Girly Collection

Girly Collection Travel around the world. See the world.

කැටයමින් සහ අලංකාරවත් බවින් හෙබි දළදා මාලිගාවේ සේයාරූ කිහිපයක්.. ඉතින් හිත තවත් නිවන ශ්ද්ධාවෙන් හෙබි තැනක් නොවේද මේ .. හ...
31/12/2024

කැටයමින් සහ අලංකාරවත් බවින් හෙබි දළදා මාලිගාවේ සේයාරූ කිහිපයක්.. ඉතින් හිත තවත් නිවන ශ්ද්ධාවෙන් හෙබි තැනක් නොවේද මේ .. හිත හිත ඉන්න දෙයක් නෑ, දළදා වහන්සේ වැද පුදාගෙන මේ අලුත් අවුරුද්ද ආරම්භ කරමු...

ඉතින් අපි කොළඹ නුවර පාරේ යනකොට අපිට මුලින්ම හම්බ වෙන වැදගත් ස්ථානයක් තමයි පහල කඩුගන්නාව ගල් උමග. ඉතින් මෙතන නැවතිලා, ෆොට...
31/12/2024

ඉතින් අපි කොළඹ නුවර පාරේ යනකොට අපිට මුලින්ම හම්බ වෙන වැදගත් ස්ථානයක් තමයි පහල කඩුගන්නාව ගල් උමග. ඉතින් මෙතන නැවතිලා, ෆොටෝ එකක් නොගෙන ගමන ආරම්බ කරන කෙනෙක් නැති තරම්, ඉතින් අපි දෙන්නත් මෙතන නැවතිලා ෆොටෝ එකක් අරන්, වෙහෙස නිවාගෙන ටික වෙලවක් සෝබා දහමේ අසිරිය විද දරා ගනිමින්, ඒ සෞම්‍ය කාලගුණය වින්දා.. ඉතින් නුවර යනකොට මේ වටිනා කියන ස්ථානයේ මොහොතක් රැදෙන්න අමතක කරන්න එපා..

පොඩි විස්තරයක් දැනුම පොතට.

කඩුගන්නාව ගල් උමග මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි සැලකිය යුතු සන්ධිස්ථානයක් වන අතර කොළඹ නුවර පාරේ, කඩුගන්නාව ඓතිහාසික නගරයකි. මෙම උමග 1880 දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ඉදිකරන ලදී. එය ඩබ්ලිව්. එෆ්. ඩේවිඩ්සන් විසින් යටත් විජිත සමයේ නිර්මාණය කරන ලද්දකී. ඇතැමුන් පවසන්නේ මෙම කඳුකර බැම්ම රටේ උඩරට කඳුකරය, පහත් බිම් වලින් වෙන් කරන බවයි.

අන්තර්ජාලය ඇසුරෙන්...

අති උතුම් දළදා මාලිගාව, බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩ නම් වූ දළදා වහන්සේ වැඩ සිටිනා උතුන් පිං බිමයි නුවර රාජධානිය කියන්නේ. ඉ...
30/12/2024

අති උතුම් දළදා මාලිගාව, බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩ නම් වූ දළදා වහන්සේ වැඩ සිටිනා උතුන් පිං බිමයි නුවර රාජධානිය කියන්නේ. ඉතින් අපි දෙන්නා නම් නුවර යනව කියන්නේම දළදා වහන්සේ වැද පුදා ගැනීම තමයි මූලික අරමුණ. හිතට සහනයක් නිදහසක් දැනෙන ස්ථාන වලින් එකක් තමයි මෙතන. ඉතින් ජීවිතය විදින ගම්නේ ජීවත් වෙනවා කියල හැගෙන්න නම් හිතට නිදසත් ඕන.

කොළඹ අවට ඉන්න කෙනෙක් නම් ඔයාට ඉතාම අඩු විය්දමකින් නිදහස හොයාගෙන යන්න පුලුවන් නගරයක් තමයි නුවර කියන්නෙ. ඉතින් ඒ සෞම්‍ය පහස විදින්න ඔයාලත් ඉඩක් ලැබුන ගමන් යන්න නුවරට.

හැමෝම හිතන්නේ, ගමනක් යනව කියන්නේ කාලයක් පෙරුම් පුරලා, සැලසුම් කරල, ලොකු ගානක් එකතු කරන් යන්න ඕන කියල, ඒත් එහෙම නෑ, ජීව්ත...
29/12/2024

හැමෝම හිතන්නේ, ගමනක් යනව කියන්නේ කාලයක් පෙරුම් පුරලා, සැලසුම් කරල, ලොකු ගානක් එකතු කරන් යන්න ඕන කියල, ඒත් එහෙම නෑ, ජීව්තේ හැම හරි දේටම හා කියල කියන කෙනෙක් ඉන්නකොට දෙන්න එක්ක ගමනක්, එහෙමත් නැති නම් trip එකක් යන එක හරි ලේසියි. ඉතින් හිත හිත ඉන්න දෙයක් නෑ ජීවත් වෙලා ඉන්න කාලේ යන ගමනක් යමු ආස දෙයක් කරමු. හැමදේටම වෙලාවල් බල බල හිටියොත් ජීවත් වෙන්න වෙන්නේ නෑ.. කාර්, එකද, බයික් එකද, බස් එකද, කොච්චියද අදාල නෑ...මේක තමයි හොදම වෙලාව..අනිත් හැම වෙලාවටම වඩා...

රැජින හෝටලය (Quince's Hotel)සෙංකඩගලපුර දළදා මාළිගය පෙනෙන මානයේ රැජින හෝටලය වන්නේ ඉංග්‍රීසීන් විසින් රජයට පවරා ගන්නා ලද ද...
29/12/2024

රැජින හෝටලය (Quince's Hotel)

සෙංකඩගලපුර දළදා මාළිගය පෙනෙන මානයේ රැජින හෝටලය වන්නේ ඉංග්‍රීසීන් විසින් රජයට පවරා ගන්නා ලද දුල්ලෑවේ වලව්ව යි.සියලු ගෘහ භාණ්ඩ සහිතව ඉංග්‍රීසීන් අතට පත් වූ දුල්ලෑවේ වලව්ව අශ්ව රථගාල, අශ්ව ගාල, බරාදි, ආලින්ද, නිදන කාමර, ස්නානගාර, මුළුතැන් ගෙවල්, නඩු අසන ශාලා, සිරමැදිරි ආදී බොහෝ අංගයන්ගෙන් සමන්විතව තිබී ඇත.

ටැම්පිට අත්තිවාරම් ක්‍රමය භාවිතා කර ඇති පෞරාණික ගොඩනැගිල්ලේ බිත්ති කොහුබත්, සියුම් වැලි හා කිරි මැටි මිශ්‍ර බදාමයකින් කපරාරු කර ඇත. ග්‍රීක සම්ප්‍රදායේ කැටයම්, ආනයනික රැන්ගුන් තේක්ක ගෙබිම හා තරප්පු, උඩරට සම්ප්‍රදායේ කෙටි වහල හා සිංහල උළු, මැද මිදුල හා අලංකාරව ගෘහ නිර්මාණ ශිල්පයේ පෞඩත්වය විදහාපායි.
ස්ථානය වී ඇත.

1841 දී ස්ටෙන්ස් මහත්මිය දුල්ලෑවේ වලව්වේ කොටසක ඉංග්‍රීසි ජාතිකයන් සඳහා භෝජනාගාරයක් හා නවාතැන්පොළක් පවත්වාගෙන ගොස් ඇති අතර එසේ ආරම්භ වූ රැජින හෝටලය කලින් කලට විවිධ ව්‍යාපාරිකයන් යටතේ ප්‍රතිසංස්කරණය වීමෙන් අද දවසේ හෙට්ටි වීදියට හා දළදා වීදියට දෙපසට විහිදී මහල් තුනකින් යුත් ලොව ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් බවට පත්වේ.

1896 දී මොල්ලිගොඩ වලව්වත් රැජින හෝටලයට ඈදා ගෙන ඇත. දළදා වීදියෙන් කොටසකුත් සම්බන්ධ කරගෙන වර්ධනය වූ රැජින හෝටලයේ ප්‍රධාන පිවිසුම් පියස්සට ඉංග්‍රීසි හමුදාවේ සෙබල තොප්පියේ ආකෘතිය සවි කරන්නට තරම් හෙළයින්ට හා දළදා වහන්සේට සමච්චල් කළ ඉංග්‍රීසීන් කෲර විය.

කොළඹ ගාලු මුවදොර හෝටල් ජාලය මඟින් වර්තමානයේ කළමනාකරණය වන රැජින හෝටලය විදුලි සෝපාන, පිහිනුම් තටාක, ඇල් දිය හා උණු දිය පහසුකම්වලින් යුත් නාන කාමර, අන්තර්ජාල පහසුකම් සහ දේශීය නිර්මාණ අලවිසැල්, දේශීය හා විදේශීය භෝජනාගාර, තැබෑරුම් ඇතුළු බොහෝ පහසුකම් වලින් යුක්තය. මහනුවර දළදා පෙරහර මංගල්‍යය පෞද්ගලික සදළු තලයක සිට නැරඹීමට ඇති හැකියාව නිසා ම රැජින හෝටලය සංචාරක ආකර්ශනය වඩාත් දිනාගෙන ඇත.

නුවර අපි දෙන්නට නම් කොයි තරම් ගියත් ඇති වෙන්න් නැති නගරයක්, සමහරු කියනව ආදරනීයම නගරය කියල, සමහරු කියනවා නුවර ලස්සන වැස්ස...
28/12/2024

නුවර අපි දෙන්නට නම් කොයි තරම් ගියත් ඇති වෙන්න් නැති නගරයක්, සමහරු කියනව ආදරනීයම නගරය කියල, සමහරු කියනවා නුවර ලස්සන වැස්සට ලු, මට නම් මේ හැමදේම. නුවරට අපි දෙන්නම ආදරෙයි. ඉතින් නුවර ගිය ගමනෙදි අපි ගොඩ බැස්සේ වැව රව්මට මොකද වැව රව්මේ ගියේ නැති නම් ඇත්තටම නිදසක් දැනෙන්නේම නැති තරම්.
පහලින් පොඩි කරුනු ටිකක් උපුටා දක්වලා තියනව, වැව ගැන ඒ ටිකත් දැනගෙනම යන්නකෝ.. ඒ වගේම අපි දෙන්නගේ පොඩි මතකයන් කිහිපක් එකතු කරලත් තියනවා..

නුවර වැව (බෝගම්බර වැව හෝ කිරි මූද) ශ්‍රී ලංකාවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට සමීපව, වර්ෂ 1807දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් ඉදිකරවන ලදී. කාලය සමග වැවෙහි වර්ගප්‍රමාණය අඩුවී තිබෙන අතර වර්ථමානයේ එය මසුන් ඇල්ලීමට තහනම් රක්ෂිත වැවක් වේ. නුවර වැව හා සම්බන්ධව ජනප්‍රවාද රැසක් බැදී පවතියි.

වැව වටා දක්නට ලැබෙන වලාකුළු බැම්ම ඉදිකිරීමද ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් අරඹනු ලැබූවත්, 1815 වර්ෂයේදී මහනුවර බ්‍රිතාන්‍ය අාක්‍රමණයට යටත්වීමත්, රජු සිරභාරයට පත්වීමත් හේතුවෙන් බැම්මෙහි වැඩ නිමකිරීමට නොහැකි වී තිබේ. වර්ථමානයේද වලාකුළු බැම්ම එම වැඩඅවසන් නොකල තත්වයේ අඩි 2060ක දිගකින් යුක්තව පවතිනු දැකගත හැකිවේ
සිංහල විකිපීඩියා...

අපේ ගමන පටන් ගමු එහෙනම්, සුන්දර අති පූජණීය සෙංකඩගල පුරවරයෙන්...
27/12/2024

අපේ ගමන පටන් ගමු එහෙනම්, සුන්දර අති පූජණීය සෙංකඩගල පුරවරයෙන්...

ලොකු කාලෙකට පස්සේ ආයෙත් නිහැඩියාව බිදින්න හිතුනා, ඉතින් කාලෙත් එක්ක ජීවීතේ ගොඩක් ඉස්සරහට ගිහින්. ජීවිතේ උන හැල හැප්පීම් ...
26/12/2024

ලොකු කාලෙකට පස්සේ ආයෙත් නිහැඩියාව බිදින්න හිතුනා, ඉතින් කාලෙත් එක්ක ජීවීතේ ගොඩක් ඉස්සරහට ගිහින්. ජීවිතේ උන හැල හැප්පීම් සතුට දොම්නස් එක්ක ජීවිතේ ඉස්සරහට ගලාගෙන ගිහින් දන්නෙම නැතුව. ලැබිල තියන පොඩි ජීව්ත කාලේ මේ සංචාරකයා ආයෙත් ජීවිත මතක සටහන් මුහුනු පොතේ ලියා තබන්නට හදන වෑයමයි මේ. එහෙනම් ආයෙත් හමු වෙමු ජීව්තේ අද ඉදන් මේ සංචාරකයගේ සතුට, දුක, මතක සටහන් තුලින්...

Address

Colombo

Telephone

+94712519700

Website

Alerts

Be the first to know and let us send you an email when Girly Collection posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share