05/07/2026
ආදරය වෙනුවෙන් දිවි පරදුවට තබන්න ඔබට පුළුවන්ද? 😧😮
ලෝකය පුරාම උස් ගොඩනැඟිලිවල ආරක්ෂක වැටවල් රහිතව නැගලා (Rooftopping) අතිශය ජනප්‍රිය වුණු රුසියානු ජාතික Angela Nikolau සහ Ivan Beerkus කියන සුප්‍රසිද්ධ "Skywalkers" යුවළ මුළු ලෝකයම පුදුමයට පත් කරමින් ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම සිදු කර තිබෙනවා.
ඒ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි සුප්‍රසිද්ධ Empire State Building ගොඩනැඟිල්ලේ අඩි 1,454ක් උසැති ඇන්ටනා කුළුණ මුදුනටම කිසිදු ආරක්ෂිත උපකරණයක් නොමැතිව රහසිගතව නැගීමෙන් අනතුරුවයි!
"When the power of love beats the love of power, the world knows peace" (බලයට ඇති ආදරය පරදා ආදරයේ බලය ජය ගන්නා දිනක ලෝකයට සාමය උදාවනු ඇත) යනුවෙන් සඳහන් විශාල බැනරයක් ඔවුන් එතැනදී ප්‍රදර්ශනය කර තිබෙනවා.
ඉන්පසු Ivan විසින් Angela වෙත මෙම ත්‍රාසජනක විවාහ යෝජනාව ඉදිරිපත් කල අතර, ඇය එය ඉතාම ආදරයෙන් පිළිගෙන තිබෙනවා.
💍 Ivan දණ ගසා Angelaට විවාහ යෝජනාව කළා...
❤️ Angelaත් "YES" කියමින් එය භාරගත්තා.
නමුත් කතාව එතැනින් ඉවර නැහැ...
🚨👮♂️මෙම අවදානම් සහ නීතිවිරෝධී ක්‍රියාව නිසා ඔවුන් දෙදෙනා ගොඩනැඟිල්ලෙන් බිමට බසිනවාත් සමඟම නිව්යෝර්ක් පොලීසිය (NYPD) විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
🔴 ඔවුන්ට එල්ල වී ඇති චෝදනා අතර,
✔️ තහනම් ප්‍රදේශයකට අනවසරයෙන් ඇතුළු වීම,
✔️ ආරක්ෂක පද්ධති මඟහැරීම,
✔️ අනතුරුදායක ලෙස හැසිරීම,
✔️ ගොඩනැගිල්ලේ ආරක්ෂාවට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් තිබෙනවා.
මේ වන විට ඔවුන්ට ඇප ලැබී තිබුණත්, ලෝකයේ බොහෝ දෙනෙක් පවසන්නේ මෙය මෙතෙක් ඔවුන් දැකපු "ලස්සනම සහ භයානකම Proposal එක" කියලයි. 🥰
මේ සිදුවීම මේ වන විට ලොව පුරා වෛරල් වී ඇති අතර, සමහරුන් මෙය "ආදරයේ නිර්භීතම යෝජනාව" ලෙස හඳුන්වන අතර, තවත් පිරිසක් මෙය "නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කළ ක්‍රියාවක්" ලෙස විවේචනය කරනවා
💬 ඔබේ අදහස මොකක්ද?
❤️ ආදරය වෙනුවෙන් කළ අමතක නොවන මොහොතක්ද?
😮 නැත්නම් නීතිය කඩ කළ භයානක ක්‍රියාවක්ද?
සටහන: මෙම සිද්ධියේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ විවාහ යෝජනාව කළ නිසා නොව, තහනම් ප්‍රදේශයකට අනවසරයෙන් ඇතුළු වූ බවට සහ ඒ සම්බන්ධ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ චෝදනා මතයි.