Lanka police-gossip

  • Home
  • Lanka police-gossip

Lanka police-gossip නිතී ගරුක රටක් මහජන මිත්‍රශීලී පොලිසියක් උදෙසා

84 වෙනි පොලිස් අන්තර් කොට්ඨාශ මළල ක්‍රීඩා උළෙලේල 🥰2025/09/12,13,14 තෙදින ⁣බම්බලපිටිය පොලිස් ක්‍රීඩා පිටියෙදි පැවැත්විමට ...
11/09/2025

84 වෙනි පොලිස් අන්තර් කොට්ඨාශ මළල ක්‍රීඩා උළෙලේල 🥰

2025/09/12,13,14 තෙදින ⁣බම්බලපිටිය පොලිස් ක්‍රීඩා පිටියෙදි පැවැත්විමට සුදානම්

11/09/2025

ඒ අම්මගෙ ආදරේ 🥰

11/09/2025

කෙහෙල්බද්දර පද්මෙ ඇතුළු කල්ලිය අත්අඩංගුවට ගත් මෙහෙයුම

ලංකාවේ පොලිස් නිලධාරීන්ගේ තොරතුරු වලින් ඉන්දුනීසියා පොලිස් මෙහෙයුම

Coped...
JACKLYN CHOPPERS

11/09/2025

අධික වේගය මාරයා කැදවයි💀

11/09/2025

පොඩ්ඩත් පැමිණිලි ලියන්න පුරුදු වෙනවා 🥰

සුබ උපන්දිනක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සර් 🎂🎉
11/09/2025

සුබ උපන්දිනක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සර් 🎂🎉

11/09/2025

එයා විශාල අණතුරක් වැළකුවා 🥺

පොලිස් ට්‍රැෆික් එකේ හැමෝටම කැමරාඉදිරි සති දෙක ඇතුළත මුළු රටම ආවරණය වන පරිදි සියලුම රථවාහන පොලිස් නිලධාරීන්ට සිරුරේ පැලඳ...
09/09/2025

පොලිස් ට්‍රැෆික් එකේ හැමෝටම කැමරා

ඉදිරි සති දෙක ඇතුළත මුළු රටම ආවරණය වන පරිදි සියලුම රථවාහන පොලිස් නිලධාරීන්ට සිරුරේ පැලඳිය හැකි කැමරා ලබා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කරනවා.

මෙමගින් නිලධාරීන්ගේ වගකීම තහවුරු කිරීම සහ දූෂණය වළක්වමින් විනිවිද භාවයෙන් යුතුව රාජකාරිය කිරීමට අවකාශය සැලසීම අරමුණු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

ඇතැම් රියදුරන් තමන්ගේ වරද වසා ගැනීමට නිලධාරීන්ට විරුද්ධව කරන දෝෂාරෝපණත්, නිලධාරීන් අතින් සිදුවන වැරදිත් මෙහි පටිගත වීම හරහා සියලු දෙනාගේ වගවීම තහවුරු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Copied...
Hiru news

රේස් ගිය බස් රියදුරන්ට වැඩ වරදී           මහනුවර සිට හැටන් දක්වා අධික වේගයෙන් අන්තරාදායක ලෙස එකම දිසාවට පෞද්ගලික බස් රථ ...
08/09/2025

රේස් ගිය බස් රියදුරන්ට වැඩ වරදී


මහනුවර සිට හැටන් දක්වා අධික වේගයෙන් අන්තරාදායක ලෙස එකම දිසාවට පෞද්ගලික බස් රථ දෙකක් ධාවනය කළ රියදුරන් දෙදෙනෙකු හැටන් පොලිසියේ රථවාහන අංශයෙ නිළධාරින් විසින් අද (07) දින අත්අඩංගුවට ගෙන ඇත.

බස් රථ දෙකම මහනුවර බස් නැවතුම්පොලේ සිට අවස්ථා දෙකකදී ගමන් ආරම්භ කර ඇති අතර, ප්‍රථමයෙන් ධාවනය වූ බස් රථය ගිනිගත්හේන ප්‍රදේශයේදි හමු වීමත් සමග එම බස් රථ දෙකේ රියදුරන් හැටන් බස් නැවතුම්පොල දක්වා අධික වේගයෙන් බස් රථ ධාවනය කරවන අයුරු බස් රථ දෙකේ පසුපස යතුරු පැදියක පසුපස ගමන් ගත් පුද්ගලයෙකු විසින් ජංගම දුරකථනයෙන් පටිගත කර හැටන් කොට්ඨාශභාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා වෙත පැමිණිල්ලක් වශයෙන් ලබා දී ඇත.

වහා ක්‍රියාත්මක වූ පොලිස් අධිකාරිවරයා එම බස් රථ දෙක ධාවනය කල රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලෙස හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් වෙත දැනුම් දීමෙන් පසු රියදුරන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

lankadeepa .lk
(රංජිත් රාජපක්ෂ)

නිධන් ගන්න ගිය හතරක් මාට්ටුකහටගස්දිගිලිය පොලිස් වසමේ පහළ කුඩා පට්ටිය ප්‍රදේශයේ කාන්තාවකට අයත් ඉඩමක  නිධන්  ගැනීමේ අදහසින...
08/09/2025

නිධන් ගන්න ගිය හතරක් මාට්ටු

කහටගස්දිගිලිය පොලිස් වසමේ පහළ කුඩා පට්ටිය ප්‍රදේශයේ කාන්තාවකට අයත් ඉඩමක නිධන් ගැනීමේ අදහසින් කැණීම් සිදු කරමින් සිටි පුද්ගලයන් සිවු දෙනෙකු ඊයේ (06)දින අත්අඩංගුවට ගත්බව කැබිතිගොල්ලෑව මුලස්ථාන පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පහළ කුඩාපට්ටිය,ත්‍රිකුණාමලය,තල්ගස්වල හා හොරොව්පොතාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරැදු 25ත් 32 අතර වියේ පසුවන පුද්ගලයන් සිවුදෙනෙකි.

ෙමෙම පුද්ගලයන් පහළ කුඩාපට්ටිය ප්‍රදේශයේ කාන්තාවකට අයත් ඉඩමක නිදන් වස්තු ලබාගැනිමේ අරමුණින් කැනීම් කරන බවට පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලිමේදි සැකකරුවන් අත්අංගුවට ගෙන තිබේ.

ඔවුන් නිධන් හැරිම සදහා භාවිතා කළ විදුලි මෝටර් 01 , ගල් විදින මැසින් 01, යකඩ කටු 08, යකඩ මිටි 02, කුලුගෙඩි 01ක් හා පුජා භාණ්ඩද පොලිසිය සිය බාරයට ගෙන තිබුණි.

(දයාරත්න ඇඹෝගම)
lankadeepa .lk

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Lanka police-gossip posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share