Agri Digital News

Agri Digital News Welcome to the Official page of the Media Unit of the Ministry of Agriculture, Livestock, Land and Irrigation
, Sri Lanka.

Stay informed about the latest news, policies, programs, and initiatives of Sri Lanka's agricultural sector.

2026 යල කන්නය සඳහා පොහොර බෙදා හැරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක්.2026 යල කන්නය සඳහා පොහොර බෙදා හැරීම සම්බන්ධයෙන් වන ව...
17/03/2026

2026 යල කන්නය සඳහා පොහොර බෙදා හැරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක්.

2026 යල කන්නය සඳහා පොහොර බෙදා හැරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) දින ගොවිජන මන්දිරයේදී පැවැත්විණ. එහිදී යල කන්නය සඳහා පොහොර බෙදා හැරීම, පොහොරවල මිල නියාමනය කිරීම සහ කෘෂි රසායනිකවල මිල නියාමනය යන කාරණා පිළිබඳව විශේෂ අවධානය යොමු විය.

මෙම අවස්ථාව නියෝජනය කරමින් පොහොර සමාගම්වල නිලධාරීන් මෙන්ම ගොවි සංවිධානවල නියෝජිතයින් සහභාගී විය. ගොවි සංවිධානවල නියෝජිතයින් විසින් තමන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලදී. විශේෂයෙන් දැනට ලෝකයේ ඇතැම් රටවල් අතර පවතින යුදමය තත්ත්වය හේතුවෙන් රට තුළ ප්‍රමාණවත් තරම් පොහොර තොග තිබේද සහ එම පොහොරවල මිල ඉහළ යාමක් සිදුවේද යන කාරණය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු විය.

මෙහිදී එක් ගොවි සංවිධානයක් පෙන්වා දුන්නේ රට තුළ පවතින පොහොර තොග පිළිබඳව කඩිනමින් විධිමත් සමීක්ෂණයක් සිදු කිරීම සුදුසු බවයි. තවද අනිසි ලෙස පොහොර තොග රැස් කිරීම සහ වැඩි මිලට පොහොර විකිණීම ගැන රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගතයුතු බවද මෙහිදී පෙන්වා දෙන ලදී. එමඟින් සැබෑ ගොවියාටම පමණක් පොහොර මිලදී ගැනීමට අවස්ථාව උදා වේ. වී වගාකරන ගොවියාට මෙන්ම අතිරේක බෝග, එළවළු, පලතුරු, අපනයන බෝග වගාකරන ගොවියාට ද දුෂ්කරතාවයකින් තොරව පොහොර ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුය. සෑම පොහොර අලෙවි කිරීමකදීම විධිමත් පරිදි ලදුපතක් නිකුත් කිරීම අනිවාර්යය කළ යුතුය. ඉදිරියේදී වෙළඳපොළ තුළ පොහොර හිඟයක් ඇති වුවහොත් ප්‍රමිතියෙන් තොර පොහොර වෙළඳපොළ වෙත පැමිණීමේ අවදානම සළකා බලා ඊට අවශ්‍ය පිළියම් යෙදීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ප්‍රමිතියෙන් යුතු කෘෂි රසායන මිලදී ගැනීමට ගොවීන්ට අවස්ථාව සලසාදීම ද වැදගත්ය.

තවත් ගොවි සංවිධානයක් මෙහිදී ඉල්ලා සිටියේ කලින් ගෙන්වන ලද පොහොර පෙර පැවති මිලටම ලබා දීමට කටයුතු කරන ලෙසයි. අස්වනු නෙලීම සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් පරිදි ලබා දීමට කටයුතු කරන ලෙස ද ඔවුන් ඉල්ලා සිටියේය. ඇතැමුන් පොහොර වැඩි මිලට විකිණීමේ අපේක්ෂාවෙන් පොහොර සඟවාගෙන සිටින බව පෙන්වා දුන්නේය. කෘෂි රසායනික ද්‍රව්‍ය ද මිල නියාමනයකින් තොරව විකිණීම නිසා ගොවීන් අපහසුතාවයට පත්වන බව ද ඔවුන් විසින් පෙන්වා දෙන ලදී.

මෙහිදී ගොවීන් විශේෂ ඉල්ලීමක් වශයෙන් සිදු කළේ යල කන්නය සහා අවශ්‍ය පොහොර පෙර පැවති මිලටම ලබා දීමට කටයුතු කරන ලෙසයි. මීට මැදිහත් වූ අමාත්‍යවරයා ද පොහොර සමාගම්වලින් ඉල්ලා සිටියේ ගොවීන් වෙනුවෙන් සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙසයි. ඒ අනුව සියලුම පොහොර සමාගම්වල ඉහළ නිලධාරින් එක්ව පොහොර මිටියක් රුපියල් 9500ක මුදලකට අලෙවි කිරීමට සිය එකඟතාවය පළ කළේය. පොහොර සමාගම්වල තීරණය සම්බන්ධයෙන් මෙහිදී ගොවි සංවිධානවල නියෝජිතයින් සිය ප්‍රසාදය පළ කළේය.

ගොවීන්ට අවශ්‍ය ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර, ලේකම්තුමා ගොවීන්ට අවශ්‍ය ඉන්ධන නිකුත් කිරීමට අදාළව දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි කළේය. ඒ හා සම්බන්ධව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් විසින් විශේෂ දැනුම්වත් කිරීමක් සිදු කර ඇති අතර, ඊට අදාළ තොරතුරු ගොවි සංවිධාන සහ ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් ලබාගත හැකිය.

අනතුරුව සාකච්ඡාවට බඳුන් වූයේ කාෂි රසායනික ද්‍රව්‍ය පිළිබඳවයි. වෙළඳපොළ තුළ විවිධ නම්වලින් විවිධාකාරයෙන් වල්නාශක, පළිබෝධනාශක පවතින නමුත් ඒවායෙහි නිසි ප්‍රමිතියක් පවතීද යන්න ගැටළුවකි. ඒ සම්බන්ධයෙන් යම් නියාමනයක් අවශ්‍ය බව මෙහිදී අවධාරණය කෙරිණි. මිල සම්බන්ධයෙන් ද කිසිදු ආකාරයක නියාමනයක් නොපැවතීම විශාල ගැටළුවකි. පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලය මඟින් වසර තුනකට වරක් ප්‍රමිතිය සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරන බව සඳහන් කරන ලදී.

මෙම අවස්ථාවට කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා, ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ මහතා, අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී වික්‍රමසිංහ මහතා, අතිරේක ලේකම් ජානකී අමරතුංග මහත්මිය, පොහොර සමාගම්වල නිලධාරීන් සහ ගොවි සංවිධානවල නියෝජිතයින් සහභාගී විය.

🌾 ගොවි ජනතාවට සහනයක්: කෘෂිකාර්මික කටයුතු සඳහා ඉන්ධන සැපයීමට රජයෙන් විශේෂ වැඩපිළිවෙලක්! 2025/26 මහ කන්නයේ අස්වනු නෙළීම සහ...
17/03/2026

🌾 ගොවි ජනතාවට සහනයක්: කෘෂිකාර්මික කටයුතු සඳහා ඉන්ධන සැපයීමට රජයෙන් විශේෂ වැඩපිළිවෙලක්!

2025/26 මහ කන්නයේ අස්වනු නෙළීම සහ 2026 යල කන්නයේ බිම් සකස් කිරීමේ කටයුතු ප්‍රමාදයකින් තොරව සිදුකරගෙන යාම සඳහා රජය විසින් විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇත.

මාර්තු 15 වනදා සිට ඉන්ධන සඳහා කෝටා ක්‍රමයක් හඳුන්වා දී තිබුණ ද, වී අස්වනු නෙළන යන්ත්‍ර සහ බිම් සකස් කරන යන්ත්‍රෝපකරණ සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් පරිදි ගොවි ජනතාව වෙත ලබාදීමට මෙහිදී තීරණය කර තිබේ.

✅ ඉන්ධන ලබාදෙන ක්‍රමවේදය:
අස්වනු නෙළීමට හෝ බිම් සකස් කිරීමට ඉන්ධන අවශ්‍ය ගොවීන් පිළිබඳ තොරතුරු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය මඟින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ලබා දෙනු ඇත.

පහසු සැපයුම: ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කරනු ලබන ඉන්ධන ප්‍රමාණයන්, ගොවිමහතුන්ගේ වගාබිම්වලට ආසන්නතම ඉන්ධන පිරවුම්හල වෙතින් ලබා ගැනීමට පහසුකම් සලසා ඇත.

දේශීය කෘෂිකර්මාන්තය ශක්තිමත් කරමින් ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම මෙම වැඩපිළිවෙලෙහි මූලික අරමුණයි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

ශ්‍රී ලංකාවේ එළවළු නිෂ්පාදනයේ සුවිශේෂී කලාපයක් වන කල්පිටිය අර්ධද්වීපයේ කෘෂිකාර්මික හා සංචාරක විභවයන් හඳුනාගනිමින්, එම ක්...
17/03/2026

ශ්‍රී ලංකාවේ එළවළු නිෂ්පාදනයේ සුවිශේෂී කලාපයක් වන කල්පිටිය අර්ධද්වීපයේ කෘෂිකාර්මික හා සංචාරක විභවයන් හඳුනාගනිමින්, එම ක්ෂේත්‍ර නගාසිටුවීම සඳහා වූ විශේෂ නිරීක්ෂණ චාරිකාවක් සහ ගොවි හමුවක් පසුගියදා කෘෂිකර් ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී කාබනික පොහොර හා ස්වාභාවික කෘමි නාශක පමණක් භාවිතා කරමින් පවත්වාගෙන යන, GAP (Good Agricultural Practices) සහතික ලත් අපනයන ගොවිපළක් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ නිරීක්ෂණයට ලක් විය. වස විසෙන් තොර එළවළු විදේශ වෙළෙඳපොළට යොමු කිරීම හරහා මෙරට ආර්ථිකයට ලබා දිය හැකි දායකත්වය මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.

ගොවීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට සංවිධානය කර තිබූ ගොවි හමුවේදී පසුගිය කාලසීමාවේ ඇති වූ ආපදා තත්ත්වයන් හේතුවෙන් හානියට පත් කල්පිටිය එළවළු වගාබිම් වෙනුවෙන්, ඉතිහාසයේ පළමු වතාවට වන්දි මුදල් ලබා දීම මෙහිදී ගොවීගේ පැසසුමට ලක් විය.

කල්පිටියට "කෘෂි-සංචාරක" (Agro-Tourism) සැලැස්මක්
කල්පිටිය ප්‍රදේශය කෘෂිකර්මාන්තය සහ සංචාරක කර්මාන්තය යන අංශ දෙකම එකට මුසු කළ හැකි කලාපයක් ලෙස හඳුනාගෙන ඇති අතර, ඒ වෙනුවෙන් නව සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර
කෘෂි-සංචාරක ගම්මාන හරහා සංචාරකයින්ට වගා අත්දැකීම් ලබාගත හැකි පරිදි ගම්මාන නිර්මාණය කිරීම අවධානය යොමු වී ඇත.

මෙම අවස්ථාවට පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා, මොහොමඩ් ෆයිසල් මහතා, කල්පිටිය ප්‍රාදේශීය සභා සභාපතිතුමා ඇතුළු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

නිකවැරටිය ගොවිජනතාවට ගුනාත්මක බිත්තර වී සැපයීමේ අරමුණින් නිකවැරටිය විවිධ සේවා සමූපකාරය මගින් පැයට කිලෝ 1500ක ධාරිතාවකින්...
11/03/2026

නිකවැරටිය ගොවිජනතාවට ගුනාත්මක බිත්තර වී සැපයීමේ අරමුණින් නිකවැරටිය විවිධ සේවා සමූපකාරය මගින් පැයට කිලෝ 1500ක ධාරිතාවකින් යුත් බිත්තර වී පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානයක් ඊයේ (10) දින නිකවැරටියේදී විවෘත කෙරිණි.

මෙම බිත්තර වී පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා,කෘෂිකර් ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මහතා, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව මහතා මෙන්ම වයඹ පළාත් සමූපකාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරු ඇතුළු පිරිසක් ද සහභාගි විය.

නිකවැරටිය විවිධ සේවා සමූපකාරයට අයත් වී ගබඩාවේ භාවිතයට නොගෙන අතහැර දමා තිබූ තල පිරිපහදු යන්ත්‍රයක් එලෙස නවීකරණය කර භාවිතයට ගැනීම සදහා වත්මන් සභාපති ඊ.එම් ජයතිලක මහතා ප්‍රමුඛ නිකවැරටිය විවිධ සේවා සමූපකාරය විසින් කටයුතු කර තිබිණ.නවීකරණයෙන් පසු ප්‍රදේෂයේ ප්‍රමුක අවශ්‍යතාවක් වන බිත්තර වී වී පිරිපහදු කිරීම සදහාත් මේ හරහා ගුණාත්මක බිත්තර වී සමූපකාරය හරහා ගොවීන් වෙත ලබා දීමට හැකිවේ.

සාම්ප්‍රදායික වෙළෙඳ අංශය, පරිභෝගික අංශය, බැංකු අංශය ඒ වගේ ව්‍යාපෘතිවලින් වෙනස් වෙලා මිනිස්සු සමග බැඳුණු සංවර්ධනයේ පෙරළියක් ඇතිකරන ව්‍යාපාරයක් බවට සමූපකාර ව්‍යාපාරය පත්වෙමින් තිබේ.

මෙරට බඩඉරිඟු අවශ්‍යතාවය සහ සැපයුම නිවැරදිව කළමනාකරණය කිරීම සඳහා නිර් මාණය කරන ලද "Maize Stock" මාර් ගගත තොරතුරු පද්ධතිය ...
20/02/2026

මෙරට බඩඉරිඟු අවශ්‍යතාවය සහ සැපයුම නිවැරදිව කළමනාකරණය කිරීම සඳහා නිර් මාණය කරන ලද "Maize Stock" මාර් ගගත තොරතුරු පද්ධතිය සහ වෙබ් යෙදුම (Web App) එළිදැක්වීම හා සාකච්ඡාව අද(20) කෘෂිකර් ම අමාත්‍යාංශයේදී පැවැත්විණි.

රට තුළ පවතින බඩඉරිඟු තොග පිළිබඳ නිවැරදි දත්ත පවත්වා ගැනීම සහ ආනයනය සම්බන්ධයෙන් විද්‍යාත්මක තීරණ ගැනීම පහසු කිරීම මෙම නව පද්ධතියේ ප්‍රධාන අරමුණයි.

මෙම ඩිජිටල් පද්ධතිය ක්‍රියාත්මක වීම හරහා ක්ෂේත්‍රයේ සියලුම පාර්ශවකරුවන්ට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් හිමි වේ. ගොවීන්ට තම අස්වැන්න සඳහා පවතින වෙළඳපළ ඉල්ලුම කල්තියා හඳුනා ගැනීමටත්, අතරමැදියන්ගේ බලපෑමෙන් තොරව සාධාරණ මිලක් ලබා ගැනීමටත් අවශ්‍ය පසුබිම මේ හරහා සැකසේ.

රට තුළ ඇති සමස්ත අතිරික්තය සහ හිඟය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි බැවින්, අවදානමකින් තොරව තම රැස්කිරීම් සහ බෙදාහැරීම් සැලසුම් කිරීමට අවස්ථාව තොග රැස්කරන්නන් හට ලැබෙන අතර සත්ව ආහාර නිෂ්පාදකයින් ඇතුළු කර්මාන්තකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය තොග පවතින ස්ථාන සහ ප්‍රමාණයන් පහසුවෙන් හඳුනාගත හැකි බැවින්, බාධාවකින් තොරව නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යාමට හැකි වේ.

විශේෂයෙන්ම දේශීය නිෂ්පාදනය පිළිබඳ නිවැරදි දත්ත පද්ධතියක පැවතීම නිසා, අනවශ්‍ය ලෙස බඩඉරිඟු ආනයනය කිරීම වැළැක්වීමටත්, විදේශ විනිමය ඉතිරි කර ගනිමින් දේශීය ගොවියා ආරක්ෂා වන අයුරින් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමටත් රජයට හැකියාව ලැබේ.

මෙම සාකච්ඡාවට එක් වෙමින් කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මෙසේ අදහස් පළ කළේය. “මෙම පද්ධතිය හරහා බඩඉරිඟු ක්ෂේත්‍රයේ විනිවිදභාවයක් ඇති වන අතර, දත්ත මත පදනම් වූ තීරණ ගැනීම හරහා ගොවියා මෙන්ම පාරිභෝගිකයා ද එකසේ ආරක්ෂා වන පරිසරයක් නිර් මාණය වනවා. නිවැරදි දත්ත පද්ධතියට ඇතුලත් කරමින් බඩඉරිඟුගොවීන්, ග්‍රාමීය බඩඉරිඟු තොග රැස්කරන්නන් සහ ආහාර නිෂ්පාදකයින් ඇතුළු කර්මාන්තකරුවන්ට මෙම මාර්ගගත පද්ධතියට ලියාපදිංචි වීම වැදගත් වනවා.“

මෙම අවස්ථාවට කෘෂිකාර් ම හා පශු සම්පත් නියොජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරතන මහතා, කෘ ෂි කර් ම අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.ඒ.ආර්.ටී. වික්‍රමආරච්චි මහතා, අතිරේක ලේකම්(පශු සම්පත්) පාලිකා ප්‍රනාන්දු මහත්මිය, කෘෂිකර්ම දෙපාර්තමේන්තු බඩඉරිඟු බෝග නායක ආචාර්ය බුද්ධික නිශාන්ත අබේසිංහ මහතා හා කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිළදාරීන්, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිළධාරීන්,බඩඉරිඟු තොග රැස්කරන්නන්,බඩ ඉරිගු වගා කරුවන්ගේ සමූපකාර සමිති හා බඩ ඉරිගු ආනයන කරුවන් හා කර් මාන්තකරුවන් සහභාගී විය.

06/02/2026
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය,  මෙම වසර  තු...
24/10/2025

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය, මෙම වසර තුළ එක් එක් වගාවට බලපාන අවදානම් සම්බන්ධයෙන් අධ්‍යනය කිරීම තුලින් ඒ ඒ වගාවන් වල නිරත ගොවීන් සඳහා ඔවුන්ට දැරිය හැකි වාරික මුදලක් යටතේ රක්ෂණ ආවරණ ලබා ගැනීම වෙනුවෙන් නව රක්ෂණ ක්‍රම හඳුන්වා දී ඇත.
කුරුඳු වගා රක්ෂණ යෝජනා ක්‍රමය, රබර් වගාකරුවන් සඳහා වන රක්ෂණ යෝජනා ක්‍රමය, කෙසෙල් වගා රක්ෂණ යෝජනා ක්‍රමය, ගබඩා රක්ෂණ යෝජනා ක්‍රමය, කිතුල්, පොල්, තල් කර්මාන්තකරුවන් සඳහා වන හදිසි අනතුරු රක්ෂණ යෝජනා ක්‍රමය, කුරුදු කර්මාන්තයෙහි නිරත වන්නන් සඳහා වන හදිසි අනතුරු රක්ෂණ යෝජනා ක්‍රමය, තේ වගා රක්ෂණ යෝජනා ක්‍රමය, පොල්පැළ වගා රක්ෂණ යෝජනා ක්‍රමය ඒ අතරින් කිහිපයකි.
“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්“ ගැන සංකල්පය වගාකරුවන්ගේද ජීවත වලට ඇතුළත් කරමින්, වගා කිරීමේදී මුහුණදීමට සිදුවන අවදානම කළමනාකරණය කරමින් ඔවුන් වගාව තුළම රඳවා ගැනීම හා ඒ තුලින් ඔවුන්ගේ ආර්ථික ශක්තිය වර්ධනය කිරීම මෙම රක්ෂණ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේ මූලික පරමාර්ථය වේ.

ශ්‍රී ලංකා කෘෂිකාර් මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව විසින් කෘෂිකර් ම පර්යේෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහ උන්නතිය උදෙසා විශේෂ කාර...
24/10/2025

ශ්‍රී ලංකා කෘෂිකාර් මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව විසින් කෘෂිකර් ම පර්යේෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහ උන්නතිය උදෙසා විශේෂ කාර්යභාරයක් සිදු කරන ලද පර්යේෂකයන් ඇගයීම සහ දිරිමත් කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන කෘෂිකර් ම ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයීමේ උත්සවය ඊයේ (23) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

පර්යේෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය අත් කර ගැනීම සඳහා කෘෂිකාර්මික පර්යේෂකයින් දිරිමත් කිරීම සහ පෙළඹවීම, ඔවුන්ගේ වෘත්තීය අපේක්ෂා වැඩිදියුණු කිරීමට සහාය වීම සහ ජාතික කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් දක්වන ලද දායකත්වය ඇගයීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව (SLCARP) විසින් වසර දෙකකට වරක් මෙම සම්මාන උලෙළ සංවිධානය කෙරේ.

මෙවර සම්මාන උලෙළෙහිදී 2023 සහ 2025 වසරවලට අදාළව වන වගාව සහ අපනයන කෘෂිකාර්මික බෝග ඇතුළු වැවිලි වගාව, මල් වගාව ඇතුළු වැවිලි නොවන වගාව, පශු සම්පත් සහ ධීවර හා ජලජ සම්පත් යන කාණ්ඩ ත්‍රිත්වය යටතේ කෘෂි පර්යේෂණ විශිෂ්ටතා සම්මාන ප්‍රදානය කෙරිණි.

14/10/2025

ඉඩම් හා වාර්මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වරයා ලෙස වැඩ බාරගනිමින් අරවින්ද සෙනරත් මහතා පැවැත්වු මාධ්‍ය සාකච්චාව

Address

80/5 , “Govijana Mandiraya”, Rajamalwatta Lane, Battaramulla
Colombo
00100

Website

Alerts

Be the first to know and let us send you an email when Agri Digital News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share