01/01/2025
Register now💓🤩
Hey Hey Hey! ඔන්න එහෙනම් අපි කිව්ව වගේම අරන් ආවා 🎨✨ Anime Arcadia Fan Art Festival 2025 ✨🎨
ඉතින් Anime Arcadia team එකේ අපි හැමෝගේම උත්සායක් විදියට ඔයාලට Anime Arcadia වෙතින් අතිශය ප්‍රතම වතාවට පවත්වන Fan Art Fest එක මේ ජනවාරි වල තියන්න ඔක්කොම වැඩ ලෑස්ති කරලයි තියෙන්නෙ 😍
Festival එක ගිය අවුරුද්දෙ December වල පටන් ගන්න හිටියත් ඒ වෙද්දි A/L ලියන නංගිල මල්ලිලාගෙ ඉල්ලීම් සලකල බලලා වැඩේ ටිකක් පහු කරන්න වුනා. එත් අපි කිව්ව විදිහට festival එක අද පටන්ගන්නයි යන්නේ 🥳
📌 Registrations Open Now!!
එහෙනම් ඉතින් event එකේ registrations ජනවාරි 1 ඒ කියන්නෙ අද මේ මොහොතේ ඉදන් පටන් ගන්නවා. ඔයාලට අද ඉඳන් ජනවාරි 14 රෑ 12 වෙනකන් event එකට register වෙන්න පුලුවන් 😺❤️
📝 Event එකට register වෙන විදිය
Event එකට register වෙන form එක ඔයාට අපේ Anime Arcadia website එකට ගිහින් fill up කරන්න පුළුවන් (Form ලින්ක් එක අපේ fb page එකේ bio එකෙන් හරි පහල තියෙන පලවෙනි comment එකෙන් හරි ගන්න පුලුවන්)
Form එකේ අහල තියෙන හැම දෙයක්ම හරියට fill කරල ඒක submit කරන්නයි තියෙන්නෙ. Register වුන හැමෝටම අපි Email සහ WhatsApp වලින් ඔයාටම වෙන්වුන registration code එකක් එක්ක තවත් අවශ්‍ය කරන තොරතුරු ඔක්කොම එවනවා. ඉතින් register වෙන හැමෝම ඔයාලගේ WhatsApp & Emails ගැන අවදානෙන් ඉන්න.
එහෙනම් ඉතින් ඔයාලගෙ arts අඳින වැඩේ ඔයාලට අද ඉදන්ම පටන්ගන්න පුලුවන් 😃
⏳ Event එක පැවැත්වෙන කාලසීමාව (Event Time)
Event එක පැවැත්වෙන්නෙ ජනවාරි 16 ඉදලා 22 වෙනකන්. මේ අතරතුරේදී ඔයාලගේ artwork එක deadline එකට කලින්, අපි දීලා තියෙන instructions වලට අනුව submit කරන්න ඕනෙ.
හරි එහෙනම් අපි මේ තරගයෙදි ඔයාල සැලකිලිමත් වෙන්න ඕන කරුණු වලට යමු.
💠 ඔයා අනිවාරෙන්ම Anime Arc : Sri Lanka ✨🇱🇰 එකේ Member කෙනෙක් වෙන්න ඕනි මේ තරගෙට සහභාගි වෙන්න.
💠 මේක හැමෝටම open, ඒ කියන්නේ වයස් භේදයක් නැතුව ඕනෙම කෙනෙක්ට සහභාගී වෙන්න පුලුවන්.
💠 අනිවාරෙන් ඔයාලගෙ art එක anime හෝ manga සම්බන්ධ එකක් වෙන්න ඕනෙ. අඳින art එක ඔයාලගෙ හිතේ මැවුනු ඔයාලගේම original characters වෙන්න පුලුවන්, බලල තියෙන anime එකක characters වෙන්නත් පුලුවන්, ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ.
💠 ඔයාලගෙ artwork එක A4 හෝ ඊට වැඩි ඕනම size එක්ක කඩදාසියක ඇඳපු hand drawing art එකක් වෙන්න ඕන. (මේ තරගයේදි අපි hand drawing artwork විතරයි අනුමත කරන්නෙ)
💠 ඒ art එක පාට කරන එක අපි අනිවාර්ය කරන්නෙ නෑ. ඒක ඔයාට කැමති විදියට ලස්සන කරන්න ඔයාට නිදහස තියෙනව.
💠 ඔයාලගෙ artwork එක ඔයා event time එකේදි, ඒ කියන්නෙ ජනවාරි 1 - 22 අතර ඇඳපු ඔයාගෙම art එකක් වෙන්න ඕන. (ඒක අනිවාර්ය කරුනක්)
💠 ඒ වගේම එක තරගකරුවෙක්ට submit කරන්න පුලුවන් එක art එකක් විතරයි.
💠 ඔයාලා ඇදපු art එකේ progress images හෝ speed time-lapse video එකක් ඔයාලගේ artwork එක post කරද්දි art ඒකත් එක්ක දාන්න ඕන. මේ ගැන අපි register වෙන හැම කෙනෙක්ටම පැහැදිලිව විස්තර කරනව.
ඔයාගෙ Art එක තරගයට ඉදිරිපත් කරද්දි අනිවාරෙන් ඔන්න ඔය කියන කරුණු හොදින් කියවලා බලලා ඒ අනුව ඉදිරිපත් කරන්න.
✅ Artworks අපිට submit කරන විදිය,
ඔයාගෙ art එක submit කරද්දි ඉස්සෙල්ලම ඒක ඔයාගෙ Facebook profile එකෙන් Anime Arc Facebook group එකේ post කරන්න ඕන. ඒත් එක්කම ඔයාල art එක අඳින අතරෙ ගත්ත photos හෝ video එකත් දාන්න.
Post එකේ description එකට මෙන්න මේ කියන තොරතුරු ටික දාන්න: Art tile, Registration Code, Hashtag " "
ඊට පස්සෙ ඒ post එකේ link එකයි, register වෙද්දි ඔයාට හම්බෙන registration code එකයි අපි එවන Google Form එකට submit කරන්නයි තියෙන්නෙ 😉 (Google Form එකේ link එක register වුනයින් පස්සෙ ඔයාලට එවනව)
ඔයාලට quick අදහසක් ගන්න උඩදි කියපු ඔක්කොම ගැන අපි කෙටියෙන් කියන්නම්,
1. ඉතින් පලවෙනියටම ඔයා මේකට participate කරන්න නම් ඔයා event එකට register වෙලා ඉන්න ඕනෙ. ඒකට ඕන Form එකේ ලින්ක් එක අපේ fb page එකේ bio එකෙන් හරි පහල තියෙන පලවෙනි comment එකෙන් හරි ගන්න පුලුවන්.
2. එහෙම register වුනාම අපි ඔයාලගෙ artworks submit කරද්දි අවශ්‍ෂ වෙන registration code එකක් වගේම ඔයාලට ඕන තවත් වැඩිදුර තොර්තුරු WhatsApp සහ Email හරහ අපි දෙනව.
3. ඉතින් ඒ registration code ඒකත් අරන් ඔයාට පහුවෙදා ඉදන්ම ඔයාගෙ art එක අඳින්න පටන්ගන්න පුලුවන්.
4. ජනවාරි 16 ඉඳල අපි ඔයාලගෙ artwork බාරගන්න එක ආරම්බකරනව. ඉතින එදා ඉඳල ජනවාරි 22 රෑ 12 වෙනකන් දවස් 7ක් ඇතුලත ඔයාට ඔයාගෙ arts අපිට submit කරන්න කාලය තියෙනව.
5. ඔයා ඔයාගෙ art එක ඇඳල ඉවර වුනාම ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ, ඒ art එකේ ලස්සන පින්තූරයක් කැමති caption එකකුත් එක්ක මේ hashtag එක " " post description එකට දාල ඔයාගෙ Facebook profile එකෙන් අපේ Anime Arc Facebook group එකට post කරන එක.
6. ඊට පස්සෙ ඒක අපි ඔයාලට register වුනාම එවන Google Form එකෙන් ගිහින් register වෙද්දි දුන්න code එකත් එක්ක ඔයාගෙ artwork post එකේ link එක අපිට submit කරන්නයි තියෙන්නෙ.
✨ ජයග්‍රාහකයින් තෝරන විදිය,
අපි මේ තරගයේදි ඔයාලව තෝරන්න වෙනම Judge Board එකක් පත්කරලයි තියෙන්නෙ. ඒ අතරේ Jeewaka Upendra (Slash Comics), Dilshan Weerasena වගේම anime arts වල සුපිරිම වැඩ්ඩො ටිකක් ඉන්නව 😎
ඉතින් මේ අයගෙ තේරීමට අනුව අපි 1st place එකේ ඉදන් 10 වෙනකන් ඔයාලව තෝරාගන්නවා 👀
ඒ වගේම තවත් එක විශේෂ දෙයක් විදිහට අපි නරබන්නන් විදිහට ඉන්න අයටත් winner කෙනක්ව තෝරන්න අවස්ථාව දෙනවා 😁
ඒ තමයි ඔයාලා post කරන arts වලින් වැඩිම ප්‍රමානයක් reactions හම්බවෙන art එකට මේ event එකේදි place එකක් දෙනවා. ඒ කෙනාව තෝරන වැඩේ එහෙනම් නරඹන ඔයාලට බාරයි 🤗
මෙතනදි අපි ජයග්‍රාහකයින් category 4ක් යටතේ වෙන්කරනව. ඒ තමයි,
💠 Upper 3 Winners
💠 Upper 10 Winners (Top 4 to 10)
💠 Most populer Art
💠 Participants (All contestants)
📢 ජයග්‍රාහකයන් නිවේදනය කරන දිනය (Winner Announcing),
අපි ජයග්‍රාහකයන්ව තෝරල announce කරන්නෙ ජනවාරි 24 වෙනිදා. ඉතින් එදාට අපි ලොකු announcing එකකුත් එක්ක festival එකේ win කරපු අය කව්ද කියල හැමෝටම කියනව.
👨🎨 Fanart Showcase,
Event එකේ Winners ලගෙ වගේම event එකට සහභාගි වුනු හැම කෙනෙක්ගෙම arts අපි Anime Arcadia website එකේ වගේම Anime Arcadia FB page එකෙත් ප්‍රදර්ශනය කරනව.
කැමතිනම් ඔයාට ඔයාගෙ selfie එකකුත් එකක් ඔයාගෙ artwork එක website එකේ showcase කරන්න පුලුවන්. ඉතින් මේ event එක ඔයාට ඔයාගෙ drawing skills වැඩිදියුනු කරගන්න වගේම ඔයාගෙ හැකියාව හැමෝටම පෙන්නන්නත් හොඳ අවස්ථාවක් වෙයි කියල අපි හිතනව 😇✨
එහෙනම් ඉතින් ඔයාලට දැන් ලොකු කුතුහලයක් ඇති මේ තරගයෙන් win කරන අයට හම්බවෙන prizes 🎁 මොනවද කියන එක ගැන. ඒකනම් අපි ඔයාලට දැන්මම කියන්නෙ නැතිව ඉන්නම් මොකද ඒක ලොකු secret supprice එකක් 🤭 Hint එකක් විදියට ඔයාලට festival එකට sponsor කරන අය දැක්කම හිතාගන්න පුලුවන්නේ 😊
තව දෙයක් තමයි ඔයාලට අපෙන් Top 10 Winners ලාට printed cetificate එකක් වගේම participate කරන හැමකෙනෙක්ටම E-cetificate එකක් හම්බෙනව. ඉතින් මේක online verify කරන්න පුලුවන් වෙන විදියෙ special cetificate එකක් ✨
📌 අපේ Anime Arcadia Fan Art Festival එකට sponsor කරන අය තමයි,
💠 Yamato One
💠 OTAKU
💠 The Comic Dude
💠 Anime Arcade LK
ඉතින් මේ අය අපිට දෙන මේ support එකට වගේම තවත් මේ වගේ අලුත් දේ ඉස්සරහටත් අරන් එන්න, පුලුවන්නම් අනිවරෙන්ම මේ අයගෙ pages වලට ගිහින් like කරල support කරන්න කියල අපි ඔයාලගෙන් ඉල්ලනව.
📌 Festival එකට support කරන Partners ලා විදියට අපිත් එක්ක එකතුවෙන්නෙ,
💠 Sylphy II
💠 Anime SL
💠 Fantasy Arcade
ඔයාල හැමෝටම මේකෙ දිනන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම මේක හොද අවස්ථාවක් ඔයාලගේ skills වැඩි දියුණු කරගන්න සහ අත්දැකිම් වැඩි කරගන්නත් 💪
හුගක් මේ වගේ දේවල් ලංකාවෙ වෙනවා අඩුයි නේ, ඉතින් අවස්ථාව ලැබුන වෙලේ සහභාගි වෙන්න කියල අපි ඔයාලට ආරාධනා කරනවා 👏❤️
ඔයාලට මේ අපි කියපු කරුණු සම්බන්ධව මොනවමහරි ප්‍රශ්න තියෙනවනම් අනිවාරෙන්ම අපෙන් අහන්න, අපි හැකි ඉක්මනින්ම ඒවට සහයෝගය දෙනවා. (Admin numbers description එකේ අන්තිමට තියෙනව)
ඉතින් අපේ Anime Arc community එක පටන් අරන් මාස තුනකටත් වඩා අඩු කාලයකින් තමයි අපි මේ Fanart Festival එක තියන්නේ, ඒකට Group වලින් වගේම ලංකාවෙ Anime Community එකෙනුත් හොඳ සහයෝගයක් අපිට ලැබෙයි කියල අපි හිතනවා 💙
එහෙනම් ඉතින් හැමෝම ජනවාරි 24 වෙනකන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න 🥰 ඒ වගේම මේක කියවන ඔයාලටත් මේ වගේ arts අඳින යාලුවො ඉන්නවනම් Share කරල හරි mention කරල හරි එයාටත් මේක පෙන්නන්න. මොකද සමහර විට එයා මේක දකිද්දි පරක්කු වැඩි වෙන්නත් පුලුවන් 😮💨
එහෙනම් මේ තරගයට සහභාගි වෙන්න හිතාගත්ත ඔයාල හැමෝටම Good luck ❤, From Anime Arcade Family
For your reference - Admin Number (WhatsApp only!!)
Subash Fernando: 076 748 9562
Hiruna Wadasinghe: 072 026 9766
Anime Arc : Sri Lanka ✨🇱🇰
Anime Arcadia Fanart Festival Registration