Amuthu Lamai - අමුතු ළමයි

Amuthu Lamai - අමුතු ළමයි “The Weirdos - අපි හරි අමුතුයි මචන්”

28/09/2025

ජීවිතේ ලොකුම පසුතැවීම 🥹



21/09/2025

අද දවසවත් මතක නැති අපි 🤣

▫️The ownership rights of this 1st video belong to its creator.

This isn’t an insult, it’s just a joke ☺



14/09/2025

ම්ම්ම්..... 👄

▫️The ownership rights of this 1st video belong to its creator.

This isn’t an insult, it’s just a joke ☺



05/09/2025

දැන් කාලේ එවුන්ට miss වුණු අපේ සුන්දර ළමා කාලය 🥹💗

30/08/2025

ගමේ ක්‍රිකට්. ගමේ Rules 🏏

08/08/2025

ජීවිතය කියන්නේ ව්දින්න ඕනි දෙයක් මිසක් විදවන්න ඕනි දෙයක් නෙමෙයි කියලා ඔයාගේ office එකේ එහා seat එකේ ඉන්න එක්කෙනාට කියලා දෙන්න.

01/08/2025

AI Trend එක ඉවරයි.... 🥹

ස්තුතියි එහෙනම්! 💛
27/07/2025

ස්තුතියි එහෙනම්! 💛

⛰️🍃 යහළුවොත් එක්ක ගිය කඳු තරණයක Storyය Comic series එකක් ලෙස.....පරිසරය රැකීමේ හැඟීමත්, ජීවිතයේ නව අත්දැකීම් ලබාගැනීමත් ...
26/07/2025

⛰️🍃 යහළුවොත් එක්ක ගිය කඳු තරණයක Storyය Comic series එකක් ලෙස.....

පරිසරය රැකීමේ හැඟීමත්, ජීවිතයේ නව අත්දැකීම් ලබාගැනීමත් සඳහා කඳු යාත්‍රා සැබවින්ම අපූරු මගක් ලෙස සැලකිය හැකිය. මෑතකදී අපිට ලැබුණු වටිනාම අත්දැකීමක් වුණේ, අපේ යහළුවන් සමඟ කළ බලතුඩුව කඳු යාත්‍රාවකි.

අපි යාත්‍රාවට පිටත් වූයේ උදෑසන හවස 4ටය. සීතල සුළඟකින් යුත් අලුයමක්, වැසි පරිසරයක. අපි ගියේ කලුපහන ආසන්නයේ පිහිටි කඳු පාමුලක් කරාය. මාර්ගය දැඩිව නංවන, ගල් සහ මූල් වලින් පිරුණු දුෂ්කර මාර්ගයක් වුණත්, අපි එකිනෙකාට ආධාර කළෙමු, නායක සහෝ උදාසීන නොවී උත්සාහයෙන් පෙරමුණ ගත්තාය.

ඉහළට යත්ම, පරිසරය තවත් මනස්කාන්ත විය. වළාකුළු අතරින් පායන සූර්‍යයා, වනාන්තර සහ කුරුල්ලන්ගේ සද්දය අපගේ මනස සන්සුන් කළේය. යහළුවන් සමඟ සිනාසෙමින්, කතාබහ කරමින්, සහ තවත් අපූරු මතක රැසක් එකතු කරමින් අපි කඳු මුදුන කරා ගියෙමු.

මුදුනට ළඟාවූ අවස්ථාවේ, ජයග්‍රහණයක විශේෂ හැඟීමක් අපගේ හදවතට විය. එය සරලව ගමන් කළ ගමනක් නොවෙයි. දුෂ්කර වූවත්, එකිනෙකාගේ සහයෝගය හා මිත්‍රත්වය අපව එතැනට ගෙනවිත් තිබුණි.

කදුමුදුනේ කූඩාරමක ගත කල එදින රාත්‍රිය ද අමතක නොවන සිදුවීම් රැසක් ජීවිතයට එක්කරනු ලැබීය. 🐅දැඩි සුළං නිසා සීතල දරාගැනීමට පවා අසීරු විය. එක් සාමාජිකයෙක් සීතල උණට ද ගොදුරු වී දැඩි පරිශ්‍රමයකින් අනතුරුව පාලනයට ගැනීමට පුලුවන් විය. සීතල මකා ගැනීමට එදින රාත්‍රියේ නොයෙකුත් මාතෘකා ගැන කතන්දර හුවමාරු වීම තවත් රසමුසු අවස්ථාවක් විය.

උදෑසන 4.30 ට පමණ අවදි වූ අපි නැවතත් බලතුඩුව මුදුනට ගියේ හිරු උදාව නැරඹීමටයි. හැකි පමණින් රෙදි ඔතාගෙන සීතල මැඩගෙන මුදුනට ගියේ ඇයි කියන ප්‍රශ්නයට පිලිතුරක් දෙමින් එදින හිරු උදාව ආරම්භ වූයේ 5.50ටය. මනස්කාන්ත දසුනක් හොවා දක්වමින් මීදුමෙන් තොර මුලු මහත් කදු පන්ති ගණනාවක් දැකගැනීමට අප වාසනාවන්ත විය.

නැවත කූඩාරමට යාමට පවා ලෝබ වූ අපි පැය ගණනක් ඒ දර්ශනය නරඹමින් කාලය ගත කලෙමු. කාලය කෙමෙන් ගෙවීයාමත් සමග කදු මුදුනට සමුදෙන්නට වූයේ සියලු දෙනාගේම අකමැත්තෙනි. නැවත පැමිණීමේ අරමුණින් අපි නැවතත් පාමුලට යාමට ගමන් පටන් ගත්තේ 10.30ට පමණය.

මෙම කඳු යාත්‍රාවෙන් අපිට දැනුණේ ජීවිතය තුළත් කඳු වලට නැඟිටීම වගේම මිත්‍රත්වයේ වැදගත් බවයි. කඳු යාත්‍රාවක් යනු, පවතින වාසියට පසුපසින් නොයෙවී, අභියෝගවලට මුහුණ දී ජයගන්නා ගමනකි.

යහළුවන් සමඟ කළ කඳු යාත්‍රා අමතක නොවන මතකයක් ලෙස සදාකාලිකව මගේ සිත් ගැබෙහි රැඳේ. ජීවිතයටද ගැඹුරු පාඩමක් ලබාදෙන ලස්සන අත්දැකීමක් විය.

⛰️🎒🧢
ආදරෙයි බලතුඩුව
ඉක්මනින් ආයේ හමුවෙමු



Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Amuthu Lamai - අමුතු ළමයි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share