V II H A

V II H A සඳට පුළුවන්
රැයේ අඳුර නිවන්න විතරමද 🤍

21/05/2026

Weekend එකේ නියං වැස්ස අරගෙන එන්නම් ! 🥹🤍

උදේ බලනකොට මෙන්න මේ පහල තියෙන badge එක ඇවිල්ල කියන්නකෝ 😌🤍මම මේ කල්පනා කලේ සතියට වැඩිම වුණොත් පෝස්ට් දෙකක් විතර දාන මගේ ම...
15/05/2026

උදේ බලනකොට මෙන්න මේ පහල තියෙන badge එක ඇවිල්ල කියන්නකෝ 😌🤍

මම මේ කල්පනා කලේ සතියට වැඩිම වුණොත් පෝස්ට් දෙකක් විතර දාන මගේ මොන consistent ද කියලා !!!!

මට හිතෙන්නේ වැරදිලා දුන්නු එකක්.
කමක් නෑ සතියක් ඉඳලා මම Consistent නෑ කියලා තේරුණාම එයාම යන්න යයි නේ 😁

ඒ වුණාට හම්බ වුණු පලවෙනි එක නිසා පොඩි මෙව්වා එකක් තියෙනව 🤧

05පස්වැනි වැස්ස 🤍" ඉස්පිරිතාලේ ට මෙහායින් අපිව දාගෙන යන්ට "ඈ සෙමෙන් පවසන්නට වූයේ නිකමට හෝ ඔහු දෙස ට දෑස් යොමු නොකරමින්. ...
13/05/2026

05
පස්වැනි වැස්ස 🤍

" ඉස්පිරිතාලේ ට මෙහායින් අපිව දාගෙන යන්ට "

ඈ සෙමෙන් පවසන්නට වූයේ නිකමට හෝ ඔහු දෙස ට දෑස් යොමු නොකරමින්.
සහස්වර සෙමෙන් පිටුපස ආසනය දෙස බලන්නට වූයේ ඉදිරිපස වූ කණ්නාඩියෙනි.

ඇගේ ලය වෙනදාට වඩා වේගයෙන් උස් පහත් වන්නේ කලබල වි ඇති නිසාවෙන් වග ඔහුට වැටහිණි.

" ඇයි "

" මේ......අපි එකම වාහනේ යනවා දැක්කොත් හරි නැහැනේ "

සහස්වරයන් අමුතු සිනහවක් මුවේ රඳවා ගන්නට වූයේ හිතේ වූ කේන්තිය පාලනය කරගන්නා අතරේ ය.

" කවුද "

" ගමේ අය හෙම "

" හ්ම්....."

කිසිවක් නොකියාම ඔහු රෝහල පේන මානයේ මොටර් රථය නවතන්නට වූයේ ඇගේ ඉල්ලීම නිසාවෙනි.

" ස්තූතියි "

එපමනක් කියු ඈ සෙමෙන් බෑගය කරේ දමාගෙන කොලු පැටියා සමගින් බැස ගන්නට වූයේ සහස්වර හැගිම් විරහිත දෑසින් ඔවුන් දෙස බලා සිටින අතරේ ය.

ඔහුගේ හිත නොරිදෙන බැව් කිවහොත් එය අමූලික මුසාවක් වනු නියතය.
ඔහුට හිමි නොවුවාට වැඩියෙන් රිදෙන්නේ ඈ ගෙවන කටුක දිවිය ඇස් ඉදිරිපිට පේන්නට ඇති නිසාවෙනි.

දිනෙක ඈ අතින් අල්ලාගෙන ඇවිද යන්නට පෙරුම් පිරුවා ද දැන් එයට කුඩා හිමිකරුවෙක් ඇත!

ඇස් බෝල කරමින් කොලු පැටියා ඔහු දෙස බලන විට අතිතය ඉබේටම සිහි වෙන බැව් කෙසේ නම් පවසන්න ද.

ගැඹූරු හුස්මක් ගත් සහස්වර දුනුවිල එතනින් පිටව යන්නට වූයේ යුවතිය ඔහු නොපෙනී යන තෙක් බලා සිටින අතරේ ය.

---------🤍

1994 වසරට...........

" බහින්න අදහසක් නැත්ද බං "

සහස්වර දුනුවිල පියවි සිහියට ආවේ මිතුරාගේ හඬිනි.
වටපිට බැලූ ඔහුට පෙනුනේ පිච්ච මල් යුවතිය ඒ වනවිටත් බස් රථයෙන් බැස අවසන් බවයි.

" ඉන්න එන්නම් "

මඳක් පොඩි ව ගිය සුදු කමිසය අතින් පිළිවෙල ක‍් කරගන්නා අතරේ ඔහු පිටත් වන්නට විය.

" මම නම් අපේ රටේ සමහර මිනිස්සු මේ තරම් දුකක් විඳිනවා කියන්ට දැනගත්තේ අද "

දානයේ අනෙක් කටයුතු සදහා උදවු කරන් අතරේ එක් සිසුවෙක් පවසන්නට වූයේ මෙහි පැමිණි පසු අත්විඳින්නට වූ දෑ නිසාවෙනි.

දවල් දානය සදහා පිස තිබුනේ නෙළුම් දඬු ව්‍යංජනය , වැවු මාළු, පරිප්පු සමඟින් තැම්බූ සහලෙන් බත් පමණි.

විශ්ව විද්‍යාලයේ සිසුන් හැරෙන්නට ගම් වැසියන් දක්නට ඇත්තේ අතලොස්සක් පමණෙකි.

මන්ද උතුරු නැගෙනහිර යුද්ධය මැද්දේ මායිම් ගම්මානවල හුන් බොහොමයක් දෙනා ගම් බිම් හැර දමා ගොස් අවසන් හෙයිනි.
තවත් සමහරෙක් මේ වනවිටත් යුද්ධයේ කුරිරු බව හමුවේ අවසන් ගමන් ගොස් අවසන්ය!

කාෂ්ටක පොලොවේ වතුර ඩිංගක් උගුර පහළට දමා ගැනීම පවා අපහසු වූයේ කිවුල් රස නිසාවෙනි.

එහෙන් මෙහෙන් අටවා ගත් ටකරං , මැටි නිවෙස් මිසක් තට්ටු ගණන් විසල් නිවෙස් දක්නට දුලබ දසුනකි.

කොළ පාට කෙසේ වෙතත් දුහුවිලි පාට මුළු ගමම අරක් ගෙන ඇති සැටිය.

අහම්බෙන් වැදුණු වෙඩි ප්‍රහාර නිසාවෙන් බිත්ති වල තැනින් තැන සිදුරු දක්නට ඇත.

" මේ මිනිස්සු දැන් මේවාට පුරුදු වෙලා. අපිට අමාරු වුණාට එයාල ඒවාට හැඩ ගැහිලා. යුද්දෙ ඉක්මනට නතර වුණොත් මේ මිනිස්සුන්ට සැනසීමෙන් ඉන්ට ලැබෙයි"

" ඒක ඇත්ත දේවක. ත්‍රස්තවාදීන් මරා ගනිද්දී අසරණ වෙන්නේ අපේම මිනිස්සු "

" හ්ම්...."

ඔය අතරේ සහස්වර දුටුවේ පැමිණ සිටි අයවලුන්ට තේ අල්ලමින් උන් පිච්ච මල් යුවතිය යි.

සුදු පැහැ ලේස් බ්ලවුසයක් සමඟින් දිගු සායක් හැද උන් ඈ වෙනදාටත් වැඩියෙන් පින්බර බැව් ඔහුට සිතිනි. දිගු ඝනකම් කොන්ඩය පිට දිගේ වැටි ඇත.

මොකක්ද නොරිස්සුම් කමක් සහස්වරයන්ට දැනෙන්නට වූයේ බොහෝ දෙනා සහස්වර මෙන්ම ඒ රුව දෙස බලා සිටින්නට වූ හෙයිනි.

' තේ අල්ලන්න මෙයා ම යන්ට ඕනද. ඇයි වෙන කාට හරි යන්ට බැරි '

ඔහු නොදැනීම සිතින් තර්ක කරන්නට විය.

" දේවක.......දේවක "

" මොකද බ/න් "

" මොන සිහියෙන් ද ඉන්නේ. දැන් මේ කෙල්ල කීයේ ඉඳන් උඹ ඉස්සරහ හිටගෙන ඉන්නද "

ඉදින් ඔහුගේ පිච්ච මල් යුවතිය උන්නේ ඔහුට සෙන්ටි මීටර් කිහිපයක් ඉදිරියෙන් පමණි!

හදවත ' ඩිග් ඩිග්' ගාන්නට වෙත්දී ඔහු සෙමෙන් කහට කෝප්පය ගන්නට වූයේ අනිත් අතින් හකුරු කැටයක් ගන්නා අතරේ ය.

යුවතිය නම් උන්නේ මොකක්දෝ කෝල කමක් නිසාවෙන් බිම වූ වැලි කැට ගනන් කරමින්ය. ඈ නිවැරදිව ගනන් කරන්ට වූයේ ද යන්න නම් දන්නේ ඈම පමණි.

සහස්වර සෙමෙන් කහට කෝප්පය රස විඳින්නට වූයේ ඔහුට පිටුපා යන යුවතිය දෙසම බලමිනි.

" දේවක........"

" හ්ම්....."

" මගේ මොලේ දෙයක් කියනවා බං උඹේ ඔය හිනාව දැක්කම "

" මො...න හිනාව ද...."

" ඔය.....තව ඩිංගෙන් පිට උගුරේ යනවා "

" මොනවා කියවනවාද මන්ද "

" හ්ම්.....ඔහොම යමු කෝ මහත්තයා. අපිත් මේ ළඟම නේ ඉන්නේ "

" අනේ නිකං ඉන්ට විකාර නොකියා "

" අපි බලමුකෝ.... "

තවත් එතැන සිට ඔවුන්ගේ විසුළු වලට හසු වන්නට ඇති අකැමැත්ත නිසාවෙන් සහස්වර දුනුවිල සෙමෙන් නිවස දෙසට යන්නට වූයේ හිස් කෝප්පය ද රැගෙනය.

නිවසේ ජලය ලබා ගැනීමට වූ එකම මාර්ගය වූයේ නිවස අසල වූ නළ ලිඳ පමණෙකි.

" අයියේ ඕක දෙන්ට "

" මො...කක්ද "

" තේ..... කෝප්පය "

" මොකටද "

" හෝදන්න "

" කමක් නැත්ද "

" මේ ටිකත් හෝදන්න ඕන. ඒ නිසා ඕකත් දෙන්ට මේ එක්කම හෝදන්න "

ප්ලාස්ටික් බේසම පුරවාගෙන විදුරු කෝප්ප පිගන් රැගෙන ආ පිච්ච මල් යුවතිය ඔහු සමඟින් එලෙස කතා කිරීම ඔහුටම පුදුම සහගත විය.

නමුත් ඇගේ රත් පැහැ ගැන්වුණු කම්මුල් ඇගේ කෝල බව මනාවට ඔහුට පෙන්නුම් කරන්නට විය.

ඉදින් තවත් කිසිවක් නොකියාම ඔහු ඇයට
කෝප්පය දි මඳක් ඉවත් වන්නට වූයේ සෙමෙන් ඈ දෙස බලමිනි.

සහස්වර දුටුවේ දහඩිය හමුවේ ඈ දෙඅත් මෙන්ම යටි පතුල් පවා රත් පැහැ ගැන්වී ඇති අයුරුයි.

ඈ කෙසේවත් මෙවන් පරිසරයක හැදී වැඩුණු අයෙක් නොවන වග පැහැදිලි වන්නට විය.

" මේ.....තනියම මෙතැන ඉන්ට එපා "

සහස්වර දුනුවිල කියන්ට වූයේ නිවසින් මඳක් එපිටින් ඔවුන් සිටින නිසාවෙනි.

" යාළුවෝ තව භාජන අරගෙන එනවා. මම එතකන් ආවා ඉක්මනට ඉවර කරන්ට පුළුවන් නිසා "

" හ්ම්.....මම ඉන්නම් එතකන් "

ඉදින් හිතවත් පාඨකයෙනි ; ප්‍රේමය යනු ප්‍රකාශ කිරීමක් බැව් මා විස්වාස නොකරමි

ප්‍රේමය යනු ක්‍රියාවෙන් ඔප්පු කිරීමක් විනා කතාවෙන් ඔප්පු කිරීමක් නොවේ!

කියන්ට නම් කාටත් පුළුවන!
නමුත් පෙන්වීමට හැක්කේ සුළුතරයකට පමණි!
අන්න ඔවුන් නම් හැබෑවටම ප්‍රේමවන්තයෝය !
සහස්වර දුනුවිල ද නිතැතින්ම එයින් එකෙකි!

යාබද වූ කොන්ක්‍රීට් කණුවකට හේත්තු වී ඔහු උන්නේ ඈ දෙස බලමිනි.

මුහුණට වැටෙන කරදරකාරී හිස කේ කන අසල රඳවා ගන්නා අයුරු බලන්ට ආසා හිතෙයි!

යුවතියක් නළලට උනන දහඩිය අතින් පිස ලා ගැනීම මෙතරම් සිත් ගන්නා සුළු බැව් ඔහු පලමු වරට සිතන්ට විය.

ඒ සිහින් අතැඟිලි සබන් බදුන් දිගේ ඇවිද යන අයුරු අපූරුය.
..........

" මෞර්යා "

" හ්ම්....."

" අර දේවක අයියා මොනවද මෙතැනට වෙලා කරේ "

ඉදින් පිච්ච මල් යුවතිය ගල් කරන්ට ඇගේ මිතුරිය වූ අරලියා සමත් විය. මිතුරිය ඇගෙන් විමසන්නට වූයේ ඔවුන් පැමිනෙන විට සහස්වර දුනුවිල ඈ අසල සිට පිටව යන්නට වූ නිසාවෙනි.

" මේ....මම තනියම උන්නු හන්දා හිටියා "

" ඈ......කවදා ඉඳන් ද එයා කෙල්ලන්ට තනි රකින්න ආවේ "

" ඇයි "

" අනේ කෙල්ලේ.....දේවක අයියා කෙල්ලො දිහා ඇහැක් ඇරලා බලන්නේ නැහැ. කැම්පස් ඇවිත් අවුරුදු දෙකක් වුණාට ඔය අවුරුදු දෙකේම වැඩකට ඇරෙන්න කෙල්ලො එක්ක නම් ගනුදෙනු නෑ "

" එහෙමද "

" ඔව්....මෙතැන දෙන්න තනියම ඉන්න කොට මට පුදුම හිතුණා. මට හිතෙන්නේ කොල්ලා උඹ ගැන ටිකක් හොයනවා වගේ"

" අර....මොකටද "

" මම දන්නේ කොහොමද. සමහර විට ඔයා ගැන කැමැත්තක් ඇති "

" පිස්සුද අරලියා...... දේවක අයියා හැමෝම ගැන හොයලා බලනව. ක්ලබ් එකේ වැඩ වලදි වුණත් එහෙම නේ. එයා හරිම රෙස්පොන්සිබල් මනුස්සයෙක් "

" අප්පේ......කෙල්ල එයා ගැන දන්න තරම් "

" අනේ නිකං ඉන්ට. මම යනවා "

බොරු තරහ ක් මවා ගනිමින් ඈ පිටව යන්නට වූයේ සෝදාගෙන අවසන් බදුන් සියල්ල ද රැගෙන ය.

ඈ ද නොදන්නා යමක් ඔහු ගැන සිතෙන වග පිච්ච මල් යුවතිය ද දන්නා කරුණකි.

විශ්ව විද්‍යාලයේ මිතුරියන් ඔහු ගැන කතා බස් කරන විට මොකක්දෝ තරහ වක් දැනෙන්නේ ඔහුව දුටු දින පටන් බැව් සැබෑවකි.

ඔහු අසල ඉන්නා කල මොකක්දෝ හිරියක් සිරුර පුරා දුවන්නට ගනියි.

නමුත් ඒ ප්‍රේමය ද යන්න ඇය තවමත් නොදනී!

-------🤍

" පුතා හදිසියේම කොහෙද යන්ට ගියේ "

නිවසට ගොඩ වන විටම මිත්තණිය අසන්නට වූයේ උදෑසන ආහාරය පවා නොගෙන ඔහු පිටත්ව ගිය හෙයිනි.

" මේ.....පොඩි වැඩකට අත්තම්මා "

" අනේ මන්දා කොල්ලෝ...මයේ ප්‍රෙසර් නගින වැඩ කරන්ට එපා. යන තැනක කියලා යන්ට "

" හරි අත්තම්මා.....එහෙම කරන්නම් අනේ"

" අන්න උදේට ඉඳිආප්ප හදල තියෙනව පොල් සම්බෝල යි කිරි හොදි එක්කල. බාගෙට තම්බාපු බිත්තර හෙමත් ඇති. අත් හෝදන් කන්ට ගිහින් "

ඉදින් සහස්වර සෙමෙන් ආහාර ගන්නට විය. වෙනදා නම් ඉඳිආප්ප බොහොමයකට වග කිව්වත් මෙදින යාන්තං ඉඳිආප්ප තුන හතරක් බඩට දමා ගත්තේ ද අපහසුවෙනි.

ඒ සැබෑ කුසගින්න ඇත්තේ වසර දහයක් පුරාවට හිස් වූ හදවතේ නිසාවෙනි!

ඔයාලගෙ අදහස් පහලින් කියාගෙන යන්න 🤍

මේ ලියන බොහොමයක් කියවලා සහ අනෙක් අයගෙන් අහල දැනගෙන ලියන දේවල් නිසා පුංචි අඩුපාඩු ඇති 🥹🤍

අනිත් එක යුද්ධය කියන්නේ ත්‍රස්තවාදීන් ගෙ දෙයක් මිසක් ජාතීන්, ආගම් අතර ගැටුමක් නොවෙන බව හිතේ තියාගෙන කියවන්න. මොකද කතාව මගින් කිසිම ජාතියකට ආගමකට ගැටලු ඇති කරන්න මම කැමති නැහැ 🤍
මේක ආදරෙන් කියවන්න ඕන ආදරණීය කතාවක්!

©️මෙහි අන්තර්ගත කිසිවක් කොපි කිරීමෙන් වළකින්න.

#නියංවැස්ස #නවකතා ゚

12/05/2026

හෙට නියං වැස්ස අනිවාර්යයෙන්ම අරගෙන එනවා 🥹🤍

මේ දවස්‌වල හවසට අකුණු ගහ ගහ වැස්ස නිසා හවසට මොකුත් කරගන්න බැහැ අනේ 🤧

" අනේ කෙල්ලේ.....මේ හිරිකඩ අස්සේ පොඩි එකත් ඇන්න මෙහෙ ආවේ මොකද. මම කවුරු හරි අතේ සල්ලි එවනවා නෙව "එතෙක් වේලා පිච්ච මල් දෑ...
09/05/2026

" අනේ කෙල්ලේ.....මේ හිරිකඩ අස්සේ පොඩි එකත් ඇන්න මෙහෙ ආවේ මොකද. මම කවුරු හරි අතේ සල්ලි එවනවා නෙව "

එතෙක් වේලා පිච්ච මල් දෑසේ එල්ලී හුන් සහස්වරයන් අත්තම්මා ගේ වදන් ඇසුණු විගස දෑස් සෙමෙන් පහළට යොමු කරන්නට විය.

ඉදින් පපුව කීතු කරන තරමේ වේදනාවක් දැනෙන කල ඔහු දුටුවේ ඇගේ චිත්ත පට අත්ලේ ගුලි කරගෙන අමුතු ජීවියෙක් දැක්කා මෙන් බියෙන් ඔහු දෙස බලන කලිසම් කොටයක් ඇඳ පැරණි මේස් බැනියමක් හැඳි කුඩා පිරිමි දරුවකි.

තවත් උපමා ටීකා කුමටද ඒ ඇගේ ලේ ධාතුව බව කියන්නට ඒ පිච්ච මල් දෑසම කුඩා කොලුවාට හිමි වී ඇති කල!

සහස්වර යන්ට දැනුනේ මෙතෙක් යැයි කිව හැකි වේදනාවක් නොවේ. ඔහු ඈ දස වසරක් පුරාවට කොහේ ඇති දැයි සිතුවද සිතින් අමතක කරන්නට තැත් කලද හීනෙකින් හෝ ඔහුගේ පිච්ච මලට අයිතිය කියන අන් අයකු දුටුවේ නැත.

ඔහු නොදන්න නමුත් පිච්ච මල් යුවතිය උන්නේ ද කැළඹීමෙනි. කෙදිනක හෝ ඔහු ඉදිරිපිට මෙසේ අව පැහැ ගවුමක් හැඳ උඩින් දුර්වර්ණ චිත්තයක් දවටා සිටින්නට ඈ හට අවැසි වූයේ නැත.

සත්‍ය වශයෙන්ම ඇගේ පිච්ච මල් දෑස හැර මේ සිටින්නේ ඔහුගේ පිච්ච මල් යුවතිය බැව් කීම කටුක විය.

මන්ද එකල වත්සුණු තවරා හුන් ඈ අද පියරු බිඳ ක් හෝ මුහුනේ තවරන්න වුවාද යන්න සැකයකි.
එකල හුරු බුහුටි ඇඳුම් පැළදුම් හැඳි ඈ අද ඉරී ගිය කඩමාල්ලක් ගතේ දවටා ගෙන ඒ වටා චිත්ත පටක් දවටා ගෙන සිටියි.

එකල නොයෙක් වර්ණයේ පාවහන් පැළද සිටි ඈ අද යතුරු කටු ඇමිණි රබර් සෙරෙප්පු ජෝඩුවකට සිමා විය.

ජම්බු ගෙඩියක් මෙන් වූ පිරිපුන් කම්මුල් අද සුදු පැහැ ගැන්වී ඇත.

සමෙහි වූ රෝස පැහැ මැකී ගොස් ලා දුඹුරු පැහැ වන්නට ඇත්තේ දිගු කලක් තේ වතුවල දළු කැඩීම නිසා විය හැක.

මේ මොහෝතේ පවා පාදයේ ඇඟිලි පුරුකක් අසල කූඩැල්ලන් නිසාවෙන් වූ ලේ ගලන තුවාලය ගොටුකොළ කොළයකින් වසා ඇත්තේ එයින් වෑහෙන රුධිරය වළක්වන්නටය

සහස්වර යන් එතනින් නතර වන්නට වූයේ තවදුරටත් ඒවා මතක් කිරීමෙන් හදවත වේදනාවෙන් පිරි යන හෙයිනි.

නමුත් සහස්වර යන් නොදන්නවා වුණාට තවමත් ඈ ලඟින් එකල ආ මෘදු පිච්ච සුවඳ එලෙසින්ම හමන්නට විය. නමුත් එය විඳගන්න තරම් ඈට ලං වන්නට ඔහුට දැන් නොහැකිය!

#නියංවැස්ස කොටසක් 🤍
නියං වැස්ස කියවන අයට මතකද මේ කොටස 🥹
කියවන්න කැමති අය Ongoing කතාව එක්ක එකතු වෙන්න 😊🤍

#නවකතා

06/05/2026

තවත් අය කියවනවා කියලා කියපු නිසා අහස්වර අදාළ දවසට ඉවත් නොකළේ.

හැබැයි හෙට හවස් වෙද්දි මම අහස්වර page එකෙන් ඉවත් කරනවා 🥹🩵

04සිව්වැනි වැස්ස 🤍" ලොකු නෝනා "දළු කඩා අවසන් වූ පිච්ච මල් යුවතිය රංගි සමඟින් මිදුලේ සිට හඬ නගන්නට වූයේ නැවත ඉක්මනින් නිව...
04/05/2026

04
සිව්වැනි වැස්ස 🤍

" ලොකු නෝනා "

දළු කඩා අවසන් වූ පිච්ච මල් යුවතිය රංගි සමඟින් මිදුලේ සිට හඬ නගන්නට වූයේ නැවත ඉක්මනින් නිවෙස් වෙත යාමේ අටියෙනි.

" අනේ කඩල ඉවරයි ද දුවේ. මම හිතුවේ තව වෙලා යයි කියලා "

" ඒ හැටි ඉතිරි වෙලා තිබුණේ නැහැනේ ලොකු නෝනා. අපි දෙන්න හනිකට ඉවර කරලා දැම්මා ආපහු අහස කළු වේගෙන එන හන්දා "

" හ්ම්.....පරක්කු වුණොත් මම මේ කමලා එවන්න කියලා උන්නෙ. මේ වැස්ස අස්සේ දළු කඩන්ට පුළුවන් ය "

යුවතියන් දෙදෙනා සිනහ සෙමෙන් ඈ හා දොඩමළු වන්නට වූයේ සහස්වර යන්ගේ මිත්තණිය සැබැවින්ම ඉතා නිහතමානී ආදරණීය කාන්තාවක වූ හෙයිනි.

මේ අතරේ සහස්වර ජනෙල් පලුවක් අතරින් ඒ හුරුපුරුදු රුව දෙස බලා සිටින්නට විය.

අයිතිය කියන්නට බැරි වුවත් තවමත් ඒ පිච්ච මල් දෑස් සිනහ වෙනවා දකින්නට සහස්වරයන් බලා හිඳින බැව් කිව යුතුමය.

" අනේ දුවේ තව ඩිංගෙන් මට අමතක වෙනවා. ඊයේ අපේ පුතා උන්නු හන්දා මම කට්ලට් වගයක් හැදුවා. මම කොලු පැටියට දෙන්ට කියලා ටිකක් අරගෙන තිබ්බ. ඉන්ට මම අරගෙන එන්නම්. එතකන් ඉස්තෝප්පුව ට වෙලා ඉන්ට දුවේ"

හදිසියේ මතකයට ආ කරුණ නිසාවෙන් ඈ මුළුතැන්ගෙය තුළට යන්නට වෙත්දී යුවතියන් දෙදෙනා ඉස්තෝප්පුව කෙලවරේ උන් කුඩා ගැටි යට හේත්තු වන්නට විය.
දහඩිය හා මඩ නිසාවෙන් ඉස්තෝප්පුව හෝ කිළිටි කරන්නට ඔවුනට සිත් නොවුණි.

සහස්වර බලා සිටින්නට වූයේ ඒ පියකරු මුව දෙසයි. මවක් වුවත් ඇය තවමත් සහස්වර ඉදිරියේ සුන්දරම යුවතිය බැව් නිසැකය.

" මෙන්න දුවේ.....සැර අඩුවෙන් දාලා හැදුවේ "

" අනේ ස්තූතියි ලොකු නෝනා "

ඈ සිනහව පිරුණු වතින් පිළිතුරු දී පිටත් වන්නට විය.
සහස්වර දුනුවිල විසල් හුස්මක් පිට කරන්නට වූයේ පිච්ච මල් සුවඳ දුනුවිල නිවසින් හමා අවසන වූ පසුවයි.

නොදැනීම ඔහු 1994 වසරට පිය මනින්නට විය.

" දේවක...ඒ අර කල්හාරයගේ අයියා නැති වෙලා තුන් මාසේ දානේ ඉරිදා තියෙනව ලු බං"

" එහෙනම් යන්න එපැයි. අපිට මළ ගෙදර යන්නත් බැරි වුණානේ ඒ දවස්වල ඇදිරි නීතිය එක්ක "

" හ්ම්....අපේ ක්ලබ් එකේ සෙට් එකත් එක්ක යමු නේද බ න් "

" ඔව්....දන්න අය ට එන්න කියපන්. වෑන් එකක් කතා කරගෙන යමු "

ඔවුන් කතා කරන්නට වූයේ සාහිත්‍ය සංගමයේ ලේකම් වූ මිතුරාගේ වැඩිමහල් සහෝදරයා ගේ දානමය පිංකම ගැනය. යුද්ධය නිසාවෙන් දිවි අහිමි වූ ඔහුට අවසන් ගෞරවය දක්වන්නට පවා නොහැකි වූයේ රට පුරා පනවා තිබු ඇදිරි නීතිය හේතුවෙනි.

ඉදින් ඉරිදා උදෑසන ම පනස් දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායම සුදානම් වූයේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ කෙළවරක පිහිටි මිතුරාගේ නිවස බලා පිටත් වන්නටය.

යුද්ධය හමුවේ ගමන් බිමන් යාම තරමක් අවදානම් සහගත වුවත් 1994 පුරාවට පැවැති සාම සාකච්ඡා හමුවේ යම් තරමක නිදහසක් පවතින්නට විය.

බස් රථ යේ පිටුපස අසුනට ඉදිරි අසුනේ නින්දක හුන් සහස්වර අවදි වන්නට වූයේ අසලින් හමන්නට වූ හුරු පුරුදු පිච්ච සුවඳ නිසාවෙනි.

තවමත් හරි හැටියට ඒ පුසුඹ විඳගන්න ට නොහැකි වුවත් අහම්බෙන් මෙන් දැනුණු ඒ සුවඳ ඔහුගේ ආත්මයට ම කිඳා බැස අවසන් බැව් කිව යුතුය.

ඉදින් ඔහුට ඉදිරි අසුනේ හිඳ ගන්නට වූයේ අන් කිසිවකු හෝ නොවේ පිච්ච මල් යුවතිය ම පමණි. ඈ සාහිත්‍ය සංගමයේ සාමාජිකාවක් වුවත් ඈ මේ ගමනට එක් වෙයි යන්න සහස්වර සිහිනෙන් වත් සිතන්නට වූයේ නැත.

එය හුදෙක්ම අහම්බයක් පමණෙකි!

සහස්වර දුනුවිල එතෙක් මෙතෙක් ආසාවෙන් ම ගිය ගමන එය විය. බස් රිය පැය ගනනක අවසානයේ නතර කරන විට ඔහුට සිහියට ආවේ ගමන තවත් දිගු වුවා නම් යන්න පමණෙකි.

එතරම් ඔහු ඒ පිච්ච සුවඳට ප්‍රේම කරන්නට විය!

ඉදින් ඒ පිච්ච සුවඳ දැනෙන වාරයක් පාසා සහස්වර දුනුවිල ඒ අතීතයට දිව යන්නේ ඔහුටත් නොදැනීම ය.

-------🤍

" නැන්දේ "

" මම මේ බලන් උන්නේ එනකන් "

" ලොකු නෝනා මේ ක‍ට්ලට් වගයක් දුන්නා පොඩි එක්කෙනාට. ඒ ටිකත් අරගෙන ම ආවා "

ඈ එසේ පවසමින් පිළිකන්න දෙසට යන්නට වූයේ පර්සලය ඇසිලින් අත තබන්නට වෙමින්.

තෙත බරිත වූ ඇඳුම් ඉවත් කර චිත්තයක් දවටා ගනිමින් සීතල වතුර බාල්දි කිහිපයක් එක පිට එක දමාගන්න ට වූයේ සිතට නැතත් ගතට සහනයක් දිමේ බලාපොරොත්තු වෙනි.

තෙත රෙදි සියල්ල මිරිකා අසල වූ රෙදි වැලේ දැමූ ඈ නැවැතත් නිවසට යන්නට විය.

යාන්තං කාමරය ට එබිකම් කල ඈ දුටුවේ තවමත් පොරෝණය තුළ ගුලි වි නිදන කොලු පැටියා ය.

ඈ බරැති සුසුමක් හෙළමින් එතනින් ඉවත් වන්නට වූයේ ඈ පමණක් දන්නා ඒ අමිහිරි මතක පෙළ නැවැතත් සිහි වන්නට වූ බැවිනි!

------🤍

ඇඳිරි වැටි ගෙන එන්නට වූ නිසාවෙන් යුවතිය පොල් බෑවක් ගෙන පොල් ගාන්නට වූයේ පොල් රොටි සෑදීමේ අටියෙනි. බත් කන්නට මඳක් අකැමැති කොලු පැටියා නිසාවෙන් රාත්‍රී ආහාරය බත් හැරෙන්නට වෙනත් කෑමක් සකසන්නට ඈ හුරුව සිටියාය.

" අර කොලඹ උන්නු ලොකු නෝනා ගේ මුණුබුරා ගමේ ඇවිත් ලු නේද "

" වෙන්ට ඇති "

ඇසිලින් අසන්නට වූ ප්‍රශ්නය ඈ සිත රිදවන්න ක් වුවත් ඈ නොදන්නවා මෙන් සිටින්නට විය

" ඇයි දැක්කේ හෙම නැත්ද ඉන්නවා "

" නෑ "

" ඉගෙන ගනිපු කොල්ලෙක් ලු. ලොකු විස්තරයක් නම් ගමේ එකෙක් වත් දන්නේ නෑ. කොහොමටත් ලොකු නෝනා ඔය ගමේ ගෑණු එක්කල වැඩිය කියවන්න යන්නෙ නැහැනේ "

" හ්ම්......"

" ඒ වුණාට දැන් වැඩිය එහෙ ගමන් බිමන් තියාගන්න එපා දුවේ. දළු ටික කඩල එනවා මිසක් ආව ගිය ඒවා කතා කරන්ට වලව්වට යන්ට එපා බැරිම වුණොත් මිසක"

" හ්ම්....."

" මොනවා වුණත් පිරිමියෙක් නේ කෙල්ලේ. අනික මෙච්චර කල් කතාවක් නාහ උන්නු උඹත් එක එකාගෙ පද අහනවා ට මං කැමති නෑ "

" නැන්දා ට කවුරු හරි මොනවා හරි කීවද "

" හ්ම්.....අර ගිහාන් කොළුවා ගේ අම්මා ඇවිත් කීවා වලව්වට කොල්ලෙක් ආව හැටියේ උඹව යැව්වේ ළමයට අප්පෙක් හොයන්න ද කියලා "

යුවතිය බරැති සුසුමක් හෙළන්නට විය.

" මම කැමැත්තෙන් වැඩකට ගියා නම් ගියේ ලොකු නෝනා ගේ ඉඩමේ විතරයි නැන්දේ. ඒ මනුස්සය විතරයි මයේ හිත රිදෙන්න දෙයක් කියන්නෙ නැත්තේ. ඒ හන්දා එන්න කියද්දී මට නොගිහින් ඉන්න බැහැ.
පුතාව ඉස්කොලේ දාගන්න පුළුවන් වුණෙත් ලොකු නෝනා හන්දා නේ. නැත්නං නැන්දා හිතනවද මයේ කොලු පැටියට ගමේ ඉස්කෝලෙ වත් යන්ට පුළුවන් වෙයි කියලා "

" මට තේරෙනවා කෙල්ලේ. ගමේ නුගත් ගෑනු කියන එව්ව වැඩිය හිතන්ට එපා. හැබැයි ඔය කවුරු කවුරුත් අතේ දුරින් තියාගන්න තරමට උ.ඹට ලේසියි "

" හ්ම්....."

" දැන් ඕවායින් වැඩක් නැහැ. ගිහින් ටෙලිවිෂන් එක දැම්මා නම් හරි නේද ප්‍රවෘත්ති බලන්ට. අද මොනවා වෙලාද මන්දා"

" ඉන්න මම දාන්නම් නැන්දේ "

ඉදින් ඈ සෙමෙන් සාලය දෙසට ගොස් රූපවාහිනිය ක්‍රියාත්මක කරන්නට වූයේ යන්තමින් ඇදෙන කළු ඉරි අතරින් ප්‍රවෘත්ති විකාශය නැරඹීමටය.

" අනේ මන්දා බං මේ යුද්දේ කවදා ඉවර වෙයිද කියලා. ජීවත් වෙන ඩිංග කාලෙට ගහ මරා ගන්නේ මක්ක ට ද. මම අහන්නේ "

යුවතිය ඇසිලින් පවසන සියල්ල මද සිනහවෙන් යුතුව අසා සිටින්නට වූයේ ඈ ප්‍රවෘත්ති විකාශය පටන් ගන්නා සෑම විටම ඔය දෙබස පවසන්නට හුරුවී සිටින්නට වූ බැවිනි.

ඈ සෙමෙන් මුළුතැන්ගෙය තුළට ගොස් රතු ළූණු කිහිපයක් කැරට් , කරපිංචා, නයි මිරිස් කිහිපයක් ගෙන සිහින්ව ලියන්නට වූයේ රොටි මිශ්‍රණය සදහා ය.
පාන් පිටි, පොල් සහ කපා ගත් සියල්ල එක් කර ලුණු සහ ජලය දමා ඇය ඉක්මනින් මිශ්‍රණය සකසා ගන්නට විය.

කුඩා බෝල සකසා කොලු පැටියා ගේ රොටි බෝල වෙන් කර අනෙක් ඒවාට පමනක් ඈ නයි මිරිස් එක් කරන්නට විය.
මුළුතැන්ගෙය තුළින් එන රොටි පිච්චෙන සුවඳ සාලයේ සිටි ඇසිලින් මෙන්ම කොළු පැටවාගේ ද බඩගින්න අවුස්සද්දී යුවතිය දහවල් ආහාරය සදහා පිසූ කුකුළු මස්‌ ව්‍යාංජන ය රත් කිරීම සඳහා ළිප තබන්නට විය.

යුවතිය සියල්ල අවසානයේ යළි සාලය දෙසට යන විට ඈ දුටුවේ සුදු කඩදාසියක් ගෙන මොනවාදෝ පාට කරමින් උන් කොළු ගැටයාය.

" උය ලා ඉවරයි ද දුවේ "

" ඔව් නැන්දේ "

" මෙයත් බඩගින්නේ ද කොහෙද සාලේ ට වෙලා ඉන්නේ "

" හ්ම්...."

ඈ සුසුමක් හෙළන්නට වූයේ තවමත් කාර්යයේ නියැළෙන ඔහු දෙස බලමින්

සැබැවින්ම ඔහු ඉතා අහිංසක දරුවෙක් විය. කන්නට දුන්නොත් මිසක් ඉල්ලන්නට ගියේ නැත. ලැබෙන යමක් භාරගත්තා විනා අනෙක් මිතුරන් ට මෙන් නොයෙක් දේවල් ඔහු ඉල්ලන්නට ගියේ නැත. එය යුවතිය ට සහනයක් වුවත් ඔහුව අසරණ කරන්නට ඈට අවැසි නොවීය.

" පුතා කන්න යමු "

ඉදින් කිරි දත් කිහිපයක් හැලී ගොස් බාගෙට මතු වුණු දත් වලින් ඔහු සිනහ වන්නට විය.

ඉදින් ඔහුට කල හැක්කේ එපමණකි.
සිනහ වන්නට අවැසි කල සිනහ වන්නට පුළුවන.
හඬන්නට අවැසි කල හඬන්නට පුළුවන.

නමුත්........හැගිම් වචන කරන්නට නුපුළුවන!

ඉදින් හිතවතුනි; කුඩා කොලු පැටියා උපන් දවසේ පටන් ඔහුට වචනයක් හෝ පිට කරන්නට නුපුළුවන් වූ බැව් කෙසේ කියන්නද.

සියල්ල ඇසෙන නමුත් කතා කරන්නට නුපුළුවන!

මෙය මා දුක්ඛාන්තයක් ලෙස ලියන බැව් ඔබ සිතනවා නම් පවසන්නට ඇති එකම දේ මෙය නියං වැස්සක් බැව් ම පමණි!

මෙය හුදෙක් යථාර්ථය අල්ලා ලියන වැහි මලකගේ කතාවක් ම පමණි.

නියං වැස්ස යනු කටුක නියං මහේ අවසානය බැව් පමණක් කියන්නෙමි!

------🤍

පහුවදා උදෑසන අවදි වූ යුවතිය කොලු පැටවා ද රැගෙන ලැහැස්ති වන්නට වූයේ මසකට වරක් පැවැත්වෙන රෝහලේ සායනය සඳහා සහභාගී වන්නට ය.
එමඟින් ඔහු ට අවැසි වෛද්‍ය උපදෙස් මෙන්ම ක්‍රියාකාරකම් පිළිබඳව ඈ දැනගන්න ට විය.

මෙතෙක් ඈ ඉපයූ මුදල් බොහොමයක් වියදම් වූයේ කොළු පැටියා වෙනුවෙන් බැව් නොරහසකි. තවමත් ඔහු කතා නොකරන්නට හේතුවක් සොයාගන්නට නොහැකි වූ නිසාවෙන් දිනෙන් දින ඔහුගේ ප්‍රතිකාර දිගු වුවා පමණි.

දෙපතුල තෙක් දිගු සායක් සහ හැට්ටයක් ඇඳි ඈ කොන්ඩය ගොතා පිට දිගේ දමා ගන්නට වූයේ හදිසියේ වූ සිතුවිල්ලක් නිසාවෙනි.

ඉක්මනින් බෑගය ද රැගෙන කොලු පැටියා අතින් අල්ලගෙන ඈ බොරළු පාර දිගේ ඇවිද යන්නට වූයේ තවත් කිලෝ මීටර් කිහිපයක් ඉදිරියෙන් වූ බස් නැවතුමට ගොස් බසයක් අල්ලා ගැනිමේ අටියෙනි.

" පුතාට මහන්සි ද "

ඔහු නැතැයි යන්නට හිස හොලවන්නට විය.

" අම්මා ටවුමට ගිහින් මොනවා හරි අරගෙන දෙන්නම් "

එවිට ම ඔවුන් අසලින් නවතන්නට වූයේ මොටර් රථයකි.

ඒ අන් අයකු නොව සහස්වර දුනුවිල ම විය!

" නගින්න "

වසර දහයක ට පසු පලමු වරට ඒ කට හඩ ඇසුණු නිසාවෙන් යුවතිය ගේ දෑස්වල ඉබේටම කඳුළු පිරෙන්නට විය.

" අපි.....පයින් යන්නම් "

" මට ගොඩක් වෙලා මෙතැන නවත්තන් ඉන්න බැහැ "

තවදුරටත් තර්ක කිරීමෙන් ඵලක් නැති වග දැනුණු ඈ සෙමෙන් එය පිටුපසින් ගොඩ වන්නට විය.

" මේ.....අපි ඉස්පිරිතාලේ යන්නෙ "

" හ්ම්....අත්තම්මා කීවා "

ඔහුට මතකයට ආවේ උදෑසන ඉස්තෝප්පුවේ හිඳ තේ කෝප්පයක් බොන අතරේ අහම්බෙන් මෙන් ඈ දුටු අයුරුයි.

" අත්තම්මා අර යන්නෙ එදා මෙහෙ ආව ගැහැණු ළමය නේද පුතා එක්කල "

" අනේ.....ඔව්. මයේ හිතේ කොලු පැටියට බෙහෙත් ගන්න යනවා "

" බෙහෙත් මොකටද "

" අනේ පුතේ ඒ දරුවාට ඉපදුන දවසේ ඉඳන් කතා කරන්ට බැහැ නෙව "

" මොකක් ද "

ඔහුට දැනුනේ හිසට අකුණ ක් වැදුණා සමාන හැගීමකි.

" අපි කියන දේවල් හොඳට ඇහෙනව. හැබැයි කතා කරන්න බැහැ පුතේ. අර කෙල්ල නොකරපු දෙයක් නෑ ඕකට. මොනවා කරන්නද ඉතින්. අපි එනකොට අරන් එන එව්ව නෙව. හුරුබුහුටි කොළු පැටියා "

" දැන් එතකොට ඔය යන්නෙ කොහෙද "

" මාසෙකට සැරයක් ඉස්පිරිතාලේ සායනයට එක්ක යනවා. හේතුවක් දන්නේ නැහැ නේ තවම "

කිසිවක් නොකි හෙතෙම ඉක්මනින් කමිසය ක් කලිසම ක් දමාගෙන මොටර් රථය ට නගින්නට වූයේ ඔහු කරන්නේ මොනවද යන්න ඔහුවත් නොදන්නා අතරේය.

ඉදින් මොටර් රථය ට ඇය නංවා ගන්නට වුවේ ද හදිසියේ ඇති වූ සිතුවිල්ලක් නිසාම පමණෙකි.

සෙමෙන් රිය ධාවනය කරන අතරේ ඔහු සෙමෙන් ඈ දෙස බලන්නට විය.

මුළු රථයම සමන් පිච්ච සුවඳින් පිරී ඇති වග දැනුණු ඔහු ගැඹූරු හුස්මක් ගන්නට විය.

ඉදින් ඒ නියං වැස්සක ඇරඹු ම පමණි !

කතාව පැටලෙන ව වගේ නම් කියන්න 🥹🤍
අනිත් එක මේක යථාර්ථය එක්ක ලියවෙන කතාවක් නිසා ටිකක් කටුක යි වගේ ඇති. හැබැයි මේ ලියවෙන්නේ අවුරුදු ගානකට කලින් ලංකාවේ මිනිස්සු මුහුණ දුන්නු කටුක කාලයක් අල්ලලා. ඉතින් සුරංගනා කතාවක් වගේ ලස්සන දේවල් විතරක් ලියන්න බැහැ.

හැබැයි මම හැම තිස්සෙම කියනවා වගේ නියං මහ අවසාන වෙන්න තමයි නියං වැස්සක් වහින්නේ 😌🤍

කියවන හැමෝම පුංචි හරි අදහසක් කොමෙන්ට් කරගෙන යන්න.

මේ වැඩ අස්සෙන් වුණත් කොහොම හරි ලියන්නේ ඔයාලා වෙනුවෙන් ❤️

#නියංවැස්ස #නවකතා ゚

අහස්වර වෙනුවෙන් මේකත් කියවන්න 🩵තවමත් කතාව කියවන අය ඉන්න නිසා මම සඳුදා කතාව අයින් කරන්න තිරණය කලා. හැබැයි ඉස්සරහට එහෙම අය...
02/05/2026

අහස්වර වෙනුවෙන් මේකත් කියවන්න 🩵

තවමත් කතාව කියවන අය ඉන්න නිසා මම සඳුදා කතාව අයින් කරන්න තිරණය කලා. හැබැයි ඉස්සරහට එහෙම අයින් කරන දවස් වෙනස් නොකරන නිසා ongoing කියවන්න. අහස්වර ටිකක් හරි දවසක් මම තිබ්බේ මට අහස්වර පොතක් හරි e book එකක් හරි කරන්න අදහසක් දැනට නැති නිසා 🥹🩵

හැබැයි මම ඉස්සරහට ලියන කතා ඔක්කොම ලියල ඉවර වෙලා සතියක් හෝ දෙකක් ඇතුළත අනිවාර්යයෙන්ම ඉවත් කරනවා.

අනිත් එක මම තවමත් ඉගෙන ගන්න පුංචි ගැහැණු ලමයෙක්. ඒ නිසා සැප්තැම්බර් වෙනකන් මම ගොඩක් කාර්යබහුල යි. හැබැයි සතියට දෙපාරක් වත් නියං වැස්ස අරගෙන එන්නම්.

මම හිතුවට වඩා ලොකු ආදරයක් අහස්වර වෙනුවෙන් මට ලැබුණා. පහල තියෙන්නේ ඒවගෙන් බොහොම ටිකක්. ඉතින් ඔයාලා හැමොටම ගොඩක් ස්තූතියි 🤍

හෙට නියං වැස්ස අරගෙන එනවා!

ආදරෙයි 🤍🌙

#කළුවරඇස් #නවකතා #අහස්වර

01/05/2026

අහස්වර තවම කියවන අය ඉන්නවද.
මම හෙට පේජ් එකෙන් කතාව අයින් කරන්න ඉන්නේ 🥹🩵

29/04/2026

මම නියං වැස්ස ඉරිදා අරගෙන එන්නම් ❤️🥹

මේ ටිකේ වැඩ නිසා කතාව ලියන්න වෙලාවක් නැහැ 🥲

පුංචි පණිවිඩයක් !!!!2026/05/01 දින මම අහස්වර වගේම දැනට ලියා අවසන් කෙටි කතා ඔක්කොම ඉවත් කරනවා 🤍කියවපු නැති අය දැන් ම කියව...
24/04/2026

පුංචි පණිවිඩයක් !!!!

2026/05/01 දින මම අහස්වර වගේම දැනට ලියා අවසන් කෙටි කතා ඔක්කොම ඉවත් කරනවා 🤍
කියවපු නැති අය දැන් ම කියවලා ඉවර කරන්න පුළුවන්. පන්තිරු ඉවත් කරන්න ඉඳලා තව කියවන අය ඉන්න වග තේරුණු නිසයි මම ඒක තවත් කාලයක් පේජ් එකේ තිබ්බේ.

ඒ වගේම නියං වැස්ස කියන්නේ මම ලියන ආදරණීය වෙනස්ම ප්ලොට් එකක් වෙයි. මම දන්නවා දැනට ඒක කියවන කොට ඔයාලට නිකන් පැටලිලා දුකයි වගේ දැනෙනවා කියලා. හැබැයි නියං වැස්ස කියන්නේ ටිකක් දීර්ඝ කතාවක්. මම මහන්සි වෙලා ලියන කතාවක්. කියවන්න පටන් අරගෙන නැත්නම් ඒක ongoing කියවන්න. මොකද ලියලා ඉවර වුණාම මම පේජ් එකෙන් ඉවත් කරන නිසා.

නියං වැස්ස කියවන අය පුළුවන් නම් ඔයාලගෙ අදහස කියාගෙන යන්න දැනට ලියපු Writing style එක ගැන එහෙම. මොකද පලවෙනි පාරට මම නව කතාවක් කතෘ කෝණයෙන් ලියන නිසා.
මට ඒ අදහස් ඉස්සරහට ගොඩක් වටිනවා 🥹🤍

කතාව දෙන්න වෙන්නේ සතියට දෙපාරක් හෝ තුන් පාරක් වගේ. හැබැයි සැප්තැම්බර් වලින් පස්සෙ ආපහු මට නිදහසේ ලියන්න පුළුවන් වෙයි. ඉතින් මේ පුංචි කාලේ හෙමිහිට ඉවසීමෙන් කතාව කියවමු.

ආදරෙයි 🤍🌙

#නියංවැස්ස ゚ #නවකතා

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when V II H A posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share