SL SB News

SL SB News Sri Lankan Daily Dose !

පාසල් සහ උපකාරක පන්ති සිසුන්ට ගංජා මිශ්‍ර විෂ මත්ද්‍රව්‍ය අලෙවි කළ සැකකරුවෙකු ගල්නෑව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ....
12/08/2026

පාසල් සහ උපකාරක පන්ති සිසුන්ට ගංජා මිශ්‍ර විෂ මත්ද්‍රව්‍ය අලෙවි කළ සැකකරුවෙකු ගල්නෑව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්නෑව පොලීසියට ලද තොරතුරක් මත එම පොලීසියේ නිලධාරී කණ්ඩායමක් සහ උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පළාත් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් එක්ව සිදුකළ වැටලීමකදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සැකකරු සතුව තිබී ගංජා මිශ්‍ර කුඩා පැකට් 94ක් ග්‍රෑම් 150 බැගින් අඩංගු බෝතල් 15ක් හා ග්‍රෑම් 250 බැගින් අඩංගු බෝතල් 21ක් වශයෙන් ගංජා මිශ්‍ර මත්ද්‍රව්‍ය කිලෝ 09 ග්‍රෑම් 296ක් පොලිස් භාරයට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරු අවුරුදු 23ක් වූ සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධව ගල්නෑව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

මල­යා­සි­යා­වේදී අල්ලා­ගත් ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් රත්ම­ලානේ සයිමා නමැති පාතා­ලයේ ප්‍රබල මත්කුඩු ජාවා­ර­ම්කරු මෙර­ටට රැගෙන ...
11/08/2026

මල­යා­සි­යා­වේදී අල්ලා­ගත් ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් රත්ම­ලානේ සයිමා නමැති පාතා­ලයේ ප්‍රබල මත්කුඩු ජාවා­ර­ම්කරු මෙර­ටට රැගෙන ඒමට හැකි­යාව ලැබී ඇත්තේ, පිළි­ම­ත­ලා­වේදී ව්‍යාපා­රි­ක­යෙක් පැහැ­ර­ගෙන පහ­ර­දීම සම්බ­න්ධ­යෙන් වූ නඩු කට­යු­ත්තේදී අධි­ක­ර­ණය මඟ­හැර සිටීම හේතු­වෙන් නිකුත් කළ විවෘත වරෙ­න්තු­ව­කට අදා­ළව ලබා­ගත් රතු නිවේ­ද­න­ය­කින් බව පොලිස් තොර­තුරු සඳ­හන් කළේය.

සයිමා නමැති පාතාල අප­රා­ධ­කරු මල­යා­සි­යා­වේදී පසු­ගිය ජූලි 27 වැනිදා කොටු­කර ගන්නා විටත් ඔහුට එරෙ­හිව ජාත්‍ය­න්තර පොලී­සිය මඟින් රතු නිවේ­ද­න­යක් නිකුත් කර තිබී නැත.

ඒ හේතු­වෙන් ඔහුව මෙර­ටට රැගෙන ඒම සම්බ­න්ධ­යෙන් දැඩි නීති­මය ගැටලු රැස­කට මුහුණ දීමට වැට­ලී­මට මෙර­ටින් සම්බන්ධ වූ සහ­කාර පොලිස් අධි­කාරී රොහාන් ඕලු­ගල ඇතුළු නිල­ධා­රීන්ට සිදුව තිබුණි.

සයිමා විසින් 2014 වස­රේදී පිළි­ම­ත­ලාවේ වෙ‍ෙළ­ඳ­සල් හිමි­ක­රු­වෙ­කුට පහ­රදී ඔහුව පැහැ­ර­ගෙන ගොස් කප්පම් ගැනී­මක් කර තිබුණි. ඒ සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පැවැත්වූ පේරා­දෙ­ණිය පොලී­සිය ඔහුව අත්අ­ඩං­ගු­වට ගෙන තිබුණි. කලක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ග­තව සිටි ඔහු ඇප ලබා නිද­හස් වීමෙන් අන­තු­රුව, නඩු විභා­ග­යන් පැවැ­ත්වෙන විට අධි­ක­ර­ණය හමුවේ පෙනී සිට නැත. 2016 වස­රේදී එම වෙ‍ෙළ­ඳ­සල් හිමි­කරු වෙඩි තබා ඝාත­නය ද කර තිබුණි.

අධි­ක­ර­ණය මඟ­හැර සිටීම හේතු­වෙන් සයි­මාට එරෙ­හිව අධි­ක­ර­ණය විසින් විවෘත වරෙ­න්තු­වක් නිකුත් කර තිබී ඇත. එම විවෘත වරෙ­න්තුව ඉංග්‍රීසි භාෂා­වෙන් නැවත නිකුත් කර­වා­ගෙන ජාත්‍ය­න්තර පොලී­සි­යට ඒ බව දැනුම්දී සයි­මාට එරෙ­හිව රතු නිවේ­ද­නය ලබා­ගෙන ඇත්තේ ඉකුත් සති අන්ත­යේ­දීය. සයි­මාව මෙර­ටට රැගෙන ඒමට මෙත­රම් කාල­යක් ගතවී ඇත්තේ එබැ­වින් බව පොලිස් තොර­තුරු සඳ­හන් කළේය.

විම­ර්ශන කට­යුතු සඳහා සයි­මාව මහ­නු­වර කොට්ඨා­ස­යට භාර­දී­මට නිය­මිත බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක සහ­කාර පොලිස් අධි­කාරී නීති­වේදී උද­ය­කු­මාර වුඩ්ලර් මහතා පැව­සීය.

සයිමා සමඟ කොටු­ක­ර­ගත් සෙසු සැක­ක­රු­වන්ට රතු නිවේ­දන නිකුත් කර තිබී නැත. උප­ක්‍ර­ම­ශී­ලීව ඔවුන් දෙදෙ­නාව මෙර­ටට රැගෙන ඒමට පිය­වර ගෙන තිබේ. ඔවුන්ද සයි­මාව රැගෙන ආ ගුවන් යාන­යේම රැගෙන ඒමට පිය­වර ගෙන ඇත.

ශ්‍රීල­න්කන් ගුවන් සේව­යට අයත් UL315 දරන ගුවන් යාන­යෙන් සයිමා සමඟ ඔවුන්ව ඊයේ සවස මෙර­ටට රැගෙන එන ලදි. ගුව­න්තො­ටු­පො­ළේදී අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් විසින් ඔවුන්ව අත්අ­ඩං­ගු­වට ගැනී­මට කට­යුතු කළේය.

මගී ප්‍රවාහන බස් රථවල සවිකර තිබෙන ස්පීකර් මගින් අධික ශබ්ද නිකුත් කරන්නේ නම් රුපියල් මිලියනයක් දක්වා දඩ අයකළ හැකි පරිදි ජ...
11/08/2026

මගී ප්‍රවාහන බස් රථවල සවිකර තිබෙන ස්පීකර් මගින් අධික ශබ්ද නිකුත් කරන්නේ නම් රුපියල් මිලියනයක් දක්වා දඩ අයකළ හැකි පරිදි ජාතික පාරිසරික පනත සංශෝධනය කර තිබෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිල මහේෂ් රාජපක්ෂ පැවැසීය. ප්‍රජා ඝෝෂාවන්ට අදාළව ද නීතිමය පියවර ගතහැකි පරිදි ජාතික පාරිසරික පනතට නව සංශෝධන එකතු කර තිබෙන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටී.

අතීතයේ සිටම බුද්ධාගමට හෝ බෞද්ධ උරුමයන්ට හානි කිරීමට උත්සාහ කළ කිසිදු නායකයෙකුට ඉදිරියට යාමට නොහැකි වූ බවත්, එම නිසා වත්ම...
11/08/2026

අතීතයේ සිටම බුද්ධාගමට හෝ බෞද්ධ උරුමයන්ට හානි කිරීමට උත්සාහ කළ කිසිදු නායකයෙකුට ඉදිරියට යාමට නොහැකි වූ බවත්, එම නිසා වත්මන් ජනාධිපතිවරයා ද බුද්ධාගමට අත තැබීමට උත්සාහ නොකළ යුතු බවත් සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළේ, යම් හෙයකින් ආණ්ඩුව බුද්ධාගමට හෝ ශාසනයට හානිකර වන අයුරින් කටයුතු කළහොත් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ද සිදුවන්නේ ගෙදර යාමට බවයි.

තමන්ව සිර­ගත කර ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ සටන නැවැ­ත්වී­මට කිසි­වි­ටක හැකි­යා­වක් නොමැති බව එහි ජාතික සංවි­ධා­යක නාමල්...
11/08/2026

තමන්ව සිර­ගත කර ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ සටන නැවැ­ත්වී­මට කිසි­වි­ටක හැකි­යා­වක් නොමැති බව එහි ජාතික සංවි­ධා­යක නාමල් රාජ­පක්ෂ මහතා සඳ­හන් කළේය. ඒ මහතා මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණු රැස්වීම් මාලාවේ අනු­රා­ධ­පුර, නාච්චා­දූව නග­රයේ පෙරේදා (09) පස්ව­රුවේ පැවැති ජන­හ­මු­වට එක් වෙමිනි.

ගොවි ජන­තා­වගේ ගැට­ලුව වෙනු­වට ජනා­ධි­ප­ති­ව­රයා ඇතුළු රජ­යට විශාල ප්‍රශ්න­යක් බවට පත්ව ඇත්තේ ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සු­රු­ව­රුන්ගේ විශ්‍රාම කාලය වැඩි කිරීම බවත් මෑත ඉති­හා­සයේ ගොවි ජන­තාව බඩ­ගින්නේ සිටින එකම කාලය වත්මන් ජනතා විමුක්ති පෙර­මුණ ප්‍රමුඛ ආණ්ඩුව සමය බවද නාමල් රාජ­පක්ෂ මහතා පැව­සීය.

නිෂ්පා­දන පිරි­වැය සැල­කි­ල්ලට ගෙන සාධා­රණ මිලක් ගොවි­යාට ලබා­දී­මට ආණ්ඩුව අපො­හො­සත් වී තිබෙ­නවා. වී අස්වනු නෙළන සමය වන විට සහල් ආන­ය­නය කර­මින් තමන්ගේ හිත­ව­තුන්ට මුදල් ඉප­යී­මට කට­යුතු කිරීම වත්මන් රජයේ අර­මු­ණයි. මේ වන­තෙක් විනා­ශ­යට පත් වැව් අමුණු පිළි­ස­කර කිරී­මට රජය කට­යුතු කර නොමැති බවද සඳ­හන් කළේය.

වත්මන් රජයේ වංචා, දූෂණ සම්බ­න්ධ­යෙන් විප­ක්ෂය විවේ­ච­නය කරන විට ආණ්ඩුව කල­බල වී තිබෙ­නවා. අසත්‍ය ප්‍රකාශ මත බල­පෑම් සිදු­කර අසත්‍ය සාක්ෂි නිර්මා­ණය කළ ද මෙරට අධි­ක­රණ පද්ධ­තිය විනාශ කිරී­මට විනි­ශ්ච­ය­කා­ර­ව­රුන් කිසි­වි­ටක ඉඩ නොත­බන බවත් තමන්ව සිර­ගත කර ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ සටන නැවැ­ත්වී­මට කිසි­වි­ටක වත්මන් නාය­ක­යන්ට හැකි­යා­වක් නොමැති බවත් නාමල් රාජ­පක්ෂ මහතා පැව­සීය.

මීගමුව, මහර, නව මැගසින්, පල්ලන්සේන සහ කුරුවිට යන බන්ධනාගාර වල පසුගිය දිනවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් සිදු වූ...
11/08/2026

මීගමුව, මහර, නව මැගසින්, පල්ලන්සේන සහ කුරුවිට යන බන්ධනාගාර වල පසුගිය දිනවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් සිදු වූ දේපළ හානිය රුපියල් මිලියන 255කට අධික බව අනාවරණය වී තිබෙනවා.

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ඊයේ (10) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදීයි මේ පිළිබඳ අනාවරණය වී ඇත්තේ.

බන්ධනාගාර රැඳවියන් කළහාකාරී ලෙස හැසිරීම අවම කර ගැනීම සඳහා වැඩි වශයෙන් මනෝ වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බදුන් වී තිබෙනවා.

එසේම තංගල්ල ප්‍රදේශයේ බන්ධනාගාරයක් පිහිටුවීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ විෂය භාර අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් නිකුත් කර තිබුණා.

නගරයේ අවන්හලකින් ආහාර ද්‍රව්‍ය ලබාගෙන ඒ වෙනුවෙන් රුපියල් 5,000 ක ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබා දී ඉතිරි මුදල්ද මාරු කරගෙන ග...
10/08/2026

නගරයේ අවන්හලකින් ආහාර ද්‍රව්‍ය ලබාගෙන ඒ වෙනුවෙන් රුපියල් 5,000 ක ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබා දී ඉතිරි මුදල්ද මාරු කරගෙන ගිය කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සඳහා දකුණු කළුතර පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙම සිද්ධිිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ දකුණු කළුතර ගාලු පාරේ මෙම අවන්හල පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙක්.

තමා සහ මව කළුතර නගරයේ බේකරි කෑම අලෙවි කරන අවන්හලක් පවත්වාගෙන යන බවත්, ඉකුත් 08 වන දින කාන්තාවක් පැමිණ මවගෙන් ආහාර වර්ග කීපයක් ලබාගෙන ඒ වෙනුවෙන් රුපියල් 5,000 ක නෝට්ටුවක් දී ඉතිරි මුදල්ද ලබාගෙන පිටව ගොස් ඇති බවත් පැමිණිලිකරු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්.

පසුව පැමිණිලිකරුගේ මව රුධිර සාම්පලයක් ලබා ගැනීම සඳහා ඊයේ (09) කළුතර නගරයේ වෛද්‍ය ආයතනයකට ගොස් මෙම රුපියල් 5,000 නෝට්ටුව ඉදිරිපත් කළ අවස්ථාවේදී, එය ව්‍යාජ මුදල් නෝට්ටුවක් බව පවසා එම ආයතනය එය ප්‍රතික්ෂේප කර ඇතැයි ද පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්වෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දකුණු කළුතර පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද දැනුම්දී ඇතැයි වාර්තා වෙනවා.

මාලිගාවත්ත - සංඝරාජ මාවත ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.මෙසේ ජීවිතක්ෂයට ප...
10/08/2026

මාලිගාවත්ත - සංඝරාජ මාවත ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කංජිපානි ඉමරාන් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ මාමා බවට වාර්තා වූ බව පොලිසිය සඳහන් කළා.

එම පුද්ගලයා ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක හිමිකරුවෙකු බවයි අනාවරණය වී ඇත්තේ.

කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතරද අද (07) නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.බන්ධනාගාර ප්‍රකාශයෙකු සඳහන් කර සිටි...
07/08/2026

කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතරද අද (07) නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

බන්ධනාගාර ප්‍රකාශයෙකු සඳහන් කර සිටියේ, ඊයේ (6) රාත්‍රියේ මෙම නොසන්සුන්තාව හටගෙන තිබූ බවත්, පසුව එය පාලනය කිරීමට කටයුතු කළ බවත්ය.

කෙසේ නමුත් අද උදෑසන යළිත් රැඳවියන් අතර නොසන්සුන්තාවක් ඇතිව තිබේ. රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහලටද අලාභහානි කර ඇති බව වාර්තා වේ.

ඒ හේතුවෙන් තත්ත්ය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ලකර ඇති බව සඳහන්ය.

මේ අතර කොළඹ නව මැගසින් බන්ධනාගාරයේද ඊයේ රාත්‍රියේ රැඳවියන් පිරිසක් අතර යම් නොසන්සුන්තාවක් ඇතිවූ අතර, ඒ හේතුවෙන් පොලීසිය, පොලිස් කැරලි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) වහාම කැඳවා අද උදෑසන වනවිට එහි තත්ත්වය පාලනය කරනු ලැබීය.

සුදු ඇඳගෙන සාටක දමා සිටිය ද, රටේ සිදු කරන ලද දැවැන්ත ඝාතනයන්ට, මංකොල්ලකෑම්වලට හා මහජනයාගේ දේපළ විනාශ කිරීම්වලට පාදක වූ ප...
06/08/2026

සුදු ඇඳගෙන සාටක දමා සිටිය ද, රටේ සිදු කරන ලද දැවැන්ත ඝාතනයන්ට, මංකොල්ලකෑම්වලට හා මහජනයාගේ දේපළ විනාශ කිරීම්වලට පාදක වූ පිරිස් විසින් පොලිස්පතිවරයාගේ අපරාධ විමර්ශන ක්‍රියාවලියට එරෙහිව ප්‍රකාශ සිදු කරමින් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

ඒ අනුව, පොලිස්පතිවරයා මහමග මරා දැමිය යුතු බවට සාහසික ප්‍රකාශ කිරීමට තරම් ඔවුන් මොන තරම් ම්ලේච්ඡත්වයෙන් යුතුව, මනෝ විකාරී ස්වරූපයෙන් කටයුතු කරනවා ද යන්න කාටත් පැහැදිලි වන බවයි අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ජාවාරම්කාරයන්ගේ මුදල්වලින් යැපුණු සහ අල්ලසට, දූෂණයට, වංචාවට සම්බන්ධ වී රටේ ජනයාගේ මහජන දේපළ කොල්ලකන ලද පිරිස්වලට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක වන විට මෙවැනි ප්‍රකාශ සිදු කරන බවත්, සිදු කරන ලද මෙම ප්‍රකාශය රටේ නීතිය හා සාමයේ පැවැත්මට එරෙහිව කරන ලද තර්ජනයක් බවත් එහිදී ඔහු ප්‍රකාශ කළා.

ආරම්භ කර ඇති විමර්ශන අතරමඟ නැවැත්වීමට හෝ ඒවාට බාධා පමුණුවන්නට හෝ අභියෝග කරන්නට මෙම ප්‍රකාශ හරහා ඔවුන්ට කිසිදු හැකියාවක් නොමැති බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Address

1
Colombo
01200

Website

Alerts

Be the first to know and let us send you an email when SL SB News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share