Base Line news - SL

Base Line news - SL Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Base Line news - SL, Media/News Company, Colombo, Colombo.

වසරේ මුල් මාස හත තුළදී භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඩොලර් බිලියන 10 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා රේගුවේ දත්ත තහවුර ක...
31/08/2026

වසරේ මුල් මාස හත තුළදී භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඩොලර් බිලියන 10 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා රේගුවේ දත්ත තහවුර කර තිබේ. මෙහිදී තේ, පොල් ආශ්‍රිත අපනය, මැණික් හා ස්වර්ණාබරණ, රබර් නිෂ්පාදන, ශ්‍රී ලංකා කුළුබඩු ක්ෂේත්‍රවල කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇති බව පැවසේ.

මුල් මාස හතේදී වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 8,188ක්ද සේවා අංශයේ අපනයනයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2,199ක ආදායමක් ලබා ගැනීමට සමත්ව තිබේ.

කොළඹ වරායේ කන්ටේනර් බහාලුමකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝගෑම් 420ක් සොයාගෙන ඇති අතර මෙම කන්ටේනරයේ හිමිකරු බව පැවසෙන දෙමටගොඩ ...
31/08/2026

කොළඹ වරායේ කන්ටේනර් බහාලුමකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝගෑම් 420ක් සොයාගෙන ඇති අතර මෙම කන්ටේනරයේ හිමිකරු බව පැවසෙන දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

31/08/2026

දැන් ඉන්නේ විශ්වීය දරුවෝමේ ජාතිවාදී දේශපාලනයෙන්
අද ඉන්න තරුණ පරම්පරාවට කිසිම සෙතක් වෙන්නේ නෑ
මාධ්‍යවේදී මනෝරන්ජන්

වසර තුනක කාලයකදී විශූද්ධීකරණය කළ මුදලින් රුපියල් කෝටි 06කට ආසන්න මුදලක් ස්ථාවර තැන්පතු ගිණුම්ල තැන්පත් කළ බවට හිටපු ජනාධ...
31/08/2026

වසර තුනක කාලයකදී විශූද්ධීකරණය කළ මුදලින් රුපියල් කෝටි 06කට ආසන්න මුදලක් ස්ථාවර තැන්පතු ගිණුම්ල තැන්පත් කළ බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ ආච්චිට එරෙහි නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සැප්තැම්බර් 28 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි අද (31) තීරණය කර තිබේ.

ඒ, පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුවය.

2009 මාර්තු 31 වැනිදාත් 2013 දෙසැම්බර් 12 වැනිදාත් අතර කාලසීමාව තුළ උපයා ගත් ආකාරය හෙළි කිරීමට නොහැකි රුපියල් ලක්‍ෂ 590කට අධික මුදලක් යොදවා පෞද්ගලික බැංකු තුනක ස්ථාවර තැන්පතු කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ සඳහන් වැරදි කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපති විසින් අධි චෝදනා නඟා ඇත.

වසර 04ක කාලසීමාවක් තුළදී අදාළ දේපළ මිලදී ගත් බවට චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ මහින්ද රාජපක්ෂගේ නැන්දම්මා වන ඩේසි ෆොරස්ට්ට එරෙහිව නීතීපති විසින් මෙම නඩු පවරා ඇත.

නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා කරුණු දක්වමින් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පැවැත්වීම සඳහා දිනයක් නියම කරන්නැයි ඉල්ලා ඇත.

නඩුවේ දෙවන විත්තිකාරිය වන ඩේසි ෆොරස්ට් සම්බන්ධයෙන් පැමිණිල්ලේ ස්ථාවරය එදින දැනුම් දීමට අපේක්ෂා කරන බව දැනුම් දුන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා අධිචෝදනා පත්‍රයේ සිදු කිරීමට බලාපොරෙත්තු වන සංශෝධනයන්ද එදින දැනුම් දීමට කටයුතු කරන බවද දැනුම් දී තිබේ.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පැවැත්වීමට තීරණය කළ විනිසුරු රශ්මි සිංගප්පුලි නඩුව සැප්තැම්බර් 28 වැනිදා යළි කැඳවීමටද නියම කර ඇත.

සංවිධානාත්මක අපරාධ ජාල, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මූල්‍ය වංචාවලට සම්බන්ධ 'පාතාලයන්' ගැන සිදුකළ විමර්ශන 113 කට අදාළව රුපියල්...
31/08/2026

සංවිධානාත්මක අපරාධ ජාල, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මූල්‍ය වංචාවලට සම්බන්ධ 'පාතාලයන්' ගැන සිදුකළ විමර්ශන 113 කට අදාළව රුපියල් බිලියන 6 කට අධික වටිනාකමකින් යුත් පාතාලයන්ගේ දේපළ හා වත්කම් තහනම් කිරීමට ශ්‍රී ලංකා පොලීසිය පියවර ගෙන තිබේ. පොලිස් වාර්තාවලට අනුව හඳුනාගන්නා ලද සමස්ත වත්කම් අතුරින් රුපියල් බිලියන 5.423 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් 102 දෙනෙකුට අයත් වේ.

තවද, සිදුකරන ලද පරීක්ෂණවල කොටසක් ලෙස පාතාල ලෝකයේ ප්‍රධානීන් තිදෙනෙකුට අයත් රුපියල් මිලියන 209 ක පමණ වටිනාකමකින් යුත් දේපළ ද රාජසන්තක කර ඇත.

නීති විරෝධී පිරමිඩ යෝජනාක්‍රම, ළමා අපයෝජන, නීති විරෝධී පුපුරන ද්‍රව්‍ය සහ මහා පරිමාණ වංචාවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ සැකකරුවන් අටදෙනෙකුගෙන් රුපියල් මිලියන 367 ක පමණ වත්කම් ද පොලීසිය භාරයට ගෙන තිබේ. මෙලෙස හඳුනාගෙන ඇති දේපළ අතර රුපියල් බිලියන 1.437 ක් වටිනා නිවාස 55 ක් සහ රුපියල් බිලියන 1.322 ක් ලෙස තක්සේරු කර ඇති අක්කර 138 ක ඉඩම් ප්‍රමාණයක් ඇතුළත් වේ. මීට අමතරව රුපියල් බිලියන 1.171 ක් පමණ වටිනා මෝටර් රථ ඇතුළු වාහන 142 ක් ද පොලිස් භාරයට ගෙන ඇත. එමෙන්ම බලධාරීන් විසින් රුපියල් මිලියන 461 ක මුදලක් සොයා ගැනීමට හෝ තහනම් කිරීමට කටයුතු කර ඇති අතර,

රුපියල් මිලියන 428 කට ආසන්න මුදලක් සහිත බැංකු ගිණුම් 27 ක් ද අත්හිටුවා තිබේ. මෙම විමර්ශනවලදී රුපියල් මිලියන 305 ක් වටිනා බහුදින ධීවර යාත්‍රා 12 ක්, රුපියල් මිලියන 250 ක් වටිනා වාණිජ ගොඩනැගිලි අටක්, රුපියල් මිලියන 214 ක් වටිනා වෙළඳසැල් 21 ක් සහ රුපියල් මිලියන 168 ක් වටිනා රන් භාණ්ඩ හා ආභරණ ද තහනම් කර ඇත. තවත් රුපියල් මිලියන 239 ක විවිධ වත්කම් ද මෙලෙස අත්අඩංගුවට ගත් දේපළ අතර වේ. මේ අතර, විදේශයන් වෙත පලාගොස් සිටින සැකකරුවන් සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය ජාත්‍යන්තර මට්ටමින් මෙහෙයුම් වේගවත් කර ඇති අතර, සංවිධානාත්මක අපරාධ සහ වෙනත් බරපතල වැරදි සම්බන්ධයෙන් තේරී පත්වුණු පුද්ගලයින් 38 දෙනෙකු ඇතුළුව, පලාගිය පුද්ගලයින් 66 දෙනෙකු මේ වන විට විදේශයන්හි සිට නැවත ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන තිබේ. පොලීසිය සඳහන් කරන්නේ ඉන් සංවිධානාත්මක අපරාධ සම්බන්ධ සැකකරුවන් 28 දෙනෙකු මෙරටට ගෙන්වාගෙන ඇත්තේ ඉන්ටර්පෝල් රතු නිවේදන යටතේ බවයි.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 55 දෙනෙකු ඉලක්ක කරගනිමින් නිකුත් කළ නිවේදන ද ඇතුළුව ඉන්ටර්පෝල් රතු නිවේදන 110 ක් බලධාරීන් විසින් ලබාගෙන ඇත. ඒ අනුව 2023 වසරේ සිට මේ දක්වා ඉන්ටර්පෝල් රතු නිවේදන යටතේ සැකකරුවන් 42 දෙදෙනෙකු ශ්‍රී ලංකාවට උදර්පනය කර තිබේ. දැනට ජාත්‍යන්තර මට්ටමින් සක්‍රීයව පවතින ඉන්ටර්පෝල් රතු නිවේදන 236 ක් පොලීසිය විසින් පවත්වාගෙන යනු ලබන අතර, ඉන් 96 ක් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් ඉලක්ක කරගත් ඒවා වේ. තවත් පලාගිය පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට අදාළව නිවේදන 93 ක් සකස් කරමින් පවතින බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

අවස්ථා තුනකදීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණීම මගහැර සිටි හිටපු මුදල් ඇමති රවී කරුණානායක අද පෙරවරුවෙ එම කොම...
31/08/2026

අවස්ථා තුනකදීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණීම මගහැර සිටි හිටපු මුදල් ඇමති රවී කරුණානායක අද පෙරවරුවෙ එම කොමිසම වෙත පැමිණ තිබේ.

ඔහු එලෙස අල්ලස හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණ ඇත්තේ, ජාතික ලොතරැයි මණ්ඩලයට අනුමත ක්‍රමවේදයෙන් පරිබාහිරව නිලධාරීන් පස් දෙනෙකු කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනියුක්ත කිරීමේ විමර්ශනයකට අදාළව සිදු කළ කැඳවීමක් අනුවය.

මෙම සිදුවීමට අදාළව ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනියක වන ශර්මිලා පෙරේරා අත්අඩංගුවට ගෙන, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය ජුනි මස 30 වැනිදා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරියාය.

සමාජය තුළ විෂ මත්ද්‍රව්‍ය හිඟයක් නිරීක්ෂණය වන බවත් ඒවගේම මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ ප්‍රතිකාර හා පුනරුත්ථාපනය සඳහා ඉල්...
30/08/2026

සමාජය තුළ විෂ මත්ද්‍රව්‍ය හිඟයක් නිරීක්ෂණය වන බවත් ඒවගේම මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ ප්‍රතිකාර හා පුනරුත්ථාපනය සඳහා ඉල්ලීම් වැඩි වෙමින් ඇති බවත් අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයා පවසයි.

30/08/2026

නාමල් දැන් කියන්නේ ඇත්ත නම් ඇයි මිනිස්සු ඡන්දෙදි 2.50ට දැම්මේ

මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය වඩාත් විධිමත්ව සපයා දීමේ අරමුණින් දිස්ත්‍රික්කය පුරා පිහිටි නළලිං 277...
30/08/2026

මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය වඩාත් විධිමත්ව සපයා දීමේ අරමුණින් දිස්ත්‍රික්කය පුරා පිහිටි නළලිං 277ක් ප්‍රතිසංස්කරණය කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

එහි පළමු අදියර යටතේ මොණරාගල, මැදගම සහ සියඹලාණ්ඩුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි නළලිං 60ක් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වන විට සක්‍රීයව ආරම්භ කර ඇත.

ජනතාවගේ දැඩි පානීය ජල අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, ප්‍රමුඛතා පදනම මත සියඹලාණ්ඩුව, මොණරාගල සහ මැදගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පිහිටි නළලිං 20ක් ඉදිරි සති දෙකක කාලය ඇතුළත සම්පූර්ණයෙන්ම පිළිසකර කර ජනතා අයිතියට පැවරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාව සඳහා මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය මෙන්ම මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. ජයවර්ධන මහතා සහභාගී විය.

එමෙන්ම මොණරාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ජනක කුරුප්පු මහතා, ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ජල භූවිද්‍යාඥ චන්ද්‍රිකා කුලරත්න මහත්මිය සහ එහි කළමනාකරු නලින් වික්‍රමාරච්චි මහතා ඇතුළු නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පසුගිය සතියේ නේපාලයට සහ ටිබෙටයට බලපෑ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව අද වන විට 750 දක්වා ඉහළ ගොස් ඇති ...
30/08/2026

පසුගිය සතියේ නේපාලයට සහ ටිබෙටයට බලපෑ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව අද වන විට 750 දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් පුද්ගලයින් 3,044 දෙනෙකු අතුරුදහන්ව සිටින බව බලධාරීහු නිල වශයෙන් තහවුරු කරති. ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගංගාවල ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යාම නිසා මුදාගැනීමේ කණ්ඩායම් ආරක්ෂිත උස් භූමි වෙත යොමුකිරීමට ද පියවර ගෙන තිබේ.

නායයෑම හේතුවෙන් නේපාල - චීන සීමාව හරහා නිර්මාණය වූ විලක් පිටාර ගලා යාම නිසා නැවතත් හදිසි ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇත. මෙම අයහපත් කාලගුණය සහ අවදානම් සහගත තත්ත්වය හේතුවෙන් සිකුරාදා සිට සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් වරින් වර අත්හිටුවීමට ද සිදු විය.

Address

Colombo
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Base Line news - SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share