Rarera's Vibe

Rarera's Vibe ✨Rarera - රෙයාරා✨
Let's 𝑾𝒂𝒍𝒌 𝑻𝒐𝒈𝒆𝒕𝒉𝒆𝒓.. Sharing life’s rarest vibes
| Beauty • Lifestyle • Dreams |
Sri Lanka 🇱🇰

ඔන්න ඉතින් තවත් අලුත් දවසක්..2026 අවුරුද්දේ මාර්තු මාසයත් පටන්ගත්තා.මාස දෙකක් ගත වෙලා ඉවරයී..චුට්ටක් නැවතිලා හොඳ හුස්මක්...
01/03/2026

ඔන්න ඉතින් තවත් අලුත් දවසක්..
2026 අවුරුද්දේ මාර්තු මාසයත් පටන්ගත්තා.
මාස දෙකක් ගත වෙලා ඉවරයී..
චුට්ටක් නැවතිලා හොඳ හුස්මක් අරන් කල්පනා කරලා බලන්න ගතවුණු මාස දෙකක කාලය ගැන හිතනකොට ඔයාට ඔයා ගැන සතුටු වෙන්න පුළුවන් ද කියලා?
මේ අවුරුද්ද ට ඔයා හදපු සැලසුම් ක්‍රියාත්මක කරන්න පටන් ගත්තද? දැන් ඒ සැලසුම් වල ඔයා මොනවගේ දුරක් ඇවිල්ලද?
මේ 2026 අවුරුද්දත්, ගත වෙලා ගිය අනිත් හැම අවුරුද්දක්ම වගේ මුලින් තිබුණු බලාපොරොත්තු, අරමුණු තිබුණ වීදියටම ඊළඟ අවුරුද්දටත් අරන් යන කාලයක් කර නොගෙන, ඒ බලාපොරොත්තු වෙනුවෙන් හදපු සැලසුම් ක්‍රියාත්මක කරලා තරමක් දුරට හරි සාර්ථකත්වය සමරන අවුරුද්දක් කරගන්න ඒ වගකීම තියෙන්නේ අපි අතේමයී..
ඒ වගේම,
මං හැමදාම කියනවා වගේ ඔයාගේ සතුට තියෙන්නේ ඔයා ළඟමයී..
ඒක ඇත්තටම ඔයා අඳුනගත්ත දවසට, ඔයාට හිතෙයී සතුටු උල්පතක් ළඟ තියාගන අපරාදෙ දුක් වෙවී ගත කරපු කාලේ කියලා.
ඉතින්,
අද මාර්තු මාසේ පළවෙනි දවස..
තවත් වතාවක් මතක් කරන්න ඔයාගේ අරමුණු, බලාපොරොත්තු සහ ඔයා දවසක ගතකරන්න හීන දකින ඔයාගෙ Lifestyle එක..
තවමත් ප්‍රමාද නෑ.. මාස දෙකක් විතරයී මේ අවුරුද්දේ ගත වෙලා තියෙන්නෙ තවම.. ඔයාට තව මාස දහයක්ම ඉතිරියී..
පොතක් පෑනක් අරන්, නිහඬ නිස්කලංක වෙලාවක් හොයාගන හිතේ තියන සැලසුම් පිළිවෙලකට ලියන්න..
ඔලුවේ විතරක් හැම දෙයක්ම තියන් ඉන්න ගියොත්, ඔයාටත් නොදැනිම ඒ දේවල් එකින් එක මගහැරෙනවා..
අපේ හිත කියන්නේ සිතුවිලි දහස් ගණන් උපදින, නැතිවෙලා යන තැනක්.
ඒ නිසා, කිසිම සැලසුමක් හිතේ විතරක් තියන් ඉන්න එපා!
මේක ඔයා වෙනුවෙන් කරන වැඩක්!
මතක තියාගන්න.. ඒ පෑනයී පොතයී එක්ක ඔයා ඒ ගත කරන පුංචි විනාඩි කීපයක කාලය කියන්නේ, ඔයා ඔයා වෙනුවෙන් කරන ආයෝජනයක්.. ඔයා ඔයාගෙ ආනාගතය වෙනුවෙන් කරන වටිනාම ආයෝජනයක්.. ඔයා ඔයාගේ සාර්ථකත්වයේ ගමන ආර්ම්භ කරන හැරවුම් ලක්ෂ්‍යය තමයී එතන..

ඉතින්..
ජීවිතේ වෙනස් කරන ඒ විනාඩි කීපය, කිසිම භාහිර හේතුවක් මත නැති කරගන්න එපා.. කිසිම භාහිර හෝ අභ්‍යන්තර හේතුවක් මත කල්දාන්න එපා..

ඔයා මොන වයස් සීමාවක හිටියත්,
හිතන්න...
මේ ගත වෙන්නේ ඔයාගේ ජීවිතේ ලස්සනම කාලේ..
මේ තමයී හොඳම කාලේ..

එහෙනම්..
මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ජය!

Rarera's Vibe

Hello Girls & Boys...!ඔන්න... 2026 අවුරුද්ද ට ලියන පළවෙනිම සටහන තමයී මේ..!දැන් ඔයාට හිතෙයී "මෙච්චර දවසක් මෙයාට නින්ද ගිහ...
10/02/2026

Hello Girls & Boys...!

ඔන්න... 2026 අවුරුද්ද ට ලියන පළවෙනිම සටහන තමයී මේ..!

දැන් ඔයාට හිතෙයී "මෙච්චර දවසක් මෙයාට නින්ද ගිහින්ද හිටියේ?" කියලා.. 🥺

මෙහෙමයී..
අපි හැමෝගෙම ජීවිත වල Ups & Downs තියනවනේ.. 😒🥺🙃

ඉතින් ඒ වගේ.. මං මගේ Life එක හරියට Align කරගන්න ගොඩාක් මහන්සි වුණ කාලයක් තමයී ඒ ගත වුණේ.. ඒ හින්දා ගොඩාක් Busy වගේම වැටුන.. නැගිටපු.. වැටි වැටී නැගිටපු.. බොහෝම අමාරු කාලයක් මම පහු කලා කිව්වොත් නිවැරදී..

ඉතින් දැන් හරී..
හැම දෙයක්ම ලස්සනට Align කරලා.. පිළිවෙලට මහන්සි වෙලා වැඩ ටික ඔක්කොම කරගන යන ගමන් තමයී දැන් ඉන්නේ.. ඉතින් ඒ අතරේ මට එකපාරටම මතක් වුණා ඔයාලා වෙනුවෙන් මොකුත් ලිව්වෙ නෑනේ කාලෙකින් කියලා..🥰🥰

ඒ නිසා ඔන්න මේ පැත්තට දුවලා යන්න ආවා.. 😍😍

එහෙනම් ඔන්න සාර්ථක අවුරුද්දක්.. අතිශය සාර්ථක විදියට පටන් අරන්.. බලාපොරොත්තු කන්දක්, අරමුණු ගොඩාක් එක්ක Strong Goal එකක් Achieve කරන්න යන ගමනේ අතරමගක ඔයාලා වෙනුවෙන් පුංචි සටහනක් තියන්න ගත්ත විනාඩි 5ක පුංචි කාලයට වටිනාකමක් එකතු කරන්නයී මේ ආවේ.. 🥰🥰🥰

එහෙනම් ඔයාලා හැමෝටම 2026 සාර්ථක අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම..! 🌼☘️

එහෙනම් ජය!

Rarera's Vibe

10/02/2026

Celebrating my 8th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

දන්නවද ඔයා?අපේ සතුට තියෙන්නේ අපි ළඟමයී.අනිත් අයගෙන් අපේ සතුට හොයන්න ගියොත් අපිට වැඩියෙන්ම ලැබෙන්නේ දුක..ඒ නිසා අපිව සතුට...
12/09/2025

දන්නවද ඔයා?
අපේ සතුට තියෙන්නේ අපි ළඟමයී.
අනිත් අයගෙන් අපේ සතුට හොයන්න ගියොත් අපිට වැඩියෙන්ම ලැබෙන්නේ දුක..
ඒ නිසා අපිව සතුටෙන් තියන්න පුලුවන් දේවල් අපි කරන්න ඕන.. මොන තරම් ප්‍රශ්න ආවත්, මොනතරම් දරාගන්න බැරි දේවල් වුණත්, මේ
ජීවිතේ තියෙන්නේ විඳින්න මිසක් විඳවන්න නෙවෙයී කියලා මම නිතරම මගේ හිතට තේරුම් කරවනවා..
මගේ සතුට වෙනුවෙන් මං දේවල් කරද්දී,
අනිත් අයටත් ඒ සතුට ටික ටික කාන්දු වෙනවා..
ඒක දැකලත් මං මගේ හිත සතුටින් පුරවගන්නවා..
කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී,
මං මට පුලුවන් දේ උපරිමයෙන් කරනවා..
ඒ නිසයී මං තවදුරටත් ආදරේ ඉල්ලන කෙනෙක් නොවී, උතුරන්න තරම් ආදරේ දෙන කෙනෙක් වුණේ..

ආදරෙන් ඉන්න.. 💫💙

Rarera's Vibe

මේ වගේ වැහි මන්දාරමක..කාමරේ ජනේලය ළඟට වෙලා වැස්ස දිහා බලන් ඉන්න පුංචි වෙලාවක් හොයාගන්න පුලුවන්ද ඔයාට..වැස්ස දිහා බලාගන න...
07/09/2025

මේ වගේ වැහි මන්දාරමක..
කාමරේ ජනේලය ළඟට වෙලා වැස්ස දිහා බලන් ඉන්න පුංචි වෙලාවක් හොයාගන්න පුලුවන්ද ඔයාට..
වැස්ස දිහා බලාගන නිදහසේ හොඳ ඉඟුරු තේ එකක්/උණු උණු කෝපි කෝප්පයක් බොන්න..
එහෙමත් නැත්නම් පොතක් කියවන්න..
කවියක් ලියන්න..

ඒක හරි අමුතු හැඟීමක්.. දන්නවද.. ඒක හරිම ආදරණීය හැඟීමක්.. මම නම් කැමතිම මේ අන්තිම එකට..
"ඒ වගේ වෙලාවක වැස්ස පේන තැනකට වෙලා කවියක් ලියන්න.."
කවි සිතුවිලි ගලාගන එනවා හරියට වැහි බිංදු පොකුරක් ඇවිල්ලා එකවර පොළවට වැටෙනවා වගේ.

නිතරම ජීවිතේ තමන්ට ලබාගන්න බැරිවුණ දේවල් ගැන හිතන එක මොහොතකට නතර කරලා, හිතලා බලන්න අපි කොච්චර වාසනාවන්තයිද කියලා.
ඇස් නොපෙනෙන, කන් නෑසෙන, අත් පා අහිමි වුණ, සිහි කල්පනාව අහිමි වුණ අය අතරේ අපි කොයිතරම් වාසනාවන්තයිද ?? ඔයා මොහොතකට වත් හිතුවද මේ ගැන? හිතන්න අපිට කොච්චර දේවල් පුලුවන්ද කියලා.. හිත සතුටෙන් පිරෙනවා වගේ දැනෙනවා නේද...?

දැන් ඒ සතුටත් එක්කම හොඳ ඉඟුරු තේ එකක් එහෙමත් නැත්නම් කෝපි කෝප්පයක් හදාගන ඇවිත්.. වැස්ස දිහා බලාගන උණු උණුවෙම බොන්න.. බලන්නකෝ මේ මොහොත මොනතරම් රහට දැනෙනවද කියලා..

Rarera's Vibe

සොඳුර මේ එළඹෙන්නේ... වැහිබර වූ රැයේදිත්තරු දිලෙන කාලයයි...ගිම්හාන ඍතුවෙදිත්මල් පිපෙන වාරයයි...රිදුණු හිත් සෙනෙහසින්පිරිම...
07/09/2025

සොඳුර මේ එළඹෙන්නේ...

වැහිබර වූ රැයේදිත්
තරු දිලෙන කාලයයි...
ගිම්හාන ඍතුවෙදිත්
මල් පිපෙන වාරයයි...
රිදුණු හිත් සෙනෙහසින්
පිරිමදින කාලයයි...
ප්‍රේමයේ වැහි වැටෙන
සොඳුරු වස්සානයයි...

- නිෂූ -
මන්දාරම් අහස යට ✍️

💙
10/06/2024

💙

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Rarera's Vibe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share