Charith kusalitha

Charith kusalitha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Charith kusalitha, Digital creator, Agarapatana-Horton Plains Road, Colombo.

09/09/2025
Ben Hikers අවුරුදු 2025 සරදියෙල් ගම්මානයේ සිට...මෙවර අවුරුදු සොඳුරු මතක.. ❤❤❤❤
30/04/2025

Ben Hikers අවුරුදු 2025 සරදියෙල් ගම්මානයේ සිට...

මෙවර අවුරුදු සොඳුරු මතක.. ❤❤❤❤

# mawanella 🇱🇰 👣 #...

ලකේගල තරණයඅතිශය අවධානම් කදු තරණ අතරින් ප්‍රමුඛස්ථානයක් ගන්නා, ක්‍රියාදාම කදු තරණය කරන්නන්ගේ සිහිනයක් වන ලකේගල, මීමුරේ ගම...
13/10/2024

ලකේගල තරණය

අතිශය අවධානම් කදු තරණ අතරින් ප්‍රමුඛස්ථානයක් ගන්නා, ක්‍රියාදාම කදු තරණය කරන්නන්ගේ සිහිනයක් වන ලකේගල, මීමුරේ ගම්මානයේ උතුරු කෙලවරේ දැවන්තයකු ලෙස නැගී සිටී . කොළඹ සිට කිලෝමීටර් 175 ක් පමණ දුරින් පිහිටා ඇති මෙම පර්වතය මීටර් 1,310ක් පමණ උස වන අතර නකල්ස් කඳුවැටියේ පිහිටා ඇත.

ලකේගල යන නම ව්‍යුත්පන්න වී ඇත්තේ "එළක්කේ ගල" යන සිංහල යෙදුමෙන් වන අතර එහි තේරුම ඉලක්ක පර්වතයයි. රාවණා රජුගේ රාජධානියේ අගනුවර පිහිටියේ මෙම පර්වතය වටා බව ජනප්‍රවාදයේ සඳහන් වේ. රාවණා රජු ලකේගල පර්වතය සහ හිරු උදාව සහ හිරු බැස යෑම අතර ඇති සම්බන්ධය අනුව මෙම රාජධානිය සඳහා කාලය ගණනය කිරීමට උපකරණයක් ලෙස භාවිතා කළ බව ද කියනු ලැබේ. රාවණා රජුගේ හමුදාවේ මුරගලක් ලෙසද ලකේගල කටයුතු කර ඇත. භූගෝලීය වශයෙන්, මෙය රාවණාගේ නගරයේ උතුරු ප්රදේශයේ උසම කොටසයි. රාවණාගේ රාජධානිය ඔහුගේ සොහොයුරිය වන සුපර්ණාකා පාලනය කළ දණ්ඩකාරණ්‍ය වනාන්තරය ඇතුළු දක්ෂිණ භාරතයේ විශාල කොටසක් ආවරණය කරමින් ලංකා වෙරළෙන් ඔබ්බට පවා ව්‍යාප්ත වී ඇතැයි සැලකේ. රාවණාට රාමගේ ආකර්ශනීය රැජින වූ සීතා හමුවූයේ මෙම වනාන්තරයේදී බව පැවසේ.

The Resplendent Rock", "The Rock of Lanka" හෝ "The Target Rock", ලංකාගිරි, ලග්ගල, සමුද්‍රාමාලය හෝ සමුද්‍රගිරි යනු විවිධ පුද්ගලයන් විසින් විවිධ කාලවලදී මෙම පර්වතය හැදින්වූ නාමයන්ය. පාලි වංශකථාවේ එය ලංකාපබ්බත ලෙස හැඳින්වේ.
මහාචාර්ය එස්.පරණවිතාන සිය 'දෙවියන්ගේ ඇඩම්ස්පීක්' කෘතියේ එය ලංකාගිරි, එනම් ලංකා පර්වතය ලෙස හඳුනාගෙන ඇත. ජනප්‍රවාදයේ සඳහන් වන්නේ මෙම දූපතට ලංකා යන නම ලැබුණේ මෙම පර්වතයට නිසා බවයි. මෙම පර්වතය හැඳින්වීමට ලක්ගල සහ ලග්ගල යන නම් ද භාවිතා වේ. ලකේගල, ලක්ගල සහ ලග්ගල යන වචන තුනම අලංකාර හෝ පැහැපත් පාෂාණ යන්නෙන් අදහස් කෙරේ. ගම්මානයේ මිනිසුන්ට අනුව ලකේගල අර්ථය පැහැපත් පර්වතය යන්නයි.
පිහිටා ඇති රට අනුව නම් කර ඇති මුළු ලෝකයේම එකම පර්වතය ලෙස ද මෙය හැදින්වේ. පැහැදිලි දිනයක මෙම කඳු මුදුනේ සිට නැඟෙනහිර මුහුද ද දැකිය හැකිය. මුහුද පෙනෙන කන්ද යන අරුතින් පුරාණ ජනයා මෙය සමුද්‍රාමාලය ලෙස හදුන්වා ඇති බව අනුමාන කල හැකිය.

සමහර ප්‍රකට විද්වතුන් විශ්වාස කරන්නේ බුදුරජාණන් වහන්සේ තුන්වැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේදී උන්වහන්සේගේ පා ​​සටහන මෙම පර්වතය මත තැබූ බවයි. වාල්මිකි රාමායණයේ සඳහන් වන්නේ රාවණාගේ වාසභූමිය මෙම කඳු මුදුනේ තිබූ බවත් ඔහුගේ අගනුවර ලංකාපුරය ඒ අවට පිහිටි බවත්ය . ලංකාවතාර සූත්‍රයට අනුව බුදුන් වහන්සේ තෙවැනි ලංකාගමනයේදී ලංකාමාලයට (ලකේගලට) වැඩම කර ලංකාපුරයේ පිහිටි සමුද්‍රාමාලය මුදුනේ දී ලක්දිව යක්ෂ අධිපති රාවණාට ලංකාවතාර සූත්‍රය දේශනා කළහ.

ක්‍රි.ව. හත්වන සියවසේ චීන සංචාරකයෙකු වූ Huen Tsien ප්‍රකාශ කර ඇත්තේ මෙම දිවයිනේ ගිනිකොන දෙසින් පිහිටි ලංකාපබ්බතය ඇති බවත්, මෙම කන්දේ දී බුදුන් වහන්සේ ලංකාවතාර සූත්‍රය දේශනා කළ බවත්ය. තවද, ෆාහියන් (ක්‍රි.ව. 411) ට අනුව බුදුන් වහන්සේ ස්ථාන දෙකක සිය පා සටහන තැබූ අතර, එකක් එවකට අගනුවර වූ අනුරාධපුරයට උතුරින් සහ අනෙක අනුරාධපුරයට දකුණින් ලීග පහළොවක් එපිටින් පිහිටි කඳු මුදුනක ය. ඇතැම් බලධාරීන් ලකේගල මෙම දෙවන පා සටහන තැබූ කන්ද ලෙස හඳුනාගෙන ඇත.

මෙම කන්ද ගැන ලියූ පළමු යුරෝපීයයා 1832 දී මේජර් ෆෝබ්ස් ය. ඔහු මෙම කඳු මුදුන තරණය කිරීමට අසාර්ථක උත්සාහයක් ගෙන බටහිර පැත්තේ (මිරියගොල්ල) කඳු පාමුල රාත්‍රියේ කඳවුරු බැඳගෙන පසුදා උදෑසන මාතලේ බලා පිටත්ව ගොස් ඇත. ඔහු සිය සුප්‍රසිද්ධ ග්‍රන්ථයේ 11 Years in Ceylon (P 101) හි මෙම පර්වතය සහ මීමුරේ පිළිබඳ රසවත් වාර්තාවක් තබා ඇත.

ලකේගල තරණය කළ පළමු සුදු ජාතිකයා මහනුවර යටත් විජිත දිසාපති ඩයිසන් ය. ඔහු 1943 දී ලකේගල තරණය කර ඇත්තේ ගැමියන්ගේ සහය ඇතුවය. මෙම කන්ද තරණය කිරීමට වසරේ හොඳම කාලය අගෝස්තු සහ සැප්තැම්බර් මුල වේ. අගෝස්තු මාසයට පෙර දැඩි නිරිතදිග මෝසම් සුළං මගින් ගසාගෙන යන අතර ඊසානදිග මෝසම් ආරම්භයට පෙර ක්‍රියාකාරී වන සංවහන ක්‍රියාකාරකම් හේතුවෙන් සැප්තැම්බර් මැදින් පසු අහස පැහැදිලි නොවේ.

පුරාණයේ ගමේ තරුණියකගේ අත ගැනීමට විධිමත් ලෙස සුදුසුකම් ලැබීමට පෙර සෑම තරුණයකුම මෙම කඳු මුදුන තරණය කළ යුතු සම්ප්‍රදායක් ද මේ ගම්මානයේ පවතී. ගම්වැසියන් මෙම කඳු නැගීම සලකන්නේ නිර්භීතකමේ සහ ධෛර්යයේ සලකුණක් ලෙසය. මක්නිසාද යත් යමෙකු මෙම වික්‍රමය උත්සාහ කිරීමට පෙර ඔවුන් ප්‍රථමයෙන් ගමේ දේවාලයට (දෙවියන්ගේ මාලිගාව) ගොස් ප්‍රදේශයේ නායක දෙවිවරුන්ගෙන් අවසරය හා ආශිර්වාදය ලබා ගැනීම සිරිත සහ අනිවාර්යය වේ. එය ආරක්ෂිත සහ පහසු නැගීමක් සහ කිසිදු අවාසනාවකින් තොරව ආපසු පැමිණීම සහතික කරයි. එසේම කඳු නගින්නන් බැසීමේදී ද දේවාලයට පැමිණ ස්තුති කිරීම සිරිතකි.

එපිට කොනට කලුපහනේ කැලේයා...
මෙපිට කොනට ලග්ගල මීමුරේයා...
දෙසිය දෙකක් උස ඇති ගොම්බරේයා...
සොදයි පරකාස ලක මීමුරේයා...
ගලේ උස බෝය ගල උස බලන්නට...
ගලේ වට බෝය ගලවට දුවන්නට...
සිකේ බැරිය පද කරලා කියන්නට...
ලකේගල සොදයි දාගැබ බදින්නට...

🍂සමාජමාධ්‍යජාලා හා වෙබ් අඩවි වල පළවූ ලිපි ඇසුරෙන් 😇

ලකේගල ගමන මගේ එක හීනයක් වගේ. අවුරුදු 4ක 5ක ඉදන් FB එකේ තිබුන ෆොටෝස් එහෙම දැකල පට්ට ආසාවකින් හිටිය ගමනක්. 2021 වගේ ඉදන් ගයිඩ් කෙනෙක්ට කතා කරලා ප්ලෑන් කරත් වැස්සයි යන අයගේ එක එක හේතු නිසා ගමන කල් ගියා.මේ පාර මම සෙට් උනේ නිකා අදුරන සෙට් එකක් ප්ලැන් කරපු ගමනක් යන්න. ගමන ප්ලැන් උනේ මීමුරේ ලකේගල, නාරන්ගමුව ලකේගල, කෝමලැවේ ගල 3ම නැගල නාරන්ගමුව ගමට සේන්දු වෙන්න. ලෝන්ග් වීකෙන්ඩ් එකේ සෙනසුරාදා උදේ පාන්දරම මම ගෙදරින් පිටත් උනේ කොටුවට 7 වෙනකොට ඉන්න. මම යද්දී 7.30. එතකොට නිකායි, බුද්ධිමාලුයි CTB ස්ටෑන්ඩ් එකේ. 7.45 ට තිබ්බ ස්පෙෂල් train එක මිස් වුනේ අපි කලින් දැනගෙන හිට්යේ නැති නිසා. 7.50 ට කොටුවෙන් අද්දපු මහනුවර බස් එකේ නැගල නුවරට යනකොට 1ට ලගයී. පස්යාල, කඩුගන්නාව හරියේ පාර හදන නිසා පට්ට traffic එකක් සෙට් උනේ.
හන්වැල්ලේ ඉදන් අපු තිලිණයි, රෝෂනුයි අපිට කලින් නුවර ඇවිල්ල ඕනේ කරන බඩු ටික ගන්න ගමන් හිටියේ. බඩු ගන්න පරක්කු උන නිසා බිබිල, අම්පාර, මහියන්ගනේ යන බස් 3ම මිස් වෙලා අපිට යන්න උනේ කලුගලට යන බස් එකේ, කොට කොට.

5 දෙනා එක්කම හුන්නස්ගිරියෙන් බහිද්දී 3ට ලගයි. එතනින් අපි කතා කරගත්ත බොලෙරෝ එකට නැග්ගේ පහල තිබ්බ කඩෙන් කෑම පාර්සල් ටිකත් අරගෙන. කැබ් එකේ අයිය කිව්වේ ටිකට් ගන්න තැනට ගිහින් කෑම ටික කමු කියල. ගම පැත්තට යන මාම කෙනෙකුත් ඉස්සරහින් දාගෙන අපි පස් දෙනා බෑග් මලු ටිකත් දාලා වාඩි වුනේ වටේ තියන වීව් එක බලාගෙන රෑ වෙන්න කලින් ගමට යන්න.ටිකට් කවුන්ටරේ ගාවින් කාලා , ටිකට් ටිකත් අරන් රෑ වෙන්න කලින් පිටත් වුනේ තව පැය එකහමාරක් විතර යන්න වෙනව කිව්ව නිසා. එතන තිබ්බ පුංචි ලෝකාන්තයකුත් මිස් කරගත්තේ ටයිම් නැති නිසා. මී මුරේට යන පාරේ ක්ලයිමේට් එක ගමට වඩා වෙනස්. පාර දිගටම හීන් පොදක් යනව. සීතල හුලගක් එක්ක. ඒත් අපිට ඈතින් ගමට ඉර එලිය වැටිල තියනව පේනව. නම් දන්න නොදන්න කදු හෙල් සියගානක් පහු ක⁣රගෙන ගමට ලං වෙනකොට 5ට විතර ඇති.
ඊට පස්සේ අපි බඩු ටිකත් බාගෙන. ඉඩ තියන විදියට බෑග් වලට ඉතුරු බඩු ටික දාගෙන ගයිඩ් අය්යත් එක්ක ලෑස්ති වුනේ පලවෙනි දවසේ රෑ ලකේගල පාමුල තියන ගල්පොත්තේ නතර වෙන්න යන්න. ගයිඩ් අයියට කියල සෙට් කරගත්ත කෑම පාර්සල් ටිකයි අනිත් බඩු ටිකයි අරගත්ත අපි ගමෙන කැලෑ වදිනකොට කලුවර වැටෙන්නත් පටන් අරන්. කාලෙකින් තොහෙවත් ගියේ නැති නිසා. හිමින් හිමින් නැවති නැවති ගල්පොත්තට යනකොට රැ 8ට විතර ඇති. 3.5km එන්න අපිට පැය දෙකහමාරක් විතර ගියා. හොදටම දාඩිය දාගෙන ආපු අපි බලාපොරොත්තු වුනේ වතුර අඩු වු⁣නත් කප් එකකට හරි අරගෙන නාන්න පුලුවන් තරම් වතුර පාරක් ඇති කියල වුනත් චූ කරනව වගේ වතුර පාරක් විතරයි තියෙන්නේ කියල දැක්ක ගමං බලාපොරොත්තු ඔක්කොම සුනේ සුන්.
බොන්න උයන්න හට්ටි මුට්ටි හෝදන්න ඔක්කොම කරන්න තියෙන්නේ මේ වතුර පාර නිසා අපි මුලින්ම ලීටර් 5 කෑන් වලට වතුර පුරවගෙන ඊට පස්සේ පොඩි පොඩි බෝතල් හැම එකක්ම පුරවගත්ත. ඒ ගමන්ම රෑ කෑම එකත් ගිලල කලින් නිදාගන්න ලෑස්ති වුනේ ඊලග දවසේ උදේ පාන්දර 4ට ඇහැරිලා 5ටවත් එතනින් යන බලාපොරොත්තුවෙන්. ගල් තලාවට පේන වීව් එකනම් මාරයි. අහසේ චඋටි චූටියට තරු දාස් ගානක්. ඒ අස්සේ ප්ලේන් 4-ක් 5ක් එක්ක ජෙට් එකකුත් ගියා. දමහර වෙලාවට පට්ට වේගෙන් හුලන් පාරක් හමාගෙන ගියත් වැහැ පොදක්නම් පේන තෙක් මානෙක.නැ ගල් තලාවට dialog,mobitel සිග්නල් හොදට තිබුනා. සමහර වෙලිවට 4g සිග්නලුත් එනව යනව. ඔය අතරේ කට්ටිය ආතල් එකේ නිදාගත්තත් ගල් තලාවට අරක්ගත්ත කූබි සෙට් එකක් හැමෝගෙම නින්දට බාධා කරමින් තිබුනා. ගයිඩ් අයියටවත් ඉන්න බැරි තරමට කූබි ඇගේ දුවන්න ගත්තත්. තිලිණයි , රෝෂනුයි , බුද්ධිමාල්ගේ ටේන්ට් එක නිකන් දිගඇරල ඒකට බැහැල සැපට නිදි. නිකා ස්ලීපින්ග් බෑග් එක දාගත්තත් උටත් කූබි ඇටැක් කර කර තමයි හිටියේ. මමයි බුද්ධිමාලුයි මගේ ටෙන්ට් එක නිකන් දිග ඇරල ඒක ඇතුලට බැස්සත් මට ගොඩක් වෙලා යනකන් නින්ද අහලකටවත් ආවේ නැත්තේ ඒත් කූබින්ගේ කරදරේ ටිකක් තිබුන නිසයි.

මමයි බුද්ධිමාලුයි එලාම් තියාගෙන 4ට ඇහැරුනා.
විනාඩි දහයක් විතර එහෙම්ම ඉදලා බෝතල් වල වතුර වලින් නුූඩ්ල්ස් ටික හදන්න පටන් ගත්ත. ලිප් දෙකක් තිබුන නිසා වැඩේ ලේසි. අනිත් වුන් ටිකත් ඇහැරවල කාලා බීලා පරිසරයට විනාඩි දෙක තුනකුත් වෙන් කරල එතනින් යන්න පටන් ගන්නකොට 6.15යි. කමක් නැ 4ට නැගිට්ට නිසා මේ වෙලාවට හරි යන්න පුලුවන් වුනානේ කියල හිත හදාගෙන ගමන පටන් ගත්තේ බෑග් ටිකත් කැලෑවේ හංගල, ඕන කරන බඩු ටික විතරක් හැමෝගෙම පොඩි පොඩි බෑග්වල දාගෙන. තව ලීටර් 5 කෑන් එකකුත් ගත්ත ගල පහලට අරන් යන්න. වටේ කදු වලට ඉර එලිය වැටිල හොදටම එලිය වැටිල. ගල් පොත්තේ ඉදල කිලෝමීටර් 1.5ක් විතර ගියහහ අපි ගල පාමුල. අපි නැවතිල හිටපු ගල් තලාවේ ඉදන් ලකේගල කබ දාන තැනට එන්න තියන පාර ටිකක් නැග්මක් එක්ක තියන එකක්. මහන්සි වැඩි. එතනට යනකොට උදේ 8ට ලගයි. වතුර ටිකක් බීලා මම පොඩ්ඩක් ඉස්සර වුනේ ගල දිගේ තනියම උඩ යන්න පුලුවන් ද කියල බලන්න. ලකේගල නගින්න මුලින්ම ආසාවක් ආවත්, ටික දෙනෙක් කබ නැතුව නැගල තිබුන නිසා මටත් එහෙම ට්‍රයි කරන්න ලොකු ආසාවක් තිබ්බ. කුරුල්ලන්ගල, කුවේනිගල කබ නැතුව ගියපු නිසා මේකේ ස්ලෝප් එක දැක්කම ලොකු අවුලක් නැ කියල හිතුන හින්ද සෙරෙප්පු දෙක අත් දෙකට දාගෙන සයිඩ් බැග් එකත් දාගෙන හිමිට හිමිට ගල නගින්න පටන් ගත්ත. නගිනකොට ලොකු අමාරුවක් නැ. මගේ පස්සෙන් බුද්දිමාලුත් ගල නගින්න පටන් ගත්ත. ගලේ උඩට වෙන්න නගින්න අමාරු හරියක් සෙට් වෙන හින්ද ගයිඩ් අයිය එනකන් එතනට වෙලා ටිකක් හිටියේ , අයිය වන විදිය බලාගෙන මටත් ඒ විදියට ඉතුරු ටික බඩගාගන්න පුලුවන් නිසයි. කොහොමහරි කඹේත් ඉනේ ගැට ගහගෙන අපි ගෙදර යන වගේ අසංක, අපේ ගයිඩ් අයිය ලකේගල නැගල මාවත් පහුකරගෙන ගියා. එයා කකුල තියපු විදිය බලාගෙන ලකේගල අමාරුම තැනත් ගොඩදාගෙන අසංක අයියව පහු කරගෙන මම උඩට ගියේ පොඩි වාඩියක් දාන්න. ගලේ විදල තියන හුක් වලට අසංක අයිය කබේ දාලා අනිත් එනකන් මම එතන උඩට වෙලා හිටිය. මුලින්ම බුද්ධිමාල් ඇවිල්ල අනිත්.අය එනකන් drone shot ටිකක් ගත්ත. හැමෝම එතනට ආවට පස්සේ ආපහු අපිට තිබුනේ පොඩි කැලැ කුට්ටියක් අස්සෙන් ලකේගල කොඩිය ගහල තියන තැනට යන්න.අපිට පිටිපස්සෙන් ආපු රොෂන්ටනම් කුණකටුවෙකුත් මුන ගැහිල තිබුනා.

ලකේගල කොඩිය ගහල තියන තරනට ආවම. මීමුරේ ගම හොදට පේනව. සමහර වෙලාවට dialog, mobitel 4G සිග්නලුත් අහුවෙනව. හැබැයි එතනට 360° වීව් එකක් පේන්නෙනනම් නැ. එතනනින් උඩහටත් වේලිල ගියපු පොඩි ලදු කැලෑවක් තියනව. අපි සෙට් ඒකෙත් මැදින් ගිහින් කන්දේ අනිත් පැත්තට ගියේ නාරංගමුව ලකේගල බලන්න. පට්ට ලස්සන විව් එකක්. ඉ⁣ඩෝරෙට අහුවුන නාරංගමුව ලකේගල මුදුනේ තියන තණකොළ යායම හොද හුලගක් හමනකොට ලතාවකට ලෙලදෙනව. නමක් කියන්න දන්නේ නැති කදු යායක් ඇතින් පේනව. කොහොමින් කොහොමහරි අසංක අයියයි බුද්ධිමාලුයි නාරංගමුව ලකේ පේන පැත්තේ බෑවුමටත් මගක් දුර බැස්සා. ඒ අතරේ අපි ටික ආපහු කොඩිය ගහල තියන තැනට ගිහින් ඉදල ඒ දෙන්නත් ආවහම ආපහු පල්ලම් බහින්න ගත්ත. ගැම්මෙන් නැග්ග වගේ නෙවෙයි බහින්න ගියහම. 80°ක් විතර තියන බෑවුමේ බහිනව කිව්වම පිස්සු හැදෙනව. උඩම ගලේ තිබ්බ යකඩ කූඤ්ඤේට දාලා තිබ්බ ලනුව අසංක අයිය උඩට අරන් ගැට ගහල තිබ්බ. ඒක අල්ලගෙන ඩබල් එකේ බැහැල කට්ටයම එතනට ආවට පස්සේ අසංක අයිය කබේ ආපහු පහලට එල්ලෙන්න දැම්ම. ඒක නිකන්ම නිකන් කොහු ලනුවක් නිසා ඒකට බර නොදි ඒක ලාවට අල්ලගෙන අසංක අයිය දාපු කබේ තියන තැනට ආපු මම ලොකු අමාරුවක් නැතුව ලකේගල පැල්ම බැස්ස. එකතැනක විතරක් දාලා තියන කබේ අල්ලගත්තත් ඉතුරු ටික අවුලක් වුනේ නැ. හැබැයි අපේ අනිත් සෙට් එකනම් හානස් එක දාලා තමයි ගලේ උඩම ටික බැස්සේ.

මම බැහැල ටික වෙලාවකට පස්සේ තමයි බුද්ධිමාල් බැස්සේ. අපි දෙන්න කතා වුනේ පහලට ගිහින් දවල්ට උයන්න අනිත් අය එනකන්. එතකොට අපිට නාරංගමුව සයිඩ් එකට යන්න ටයිම් එක ඉතුරු වෙන නිසා. අසංක අයියට අපි යනව කියල ඩබල් එකේ පහලට බහිනකොට ගමේ ඉදන් ආපු තව සෙට් එකක් හම්බුනා මගදි. එතන විනාඩි පහක් විතර ඉදල අපි දෙන්න ආයෙත් ගමන පටන් ගත්ත. මටනම් ඒ ටික මාර අමාරු වුනා සෙරෙප්පු දෙක විතරක් දාගෙන බැහැපු නිසා. කොහොමහරි පැයකට වඩා අඩු කාලෙකින් බැහැල මමයි බුද්ධිමාලුයි උයන්න ගත්ත. හාල් ටික හෝදල අලයි සෝයාමීටුයි එකට දාලා තමයි හදන්න හිටියේ. පැයක් විතර ගියත් අනිත් සෙට් එක නැති නිසා කෝල් එකක් දෙනකොට තමයි ඒ අය මග එනව කියල කිව්වේ. කොහොමහරි මුලින්ම රෝෂන් ආවා. ඒත් අනිත් දෙන්න තාම නැ. රෝෂන් ඇවිත් සෝයාමීට් එක හදල ලිපේ තියල අනිත් දෙන්න ආවහම කන්න ලෑස්ති වුනා. හොදම ආතල් එක තමයි අන්තිමට ආපු දෙන්නට නාරංගමුවේ යන එක අමාරුයි කියල කිව්ව එක. හොදට ඩල් වෙලා හිටපු නිසා නාරංගමුවේ යන එක නතර කරලා ආපහු ගමට යන්න තමයි කට්ටිය කතා වුනේ. කාලා බීලා හවස 4.30ට විතර තමයි අපි ගමට යන්න පිටත් වුනේ.

හැමෝටම පට්ට මහන්සි. දවස් දෙකකින් ඇගක් පතක් හෝදල නැ. අසංක අයිය කිව්වේ ගමේ තැනකින් නාගමු කියල. කොහොමහරි ගමට සම්ප්‍රාප්ත වෙලා උනු උනු තේ එකකුත් බිලා හයට විතර නාන තැනට එනකොටත් නාන තැන්වල ටික ටික සෙනග. පායන කාලේ නිසා වතුරත් අඩුයි. කොහොමහරි එක පීල්ලකට සෙට් වෙලා කුනු ටික යන්න අතුල්ලල සබන් ටිකක් ගාලා නාගත්ත. නාවැහම දැනුනේ පට්ට සනීපයක්. දැන් ඊලග ප්‍රශ්නේ තමයි රෑට නවතින එක. සාමාන්‍යයෙන් ගමේ කොහේවත් කැම්ප් කරන්න දෙන්නැ පිටින් ඇවිල්ල. ඒත් අසංක අයිය අදුරන කෙනෙක්ට කියල අපිට කමතේ ටෙන්ට් දෙක ගහගෙන ඉන්න අවසර ගන්න පුලුවන් වුනා. කමත අයිති අයියගේ කැම්පින් සයිට් එක ඊට එහා පැත්තේ නිසා වොෂ්රෑම් යන්න ඕන වුනොත් එයාට පොඩ්ඩක් කියන්න කියල අසංක අයිය අපිට සමුදුන්න. ගොයම් කපල පෑවිල්ලට අහු වෙලා තිබ්බ කමතේ ටෙන්ට් දෙක ගහපු අපි ඊලගට පටන් ගත්තේ රෑට උයන්න. රෝෂන් උයන වැඩේට අතගහල ඉතුරු වුන අඩුම කුඩුම දාලා එලවලු බිත්තර හොදට දාපු පට්ට නූඩ්ල්ස් එකක් හැදුවා. අපි වතුර ගත්තේ කමත අයිති අයියගේ කැම්ප් සයිට් එකෙන්. දෙවනි පාර ආපහු කැම්ප් සයිට් එකට ගියේ නිකාට බොකක් සෙට් වෙලා. ඒ අතර තුරේ ඒ අයියත් එක්ක කතා කරනකොට තමයි දැනගත්තේ එයා ගුරුවරෙයක් කියල. අපි ගියපු ඉස්කෝල ගැන එහෙම එයා දැනගෙන හිටියා, සමහර මීට්වලට ලමයි එක්ක එයා අපේ පැතිවල ඇවිල්ල හිටිය. ආපහු යනකොට තමයි කිව්වේ රෑට කෑම මොනවහරි ඉතුරු වෙලා තිබුනොත් අරන් එන්නම් කියල.

රෑට කාලා සින්දුවක් දාන් කයියක් ගහන් ඉන්නකොට තමයි ඇටිකිච්චෝ සෙට් එකක් අපිට ගේම දෙන්න ආවේ. බුද්ධිමාල්ලගේ ටෙන්ට් එක ඇතුලටත් කීප දෙනෙක් රිංගල තිබ්බ. දිග කකුල් වලින් පනින නිසා දොර ඇරල තිබ්බොත් කෙලින්ම ඇතුලේ. ඇගටත් පැනල චූ කරල යන නිසා වදයක් වෙලා තිබ්බේ. ඒ අස්සේ වැලි මැක්කෝ එහෙමත් එකෙක් දෙන්නෙත් සෙට් වුනා. ඒ අතර තුරේ තමයිි අපිට කමතේ නවතින්න දුන්න අයිය ඉතුරු වුන නුඩ්ල්ස් ටිකත් අරගෙන අපි ඉන්න තැනට ආවේ. අපිත් බඩ පිරෙන්න නූඩ්ල්ස් කාපු නිසා කනගාටුවෙන් වුනත් ඒ කෑම ටික එපා කියන්න වුනා. එතකොට සෙට් වෙලා කයියක් ගහන් ඉන්නකොට තමයි ලකේගල ගැන එක එක කතා දැනගන්න හම්බුනේ. ලකේගල ගිහින් මැරිල තියන එකම මනුස්සයගේ කතාවත් අපිට කියල අපෙන් සමුගන්නකොට කමතට ටික ටික හුලං පාරක් එන්න පටන් අරන් තිබුනා. ටෙන්ට් වලටත් හොද හුලං පාරක් වැදුනා. ඒ අතර නිකා මට කිව්වේ අපි උදේ 5 බස් එකේ යමු කියල. තිළිණ නම් 10.30 බස් එ⁣කේ යනව කිව්ව. රෝෂන් නස් බුද්ධිමාල් එක්ක දියකැරැල්ල ඇලි හත පැත්තේ රවුමක් ගහල හවස් වෙලා ගමෙන් යනව කිව්ව. 4ට එලාම් තියාගෙන පාන්දර නැගිට්ට මමයි නිකයි ටෙන්ට් එක ගලවල බඩු පැක් කරන් අනිත් තුන්දෙනාට සමුදිලා එතනින් යනකොට 4.30යි. පාරක් පේන්න නැති වුනත් දකුනු අත පැත්තට දිගටම ගියාහම ගමේ පාරට වැටුනා. එතන ඉදන් විනාඩි පහක දුරින් ඉස්කෝලේ පහලට තමයි බස් එක එන්නේ. හරියට පහට ආපු බස් එක 5.10ට ගමෙන් ගියා. මේන් රෝඩ් ඇවිල්ල නුවර යන බස් එකක නැගල නුවරින් බැස්සහම කකුල් දෙක ලොක් වෙලා දෙන්නගෙම. අපිට පුරුදු කඩෙන් උදේට ඉදියාප්ප ටිකකුත් කාලා (මම 25යි නිකා 5යි) එතනින්ම කොළඹ යන AC බස් එකේ නැග්ගේ සැප නින්දක් දාගෙන යන්න. හරියටම පැය තුනහමාරකින් කොළඹට ආපු අපි දෙන්න දෙපැත්තට ගියේ තවත් කන්දකින් හමුවෙන බලාපොරාත්තුවෙන්.

✍🏻 කතෘ අයිතිය Pasan Abeykoon

Drone footage 👉🏻 Buddhimal Gunasekara, pasan abeykoon

🎥 https://youtu.be/LnXYXc_SuT0?si=HnQYB68ZaF2GSk_B

හොරු සමග වැවතැන්නේ අවුරුදු  🥳
06/05/2024

හොරු සමග වැවතැන්නේ අවුරුදු 🥳

🇱🇰 👣 ...

06/03/2024

🇱🇰 👣 ...

පලා පඳුරු මැඩියා (Leaf-nesting shrub frog)Leaf-nesting shrub frog විද්‍යාත්මක නාමය : Pseudophilautus femoralisඅර්ධ ශුෂ්ක...
24/02/2024

පලා පඳුරු මැඩියා (Leaf-nesting shrub frog)

Leaf-nesting shrub frog
විද්‍යාත්මක නාමය : Pseudophilautus femoralis

අර්ධ ශුෂ්ක කලාපයේ හා තෙත් කඳුකර වනාන්තර වල දැකිය හැක. මොවුන්ගේ වාසස්ථාන අහිමි වීම නිසාවෙන් තර්ජනයට ලක්ව සිටින ඒක දේශික සත්ත්ව විශේෂයකි. පිණි වැටෙන උදය කා‍ලසේ දක්නට හැකි මොවුන්ගේ පිරිමි සතුන් බොහෝ විට හඬ නගන්නේ ශාක පත්‍ර වල යට පැත්තේ එල්ලී ගෙනයි. දැනට වාර්තාගත දත්ත අනුව එවැනි චර්යාවක් දක්වන ශ්‍රී ලංකාවෙ වෙසෙන එකම උභයජීවී විශේෂයද වන්නේද පලා පඳුරු මැඩියන්මය.

පරිසරයේ සිදුවන කුඩා වෙනස්වීම් වලට පවා සංවේදී මොවුන් පඳුරක පත්‍ර යට පැත්තේ බිත්තර දැමීම සිදු කරයි. බිත්තර දැමීම මැයි සැප්තැම්බර් කාලයේදී එනම් නිරිතදිග මෝසම් සමයේදී සිදු කරයි. වරකදී බිත්තර 7-22ක් පමණ දමයි.
බිත්තර දැමීමේදී පිරිමි සතා ගැහැණු සත්ත්වයා මත සිට බිත්තර සියල්ල දමා අවසන් වන තුරු ගැහැණු සත්ත්වයාව තද කරයි. අවසාන බිත්තරය දැමූ පසු පිරිමි සතා ඉවත්ව යන අතර ගැහැණු සතා සියලු බිත්තර එකට අලවා කූඩුව සෑදීම සිදු කරයි. කූඩුව සාදන්නේ ඔවුන්ගෙන් නිකුත්වන ස්‍රාවයකිනි. පැය 1-3 පමණ කාලයක් ‍හොඳින් බිත්තර ආරක්‍ෂාකාරී ලෙස සකස් කර ගැහැණු සතා ඉවත්වේ.

මොවුන්ගේ ඉස්ගෙඩියන් ලෙස අවධියක් නොමැති අතර කෙලින්ම පැටවුන් බිහිවේ. විවිධ ජීවී අවධි අපට පිටත සිට බලාගත හැකි වීමත් විශේෂ කරුණක් ලෙස සැලකිය හැක. දින 37-49ක් අතර කාලයේ කලු දුඹුරු පැහැති පැටවන් එලියට පැමිණේ. ක්‍ෂණිකව බිමට වැටෙන ඔවුන් පසුව නැවතත් පඳුර වෙත බඩගෑමට සමත්වේ. මොවුන්ගේ පැටවුන් හා වැඩිහිටියන් සියල්ල පඳුරු මත ජීවත්වේ.

✍🏻 කතෘ අයිතිය - සුලා (sula)

03/02/2024

උදේම තේවතු මැදින් 🖤

| කුණුදියපර්වතය (KDP) | කුණුදියපව්ව | කුලුදියපව්ව|ක්‍රියාදාම කදු තරණයේ පරිනත බව උරඟා බැලියහැකි මීටර් 1850ක් පමණ උසින් යු...
28/01/2024

| කුණුදියපර්වතය (KDP) | කුණුදියපව්ව | කුලුදියපව්ව|

ක්‍රියාදාම කදු තරණයේ පරිනත බව උරඟා බැලියහැකි මීටර් 1850ක් පමණ උසින් යුත් වලාකුලු අතර නිරතුරු සැගවී සිටින ලංකාවේ අතිශය දුෂ්කර හා අතිශය අවධානම් කදු තරණ අතරින් මූලිකත්වය ගන්නා තරණයක් ලෙස හැදින්වෙන කුණුදිය පව්ව, කුරුවිට හා පලාබද්දල සිරිපා මාර්ග දෙකට මැදිව වැජඹෙන අයුරු සිරිපා කරුණාවේ මහගිරිදඹ ආසන්නයට වත්ම මනාවට දැකගත හැකිවේ.
5-6Km ක් වැනි ඉතා කෙටි දුරක් වුවත් නිශ්චිත මාර්ගයක් නොමැති නිසා ගමන සැබවින්ම දුෂ්කර වේ. මං සලකුනු ඔස්සේ නිශ්චිත ගමන්මග සොයාගත නොහැකි වුවහොත් තරණය කිරීමට නොහැකි ප්‍රපාත, ගල් බිත්ති හමුවීමෙන් හෝ කඹ යෙදීමට සිදුවීමෙන් ගමන බිහිසුනු වන්නට වුවද හැකිවේ. සමනල රක්ෂිතයේ ඝන වන වැස්ම තුලින් දියපහරක් දිගේ ගමන් කිරීමට සිදුවන නිසාත්, අංශක 80ක් වැනි කෙලින් අතට ඇති හෙල් තරණය කිරීමට ඇති නිසාත්, අලි, කොටි සර්පයන් හා කටු කිතුල් වැනි ශාක වලින් සිදුවිය හැකි හානියත් මතකයේ තබාගෙන යා යුතු ගමනකි.

ශ්‍රී පාදයට පෙනෙනා සීගිරිය, බතලේගල වැනි කන්දක් වේනම් එය කුනුදිය පව්වයි. සමන් දෙවියන් විසින් බුදුහිමියන්ට පළමු වර සිරිපතුල පිහිටවිමට ආරාධනාකල ස්ථානය ලෙස මෙය ජනප්‍රවාදයේ සදහන් වෙයි. නමුත් කදු මුදුනේ මැරී කුනු වී සිටින ගැරඩියකුගේ මලකුනක් තිබිම නිසා සිරිපතුල පිහිටුවීමට සුදුසු නැති බවට තීරනය කර ඇත. තවද නිරන්තරයෙන් සුළගටත් මීදුමටත් නතුව පවතින නිසා නිරතුරුව ජලය ගලාගෙන ඒම නිසා කුළුදිය පව්ව ලෙසද හදුන්වයි.

ශ්‍රීපාදය, බැන සමනල, පැදුරුතලාගල, මහ පැදුරුතලාගල, බල්ලන්බැදිගල, සප්තකන්‍යා, ගවරවිල, ධර්මරාජගල, දෙතනගල වැනි අඩවියේ කදු අතරින් කුනුදිය පර්වතයද විරාජමානව පවතී. නමින් කුනුදිය වුවත් එකදු කැලි කසලක් මෙම ගමනේදි නොදුටු අතර මෙම ගමනාන්තය දක්වා ලගවී ඇති ප්‍රමාණය අතොලොස්සකි. බොහොමයක් දෙනා ගමනේ මගදුරක් ගොස් මුදුනත සොයාගත නොහැකිව හැරී ආ අයද වෙති. සිරිපා කදු පාමුල පිහිටි එරත්න, පලාබද්දල, මලවන, ඉදුරුව මාපලාන වැනි ගැමියන් පවා පා නොතැබූ මෙහි ජාවාරම්කරුවන් නම් පා තබන බවට යම් යම් උදාහරණ දිස් වෙයි. මැණික්, දෝතලු, වල්ලපට්ට වැනි වටිනා දේ රැස් කර අලවි කිරිමට සැදීපැහැදී සිටින ජාවාරම්කරුවන්ටනම් මෙය නුපුරුදු තැනක් නොවනු ඇත.

ගමන්මග ආරම්භ වන්නේ වර්නගල දියඇල්ල ආසන්නයෙනි. එයට දකුනුපසින් ගන වනයට ඇතුල්වී, දියපහරේ ආරම්භය තෙක්ම ගමන් කිරිමත්, ඉන්පසුව කන්දේ නාරටිය දිගේ ගමන්කර වම් පසට නැඹුරුවීමෙන් පැය හතකට ආසන්න කාලයේදි ශ්‍රී පාදය දිස්වන ගල් තලාව වෙතට ලඟාවිය හැකිය. මෙයට අවතීර්න වීමට තවත් මාර්ගයක් පලාබද්දල ග්‍රාමයෙන් පවතින අතර එරත්න හෝ පලාබද්දල ගමෙන් පලපුරුදු ගැමියකු සමග පැමිණිමෙන් දිනකින් ගමන අවසන් කල අයද සිටි.

වැසි දිනවල දියපාර දිගේ ගමන් කිරීම කල නොහැකි වන අතර, වැසි රහිත කාලගුණක් සැබවින්ම යෝග්‍ය වේ. සපත්තු පැලද, අත් පා වැසෙන සේ ඇදුම් ඇද අත් ආවරණ පැලද යාමෙන් ශරීරයට සිදුවන හානි අවම කරගත හැකි අතර ගමනේ 75%ක් යනතුරු බීමට ජලය සුලබ වන අතර ඉන් පසුව කදු මුදුනේදි ඉවීමට අවශ්‍ය ජලය අන්තිම ජල මූලාශ්‍රයකින් රැගෙන යා යුතුය.

ගමනට සෙට් වුනේ මමයි පසන්, දිලන්ග මල්ලි එයාගේ යාලුවෝ තුන් දෙනෙකුයි. Offline map download කරගෙන, google earth එක රෙඩි කරගෙන බඩු ටික බෙදාගෙන ගමන යන්නයි ලැස්තිය. කලින් දවසේ දිලන්ග මල්ලිල සෙට් එක වර්ණගල අම්බලමට ගිහින් තිබ්බ නිසා මමයි පසන් කොළඹින් බස් එකට සෙට් වුනා. අපි ඇඹිලිපිටිය බස් එකට නැග්ගේ පාන්දර ඒක 5.30ට අද්දල 7.50 වගේ වෙද්දි අපි කුරුවිට. 8ට පහක් වගේ තියල අද්දපු අඩවිකන්ද බස් එකේ ගිහින් අඩවිකන්දෙන් බහිනකොට උදේ 8.40 වගේ ඇති. කාල බීලා දවල්ට කෑම තුනකුත් අරන් අඩවිකන්දෙන් උඩට නගිනකොට 9.20 වගේ ඇති. කොහොමින් කොහොමහරි අපිට පැය එකහමාරක් ගියා 2.5km ක් දුර ගෙවල වර්ණගල දියඇල්ලේ පහල ගල්තලාවට ගොඩවෙන්න. අපි එනකන් බලන් හිටපු දිලන්ග මල්ලිල එක්ක ගල් තලාවෙන් උඩට නැගල වර්ණගල දියඇල්ල ගාවට සේන්දු වෙනකොට උ⁣දේ 11ට විතර ඇති . කලින් ගියපු අයට පැය 6ක් වගේ ගිහින් තිබ්බ නිසා අපි පැය හයක් හතක් තියාගත්තේ හවස 5-5.30 වෙනකොට අපේ ටාගට් එකට යන්න කියල හිතාගෙන.

සමන් දෙවියන් සිහිකරගෙන ගන මූකලානට මැප් එකත් දාගෙන ගොඩවැදුනේ වතුර පාර දිගේ යන ගමන් මග බලාගෙන. ලංකාවේ වෙන කදු වගේ නෙවෙයි, මේකෙදිනම් පාරක් ඇත්තෙම නැ. සමහර තැන්වල ගස්වල කොටපු තැන් තිබුනත් ගස් දෙක තුනක විතරයි එහෙම එකක් තියෙන්නේ. අපි අහල දැනගත්ත විදියට අපි යන්න ඕන වතුර පාර දිගේ. ඒක නිසා වතුර පාර දිගේ හිමිට උඩට ඇදුන අපි වතුර පාර දිගේ යන්න බැරි වෙලාවට කැලේට පැනල වතුර පාරේ සද්දේ එක්ක ගිහින් ආපහු වතුර පාරට මාරු වුනා. මේ වතුර පාර ගලන්නේ කුනු දිය පව්වේ ඉදන්. අපි උඩට යනකොට පැදුරුතලාගල කන්දත් අපිට පිටිපස්සෙන් පෙනිල පෙනිලා අන්තිම හරියට එනකොට නොපෙනී යනව.
කොහොමහරි වතුර පාර බෙදෙන තැන්වලට ඇවිල්ල, වතුර පාර දිගේ අන්තිම හරිය කියන්න පුලුවන් හරියකට එනකොට වෙලාව 2.20 වගේ ඇති. එතන ඉදගෙන අපි හයදෙනා බත්මුල් තුන දෙසාබාලා. වතුර බෝතල්වලට ඔක්කොම පුරවගත්තේ උයන්නයි බොන්නයි ගන්න උඩ වතුර නැති නිසා. මේ එන ගමනේදි සෑහෙන පල්ලම් සෙට් එකක් නැගගෙන පිස්සෝ වගේ ආවත් ඒ ටික ආපහු බහින්න ඕන කියල දැනුනම තමයි නගිනවට වඩා බහින එක අමාරුයි කියල හිතට දැනෙන්නේ.

ගමන අතරමගදි අපිට මුලින්ම හම්බෙනව වයරි හාල්දණ්ඩෙක්ව. ඊට පස්සේ අපි කකුල් තියන් යන පාත් එකේම කදුකර මූකලන් තෙලිස්සෙක් සෙට් වෙනව. ඌ නම් පොඩි පැටියෙක්. තව ටික දුරක් යද්දි ලොකු තෙලිස්සෙකුත් සෙට් වෙනව. ගමනේ බාගෙකට වඩා ඉවර කරහම අපිට හම්බෙනව කුනුදිය පව්වේ පිටිපස්ස කන්දේ ඉදන් උඩට නගින්න තියන චූටි අඩි පාරක්. ඒක හොදට අඩිපාරක් විදියට පෑදීලා තියෙන්නේ පලාබද්දලින් එතනට එන පාර හැදල තියන නිසා. ඒ පාරේ කෙලින්ම පහලට බැස්සොත් පලාබද්දලට කියල තමයි දන්න අය කියල තිබ්බේ. මොනව වුනත් අපි පැය බාගයක්වගේ යද්දි ඒ පාරේ මං සලකුනු නැ. අපි ආපහු සෙට් වෙන්නේ ගන කැලැවකට. පුරුදු විදියට කැලේ පීරන් මැප් එක බලන් නිල වශයෙන් කන්ද මුදුනට එනකොට 5.15 වගේ ඇති. හැබැයි අපිට එලියක් පේන්න නැ. කන්ද මුදුනේ කියන්න පුලුවන් ගන වැස්ම ටිකක් අඩු වෙලා. කුරුගස්වලින් වටවුන කන්ද මුදුනේ මොන පැත්තට යන්නද කියල හිතාගන්න බැරුව අපි ටික වෙලාවක් හිටියා.

අන්තිමට මැප් එක දාගෙන ඒකේ පෙන්නන කුනුදිය පව්ව උඩ කැම්පින් ලොකේෂන් එක පැත්තට කැලේ පීරගෙන් යන්න කතාකරගත්ත නිසා ආපහු පල්ලම් බැහැල පල්ලම් නැගල ඉර හැංගෙන්න ඔනන මෙන්න තියල 6.30ට අපි විව් පොයින්ට් එකට ආවා. අපිට ඉස්සරහින් තියන සිරිපාදේ ව්වි එක දැක්කම හැමෝටම මහන්සිය කොහේ ගියාද දන්නැ. හරියටම පැය හතහමාරක් අපි වර්ණගල ඇල්ල ගාව ඉදල ඇවිල්ල. හැබැයි අපිට දෙයියන්ගේ පිහිටෙන් කඹ දාන්න ඕන වෙන එකම තැනක් වත් සෙට් වුනේ නැ.පැය බාගයක් විතර කට්ටිය එක්ක මහන්සි අරින ගමන් පොටෝ ගන්න ගමං තමයි කුරුවිට පලාබද්දල පාරවල් වල ලයිට් ටික පත්තු වුනේ. පෙරුම් පුරල පුරල බලාගන්න හම්බුන වීව් එකනම් පට්ට. පොටෝ ටික ගහල විඩියෝ කරගෙන 7.30ට විතර අපි උයන්න ගත්ත.

මුලින්ම තේ එකක් ගහල වැඩ පටන් අරන් පරිප්පු එක හදන්න ගත්ත. පරිප්පු සෑහෙන්න තිබ්බ වගේම ඒක ලිපෙන් බාලා ගන්නකොට අමු ඇටත් අතරින් පතර තිබ්බ.ඊලගට හැදුවේ සෝයාමීට් එක. දිලන්ග මල්ලි දන්න වැඩ දාලා ඒකත් හැදුවා. අන්තිමට තමයි ජනිත් මල්ලියි පසන් බත් එක ලිපේ තිබ්බේ. ලිප් දෙකක් තිබ්බ නිසා බාජන දෙකකට බත් එක ගැහුවා. ඒ අතරේ ඉතුරු වෙලා තිබ්බ පෙති පාන් එක සෝයා එකත් එක්ක ඉවර කරන්නත් අපි වග බලාගත්ත. බතත් පොඩ්ඩක් මෙව්ව වුනත් කෑම ටික රසට ආවා. කොහොමහරි කන්න පටන්ගන්නකොට 10 වගේ ඇති.

දෙවනි දවස

උදේ 5 ගානකට නැගිට්ටේ ඉර පායනවා බලන්න සීතලේ ගැහි ගැහි ටෙන්ට් එකෙන් එලියට බැහැල අනිත් වුන්වත් ඇහැරල සිරීපාදේ දිහා බලනකොට තමයි කහ පාටින් මුලු අහසම එලිය ⁣වීගෙන එනව පේන්න තිබ්බේ. gopro එකේ ටයිම්ස්ලැප් සෙට් කරල හැමෝම දැන් ඉර එනකන් බලන් ඉන්නව. අපිට ඉර පේන්න ගන්නකොට 7ටත් ලන් වෙලා. හැබයි ඒ වෙනකොට අපි හොද පොටෝ ටිකක් ගහගෙන තමයි තිබ්බේ. උදේට අපි ප්ලැන් කරන් හිටියේ නූඩ්ල්ස් හදන්න. ඒත් අපි ගාව තිබ්බ වතුර ඉවරයි. එකම එක ලීටරයයි හැමදේටම තිබ්බේ. යන අතරමගදි වතුර පාර සෙට් වුනහම උයමු කියල කතා වෙලා බිස්කට් ටිකක් කාලා පොටෝ ගහල රැ ඉතුරු වුන බත් එකත් එක්ක ඉතුරු වුන සෝයා පරිප්පු දාලා කාලා බීලා නවය වෙනකොට පල්ලම් බහින්න පටන් ගත්ත. කැලේ පීරන් ආවට පාරක ආවේ නැති නිසා බහින්න වෙන්නෙත් ආපු පාරෙමයි. ආපහු හැමෝම මැප් එක දාගත්ත. කන්ද උඩට 4n වලට සිග්නල් තිබ්බට මීදුමත් එක්ක ඒක ඇති නැති වෙනව.

මගේ relive map එකේ track එක record වෙන නිසා ඒකත් බලාගෙන අපි වටේ ගහපු තැන් කෙලින් කරන් යන්න කතා වෙලා තමයි හිමිට පහලට බැස්සේ. කලින් දවසේ අපි ආපු පාරවල් දිගේ වගේම අලුත් පාරවල් හදාගෙන හිමි හිමින් ඉස්සරහට ආවේ මැප් එක බලාගෙන. කොහොමින් කොහොම හරි පැය දෙකකින් වගේ අපි කලින් දවසේ කාපු තැනටත් ආවා. ඒ කියන්නේ දොල පාරේ පටන්ගැන්ම. ඒ දොල පාර දිගේම ටිකක් ඉස්සරහට ගිහින් ගල් ගුහාවක් වගේ සෙට් වෙන තැනක හැමෝම නැවතුනේ නුඩ්ල්ස් ටික හදන්න. ලිප් දෙක අරගෙන නුඩ්ල්ස් හදල කාලා බීලා වතුරත් පුරවගෙන කට්ටිය ලැස්ති වුනේ ගමනේ ඉතුරු ටික ඉවරයක් කරල දාන්න. දැන් වෙලාව දවල් 12ට විතර ඇති. අමාරුම ටික සෙට් වෙන්නේ ඊට පස්සේ. අපි ඊයේ නැගපු 80° ක වගේ ඇන්ගල් එක බහින්නම වෙනව. ගස්වල අතු අල්ලගෙන අනිත් අයගේ සපෝට් එකෙන් තමයි නැග්ගේ. ඊට වඩා අමාරුයි බහින එකනම්. කොහොමින් කොහොමහරි ලිස්ස ලිස්ස හිමින් හිමින් කට්ටියත් එක්ක එතනට බැහැල ලොකු දොලපාර දිගේම පල්ලම් බැස්සේ ඉස්සරහින් පේන පැදුරුතලාගලත් හිතේ හැටියට විදගෙනමයි.

දැන් ගමනේ අවසාන ටික. දෙතුන් පාරක් ලිස්සල වැටුන පසන් අන්තිම හරියෙත් පුක් වෙන්නම ගලක් උඩ ලිස්සල වැටුනා. කට්ටියම වරණගල පේන මානෙට ආවා. හවස තුනට විතර ඇති. කිලෝමිටර් 5ක් බැහැල පැය හයෙන්. නැග්ගට වඩා පැය එකහමාරක් කලින්. අපි ගල් තලාව දිගේ පහලට බැස්සේ නාගන්න තැනක් බලන ගමං. හැමෝම මතක තියාගන්න ඕන ගල් තලාවට ගොඩ වෙන එකම පට්ට අවධානම්. උඩට වැස්සොත් හරි, බලාගාරේ වතුර ඇරියොත් හරි ලොකු වතුර පාරක් පහලට ගලාගෙන එනව. ඒවා මුකුත් නොහිත හොදට වතුර ගලාගෙන බහින වලකින් නාලා. දවස් දෙකකින් දත් මැදලත් නැති නිසා දතුත් මැදල fish therapy එකකුත් කරගෙන තමයි අලුත් ඇදුමකට මාරු වුනේ. හැබැයි අපිට තව 3 km තියනව අඩවිකන්ද බස් එකට යන්න. බයික් එකේ ආව සම්පත් මල්ලි, රන්ජන් එක්ක අඩවිකන්දට ගියේ බයික් එ⁣කේ පහලට එන්න. ඒ අතරතුර අපි හතරදෙනා සිරිපා පාරට ගොඩවෙලා හිමිට පල්ලම් බැස්සේ අන්තිමට තියන 6.20 බස් එකට සෙට් වෙන්න. අපි පහලට බහිනකොට 5.40යි. 5.30 බස් එ⁣ක ගිහින් එතන වාඩියක් දාන් ඉදල 6.25ට අද්දපු බස් එකේ කුරුවිටට එනකොට 7ට විතර ඇති.

පට්ට බඩගිනි. දවසටම බත් කාලා නැ. ටවුන් එකෙන් කන්න හිතන් ආවත් බස් අඩු නිසා අපි ආපු බස් එකේ driver ගෙන් ඇහුවම රත්නපුරෙන් අන්තිම බස් එක පානදුරේට 7.30 කිව්ව. ඒ එක්කම එතන නැවැත්තුව අම්පාරේ එකට නැග්ගම විනාඩි 20න් දානව කිව්ව රත්නපුරට. මමයි පසන් දිලන්ග මල්ලියි ඒ බස් එකේ. ජනිත් මල්ලි අපිට කුරුවිටෙන් සමු දුන්න . මමයි පසන් රත්නපුරෙන් බහිනකොට 7.26ට වගේ ඇති. 7.40ට වගේ ආපු බස් එකෙන් මන් හොරණින් බැස්සේ පසන්ට සමුදිලා. මම එතනින් බොරලැස්ගමුවට 120 බස් එකේ නැගලා යද්දි 10ට වගේ ඇති එහෙම්ම කඩේට ගිහින් හොදට කාලා ගෙදර ගිහිලත් කෑවා (එපා කියන්න බැරිකමට)

මොනව වුනත් fitness , confidence ,වගේම land mark ගැනත් දැනුමක් තියාගෙන team එකක් විදියට පට්ට ගේමක් ගහපු ගමනක් වුනා. සමහර තැන් නගින්න තව එකෙක්ගේ සපෝට් එක නැතුවම බැරි වුනා. ගමනේ මුල ඉදන්ම සම්පත් මල්ලියි රන්ජන් මල්ලියි තමයි කැලේ පීරන් ඉස්සරහට ගියේ. අනිත් අය මැප් එක බල බල සපෝට් එක දුන්නා. සිරිපා හිමේ හැම කන්දක්ම කවදහරි ඉවර කරල දාන බලාපොරොත්තුවෙන් හැමෝම ගමන ඉවර කරේ ලගදිම මේ හා සමාන සිරිපාදේ විව් එකක් තියන තව කන්දක් උඩ මුනගැහෙන බලාපොරොත්තුවෙන්.

ගස්වැල් සත්තුන්ගේ id ටික Dilanga Madushan II

කතාව ඉස්සුවෙ Pasan Abeykoon ගෙන් හෑලී ලියන්න කම්මැලි නිසා හැබැයි මන් ටිකක් කපලා කොටලා හැදුවා.

තව එකකින් හම්බෙමු එහෙනම්.

🎥 https://youtu.be/bOH2fwBP_r8?si=okYPeQz9qIqNaVOB

යන්න ඉන්න අය බලන්නම ඕන එකක් මේක 😁
27/01/2024

යන්න ඉන්න අය බලන්නම ඕන එකක් මේක 😁

ඩයගමින් හෝටන් තැන්න හරහා ඔහියියට පයින් ගිය ගමනක්. 🇱🇰 ...

Address

Agarapatana-Horton Plains Road
Colombo

Alerts

Be the first to know and let us send you an email when Charith kusalitha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share