News Line . Lk

  • Home
  • News Line . Lk

News Line . Lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from News Line . Lk, Media/News Company, .

01/12/2025

Respect 🙏

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයට හදිසි ගොඩබෑමක් සිදුකළ හෙලිකොප්ටර් යානයේ සිට ජීවිතක්ෂයට පත්වූ ගුවන් නියමුවා පිළිබඳ ගුවන් හම...
01/12/2025

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයට හදිසි ගොඩබෑමක් සිදුකළ හෙලිකොප්ටර් යානයේ සිට ජීවිතක්ෂයට පත්වූ ගුවන් නියමුවා පිළිබඳ ගුවන් හමුදාවෙන් විශේෂ සටහනක් තබා තිබේ.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ මෙහෙයුම්වල නිරතව සිටියදී මෙම අනතුර සිදුව තිබුණි.

ඊයේ (30) පස්වරුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් - 212 හෙලිකොප්ටර් යානයක් වෙන්නප්පුව ලුණුවිල පාලම අසල සිටි පිරිසකට ආහාර ද්‍රව්‍ය ඇතුළු උපකරණ ලබා දෙමින් සිටිය දී හෙලිකොප්ටර් යානය හදිසි ගොඩබෑමක් සිදුකර තිබුණි.

එහිදී හෙලිකොප්ටර් යානය ඒ අසල ඇළකට වැටී අනතුරට පත්වුණි.

එම අවස්ථාවේ යානයේ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු ගුවන් හමුදා සාමාජිකයින් 5 දෙනෙකු සිට ඇති අතර ප්‍රදේශවාසින් සහ පොලීසිය එක්ව ඔවුන් කඩිනමින් මුදාගෙන මාරවිල රෝහලට ඇතුළත් කර තිබුණි.

කෙසේවෙතත් එහිදී ප්‍රධාන ගුවන් නියමු විංග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතා මියගිය බව පොලීසිය පැවසුවේය.

මෙලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි වියේ පසු වන ගුවන් පැය 3,000 වැඩි ප්‍රමාණයක් සම්පුර්ණ කර තිබු පළපුරුදු ගුවන් නියමුවෙකු බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේය.

අනතුරින් තවත් ගුවන් හමුදා නිලදාරීන් සිව්දෙනෙකු තුවාල ලබා මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.

හදිසියේ ජීවිතයෙන් සමුගත් මෙම ගුවන් නියමුවා ගැන සමාජ මාධ්‍ය පුරා සංවේදී සටහන් බොහෝමයක් පළ වී තිබුණි.

මේ එවන් එක් උපුටාගැනීමකි...

පුංචි ..පුතකුගේ ආදරණීය පියකු වූ නිර්මාල්
DITWA සුළි කුණාටුව නිසා
තම ...ජීවිතය අකල් හි පූජා කල
ශ්‍රී ලාංකිකයන් අතරට
ඊයේ දිනයේදී එක්වුවේ
මිල කල නොහැකි ශ්‍රී ලාංකික
ගුවන් නියමුවරයෙක් ලෙස ..
රටේ හදවත් තුල
නොමැකෙන සිහිවටනයක් තබමින්...
........................

01/12/2025

මහනුවර සහ නුවරඑළිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

30/11/2025

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) රාත්‍රි 8.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

30/11/2025

"දිට්වා '' [Ditwah] සුළිකුණාටුව කන්කසන්තුරය සිට 220 km ක් ඊසාන දෙසින්, අක්ෂාංශ 11.5°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

30/11/2025

හෙලිකොප්ටර් අනතුරින් තුවාල ලැබූ ගුවන් නියමුවන් රෝහලට

30/11/2025

විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු දෙසැම්බර් 8 දක්වා අත්හිටුවයි

28/11/2025

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉස්මයිල් මුත්තු මොහොමඩ් මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව පැවසීය.

කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.ඒ අනුව ඉදිරි පැය 4...
28/11/2025

කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ඒ අනුව ඉදිරි පැය 48ක කාලය තුළ ඇහැලියගොඩ, නෝර්වුඩ්, යටියන්තොට, ගලිගමුව, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, කඩුවෙල, බියගම, කොලොන්නාව, කැලණිය, වත්තල හා කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මෙලෙස මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

28/11/2025

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දුම්රිය ධාවනය සීමා කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන පිරිස් සඳහා පමණක් දුම්රිය ධාවනය සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

28/11/2025

'දිට්වා' ප්‍රචණ්ඩ වෙයි - පැය 48කින් ඉන්දියාවට

28/11/2025

පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මාතලේ ගම්මඩුව ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

ඒ මි.මී 540ක් ලෙසය.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when News Line . Lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share