Sri Desa News

Sri Desa News Sri Desa News - ශ්‍රී දෙස News
(විශ්වාසය රැඳී පුවත් සන්නාමය)

06/01/2025
නව ආණ්ඩුව වෙනු­වෙන් රුපි­යල් මිලි­යන 95,000ක් ලබාගැනීම ඉලක්ක කොට ඊයේ(11) පළමු වරට පැවැත්වූ භාණ්ඩා­ගාර බැඳු­ම්කර වෙන්දේ­ස...
15/10/2024

නව ආණ්ඩුව වෙනු­වෙන් රුපි­යල් මිලි­යන 95,000ක් ලබාගැනීම ඉලක්ක කොට ඊයේ(11) පළමු වරට පැවැත්වූ භාණ්ඩා­ගාර බැඳු­ම්කර වෙන්දේ­සි­යට රුපි­යල් මිලි­යන 2,77,896ක අධි ඉල්ලු­මක් පැවැති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

වසර 3යි මාස 5කින් කල් පිරෙන (2024.10.15 සිට 2028 .03.15 දින) රුපි­යල් මිලි­යන 70,000ක භාණ්ඩා­ගාර බැඳු­ම්කර නිකු­තුව සඳහා රුපි­යල් මිලි­යන 2,15,738ක අධි ඉල්ලු­මක් පැව­තිණි. වසර අට­කින් කල් පිරෙන (2024.10.15 සිට 2032.10.01 දින) කල්පි­රෙන රුපි­යල් මිලි­යන 25,000ක් වටිනා භාණ්ඩා­ගාර බැඳු­ම්කර සඳහා රුපි­යල් මිලි­යන 62158ක අධි ඉල්ලු­මක් ද පැවැති බව මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපා­ර්ත­මේ­න්තුව වැඩි­දු­ර­ටත් පව­සයි.

මෙලෙස අධි ඉල්ලු­මක් පැවැති භාණ්ඩා­ගාර බැඳු­ම්කර නිකු­තුන් දෙකෙන්ම මහ බැංකුව පිළි­ගත් ලංසු ප්‍රමා­ණය වනුයේ රුපි­යල් මිලි­යන 95,000ක් වටිනා බැඳු­ම්කර පම­ණක් බව ද එම දෙපා­ර්ත­මේ­න්තුව කියයි. වසර තුන­කට අධික කාල­යක් සහිත බැඳු­ම්කර සඳහා 10.75% ක පොලී අනු­පා­ත­යක් ද වසර අට­කින් කල්පි­රෙන භාණ්ඩා­ගාර බැඳු­ම්කර සඳහා 09.00%ක පොලී අනු­පා­ත­යක් යටතේ වාර්ෂික පොලිය ගෙවී­මට තීර­ණය කොට ඇත.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කිහිපයක් හෙට (14) වසා තැබීමට තීරණය කර තිබෙනවා....
13/10/2024

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කිහිපයක් හෙට (14) වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව සහ කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසවල සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල අධ්‍යාපන කොට්ඨාසයේද සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

කැලණි ගඟ අවට පහත් බිම් වෙත නිකුත් කළ ගංවතුර අවදානම තවදුරටත් දීර්ඝ කෙරේ ⚠️️කැලණි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු...
13/10/2024

කැලණි ගඟ අවට පහත් බිම් වෙත නිකුත් කළ ගංවතුර අවදානම තවදුරටත් දීර්ඝ කෙරේ ⚠️️

කැලණි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමද ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැලණි ගංලා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ඡායාරූප යොදා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන වලට සීමා පනවා ඇත. රාජ්‍ය ආයතන විසින් සං...
13/10/2024

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ඡායාරූප යොදා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන වලට සීමා පනවා ඇත. රාජ්‍ය ආයතන විසින් සංවිධානය කරන උත්සවය සහ පණිවිඩ, සමහරු සිහිවටන ආදිය සඳහා අගමැතිනියගේ පින්තූරය යොදාගන්නේ නම් ඒ සඳහා පූර්ව අවසරයක් ලබාගත යුතු බවට අග්‍රාමාත්‍ය කාරයාලය දැනුම්දී තිබේ.

සියලුම අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මේ පිළිබඳව ලිඛිතව දැනුම් දී තිබේ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ධීවරයින්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහ...
13/10/2024

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ධීවරයින්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා‍, සියලුම ධීවර යාත්‍රාවලට නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස දැනුම්දෙන බවයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සියලුම ධීවර යාත්‍රා මේ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

#ශ්‍රීදෙස #ශ්‍රීදෙසnews

පසුගිය පාලන සමයන්හි මහත් ආන්දෝලනයට තුඩු දුන් අපරාධ පරීක්ෂණ හා පරිමාණ වංචා දූෂණයන්ට අදාළ අපරාධ පරීක්‍ෂණ පැමිණිලි විමර්ශනය...
12/10/2024

පසුගිය පාලන සමයන්හි මහත් ආන්දෝලනයට තුඩු දුන් අපරාධ පරීක්ෂණ හා පරිමාණ වංචා දූෂණයන්ට අදාළ අපරාධ පරීක්‍ෂණ පැමිණිලි විමර්ශනය කිරීම කඩිනමින් ආරම්භ කිරීමට සූදානම් වෙයි. මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව, සිරිලිය ගිණුම ඇතුළු දැනට නතර වී ඇති වංචා දූෂණවලට අදාළ ලිපිගොණු විශාල සංඛ්‍යාවක් ඒ අතර වෙයි. අදාල පරීක්ෂණ කටයුතු කඩිනමින් සිදුකිරීමටත් අධිකරණය හමුවේ නඩු පැවරීමටත් කටයුතු කිරීමට නියමිතව තිබේ.

මාධ්‍යවේදීන් ඝාතන හා පැහැරගැනීමට අදාළ නඩු මෙන්ම තජූඩින් ඝාතනය ඇතුළු ආන්දෝලනාත්මක ව සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන ඒ අනුව ආරම්භ කිරීමට නියමිතය. ඊට අදාළ පැමිණි විශාල සංඛ්‍යාවක් නැවත ගොනුකර පරීක්ෂණයට ලක් කිරීමට නියමිතව තිබේ.

#ශ්‍රීදෙස #ශ්‍රීදෙසnews

සිද්ධියට අදාළව විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂක අනුර ගම...
12/10/2024

සිද්ධියට අදාළව විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂක අනුර ගමගේ 2018 වසරේදී රජය ක්‍රියාත්මක කළ පොහොර සහනාධාර වැඩපිළිවෙළ යටතේ රුපියල් 1,100 ක සහන මිලකට ගොවීන්ට ලබාදීම සඳහා පොහොර සමාගම් විසින් රුපියල් 2,500 ක මිලකට විදේශ රටවලින් පොහොර ආනයනය කර ඇති බව සඳහන් කර තිබෙනවා.

ගොවි ජනතාවට අඩු මිලට ලබාදීම සඳහා වසර 6 කට පෙර ආනයනය කළ පොහොර තොගයක් රහසිගතව කර්මාන්තකරුවන්ට ලබාදී රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කර රජයට පාඩු කළ බවට සඳහන් මෙරට පොහොර සමාගම් පහක හා තැරැව්කාර සමාගම් අටක සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා. අදාළ පොහොර සමාගම්වල හා තැරැව්කාර ආයතනවල සැකකරුවන්ගේ බැංකු ගිණුම් විස්තර දැක්වෙන වාර්තා කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් අත්අඩංගුවට ගත් පසු වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එම පොහොර තොග පොහොර සමාගම් පහක් විසින් පුද්ගලික අංශයේ කර්මාන්තකරුවන්ට රුපියල් 3,500 බැගින් අලෙවි කර ඇතැයිද එම පොහොර තොග ජනතාවට රුපියල් 1,100ක සහන මිලට ලබා දුන් බවට අඟවා තමන්ට පාඩු වූ රුපියල් 1,400 ක මුදල යළි රජයෙන් ලබාගෙන රුපියල් කෝටි ගණනක් රජයට වංචා කර ඇති බවත් වාර්තා වනවා.

#ශ්‍රීදෙස #ශ්‍රීදෙසnews

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ 225 දෙනාගෙන් 40 ක් මෙවර ඡන්දය නොඉල්ලන බව ප්‍රකාශ කර තිබේ.  ඡන්දය නොඉල්ලන අය අතර, මහින්ද ...
12/10/2024

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ 225 දෙනාගෙන් 40 ක් මෙවර ඡන්දය නොඉල්ලන බව ප්‍රකාශ කර තිබේ. ඡන්දය නොඉල්ලන අය අතර,
මහින්ද රාජපක්ෂ,
මෛත්‍රීපාල සිරිසේන,
රනිල් වික්‍රමසිංහ,
ලක්ෂ්මන් කිරිඇල්ල,
විමල් වීරවංහ,
චම්පික රණවක,
බන්දුල ගුණවර්ධන,
ඩලස් අලහප්පෙරුම,
විජේදාස රාජපක්ෂ,
විමලවීර දිසානායක,
ජනක බණ්ඩාර තෙන්නකෝන්,
ඩබ්ඩී..ජේ සෙනෙවිරත්න,
ගාමිණී ලොකුගේ,
වාසුදේව නානායක්කාර,
ගෙවිදු කුමාරතුංග,
ශෙහාන්සේමසිංහ,
එ.ස්බී. දිසානායක,
කණක හේරත්,
නාලක ගොඩහේවා,
අලි සබ්රී,
චමල් රාජපකෂ,
සී.වී. විග්නේශ්වරන්,
ප්‍රසන්න රණතුංග,
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා,
කෙහෙළිය රඹුක්වැල්ල,
සිරිපාල ගම්ලත්,
ගීතා කුමාරසිංහ,
ප්‍රදීප් උඳුගොඩ,
ඩී.බී. හේරත්,
ගුණතිලක රාජපක්ෂ,
විජිත බේරුගොඩ,
ජගත් පුෂ්පකුමාර,
කුමාරසිරි රත්නායක,
ගයාශාන් නවනන්දන,
ලොහාන් රත්වත්තේ,
සුදත් මංජුල,
උදයකාන්ත ගුණතිලක,
මයන්ත දිසානායක,
කරුණාදාස කොඩිතුවක්කු
යන අය සිටිති.

#ශ්‍රීදෙස #ශ්‍රීදෙසnews

එම ලැයිතුවට හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්, විශ්ව විද්‍යාල ආචාර්යරු සහ හිටපු ප්‍රධානියෙක්ද ඇතුළත් කර තිබේ.01. රන්ජිත් ...
12/10/2024

එම ලැයිතුවට හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්, විශ්ව විද්‍යාල ආචාර්යරු සහ හිටපු ප්‍රධානියෙක්ද ඇතුළත් කර තිබේ.

01. රන්ජිත් මද්දුම බණ්ඩාර
02. ඉම්තියාස් බාකිර් මාකර්
03. ඩලස් අලහප්පෙරුම
04. සාගරන් විජයන්දිරන්
05. නිසාම් කාරියප්පර්
06. සුජීව සේනසිංහ
07. ජී.එල්. පීරිස්
08. සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ
09. උපුල් ජයසූරිය
10. මහීම් මෙන්ඩිස්
11. උපුල් බණ්ඩාර දිසානායක
12. රෝහණ ලක්ෂ්මන් පියදාස
13. ළිහිනි ප්‍රනාන්දු
14. රවීන්ද්‍ර සමරවීර
15. අතුලසිරි සමරකෝන්
16. කෙනඩි ගුණවර්ධන
17. ලලිත් ප්‍රසන්න පෙරේරා
18. විශාකා සූරියබණ්ඩාර
19. මහේෂ් සේනානායක
20. රවී ජයවර්ධන
21 ටී.ඩී.බී. විජේගුණවර්ධන
22. එල්. මිත්‍රපාල
23. පලනිවේලු පරමේෂ්වරන්
24. බාලකිෂ්ණන් සිවනේසන්
25. ජී. නගුලේෂ්වරන්
26. චන්දිම විජේගුණවර්ධන
27. එම්. එච්.එම්. රූමි
28. එම්.අයි.එම්. මුහම්මදු
29. ඉන්දික බණ්ඩාරනායක

#ශ්‍රීදෙස #ශ්‍රීදෙසnews

පොලිස් නිලතල කිහිපයක වෙනසක් සිදුකිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය ලැබී තිබෙනවා.ඒ අනු​ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු දිසාව භා...
12/10/2024

පොලිස් නිලතල කිහිපයක වෙනසක් සිදුකිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනු​ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති P. අම්පාවිල පත් කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය ලැබී තිබෙනවා.

එම තනතුරේ මේ දක්වා කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති M.A.R ප්‍රේමරත්න බස්නාහිර පළාතේ උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම පොලිස් මූලස්ථානයේ රාජකාරියේ නිරතව සිටි කාන්තා නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ජාසිංහආරච්චි ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව සදහා පත්කිරීමට පොලිස් කොමිසම අනුමැතිය ලබා දී ඇති බවයි ජාතික පොලිස් කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.

විෂ සහිත සැමන් තොගයක් ඔරුගොඩවත්ත රේගු ගබඩා පරිශ්‍රයේන් සොයාගෙන තිබෙනවා. ඇමෙරිකානු ඩොලර් දෙලක්ෂ 15000ක වටිනාකමකින් යුත් ආ...
12/10/2024

විෂ සහිත සැමන් තොගයක් ඔරුගොඩවත්ත රේගු ගබඩා පරිශ්‍රයේන් සොයාගෙන තිබෙනවා.

ඇමෙරිකානු ඩොලර් දෙලක්ෂ 15000ක වටිනාකමකින් යුත් ආසනික් විෂ සහිත මෙම සැමන් තොගය නැවත හරවා යැවීමට කටයුතු කර ඇත. මේ පිළිබඳ නිරීක්ෂණයට ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා පැමිණ තිබේ.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Desa News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share