30/05/2026
තිලොවට පායපු රන් හිරු මඬල
අනවතප්තයේ සත්බිගු පියුම
තුසිත විමානේ පරසතු කුසුම
සාධු වඳිමි මගේ ගෞතම සමිද
සසර ගමන දුක බව දැන ගත් දා
සසර පුරා ආ පතිනිය හැරදා
අතිර භවයේ සැනසුම් සුව සොයලා
සමිදු නික්මුණා ඇසල පොහොය දා
සුන් කළ මරු බල බිඳිමින් වෙසඟේ
නිර්මල සම්බුදු බව ලැබ සමිදේ
පින් කළ පිරිසට නිර්මල දහමේ
අත්කල දුන්නා හිමි නිර්වානේ
☸️🪷☸️🪷🇱🇰