
18/05/2025
පාට පක්ෂ බේදයකින් තොරව රටම එකට සමරන උත්සව කිහිපයක් අතරින් ජාතික රණවිරු සැමරුම විශේෂ මූලිකත්වයක් ගනී. නමුත් මේ රටේ ජනාධිපතිවරයා තමන්ගේ නිල සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේවත් රණවිරුවන් වෙනුවෙන් කිසිදු පණිවිඩයක් ද පළ කර නැත.
එමෙන්ම, ජනාධිපතිතුමා ඊයේ ප්‍රකාශයක් කළේ ඔහු වෙනුවෙන් නියෝජිතයෙකු රණවිරු සැමරුමට සහභාගී වන්නේ යැයිය. නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ ඉහළින් නැඟුණු ජන හඬවලට පිළිතුරු වශයෙන් දැන් ඔහු රණවිරු සැමරුමට සහභාගී වන බවට පැවසේ.
කෙසේ වෙතත් මේ මොහොත වනවිට තවමත් සටහනක් හෝ පණිවිඩයක් වුවද රණවිරුවන් වෙනුවෙන් පළ කිරීමට රටේ පළමු පුරවැසියා වූ ජනාධිපතිවරයාට නොහැකි වී ඇති බව දැකිය හැක.
රට එක්සේසත් කිරීමට තම ජීවිතය පරිත්‍යාග කළ රණවිරුවන් වෙනුවෙන් හඬක් නැගීමේ දුර්වලත්වය දක්වන ජනාධිපතිවරයෙකුගෙන් රටේ සංවර්ධනය හා ආරක්ෂාව වෙනුවෙන් සෘජු තීරණයක් බලාපොරොත්තු විය හැකිදැයි සැකයක් මතුවේ. ලැජ්ජයි.