BBC Mirror

BBC Mirror Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BBC Mirror, Media/News Company, Colombo.

https://bbcmirror.lk/2026-%e0%b6%85%e0%b6%ba%e0%b7%80%e0%b7%90%e0%b6%ba-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b6%b1-%e0%b7%80%e...
08/11/2025

https://bbcmirror.lk/2026-%e0%b6%85%e0%b6%ba%e0%b7%80%e0%b7%90%e0%b6%ba-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b6%b1-%e0%b7%80%e0%b6%bb-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b7%80%e0%b7%93%e0%b6%b8%e0%b7%9a-%e0%b7%80%e0%b7%92%e0%b7%80/

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරු 9:30ට පාර්ලිමේන්තු සභා වාරයේ කටයුතු ආරම්භ කෙර.....

                                                                                                                        ...
08/11/2025









අනුර කුමාර ජනපති තුමාගේ ආණ්ඩුවේ 2026 අයවැය යෝජනාBBCMirror.lk CNNMirror.lkasianewsplusone.com   sfmnewslk.comමාලිමාව ආණ්ඩ...
08/11/2025

අනුර කුමාර ජනපති තුමාගේ ආණ්ඩුවේ 2026 අයවැය යෝජනා
BBCMirror.lk
CNNMirror.lk
asianewsplusone.com sfmnewslk.com

මාලිමාව ආණ්ඩුවේ 2026 අයවැය යෝජනා ජනතාවට සහන රැසක්

2026 වසරට අදාළ අයවැය
ජනාධිපති තුමාගේ අයවැය ප්‍රකාශය පහතින්,

වසරක් තුළ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ඇති කර ගැනීමට රජයට හැකිවුණා
උද්ධමනය 5%ට අඩු මට්ටමක තබා ගැනීමට රජය උපරිම ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා
ගෝලීය කම්පනයන් හමුවේ වුවද විනිමය අනුපාතය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට හැකිවුණා
ඉතිහාසයේ ඉහළම ප්‍රාථමික අතිරික්තය ලබන වසරේ සනිටුහන් වනු ඇති
2030 වසර වනවිට රාජ්‍ය ණය 87%ක් දක්වා අඩුකර ගැනීමට රජය අපේක්ෂා කරනවා
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්වල පවා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ධනාත්මක තත්ත්වයක්
රාජ්‍ය සේවක වැටුප් මේ වනවිටත් අදියර 3කින් වැඩිකර තිබෙනවා
දූෂණ විරෝධී වැඩසටහන මගින් ජනතා විශ්වාසය තහවුරු කර තිබෙනවා
රාජ්‍ය මූල්‍ය කටයුතුවලට අදාළ ඩිජිටල් ප්‍රතිසංස්කරණ බොහෝ ක්ෂේත්‍රවල සිදුකර තිබෙනවා
දූෂණය අවම කිරීම මගින් ආර්ථික වර්ධනය ඉහළ නංවාගත හැකියි
2026 වසරේදී අධිකරණ පද්ධතිය සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දෙනවා
2025 වසරේ අ.ඩො.මි 823ක සෘජු විදේශ ආයෝජන ලැබී තිබෙනවා
දේශීය සහ විදේශීය ආයෝජකයින්ගේ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කර තිබෙනවා
ක්‍රමෝපාය සංවර්ධන පනත සහ වරාය නගර පනත සංශෝධනය කරනවා
SVAT අවලංගු කර බදු යළි ගෙවීමේ ක්‍රමය විධිමත් කර තිබෙනවා
රාජ්‍ය වත්කම් අධීක්ෂණය සහ නියාමනය කළමනාකරණය කරනවා
ඩිජිටල් වත්කම් ප්‍රකාශ කිරීමේ පද්ධතියක් හඳුන්වා දෙනවා
2026 දී රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත සංශෝධනය කරනවා
බදු සහන ලබාදීම මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කරමින් විනිවිදභාවයක් ඇති කරනවා
කුමන තනතුරක් දැරුවද වංචා දූෂණවල නිරත වී අපරාධ සිදුකළ පුද්ගලයින්ට දඬුවම් දෙනවා
මුදල් විශුද්ධිකරණයට එරෙහි රාමුව 2026 දී ශක්තිමත් කරනවා
අපනයන විවිධාංගීකරණය මගින් ඉහළ ආදායමක් අත් කර ගැනීම සහ නව නිදහස් වෙළෙඳ ගිවිසුම් සඳහා විශේෂඥ කමිටුවක්
රාජ්‍ය වාණිජ ව්‍යාපාර පනත පාර්ලිමේන්තුවට ගෙන එනවා
ජාතික අපනයන සංවර්ධන සැලැස්ම මගින් අපනයන තරගකාරී කිරීමට මෙන්ම ගෝලීය අගය දාම සමග සම්බන්ධ වීමට කටයුතු කරමින් තිබෙනවා
නව තීරු බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට ජාතික වෙළෙඳ කවුළුවක්
අපනයන ආදායම මසකට ඩොලර් බිලියන 2 ඉක්මවා තිබෙනවා
2025 වසරේදී අ.ඩො.මිලියන 430කින් ආනයන වියදම ඉහළට
අපේ ණය ප්‍රතිශතය 95%ක ඉලක්කයට දැනටමත් ළංවෙමින් තිබෙනවා
ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රගතිය අනුව සහන සැලසීමට ණය හිමියන් එකඟවී තිබෙනවා
අපි දැනටමත් 2024ට සාපේක්ෂව 2025 දී ණය වැඩි පංගුවක් ගෙවා තිබෙනවා
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ විදේශ ණය සේවාකරණය අ.ඩො. මිලියන 760කින් ඉහළට
ග්‍රාමීය දිළිඳුභාවය තුරන් කිරීම සඳහා සංවර්ධනයේ ප්‍රතිලාභ සෑම අයෙකුටම ලැබෙන වැඩසටහනක්
මධ්‍ය කාලීනව 7%ක ආර්ථික වර්ධනයක් කරා අප ගමන් කරමින් සිටිනවා
පුනරාවර්තන වියදම් ක්‍රමානුකූලව අඩුකරමින් ප්‍රාග්ධන වියදම් වැඩිකර ගත යුතුයි
2025 වසරේ මුල් කාර්තුවේ විරැකියාව 3.8% දක්වා අඩුවී තිබෙනවා
2025 වසරේ කොටස් වෙළෙඳපොළේ ඓතිහාසික වර්ධනයක්
රාජ්‍ය ආයෝජන 4%කින් ඉහළ දැමීමට කටයුතු කරනවා
මහජනතාවගේ බදු වගවීමකින් යුතුව කළමනාකරණය කරන බවට සහතික වෙනවා
පසුගිය වසරට සාපේක්ෂව රාජ්‍ය ආදායම රුපියල් බිලියන 900කින් ඉහළ ගොස් තිබෙනවා
සමාජ ආරක්ෂණ ජාලයේ වියදම් අවම වශයෙන් 4%ක පවත්වාගෙන යනවා
වරප්‍රසාද වෙනුවට සාධාරණත්වය පදනම් කරගත් ආර්ථික ක්‍රමවේදයක්
රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 20%ක මට්ටමට ගෙන ඒම අරමුණයි
සෘජු සහ වක්‍ර බදු අනුපාතය 60% - 40% අනුපාතයට ගෙන ඒමට කටයුතු කරනවා
මෙවර අයවැය හිඟය 5.2% දක්වා අඩුවෙනවා
ආයෝජන ආරක්ෂණ පනත 2026 වසරේ මුල් භාගයේදී සම්මත කරනවා
ආයෝජන කලාප ආශ්‍රිත සේවා සඳහා තවත් රුපියල් බිලියන 1,000ක්
විදේශීය ආයෝජකයන් සඳහා නේවාසික වීසා ක්‍රමවේදයක්
ඉඩම් තොරතුරු ඇතුළත් මධ්‍යම ඩිජිටල් පද්ධතියක් වෙනුවෙන් රුපියල් මිලියන 100ක්
ජාතික අපනයන සංවර්ධන සැලැස්ම සඳහා අමතර රුපියල් මිලියන 250ක්
ජාතික තනි වෙළෙඳ කවුළුව ඇතුළුව ආයෝජන පහසුකම් සඳහා රුපියල් මිලියන 2,500ක්
කර්මාන්ත කලාප සංවර්ධනය සඳහා අමතර රුපියල් මිලියන 1,000ක්
ඇප රහිතව ව්‍යවසායකයින්ට ණය දීමට දුන් පොරොන්දුව ඉටු කර තිබෙනවා, ඒ සඳහා රුපියල් මිලියන 4,227ක ණයදී තිබෙනවා
කෘෂිකර්ම අගයදාමයන් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1,700ක් වෙන්කර තිබෙනවා
2026 වසර සඳහා විවිධ ණය වෙනුවෙන් රුපියල් මිලියන 80,000ක්
සොබාදහම කේන්ද්‍ර කරගත් සංචාරක සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් මිලියන 3,500ක්
ඌන උපයෝජිත සංචාරක බංගලා පෞද්ගලික අංශයේ සහයෙන් ආදායම් උත්පාදනය කිරීමට යොදා ගන්නවා
සංචාරක සහ හෝටල් ක්ෂේත්‍රයේ නිපුණතා සහිත පුද්ගලයින් බිහි කිරීම සඳහා කෙටි කාලීන වෘත්තිය පුහුණු පාඨමාලා ඇති කිරීමට රුපියල් මිලියන 500ක්
අභ්‍යන්තර ගුවන් ගමන් ප්‍රචලිත කිරීමට රුපියල් මිලියන 1,000ක්
කටුනායක ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ලබන වසරේ යළි ආරම්භ කරනවා
ඩිජිටල් ආර්ථික සංවර්ධනයට රුපියල් මිලියන 25,000ක්
ඩිජිටල් ආර්ථික පනත යටතේ ඩිජිටල් ආර්ථික කවුන්සිලය පිහිටුවනවා
පළමු ඩිජිටල් හැඳුනුම්පත 2026 මාර්තු මාසයේදී නිකුත් කරනවා
ඩිජිටල් රාජ්‍ය පරිවර්තනය සඳහා රුපියල් බිලියන 30ක්
පර්යේෂණ සහ සංවර්ධනය වෙනුවෙන් රුපියල් බිලියන 21ක්
මාර්ගගත ක්‍රමය ඔස්සේ රාජ්‍ය ගෙවීම් සිදු කිරීමේදී සේවා ගාස්තු අය නොකිරීමට තීරණයක්
රුපියල් 5,000ට වඩා අඩු QR කේත ගෙවීම්වලට කිසිදු අමතර ගාස්තුවක් අය නොකෙරේ
කෘත්‍රිම බුද්ධි සේවා මධ්‍යස්ථාන සඳහා රුපියල් මිලියන 750ක්
බ්‍රෝඩ්බෑන්ඩ් වවුචර අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල දරුවන්ට ලබාදීමට පියවර
අලුත් දුරකථන කුළුණු 100ක් ස්ථාපනයට පියවර - ආයෝජකයින්ට බදු සහන
නව පර්යේෂණ වාණිජකරණය සඳහා රුපියල් මිලියන 1,200ක්
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 6,500ක්
විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ මෙහෙයුම සඳහා රුපියල් මිලියන 2,000ක්
ආබාධිත ප්‍රජාවගේ දීමනා සඳහා රුපියල් මිලියන 19,000ක්
පොදු ප්‍රවාහනයේ සනීපාරක්ෂක පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 1,000ක්
ආබාධිත ප්‍රජාවට පෞද්ගලික අංශයේ රැකියා ලබාදීමට රජයේ පාර්ශ්වයෙන් රුපියල් මිලියන 500ක්
අස්වැසුම යටතේ සෑම දරුවෙකුටම අධ්‍යාපන ලිපි ද්‍රව්‍ය සඳහා රුපියල් 6,000ක දීමනාවක් ලබාදීමට රුපියල් මිලියන 9,000ක් වෙන් කෙරේ
වෛද්‍ය පීඨ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 11,000ක්
මහපොළ ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 2,500කින් ඉහළට - නව දීමනාව රුපියල් 10,000ක්
ආබාධිත සහිත දරුවන්ගේ උසස් අධ්‍යාපනය සඳහා රුපියල් 5,000ක මාසික දීමනාවක්
ජාතික අධ්‍යාපන පීඨ ශික්ෂණලාභීන්ගේ දීමනාව රුපියල් 2,500කින් ඉහළට
වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම ඇතුළුව සමස්ත ක්ෂේත්‍රය සඳහා රුපියල් මිලියන 8,000ක්
වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන 50ක් නවීකරණයට පියවර
ප්‍රාථමික සෞඛ්‍ය සේවය වෙනුවෙන් ආරෝග්‍ය මධ්‍යස්ථාන ඇති කිරීමට පියවර
මූලික රෝහල් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 31,000ක්
ජාතික හෘද ඒකක ගොඩනැගිල්ල පිහිටුවීමට රුපියල් මිලියන 12,000ක්
සුවසැරිය ගිලන් රථ සේවය සඳහා රුපියල් බිලියන 4.25ක්
ප්‍රජා විද්‍යා සහ සෞඛ්‍ය සමීක්ෂණය වෙනුවෙන් රුපියල් මිලියන 570ක්
දඹුල්ල සහ දෙණියාය ප්‍රාදේශීය රෝහල් නැවත ස්ථාපනය කිරීමට රුපියල් මිලියන 10,000ක්
ප්‍රජා ශක්ති වැඩසටහනට රුපියල් මිලියන 25,000ක්
වතු කම්කරු දෛනික අවම වැටුප රුපියල් 1,550ක් දක්වා ඉහළට - පැමිණීමේ දීමනාව රුපියල් 200ක්, එකතුව රුපියල් 1,750ක්
වතු කම්කරුවන්ගේ වැටුප් සඳහා රුපියල් මිලියන 5,000ක ප්‍රතිපාදන වෙන් කෙරේ
මොණරාගල සහ අම්පාර නගරවල ශ්‍රවණාගාර පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 200ක්
නින්දවූර් නගර සභා ගොඩනැගිල්ල සම්පූර්ණ කිරීම සඳහා රුපියල් මිලියන 300ක්
ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 24,000ක්
ග්‍රාමීය පාලම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 2,500ක්
වැඩිහිටි ප්‍රජාව සමාජයේ සක්‍රීය පාර්ශ්වකරුවන් කරගැනීමේ ප්‍රතිපත්තිය සැකසීමට රුපියල් මිලියන 10ක්
කාන්තා අභිවෘද්ධිය ඉලක්ක කරගත් වැඩසටහන් සඳහා අමතර රුපියල් මිලියන 200ක්
විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා සහන පොලියට නිවාස ණය යෝජනා ක්‍රමයක්
වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අත්‍යවශ්‍ය වාහන 294ක් සහ සන්නිවේදන උපකරණ ලබා ගැනීමට අනුමැතිය
අලි වැට අධීක්ෂණය සඳහා විශේෂ පුහුණුවක් සහිත සිවිල් ආරක්ෂක සේවා නිලධාරීන් 5,000ක්
අලි ඇතුන් සඳහා ආහාර සහ ජල මූලාශ්‍ර වෙනුවෙන් රුපියල් මිලියන 80ක්
විදුලි වැට ඉදිකිරීම සම්පූර්ණ කිරීමට තවත් රුපියල් මිලියන 1,000ක්
අලි මිනිස් ගැටුමට දිගු කාලීන විසඳුම් සොයා ගැනීමට රුපියල් මිලියන 10ක්
නාට්‍ය, රංග කලාව සහ සාහිත්‍ය ප්‍රවර්ධනයට තවත් රුපියල් මිලියන 50ක්
ජනමාධ්‍ය උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරීනැමීමට රුපියල් මිලියන 100ක්
ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීමට අමතර රුපියල් මිලියන 800ක්
ජාත්‍යන්තර ක්‍රීඩා තරග සඳහා සහභාගී වන ක්‍රීඩකයින්ගේ පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 1,163ක්
උතුරු සහ නැගෙනහිර ක්‍රීඩා සංකීර්ණ සංවර්ධනයට රුපියල් මිලියන 150ක්
නිෂ්පාදන සමූපකාර සමිති ගොඩනැගීම සහ තරුණ ව්‍යවසායකයින් නිර්මාණය වෙනුවෙන් රුපියල් මිලියන 500ක්
ලොකු ලූනු, අර්තාපල් සහ බඩඉරිඟු මිල යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 1,000ක්
දඹුල්ල ශීතාගාර කෘෂි ගබඩාව ඵලදායීව යොදා ගැනීමට අවධානය
සුහුරු වාරිමාර්ග ක්‍රම 400ක් සඳහා රුපියල් මිලියන 4,000ක් 2026 වසරේ - වාරිමාර්ග ක්‍රම 100ක්
2030 වසර වනවිට කිරි අවශ්‍යතාවයෙන් 75%ක් දේශීය සපුරා ගැනීමේ ඉලක්කයක්
මිල්කෝ කර්මාන්ත ශාලාවේ ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 3,000ක්
උතුරු පොල් ත්‍රිකෝණයේ පොල් වගාව වෙනුවෙන් රුපියල් මිලියන 600ක්
අක්කර 5ට අඩු පොල් ඉඩම් හිමියන් දිරි ගැන්වීමට රුපියල් මිලියන 2,500ක්
ධීවර වරායන්වල පහසුකම් වැඩි දියුණු කිරීමට රුපියල් මිලියන 300ක්
ධීවරයින්ගේ ආරක්ෂාව ඉහළ නැංවීමට නවීන තාක්ෂණය ලබාදීම සඳහා රුපියල් මිලියන 350ක්
ධීවරයින්ට ජීවිතාරක්ෂක උපකරණ ලබාදීමට රුපියල් මිලියන 100ක්
මත්ස්‍ය බිම් තොරතුරු ධීවර ප්‍රජාව වෙත ලබාදීමට රුපියල් මිලියන 100ක්
සමුද්‍ර ජෛව තාක්ෂණය සහ මුහුදු පත්ල සම්පත් සංවර්ධනයට රුපියල් මිලියන 100ක්
වාරි කර්මාන්තය නගාසිටුවීමට රුපියල් මිලියන 91,700ක්
පහළ මල්වතු ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතියට රුපියල් මිලියන 5,000ක්
වැව් 650ක් සහ ඇළ මාර්ග කිලෝමීටර 350ක් පමණ ප්‍රතිසංස්කරණයට පියවර
කොළඹ ඇතුළු නාගරික ගංවතුර පාලනය සඳහා රුපියල් මිලියන 250ක්
ගංවතුර කළමනාකරණය අධ්‍යයනයට රුපියල් මිලියන 500ක්
නිල්වලා ලවණ බාධකය ආශ්‍රිත ගැටලුවට විසඳුම් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 1,000ක්
නිල්වලා ගංවතුරෙන් හානිවූ කුඹුරු ඉඩම්වලට වන්දි ගෙවීමට රුපියල් මිලියන 1,200ක්
මඩකලපුව ගංවතුර පාලනය සඳහා රුපියල් මිලියන 500ක්
පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධනය සඳහා රුපියල් මිලියන 85,700ක්
දිස්ත්‍රික්ක කිහිපයක ජල ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 1,000ක්
බදු පදනම පුළුල් කිරීමේ අරමුණින් වාර්ෂික පිරිවැටුම් සීමාව වැට් සහ SSCL සඳහා රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කරයි
ආනයනය කරන ලද පොල්තෙල් සහ පාම් ඔයිල් මත දැනට පනවා ඇති කිලෝග්‍රෑමයකට රුපියල් 150 සහ රුපියල් 275 යන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වෙනුවට වැට් සහ SSCL පැනවීමට නියමිතයි
ආනයනය කරන ලද රෙදිපිළි සඳහා අය කරන ලද කිලෝග්‍රෑමයකට රුපියල් 100ක සෙස් බද්ද ඉවත් කරනු ලබනවා - දේශීයව නිෂ්පාදනය කරන රෙදිපිළි වලට සමානව වැට් පැනවීමට නියමිතයි
වාහන ආනයනය කිරීමේදී හෝ නිෂ්පාදනය කර විකිණීමේදී සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කිරීමට නියමිතයි
ජාතික තීරුබදු ප්‍රතිපත්තියට අනුකූලව දැනට පවතින 0%, 15%, 20% ආනයන තීරුබදු අනුපාත 0%, 10%, 20%, 30% ලෙස සංශෝධනය කර තිබෙනවා
මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරේ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 66,150ක්
මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියර ලෙස පොතුහැර - රඹුක්කන - ගලගෙදර කොටසේ වැඩ කටයුතු 2027 වසරේ පළමු කාර්තුව වන විට අවසන් කිරීමට අපේක්ෂිතයි - ඒ සඳහා රුපියල් බිලියන 10.5ක්
රඹුක්කන - ගලගෙදර කොටස සඳහා දේශීය අරමුදල් යොදා ගනිමින් අමතර රුපියල් බිලියන 20ක් යෝජනා කර තිබෙනවා
කුරුණෑගල - දඹුල්ල අධිවේගී මාර්ගය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම අවසන් කිරීමට රුපියල් බිලියනයක් වෙන් කර තිබෙනවා
රුවන්පුර අධිවේගී මාර්ගය – කහතුඩුව - ඉංගිරිය කොටස සඳහා ශක්‍යතා තක්සේරුව නැවත ආරම්භ කර ඇති අතර, ඉඩම් අත්පත් කර ගැනීම සඳහා රුපියල් බිලියන 1.5ක්
වරාය නගරය සහ මැරීන් ඩ්‍රයිව් මාර්ගය සම්බන්ධ කිරීම සඳහා රුපියල් මිලියන 330ක් වෙන් කර තිබෙනවා - මෙය ගාලු මුවදොර සහ නෙළුම් වටරවුම අවට කොළඹ නගරයේ රථවාහන ප්‍රවාහය වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා
කාර්යක්ෂම ප්‍රවාහන පද්ධතියක් ඇති කිරීමට රුපියල් මිලියන 67,200ක්
දුර ගමන් සේවා බස්රථ 600ක් ලංගමට එක් කිරීමට රුපියල් මිලියන 3,600ක්
ලංගම ඩිපෝ සඳහා අවශ්‍ය නව උපකරණ සපයා ගැනීමට රුපියල් මිලියන 790ක්
ග්‍රාමීය ප්‍රදේශවල බස්රථ ධාවනය විධිමත් කිරීමට රුපියල් මිලියන 2,000ක අතිරේක ප්‍රතිපාදන
මහා මාර්ග සංවර්ධනයට රුපියල් මිලියන 342,000ක්
කටුගස්තොට - ගලගෙදර මාර්ග කොටස පුළුල් කිරීමේ අධ්‍යයන කටයුතු ලබන වසරේ ආරම්භ කිරීමට සැලසුම්
මාර්ග අනතුරු අවම කිරීමේ වැඩසටහන් සඳහා අමතර රුපියල් මිලියන 1,000ක්
රාජ්‍ය අංශයේ වැටුප වැඩිවීමේ දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීමට රුපියල් බිලියන 110ක්
මන්නාරම අදියර 1 පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ඒකකයට ඩොලර් ශත 4.65ක මිලකට ප්‍රදානය කළා
2020ට පෙර විශ්‍රාම ලැබුවන්ගේ වැටුප් ව්‍යුහය 2019 වසර මත පදනම්ව සංශෝධනයට පියවර
රාජ්‍ය සේවකයින්ට ලබාදුන් දේපළ ණය යෝජනා ක්‍රමය ලක්ෂ 50ක් දක්වා ඉහළට
අග්‍රහාර යෝජනා ක්‍රමයේ සෞඛ්‍ය ප්‍රතිලාභ පුළුල් කිරීමට පියවර
රාජ්‍ය සේවක පොලී රහිත උත්සව අත්තිකාරම් දීමනාව රුපියල් 15,000 දක්වා ඉහළට
රාජ්‍ය සේවක ආපදා ණය අත්තිකාරම් ලබා ගැනීමේ ගිණුම් සීමාව වෙනුවෙන් රුපියල් මිලියන 10,000ක්
දුෂ්කර පාසැල්වල ගුරුවරුන්ගේ දීමනාව රුපියල් 1,500කින් ඉහළට
දුෂ්කර පාසැල්වල විදුහල්පති දීමනාවත් රුපියල් 1,500කින් ඉහළට
අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටුකරුවන්ගේ දීමනාව රුපියල් 15,000 දක්වා වැඩිකිරීමට පියවර
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ පූර්ණ රාජ්‍ය සතු සමාගම් 4ක් ස්ථාපිත කළා
මාස 6කට වැඩි කාලයක් සේවයේ නියුතු තාවකාලික, අනියම්, ආදේශක සේවක පත්වීම් ස්ථීර කරනවා
2025 - 2044 දිගු කාලීන ජනන සැලැස්ම අනුව ඉදිරි දශකය තුළ විදුලිබල අවශ්‍යතාවය 60%කින් ඉහළට
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සහ නවීන බදු ක්‍රමයක් ගොඩනැගීම
බලශක්ති පරිවර්තන පනත ලබන වසර තුළ ගෙන එනවා
ඌන උපයෝජිත ගොඩනැගිලි 2,700කට වැඩි ගණනක් ඵලදායී ලෙස යොදා ගැනීමට සැලැස්මක්
ඉදිරි වසරේදී කොළඹ වරායේ ධාරිතාව වැඩි කිරීමට පියවර
ප්‍රදාන ඇතුළුව රජයේ ආදායම 2025 වසරේ මුල් මාස 9 තුළ රුපියල් බිලියන 3,800 දක්වා ඉහළට
වරාය මෙහෙයුම් ඩිජිටල්කරණය සහ ස්වයංක්‍රීය පහසුකම් වැඩිදියුණු කිරීමට පියවර
ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ දෙවැනි අදියර ලබන වසර මුලදී ආරම්භ කරනවා
2026 වසරේ සිට නගර සංවර්ධන ක්‍රියාවලි විධිමත් කිරීමට රුපියල් මිලියන 2,000ක්
මාතලේ සහ හැටන් නගරවල තදබදය අඩු කිරීම සඳහා රුපියල් මිලියන 500ක්
රත්නපුර පැරණි නගරයේ රජයේ නිල නිවාස නව නගර ප්‍රදේශයට ගෙනයාමට රුපියල් මිලියන 500ක්
පළාත් පාලන කසළ කළමනාකරණ පහසුකම් වැඩිදියුණුවට රුපියල් මිලියන 8,000ක යන්ත්‍රෝපකරණ 700ක්
ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා රුපියල් මිලියන 900ක්
පළාත් පාලන ආයතනවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ආදායම් උත්පාදනය සඳහා රුපියල් මිලියන 2,500ක්
වීදි සුනඛයින්ගේ සහ සුරතල් සතුන්ගේ රැකවරණය වෙනුවෙන් රුපියල් මිලියන 100ක්
2026 වසරේ නව නිවාස 27,000ක වැඩ අවසන් කිරීමට අපේක්ෂිතයි
අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් 2026 වසරේ නිවාස 10,000ක් ඉදිකිරීම සඳහා අමතර මිලියන 3,000ක්
නාගරික වතු නිවාස ඉදිකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 15,000ක්
කැලණිවැලි දුම්රිය මාර්ගයේ අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට රුපියල් මිලියන 840ක්
ස්වභාවික ව්‍යසන නිසා අවතැන් වූ පවුල් 1,200කට නිවාස ඉදි කිරීමට අමතර රුපියල් මිලියන 2,000ක්
යුද්ධය හේතුවෙන් කිසිදු නිවාස හිමිකමක් නොමැති පවුල් සඳහා නිවාස 2,500ක් ඉදිකිරීමට රුපියල් මිලියන 5,000ක්
කිසිදු වානිජ, නියාමන හෝ පරිපාලන කටයුත්තක් සිදු නොවන ආයතන 33ක් වසා දැමීමට පියවර
75,000කට ආසන්න පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට අනුමැතිය ලබාදී තිබෙනවා
රාජ්‍ය ආයතනවල ඩිජිටල් ප්‍රවේශය ඉහළ නැංවීමට අමතර රුපියල් මිලියන 1,000ක්
රජයට වාහන සහ යන්ත්‍ර සූත්‍ර ලබා ගැනීම සඳහා රුපියල් මිලියන 12,500ක්
රාජ්‍ය ව්‍යාපාර 10ක හිඟ ව්‍යවස්ථාපිත ගෙවීම් නිරවුල් කිරීමට රුපියල් මිලියන 11,000ක් අවශ්‍යයි
මන්ත්‍රීවරුන් සඳහා තීරුබදු රහිත වාහන ආනයන බලපත්‍ර ලබා දෙන්නේ නැහැ
රාජ්‍ය ව්‍යාපාර 10ක හිඟ ව්‍යවස්ථාපිත ගෙවීම් නිරවුල් කිරීමට 2026 වසරට රුපියල් මිලියන 5,000ක්
රාජ්‍ය ව්‍යවසායන් වෙනුවෙන් නිකුත් කර ඇති භාණ්ඩාගාර ඇපකර සහ ආරක්ෂණ ලිපි නිදහස් කිරීමට පියවර
ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා රුපියල් මිලියන 45,700ක හිඟ මුදල ගෙවීමට පියවර
වැටුප් සහ විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනයට පියවර
දායක විශ්‍රාම වැටුප් පත්වීමේ ලිපියේ ප්‍රතිලාභ හිමිකම් පිළිබඳව කොන්දේසිය සංශෝධනය කිරීමට පියවර








07/11/2025
06/11/2025

BBCMirror.lk . CNN-Mirror.com ' asianewsplusone.com sfmnewslk.com

2026 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයටBBCMirror.lk .  CNN-Mirror.com ' asianewsplusone.com   sfmnewslk.com2026 ...
06/11/2025

2026 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට
BBCMirror.lk .
CNN-Mirror.com ' asianewsplusone.com sfmnewslk.com

2026 වසර අයවැය යෝජනා අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (05) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කළා.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඉංජිනේරු පර්යේෂණ ආයතනය(NERDC) විසින් සංවිධානය කරන ලද 3 වන ජාත්‍ය...
05/11/2025

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඉංජිනේරු පර්යේෂණ ආයතනය(NERDC) විසින් සංවිධානය කරන ලද 3 වන ජාත්‍යන්තර ඉංජිනේරු පර්යේෂණ සම්මන්ත්‍රණය පසුගියදා කොළඹ ගලදාරී හෝටලයේදී පැවැත්විණි. “දේශගුණික ක්‍රියාමාර්ග, ඩිජිටල්කරණය සහ හරිත කර්මාන්ත සඳහා ඉංජිනේරු විසඳුම්” මෙවර එහි තේමාවයි.

අපගේ විද්‍යාත්මක ආයතන සහ රසායනාගාර ජාත්‍යන්තර ප්‍රමිතියට වැඩි දියුණු කළ යුතු බවත් ඉල්ලුම මත පදනම් වූ පර්යේෂණ සිදුකිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳවත් මම එහිදී පෙන්වා දුන්නෙමි. අපගේ ජනතාව අතර විද්‍යාව, තාක්ෂණය හා නවෝත්පාදනය විෂය ක්ෂේත්‍රය ප්‍රචලිත කිරීමේ වටිනාකම ද අවධාරණය කළෙමි.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ(SLIIT) නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය රාහුල අත්තලගේ සහ මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සමන් හල්ගමුගේ යන විද්වතුන් විසින් සමුළුවේ ප්‍රධාන දේශන පැවැත්වූ අතර, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් මොහමඩ් නවවි, NERD ආයතනයේ සභාපති ආචාර්ය චිත්‍රාල් අඹවත්ත, අධ්‍යක්ෂ ජනරාල් ජයතු සමරවික්‍රම යන මහත්වරුන්, ඉංජිනේරුවන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් ඒ සදහා එක්වූහ.

BBCMirror.lk .
CNNMirror.lk
asianewsplusone.com
sfmnewslk.com

Address

Colombo
10350

Website

Alerts

Be the first to know and let us send you an email when BBC Mirror posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share