Ceylon Post

Ceylon Post “News for the New Generation.”
Fast, Fresh, Fearless

''මරලා, ගිනි තියලා, ජීවිත නැති කරලා, ආණ්ඩු බලය ලබාගන්න දේශපාලනයක අපි නැහැ'' - නාමල් එළැඹෙන 12 වනදා අනුරාධපුරයේදී පැවැත් ...
01/09/2026

''මරලා, ගිනි තියලා, ජීවිත නැති කරලා, ආණ්ඩු බලය ලබාගන්න දේශපාලනයක අපි නැහැ'' - නාමල්

එළැඹෙන 12 වනදා අනුරාධපුරයේදී පැවැත් වීමට නියමිත ජන රැළියට විශාල ජනකායක් රැස්වන බව තේරුම් ගතහොත්, ඊට පෙර තමන්ව සිරගත කිරීමට ආණ්ඩුව කටයුතු කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කලහකාරී අන්දමින් දේශපාලන බලය අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියක තම පක්ෂය නොමැති බවයි මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා,

''ප්‍රධාන වශයෙන්ම අපි කලහකාරී, මරලා, ගිනි තියලා, ජීවිත නැති කරලා, ආණ්ඩු බලය ලබාගන්න දේශපාලනයක අපි නැහැ. ඒ ජවිපෙ ක්‍රමවේදය. ජවිපෙ බලයට ආවේ ඒ විදිහට. අසූ අට අසූ නමයෙදිත් එහෙමයි, 2022දිත් එහෙමයි. ඒ දේශපාලනේ අපි නැහැ. ඒ වගේම තමයි අද දැවැන්ත මර්දනයක් යනවා. ඒ වගේ තමයි මේ දැන් කතා කරන නාමල් රාජපක්ෂ ලබන12 වෙනිදට කලින් ඇතුළට දාන්නත් ආණ්ඩුවට බැරිත් නැහැ. මොකද 12 වැනිද අනුරාධපුරේට විශාල ජනකායක් එනවා කියලා ආණ්ඩුවට දැණුනම, ජනාධිපතිත් ගමින් ගමට යනවනි දැන්. වෙනස තේරෙනවනේ. සමහරවිට 12 වෙනිදා වෙන්න කලින් නාමල් රාජපක්ෂ ඇතුළට දාන්න බැරිත් නැහැ.''

2026. 09. 01

රේගුවෙන් මිලියන 199,629ක ඉලක්කය ඉක්ම වූ වාර්තාගත ආදායමක්...වසරේ ගතවූ මාස 8 තුළ රුපියල් බිලියන 1,832.7ක් ආදායම් වාර්තා කි...
01/09/2026

රේගුවෙන් මිලියන 199,629ක ඉලක්කය ඉක්ම වූ වාර්තාගත ආදායමක්...

වසරේ ගතවූ මාස 8 තුළ රුපියල් බිලියන 1,832.7ක් ආදායම් වාර්තා කිරීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබෙනවා.

පසුගිය අගෝස්තු මාසයට අදාළව ලැබී තිබූ ඉලක්කය රුපියල් මිලියන එක් ලක්ෂ 90,274ක් වන අතර එය පසුගිය 27 වන දිනවන විට සපුරාලීමට හැකි වූ බවයි රේගුව පැවසුවේ.

ඒ අනුව රුපියල් මිලියන එක් ලක්ෂ 99,629ක ආදායමක් අගෝස්තු මසයේදී රේගුව උපයා ඇති.

එමෙන්ම මේ වසර වන විට රේගුව රුපියල් බිලියන 2,206.995 ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට නියමිත බව සඳහන්.

එපමණක් නොව 2025 වසරේදී ද රේගුව සිය ආදායම් ඉලක්ක අභිබවා රුපියල් බිලියන 2,557.535 ක ඉහළ ආදායමක් වාර්තා කළා.

2026. 09. 01

දෙහිබාලේගේ බාල සහෝදරයා 'කළු මල්ලි' ඩුබායි හිදී අල්ලයි සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා ...
01/09/2026

දෙහිබාලේගේ බාල සහෝදරයා 'කළු මල්ලි' ඩුබායි හිදී අල්ලයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා ලැබ සිටින ශෙහාන් සත්සර හෙවත් "දෙහිබාලේ මල්ලි" නම් සැකකරුගේ බාල සහෝදරයා වන පටබැඳිගේ තුෂාන් සත්සර හෙවත් 'කළු මල්ලි' ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පටබැඳිගේ තුෂාන් සත්සර හෙවත් 'කළු මල්ලි' නම් 25 හැවිරිදි සැකකරුට දකුණ පළාතේ සිදුවූ ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය හරහා රතු වරෙන්තු නිකුත් කරයි තිබුණේ.

ශ්‍රී ලංකා පොලිසිය ලබාදුන් තොරතුරකට අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වෙයි.

2026. 09. 01

SSP රොෂාන් අමරසිංහ CID අධ්‍යක්ෂ ධුරයටඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරය සඳහා ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමර...
01/09/2026

SSP රොෂාන් අමරසිංහ CID අධ්‍යක්ෂ ධුරයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරය සඳහා ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ මහතා පත්කර තිබෙනවා.

සේවා අවශ්‍යතා මත පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි අදාළ පත්කිරීම සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීම හේතුවෙන් අධ්‍යක්ෂ ධුරය පුරප්පාඩුවයි පැවතියේ.

කෙසේවෙතත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ ශානි අබේසේකර මහතා තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන බවයි.

2026. 09. 01

හිටපු ඇමති පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ දුෂණ චෝදනාව යටතේ වරදකරු කෙරුණු...
01/09/2026

හිටපු ඇමති පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ දුෂණ චෝදනාව යටතේ වරදකරු කෙරුණු හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය මිට සුළු මොහොතකට පෙර නියම කළා.

2014 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින පෙළපාළියට සහභාගි වූ දේශපාලන ආධාරකරුවන්ට ආහාර ලබාදීම සඳහා ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ ගිණුමෙන් මුදල් ගෙවීමක් සම්බන්ධයෙන් එවකට සිවිල් ගුවන්සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහාධිකරණ හමුවේයි අධිචෝදනා ගොනුකරනු ලැබුවේ.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා හමුවේ සිදුකෙරුණු දීර්ඝ නඩු විභාගයකින් පසු එහි තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අද (01) දිනට දින නියමකර තිබුණා.

රාජ්‍ය සමාගමක් වන ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ ගිණුමෙන් අදාළ සංග්‍රහ කටයුතු සඳහා මාරවිල පිහිටි පෞද්ගලික කේටර්ස් ආයතනයට රුපියල් තුන්ලක්ෂ තිස්දහසක මුදලක් ගෙවා ඇති බවට චෝදනාවල සඳහන් වෙයි.

එහිදී අදාළ මුදල් ගෙවීම සඳහා එවකට සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයාව සිටි පියංකර ජයරත්න මහතා ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ විධායක නිලධාරියා පොළබවා ඇති බවට අධිචෝදනාවල සඳහන් වී තිබුණා.

2026. 09. 01

චීන ජනාධිපති හා රුසියානු ජනාධිපති අතර හමුවක් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා හමුව ...
01/09/2026

චීන ජනාධිපති හා රුසියානු ජනාධිපති අතර හමුවක්

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා හමුව තිබෙනවා.

2026 ශැංහයි සහයෝගිතා සංවිධානයේ නායක සමුළුවට සහභාගි වීම සඳහා දෙරටේ නායකයින් බිෂ්කෙක් අගනුවරට පැමිණ සිටින අතරතුරයි මේ හමුව සිදුව ඇත්තේ.

ඉකුත් මැයි මස රුසියානු ජනපතිවරයා‍ගේ සාර්ථක චීන රාජ්‍ය සංචාරය සිහි කරමින් චීන ජනාධිපතිවරයා කියා සිටියේ එම සංචාරයේදී දෙරට නායකයින් එළඹි එකගතාවන්ට අනුකූලව විවිධ ක්ෂේත්‍රයන්හි දෙරටේ සහයෝගිතා හා හුවමාරු යහපත් අන්දමින් වර්ධනය වෙමින් පවතින බවයි.

ඉදිරියේදී දෙපාර්ශ්වයේ පොදු උත්සාහ යටතේ චීන-රුසියානු සම්බන්ධතා වඩාත් ශක්තිමත් හා ස්ථාවර ලෙස ඉදිරියට වර්ධනය වනු ඇති බව හෙතෙම එහිදී පවසා තිබෙනවා.

වර්තමාන ලෝකය සංකීර්ණ විපර්යාසයන්ට ලක් වෙමින් පවතින අතර ජාත්‍යන්තර තත්ත්වයන්ට අවිනිශ්චිත සාධක රැසක් බලපා ඇතත්, සාමය,සංවර්ධනය, සහයෝගිතාව හා පොදු ජයග්‍රහණය සම්බන්ධයෙන් ලෝකවාසීන්ගේ අභිලාෂය වෙනස් වී නැති බවයි ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දී ඇත්තේ.

එමෙන්ම ගෝලීය කළමනාකරණය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් රුසියාව ඇතුළු ශැංහයි සහයෝගිතා සංවිධාන සාමාජිකයින් සමග එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එසේම රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් එහිදී ප්‍රකාශ කර ඇත්තේ සංකීර්ණ හා වෙනස් වෙමින් පවතින ජාත්‍යන්තර තත්ත්වය හමුවේ රුසියාව හා චීනය දෙරටේ පූර්ණ උපාය මාර්ගික සහයෝගිතාව අඛණ්ඩව ශක්තිමත් කරමින් ලෝකයට ආදර්ශයක් වී ඇති බවයි.

වෙළඳ, බලශක්ති, කාර්මික, ප්‍රවාහන හා විද්‍යා තාක්ෂණ ඇතුළු ක්ෂේත්‍රයන්හි චීනය සමග සහයෝගිතාව තවදුරටත් පුළුල් කරමින් ද්විපාර්ශ්වික සම්බන්ධතා අඛණ්ඩව ඉදිරියට වර්ධනය කිරීමට රුසියාව කැමැත්තෙන් සිටින බව හෙතෙම එහිදී සඳහන් කර තිබෙනවා.

තවද ශැංහයි සහයෝගිතා සංවිධානය ඇතුළු කලාපීය හා ජගත් සංවිධානයන්හි බහුපාර්ශ්වික යාන්ත්‍රණ තුළ චීනය සමග සම්බන්ධීකරණය තහවුරු කිරීමට රුසියාව අපේක්ෂා කරන බවයි රුසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

කලාපීය හා ජාත්‍යන්තර කරුණු සම්බන්ධයෙන් ද නායක දෙපළ මෙහිදී අදහස් හුවමාරු කර ගෙන තිබෙනවා.

2026. 09. 01

ක්‍රොඒෂියාවේදී තාවිට තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක්ශ්‍රී ලංකාවේ මේස පන්දු ක්‍රීඩක තාවි සමරවීර තවත් ජයග්‍රහණයක් වාර්තා කර ති...
01/09/2026

ක්‍රොඒෂියාවේදී තාවිට තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක්

ශ්‍රී ලංකාවේ මේස පන්දු ක්‍රීඩක තාවි සමරවීර තවත් ජයග්‍රහණයක් වාර්තා කර තිබෙනවා.

ඒ, ක්‍රොඒෂියාවේ පැවති මේස පන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලියකදීයි.

එහිදී වයස අවුරුදු 11න් පහළ කේවල අංශයේ රිදී පදක්කම දිනා ගැනීමටයි තාවි සමරවීර ක්‍රීඩකයා සමත් වුණේ.

2026. 09. 01

22 වැනි සංශෝධනයට අදාළව පෙත්සම් 67ක් - පෙ.ව.10ට විභාගය ඇරඹෙයි22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ...
01/09/2026

22 වැනි සංශෝධනයට අදාළව පෙත්සම් 67ක් - පෙ.ව.10ට විභාගය ඇරඹෙයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සම් සංඛ්‍යාව 67ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අතරින් පෙත්සම් 41ක් මාර්ග ගත ක්‍රමයට ගොනුකර තිබීම විශේෂත්වයක්.

ඒ අනුව අද (01) පෙරවරු 10ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම් සලකා බැලීම සිදුවෙනවා.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලෙයි.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 18 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබු අතර ඉන් අනතුරුව එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් ගොනුකිරීමට අවස්ථාව ලබාදී තිබුණා.

ඒ අනුව අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරුවරයා විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඊයේ දිනයේ ප්‍රකාශයට පත්කළ අතර ඒ සඳහා අගවිනිසුරුවරයාට අමතරව අචල වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුනුයි නම් කරනු ලැබුවේ.

2026. 09. 01

කොළඹ වරායෙන් හමුවූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 1,500 ඉක්මවයිකොළඹ වරායේ බහාලුමක් තුළ තිබී හමුවූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම...
01/09/2026

කොළඹ වරායෙන් හමුවූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 1,500 ඉක්මවයි

කොළඹ වරායේ බහාලුමක් තුළ තිබී හමුවූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 472 වටිනාකම රුපියල් කෝටි 1,500කට අධික බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තානු ජාතිකයින් තුන්දෙනෙකු ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මොවුන් අවුරුදු 33, 36 සහ 51 යන වයස්වල පසුවන්නන් වනවා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින්.

විදේශ රටක සිට මුහුදු මාර්ගයෙන් කොළඹ වරාය වෙත රැගෙනවිත් නැවත ප්‍රති අපනයනය කිරීම සඳහා වරාය අංගනයේ තිබූ බහාලුමක තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය ඊයේ (31) දින සොයාගනු ලැබුවා.

කොළඹ වරායේ සී.අයි.සී.ටී. පර්යන්තයේ සැකකටයුතු බහාලුම් 2ක් ඇති බවට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරකට අනුව පසුගිය 17 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කිරීමටයි පොලිසිය පියවර ගෙන තිබුණේ.

ඒ අනුව, ඊයේ මෙම බහාලුම් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය රේගු නිලධාරීන්ගේ සහය ඇතිව පරීක්ෂාවට ලක් කළ අතර, එහි තුවා අඩංගු බහාලුමෙහි සූක්ෂම ලෙස අසුරා තිබූ අදාළ තොගය පැකට් ලෙස අසුරා තිබියදී හමුවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බහාලුම් මෙරටට ගෙන්වන ලද 44 හැවිරිදි දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබු අතර, ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේයි අදාළ පාකිස්තානු ජාතිකයින් තුන් දෙනා කොළඹ ප්‍රදේශයේ හෝටලයක රැදී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී මෙම මත්ද්‍රව්‍ය තොගය පාකිස්තානයෙන් එවා ඇති බවටයි අනාවරණ වී ඇති.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදී තිබෙනවා.

2026. 09. 01

පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ 22වන සංශෝධනයට අදාළ පෙත්සම් සලකා බැලීම අද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්ප...
01/09/2026

පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ 22වන සංශෝධනයට අදාළ
පෙත්සම් සලකා බැලීම අද

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකර ඇති සියලු පෙත්සම් අද (01) සලකා බැලීමට නියමිතව තිබෙනවා.

මෙම පෙත්සම් විභාගය සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඊයේ නම් කළ අතර, එහි සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ද අගවිනිසුරුවරයායි.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 18 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර ඉන් අනතුරුව එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් ගොනුකිරීමට අවස්ථාව ලබාදී තිබුණා.

ඊයේ දිනය දක්වා ඒ සඳහා අවස්ථාව හිමිවූ අතර මෙම පනත් කෙටුම්පත මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතීයේ ආධිපත්‍යයට හානි වන බව සඳහන් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිතා කරන බව ප්‍රකාශ කරන ලෙස ද, එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය සම්මත කර ගැනීමට ජනමත විචාරණයකට යොමුකරන ලෙසත් ඉල්ලමිනුයි පෙත්සම් ගොනු කර ඇත්තේ.

එමෙන්ම ඊට පක්ෂව සහ විපක්ෂව පෙත්සම් 40කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් වී තිබෙනවා.

ඒ අනුව අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරුවරයා විසින් පංච පුද්ගල විනිසුරුමඩුල්ලක් ඊයේ දිනයේ ප්‍රකාශයට පත්කළ අතර ඒ සඳහා අගවිනිසුරුවරයාට අමතරව නම් කරනු ලැබුවේ අචල වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුනුයි.

ඒ අනුව අද පෙරවරු 10 සිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම් සලකා බැලීමට නියමිතව තිබෙනවා.

කෙසේවෙතත් පෙත්සම් විභාගය ආරම්භයේ දීම පෙත්සම් සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 13දෙනාම අසුන් ගතයුතු බවට කරුණු ඉදිරිපත් කිරීමට සූදානම් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා පැවසුවේ.

ඔහු පෙන්වා දෙන්නේ අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 13දෙනාම අසුන් ගතයුතු බවට සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පෙත්සම්කාර පාර්ශ්වයන් ඉල්ලා තිබුණු බවයි.

ඒ අනුව අද උදෑසන පෙත්සම් සලකා බැලීම ආරම්භයේදීම සියලු පෙත්සම්කාර පාර්ශවයන් ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට සූදානම් බව අජිත්.පී. පෙර්රා මන්ත්‍රීවරයා සඳහන් කළා.

මේ අතර මෙම යෝජිත 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට නිසැකවම විරුද්ධ වන ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ස්ථාවරයට සහාය දක්වමින් දිවයින පුරා වෘත්තීය සංවිධාන සහ වෘත්තීය සමිති 40ක නියෝජිතයින් ඒකාබද්ධ ප්‍රකාශයක් සම්මත කරගනු ලැබුවේ ඊයේ පස්වරුවේයි.

2026. 09. 01

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Post posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share