
Join WhatsApp Channel - https://tinyurl.com/wtsappchannel

අද වෙනකොට බොහෝ දෙනෙක් මුත්‍රා ගල් සහ වකුගඩු වල ගල් වලින් පීඩා විදිනවා.මේ ඒ පිළිබදව සිදුකරන දැනුවත් කිරීමක්…මුත්‍රා ගල් හ...
04/06/2025

අද වෙනකොට බොහෝ දෙනෙක් මුත්‍රා ගල් සහ වකුගඩු වල ගල් වලින් පීඩා විදිනවා.

මේ ඒ පිළිබදව සිදුකරන දැනුවත් කිරීමක්…

මුත්‍රා ගල් හැදෙන්නේ ඇයි?

මුත්‍රා ගල් සහ වකුගඩු වල ගල් හැදෙන්නේ ඇයි කියලා දැනගෙන හිටියද ?

වකුගඩු, මුත්‍ර වාහිනී, මුත්‍රාශය, සහ මුත්‍රා මාර්ගය යන ප්‍රධාන කොටස්වලින් මුත්‍ර වාහිනී පද්ධතිය සෑදී තිබෙනවා.

යම් පුද්ගලයෙකු දිනකට පානය කරන ජල ප්‍රමාණය අඩු වන විට මුත්‍රාවල සාන්ද්‍ර ගතිය වැඩිවනවා. එවිට වකුගඩුවල සිට මුත්‍රාශය දක්වා මුත්‍රා ගමන් ගන්නා මාර්ගය තුළ ඉතා කුඩා කැටිති ඇති විය හැක.

එම කැටිති සාමාන්‍යයෙන් මුත්‍රා සමග ගසාගෙන ගියත් තරමක් විශාල කැටති එහි ඉතිරි වනවා. එවැනි කැටිති යම් ප්‍රමාණයක් එකතු වීමෙන් මුත්‍රා ගල් සෑදෙනවා.

සාමාන්‍යයෙන් මුත්‍රා /ගල්, වකුගඩු, මුත්‍රා වාහිනී සහ මුත්‍රාශය යන ස්ථානයන් තුනෙහිම ඇතිවිය හැකියි.

මුත්‍රා/වකු ගඩු ගල් වර්ග – ප්‍රධාන ගල් වර්ග හතරක් ඇත:

01- කැල්සියම් ඔක්සලේට් ගල්

මෙය බහුලම ගල් වර්ගයයි.

මෙම ගල් වර්ගය ඇතිවන්නේ ආහාරවලින් ලැබෙන ඔක්සලේට්, මුත්‍ර පෙරෙන විට එහි ඇති කැල්සියම් සමග එකට බැඳෙන නිසා යි.

සාමාන්‍යයෙන් මෙම වර්ගයේ මුත්‍රා ගල් වර්ගය X-Ray පරීක්ෂණයක් මඟින් පහසුවෙන් හඳුනාගත හැකියි.

02- යූරික් අම්ල ගල්

මෙය තවත් බහුල වකුගඩු ගල් වර්ගයකි.

මස් වැනි ආහාරවල පියුරීන් ලෙස හඳුන්වන ස්වභාවික රසායනික සංයෝගයක ඉහළ සාන්ද්‍රණයක් ඇත. පියුරීන් අධික ලෙස ආහරයට ගැනිමෙන් මොනොසෝඩියම් යූරේට් නිෂ්පාදනය වැඩි කිරීමට හේතු වන අතර එය මගින් යුරික් අම්ල ගල් වකුගඩු වල ගල් සෑදිය හැකිය.

තරබාරුකම වැඩිවන විට මෙම මුත්‍රා ගල් වර්ගය සෑදීමේ ප්‍රවණතාවය වැඩි වනවා.

එසේම අධික ආම්ලික මුත්‍රා ඇති විට මෙම ගල් වර්ගය සෑදෙනවා.

මෙම මුත්‍රා ගල් වර්ගය සාමාන්‍ය X-Ray පරීක්ෂණයක් මඟින් හඳුනාගැනීමට අපහසු යි.

03- අසාධන ගල්(Struvite:)

මෙම ගල් අඩු වශයෙන් දක්නට ලැබෙන අතර ඉහළ මුත්‍රා මාර්ගයේ ආසාදන නිසා ඇතිවේ.

නිතර සෑදෙන මුත්‍රා ආසාදනවලට නිසි පරිදි ප්‍රතිකාර නොකිරීම හේතුවෙන් මෙම ගල් වර්ගය සෑදෙයි.

එලෙස මුත්‍රා ආසාදනවලට ප්‍රතිකාර නොකිරීම හේතුවෙන් මුත්‍රා වාහිනී පද්ධතිය තුළ නිර්මාණය වන අහිතකර බැක්ටීරියා නිසා මුත්‍රා ගල් ඇති වී ඒවා ඉක්මනින්ම වර්ධනය වෙයි.

මෙවැනි ගල් ප්‍රමාණයෙන් තරමක් විශාල නිසා වකුගඩුවලට පවා හානි සිදුවිය හැකියි.

04- සිස්ටින් (Cystine:) ගල්

මෙම ගල් දුර්ලභ වන අතර පවුල් තුළ ආරයට යා හැක.

තරුණ අවධියේ දී ඇතිවන මෙම මුත්‍රා ගල් වර්ගය නිසා ජීවිත කාලය පුරාම විටින් විට පීඩා විඳීමට සිදුවෙයි.

ඔබට නිතර නිතර මුත්‍රා ගල් සැදෙන්නේ නම් නිසි පරික්ෂණ මගින් ඔබට ඇත්තෙ කුමණ ගල් වරගයද යන්න හදුනා ගැනිම එය වලක්වා ගැනිමට ඉතා වැදගත් වේ.

රෝග ලක්ෂණ

ඉතා කුඩා වකුගඩු ගල් බොහෝ විටරෝග ලක්ෂණ නොපෙන්වයි

ඔබ මුත්‍රා කරන විට ඒවා නොදැනිම වේදනාවක් නැතිව පිටවීමට පවා ඉඩ ඇත.

විශාල වකුගඩු ගල් රෝග ලක්ෂණ ඇති කළ හැක,

ඔබේ බඩ (උදරය) හෝ කොන්දේ වේදනාව –

පිරිමින්ට ඔවුන්ගේ වෘෂණ කෝෂ වල වේදනාවක් ඇති විය හැක

ඉවසිමට නොහැකි මට්ටමෙ දරුණු වේදනාවක් සමග අදික ලෙස දහඩිය දැමිම

වමනය හෝ ඔක්කාරය දැනීම

ඔබේ මුත්‍රා සමග රුධිරය පිටවිම

සමහර විට මෙම රැදිරය ඇසට නොපෙනිය හැකි අතර මුත්‍රා පරික්ෂණයකින්(UFR) පමණක් දැක ගත හැක

නිතර නිතර පොඩ්ඩ පොඩ්ඩ මුත්‍රා පිටවිම.

මුත්‍රා ආසාදනය/ විෂ බිජ යාම

මුත්‍රා දැවිල්ල

මුත්‍රා පිට කිරිමට අපහසු විම /මුත්‍රා හිරවිම

ප්‍රතිකාර

බොහෝ වකුගඩු ගල් ඔබේ මුත්‍රා කිරීමේදී පිටවීමට තරම් කුඩා වේ

කුඩා වකුගඩු ගල් සඳහා ප්‍රතිකාර කිරීම

සාමාන්‍යයෙන් දින කිහිපයක් කුඩා වකුගඩු ගල් ඔබ ඒවා පිට කරන තෙක් වේදනාවක් ඇති කළ හැක.

වේදනාව සඳහා වේදනා නාශක පෙති කිරීම සඳහා ස්ටෙරොයිඩ් නොවන වේදනා නාශක ඖෂධ (NSAIDs) නිර්දේශ කරයි

දැඩි වෙදනාවක් පවතින විට එන්නත් මගින් හෝ ගුද මාර්ගයෙන් ඇතුල් කරන වෙදනා නාශක සපොසිටරි ලබා දෙනු ලැබේ

දවස පුරා දියර ගොඩක් පානය කිරීම

ගල් ඉවත් වන තුරු නිර්දෙශ කරනු ලැබේ

දවස පුරා, සෑම දිනකම දියර ලීටර් 3 දක්වා පානය කල යුතුයි

වතුර බොන්න

ඔබේ වතුරට නැවුම් ලෙමන් යුෂ එකතු කරන්න

කෲතීම බීමවලින් වළකින්න

ලුණු වැඩිපුර කන්න එපා

ඔබේ මුත්‍රා තද පාට නම්, එයින් අදහස් වන්නේ ඔබ ප්‍රමාණවත් ලෙස පානය නොකරන බවයි. ඔබේ මුත්‍රා සුදු පාට විය යුතුය.

නව ගල් සෑදීම වැළැක්වීම සඳහා මෙම දියර දිගටම පානය කල යුතුයි

ඔබේ වකුගඩු ගල් දැඩි වේදනාවක් ඇති කරන්නේ නම්, ඔබේ වෛද්‍යවරයා පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා ඔබව රෝහලට ඇතුලත් කරනු ලැබේ

විශාල වකුගඩු ගල් සඳහා ප්‍රතිකර

ඔබේ වකුගඩු ගල් ස්වභාවිකව පිටවිමට නොහැකි තරම් විශාල නම්, ඒවා සදහා වෙනත් ප්‍රතිකාර කලයුතුයි

විශේෂඥ ලිංග සහ මුත්‍රා පිලිබද විශේෂඥ ශල්‍යය වෛද්යවරයා ප්‍රතිකාර ක්‍රමට තිරනය කරයි

ඔබේ ප්‍රතිකර වර්ගය ඔබේ ගල්වල ප්‍රමාණය සහ ස්ථානය මත රඳා පවතී.

ලෙසර් කිරණ ප්‍රතිකාර

කම්පන තරංග ලිතෝට්‍රිප්සි (SWL)

SWL යනු වකුගඩු ගලක් ඇති ස්ථානය හඳුනා ගැනීම සඳහා අල්ට්රා සවුන්ඩ් (අධි-සංඛ්‍යාත ශබ්ද තරංග) භාවිතා කිරීමයි.

අල්ට්‍රා සවුන්ඩ් කම්පන තරංග යන්ත්‍රයකින් ගල වෙත යවා එය කුඩා කැබලිවලට කැඩීම මගින් එය ඔබේ මුත්‍රාවලින් පිටවිම සිදු වේ

ඔබේ වකුගඩු ගල්වලට සාර්ථකව ප්‍රතිකාර කිරීම සඳහා ඔබට කිරණ වාර 1කට වඩා අවශ්‍ය විය හැකිය.

මුත්‍රා ගල් හැදිම වලක්වා ගන්නේ කෙසේද ?

දිනකට අවම වශයෙන් ජලය ලීටර් 2.5/ 3ක් පමණ පානය කිරීම.

ඔබ උෂ්ණාධික ප්‍රදේශයක ජීවත් වන කෙනෙක් නම් , අව්වේ වැඩිපුර වැඩ කරනවානම් අධික ලෙස දහඩිය දමන වැඩ වල යෙදෙනවානම්, ඔබ අඩික ලෙස දහඩිය දමන් කෙනෙක් නම්දිනකට පානය කරන ජල ප්‍රමාණය තවත් වැඩි කළ යුතුයි.

ඔක්සලේට් අධික ආහාර වර්ග අඩුවෙන් පරිභෝජනය කිරීම ( පිපිඤ්ඤා, රාබු, අධික තේ පානය}

අධික ලුණු සහිත ආහාර සහ ලුණු අඩුවෙන් පරිභෝජනය කිරීම

බර අඩු කර ගැනිම

විෂේසයෙන් උදරය ආශ්‍රිතව ස්ථුලතාවය අඩු කරගැනීම අත්‍යයවශයි

මුත්‍රා වලට විස බීජ ගිය විට (ආසාදනවලට) නිසි පරිදි ප්‍රතිකාර ගැනීම

විටමින් D සහ කැල්සියම් ,අතිරේක පෝෂක (සප්ලිමන්ට් වර්ග) භාවිතා කිරීමෙන් වැළකීම

රැදිර පරික්ෂාවක් කර එවායේ ඌණතාවයක් පවතීනම් පමණක් ගත යුතුයි

ඔබේ වෛද්යවරයා විසින් වකුගඩු ගල් ඇතිවීම වැළැක්වීමට උපකාර වන ඖෂධ කිහිපයක් නිර්දේශ කළ හැක. ඖෂධ වර්ගය ඔබට ඇති ගල් වර්ගය මත රඳා පවතී.

මුත්‍රා ගල් වල සංකූලතා මොනවාද?

වකුගඩු අකර්මණ්‍ය වීම

මුත්‍රා විසබීජ ඇතිවීම,

මුත්‍රා මාර්ගය බ්ලොක් වීම,

කැල්සියම් ඔක්සලේට් ගල් තිබේ නම්, ඔබ කැල්සියම් අඩු සහ ඔක්සලේට් අඩු ආහාර වේලක් ගැනීම නිර්දේශ කෙරේ.

කැල්සියම් බහුල ආහාර වලට ඇතුළත් වන්නේ:

එළකිරි.

යෝගට්.

චීස්.

බ්රොකොලී

බෝංචි.

සැමන්.

කැල්සියම් ශක්තිමත් කරන ලද උණුසුම් ධාන්ය වර්ග.

ඔක්සලේට් අධික ආහාරවලට ඇතුළත් වේ (ඔබේ ආහාර වේලෙහි මේවා අඩු කරන්න):

නිවිති.

රුබාබ්.

ස්ට්රෝබෙරි.

තේ.

වියළි ඇට සහ බෝංචි.

තිරිඟු නිවුඩ්ඩ.

ඔබේ මුත්‍රා වල ද්‍රව්‍ය තනුක කිරීම සඳහා වැඩි පුර දියර පානය කිරීම ද වැදගත් ය.

උපුටා ගැනීමකි…

කායික රෝග පිලිබද විශේෂඥ වෛද්ය

බන්දුල සත්කුමාර

Published by
තවත් විස්තර: https://tinyurl.com/LankaGossip14
Join WhatsApp Channel - https://tinyurl.com/wtsappchannel

මිනිස්සු වැරදියට හිතන එක හරි ගස්සන්න යන එකේ මාහා වෙහෙස අත ඇරලා මම දැන් ගොඩාක් කල්. විශාල මුදලක් වැය කරලා පඩි ගෙවලා නැන්ද...
04/06/2025

මිනිස්සු වැරදියට හිතන එක හරි ගස්සන්න යන එකේ මාහා වෙහෙස අත ඇරලා මම දැන් ගොඩාක් කල්. විශාල මුදලක් වැය කරලා පඩි ගෙවලා නැන්දගෙ අභාවයෙන් පස්සෙ මගේ කඳුලු වල ඇත්ත නැත්ත හොයන ලිට්මස් පරීක්ෂාවට මාව ලක් කරපු ආණ්ඩු විරෝධී social media campaign එකේ ගින්නෙන් දැවෙමින් හිටපු සුළු පිරිස, දැන් ටිකක් නිවිලා හින්දයි මම මේක ලියන්න හිතුවෙ. එක එක pages වලින් posts හදලා ඒවට profile lock කරගත්ත fake accounts වලින් comment කරලා ‘ජන මතය’ මේකයි කියලා පෙන්නලා, කුඩා පිරිසකගෙ හරි හිත ආයිත් නම්ම ගන්න හදන යාචකයින් ගැන ඇති වෙන්නෙ අනුකම්පාවක්. කිසිම රටක විපක්ෂයක් මේ තරම් අසරණ වෙන්න හොඳ නැහැ.

නැන්දා අසනීප වුන කාලෙ ඉඳන් නැන්දව බලාගත්ත චන්දික, නිලූකා, නිල්හාන් ඇතුලු ආදරණීය හැමෝම අතරින් අපේ පවුලෙ අයව මේ වෙලාවෙ මතක් කරන්න ඕනෙ. ඒ අතරින් මංජු අයියා සහ පවිත්‍රා අක්කා සුවිශේෂීයි. ඒ දෙන්නා Canada යන්න කලින් සහ අන්තිම දින කිහිපයේ නැන්දාගෙ හැම වැඩකදිම නැන්දා ලඟින් නිතරම හිටියා. නැන්දා එක්ක ඉන්දියාවෙ ගිහින් නැවතුන පද්මි අක්කාවත්, නැන්දා ලඟ ඇතැම් දවස් වල හිටපු කල්‍යාණි නැන්දවත් මතක් කරන්න ඕනෙ. අවසාන කාලයේ නැන්දා අසනීප වීමත් එක්ක දමයන්ති නැන්දා, සෙනාලි නංගි, මම නැන්දා ලඟ වරින් වර නතර වෙලා හිටියා. අපේ පවුල විශාල පවුලක්. ලොකු පිරිසක් ඉන්නෙ වෙනත් රටවල. ඒත් නැන්දා අසනීප වුන වෙලාවෙ ඉඳන් නැන්දාව බලන්න හැකියාවක් තිබ්බ අය ලංකාවට ආවා, මූල්‍යමය විදිහට වගේම නැන්දට අවශ්‍ය කරන දේවල් ලංකාවට එවලා ඒ අයගෙ ආදරේ නැන්දා වෙනුවෙන් දුන්නා. නැන්දට අමාරු වුන සමහර දවස් වලට නවලෝක රෝහලේ MICU එක පිටත පවුලෙ අයගෙන් පිරෙනවා. එයා ආස කෑම හදන් එනවා. අදටත් ඇයව බලාගත්ත හෙදියන් මට කතා කරනවා. පරම්පරා ගණනක් ආදරයම එකිනෙකා කෙරෙහි බෙදමින් ජීවත් වෙන පවුලක් අපි.

මගේ ස්තූති කතාවේදී මම ස්තූති කළේ නැන්දා ලඟ හැමදාම හිටපු අයට වගේම නැන්දට වකුගඩු රෝගය වැලඳුනු දා සිට ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් සහ අනෙක් පාර්ශවයන්ටයි. නැත්නම් ඒ ලැයිස්තුව නැන්දට ඉතිහාසයේ සිට උපකාර කළ විශාල පිරිසක් දක්වා විහිදී යනවා. රජය විසින් පූර්ණ අනුග්‍රහය දැක්වූ අවමංගල උත්සවයේ කළ ස්තූති කතාවෙදී රජයට ස්තූති නොකර සිටීමට මට කිසිඳු හේතුවක් නැහැ.

ඇත්තටම නැන්දා වෙනුවෙන් රජය කළ මැදිහත්වීම සිදු වෙන්නෙ පවුලෙ ඉල්ලීමක් මත නෙවෙයි. ඒක රජය ගත්ත තීරණයක්. නැන්දට ලැබුනේ ‘පූර්ණ රාජ්‍ය අනුග්‍රහය’ කියන වර්ගීකරණය. එහෙත් ආදාහනයට නිදහස් චතුරශ්‍රය ලබා දීම ‘පූර්ණ රාජ්‍ය ගෞරවය සහ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය’ කියන වර්ගීකරණයේ ප්‍රතිපාදනයක්. එහෙම බැලුවොත් වර්ගීකරණ දෙකක සංකලනයක් තමයි රජය ලබා දුන්නේ.

චක්‍රලේඛයේ තියෙන නියෝග තමයි රජය ක්‍රියාත්මක කරන්නෙ. ඒවට එපිටින් රජයට බලපෑම් කරලා ඒ දේවල් අවභාවිතා කරන්න කියලා ඉල්ලන්න පවුලෙ අයට බැහැ. කලින් රජයවන්වල එහෙම රාජ්‍ය සම්පත්, රාජ්‍ය මුදල් අවභාවිතා කරලා තියෙනවා. අපි රටක් විදිහට ආර්ථිකව ගොඩ එන්න උත්සාහා කරන මොහොතක ‘ජාතික සෝක දිනයක්’ කියන්නෙ රජයේ ආදායමට බලපෑමක්. මම හිතන්නෙ නැහැ නැන්දා වුනත් මේ වෙලාවෙ එහෙම දේකට එකඟ වෙයි කියලා.

රජය විසින් කරන කිසිඳු විමර්ශනයකට බලපෑමක් කරන්න කිසිම පුරවැසියෙක්ට අයිතියක් නැහැ කියන දෙය මාව විවේචනය කරන, අපහාස කරන, අභියෝග කරන සියල්ල මතකතබා ගත යුතුයි. ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නයි අපි ඉතිහාසය පුරාම වැඩ කළේ.

මම නැන්දා වෙනුවෙන් මට කරන්න පුළුවන් හැමදේම කළා, තව පුළුවන් උනා නම් හොඳයි. මට ලැබුන හැම අවස්ථාවකදිම මම නැන්දව ආදරෙන් බලාගත්තා, නවලෝක රෝහලේ නේවාසිකව ඉද්දි නැන්දා ලඟ නතර වෙලා එයාට සත්කාර කළා. නින්ද යන්නැහැ එයාට එකම විදිහට ඉද්දි. ඉතිං රෑට ලස්සන music, සිංදු දානවා මම. උදෙන්ම මූණ සෝදලා, කොණ්ඩෙ පීරලා, ඇහිබැම චුට්ටක් හදලා, පවුඩර් දාන්න ඕනෙ එයාට. perfume දානවට හරිම ආසයි එයා. එකම විදිහට ඉද්දි ඇඟ රිදෙන නිසා නිතරම cream ගාලා කකුල්, අත් massage කරනවා මම. “අනේ ශා නිදාගන්න බබා…” කියලා කියනවා එයා මට. ලේ ගන්න කටු ගහනවට තමයි එයා බයම. ඒත් හැමදේම ඉවසීමෙන් දරාගෙන හිටියා. වේදනාව මැද්දෙනුත් එයා හිනා වෙලා හිටියා. දවසක් දෙකක් එන්න බැරි වුනොත් “කොහෙද බොල ගිහින් හිටියෙ?” කියලා නැන්දා අහන විදිහ මට දැනුත් මැවිලා පේනවා. ඉතිං, මගේ නැන්දා ගැන මගේ හිතේ තියෙන ආදරය, බැඳීම, මතක සුවිශාලයි. නැන්දා නැතිවුන වෙලාවෙ එයාව මුලින් දැක්කෙ මම, ජයරත්න එකේදි නැන්දව මුලින් පෙන්නුවෙ මට. ඒක නිසා මගේ කඳුලු වල බර මනින්න කිසිම කෙනෙක්ට සදාචාරාත්මක අයිතියක් නැහැ.

අපි ගොඩක් දේවල් බෙදාගෙන තියෙනවා. Dialysis කරන්න එක්කන් ගිය අන්තිම දවසෙ ‘ආකාස කුසුම්’ ආයිත් බලන්න ආසයි කිව්වා. ප්‍රසන්න මාමා එක්ක කතා කරලා film එක බලන්න Film hall එකට එක්කන් යන්න මම නැන්දට පොරොන්දු වුනා. ඒකෙ රඟපෑම් ගැන අපි එදා hospital එකට යනකම්ම කතා කළා. නැන්දා ගැන documentary එකක් කරන්න දිලීප අබේසේකර ඇහුවා කිව්වහම, “දිලීප කරනව නන් කරමු…” කිව්වා. මේ සියල්ල බොහෝ බරැති මතක විතරයි දැන්. ඉතිං ඉදිරියටත් ඇය හා ගත කරපු මොහොතවල් වලදී ආදරය ගැන, රඟපෑම් ගැන, සම්බන්ධතා ගැන, ජීවතය ගැන ඇය සමඟ කතා කළ බොහෝ දේවල් මගේ ජීවතය පුරා සුරක්ෂිතව තියේවි.

අන්තිමට මට කියන්න තියෙන්නෙ අපි හැමෝටම දේශපාලන මතයක් තියෙනවා. එතනින් එහාට ගිහින් මම ක්‍රියාකාරීව ඒ වැඩවල නියැලෙනවා දැන් අවුරුදු 11ක විතර ඉඳන්. මම හිතනවා මගේ පවුලෙ අය සහ මාව විස්වාස කරන අය දන්නවා කියලා මම කලාව කරන්නෙත් දේශපාලනය කරන්නෙත් මගේ පෞද්ගලික වාසියට නෙවෙයි කියලා. බලය තියෙන කණ්ඩායමක්, පක්ෂයක් එක්ක නෙමෙයි මම දේශපාලන කතිකාවෙදි එකතු උනේ. රාජ්‍ය බලය බිංදුවක් වත් තිබ්බෙ නැති ජනතා ව්‍යාපාරයක් එක්කයි මම වැඩ කළේ. දැන් ඒ ජනතා ව්‍යාපාරයට රාජ්‍ය බලය ලැබිලා තියෙනවා. ඒත් එහෙම කියලා අපි ජීවත් වුන විදිහෙ කිසිම වෙනසක් වෙලා නැහැ. මගේ මේ දේශපාලන ආස්තානය වෙනස් වෙනවා නම් වෙන්නෙ මටවත්, මගේ නැන්දාටවත්, මගේ පවුලටවත් පුද්ගලික වාසි නොලැබුනා කියලා නෙවෙයි. මේ රටේ මිනිස්සුන්ට අපි විස්වාස කරපු ජීවිතය ලබාදෙන්න බැරි වුනොත් විතරයි. ඉතිං ඒ වෙනුවෙන් මම මගේ කලාව ඇතුලෙත්, සමාජීය ජීවතය ඇතුලෙත් දිගටම වැඩ කරනවා. මතවාදීව මොන පරස්පරකම් තිබ්බත්, මා සම්බන්ධයෙන් මගේ නැන්දට ඇතැමුන් ගෙන් කුමන ආකාරයේ දේවල් අහන්න ලැබුණත්, මගේ ලස්සන නිරහංකාර නැන්දා හැමදාම මං මේ හිමින් යන ගමන ගැන සතුටින් හිටියා කියලා මම දන්නවා…!

– සමනලී ෆොන්සේකා ගේ ෆේස්බුක් පිටුවෙන්

Published by
තවත් විස්තර: https://tinyurl.com/LankaGossip13
Join WhatsApp Channel - https://tinyurl.com/wtsappchannel

04/06/2025

හැමෝම හොයපු දේශානිගේ සරාගී නැටුම😍🔥

සම්පූර්ණ විස්තරය: https://tinyurl.com/lankagossip4ජනප්‍රිය නිළි හේෂානි ලියදිපිටගේ උත්කර්ෂවත් විවාහ මංගල්‍යයට තරු රැසක්!J...
24/05/2025

සම්පූර්ණ විස්තරය: https://tinyurl.com/lankagossip4
ජනප්‍රිය නිළි හේෂානි ලියදිපිටගේ උත්කර්ෂවත් විවාහ මංගල්‍යයට තරු රැසක්!
Join WhatsApp Channel - https://tinyurl.com/wtsappchannel

Address

Colombo
Colombo

Alerts

Be the first to know and let us send you an email when Lanka Gossip posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share