Ahinsa’s Corner

Ahinsa’s Corner 📚 Book lover | ✏️ Stationery addict | 🎀 Pastel mood curator | 🌷 Creative corner ✨

මේ photo එකට මං මාරම ආසයි. එකක් මේ shot එක. මේක edit නොකර තමයි මේ තියෙන්නේ. original Photo එක. ඒකේ colors වලට මං මාරම ආස...
19/07/2026

මේ photo එකට මං මාරම ආසයි. එකක් මේ shot එක. මේක edit නොකර තමයි මේ තියෙන්නේ. original Photo එක. ඒකේ colors වලට මං මාරම ආසයි. අනික් එක මේ photo එකේ මට මං මාර කැමති. විශේෂ ම දේ තමයි මේ photo එක දිහා බැලුවොත් හොදට පේනවා අපි දෙන්නගේ ඔලුව උඩින් තියෙන drone එක. ඒ වෙලාවේ වැහැලා අව්ව පායපු වෙලාවක්. මං හිටියේ දාඩිය බේරෙන ගමන්. මට සාමාන්‍යයෙන් makeup කලාම දාඩිය දානවා. මේ වෙලාවෙදි මට හොදටම රස්නෙයි ඒ වගේම දාඩියයි.

ඒ වෙලාවෙදි තමයි Iresh Ayeshmantha මල්ලි drone එක ගෙනල්ලා අපේ ඔලුව උඩින් නවත්තන් ඉන්නේ. ඒ වෙලාවේ ඒ drone එකෙන් එන හුළඟත් මට මාරම සනීපයි. ඒ වගේ කරන අය ඇති. හැබැයි මගෙයි අයියගෙයි ජිවිතේ පළවෙනි පාර තමන්ගෙම අය වගේ කියලා හිතාගෙන තමන්ට ලැබුන වැඩේ කරන photography team එකක් දැක්කේ.

ඇත්තටම අපිට දැනුනේ අපේම මල්ලිලා අයියලා ටිකක් අපේ photo shoot එක කරනවා වගේ. මගේ දවස් දෙකේ flower bouquet දෙකම කිලෝ පහක් විතර බර ඇති. මට ඒක උස්සගන්න අමාරු වෙන හැම වෙලේම අයියගේ යාලුවා චමල් අයියයි photography team එකේ අයයි තමයි මාරුවෙන් මාරුවට උස්සගෙන පස්සෙන් ආවේ. එදා දවසම අයියයි මායි සැහැල්ලුවෙන් හිටියේ පාන්දර ඉදන් එයාලා අපි වෙනුවෙන් කැපවුණු විදියත් එක්ක.

එදා විතරක් නෙමෙයි. Iresh Ayeshmantha මල්ලිව මුලින්ම හම්බෙලා මල්ලි මගේ වැඩේ කරලා දෙන්න කිව්ව දවසේ ඉදන් මං සැරින් සැරේ මල්ලි අපි මෙහෙම කරමුද, මල්ලි මට මෙහෙම ඕනි, මල්ලි මං photos වලට ඉන්න දන්නේ නෑ ඔයාගේ අතේ තමයි තියෙන්නේ, මල්ලි මට මේ විදියේ photos ටිකක් ඕනි, කියන කියන පාර හා අක්කේ, ඔව් අක්කේ, අපි එහෙම කරමු අක්කේ, ඔයාට ආස ඕනිම විදියකට වැඩේ කරලා දෙන්නම් අක්කේ කිය කිය සෑහෙන support එකක් දුන්නා. ඒ හැමදේකට ඔයාට වගේම දවස් දෙකේම ආපු ඔයාගේ අයියයි team එකේ හැමෝටමයි Thank you Soooo Much🥺♥️

Ayeshmantha photography highly recommended🔥❣️

15/07/2026

සෙනසුරාදට ගෙදර ගිහිල්ලා පාට් ටයිම් කරන හස්බන්🤭♥️
— Caption එක තාත්තගෙන්🤪

මේ දවස් වල අපේ හබියගේ ගෙදර ගියාම ඉතින් උදේටත් රඹුටන් දවල්ටත් රඹුටන් හවසටත් රඹුටන් රෑටත් රඹුටන්. දැන්නම් රඹුටන් ඉවරයි😁 ඔය කඩන්නේ නම් අපිට කන්න නෙමෙයි. කොළඹ ගේන්න.😎

30/06/2026
24/06/2026

මේ තියෙන්නේ අපේ ගෙදර කුස්සියට පේන view එක. ලොකු වැස්සක් එන්න කලින් ආපු හුළං පාරට මුළු කුඹුරු යායෙම ගොයම් සේරම එකම පැත්තට නැමෙනකොට හරියට නිකක් ගඟක රැලි ගහනවා වගේ. ඒ වෙලාවට දැනෙන feeling එක කියන්න හරි අමාරුයි.

ඒ වගේම තමයි උදේට ඒ පැත්ත පේන විදිය. කොක්කු පියාඹනවා. ඉස්කෝලේ යන ලමයි සුදු uniform එකත් ඇදගෙන නියර දිගේ ඉස්කෝලෙට යන විදිය. ලාවට තියෙන අදුරු ගතිය. මේ හැමදේම එකතු උනාම ඒ seen එක නිකන් magical moment එකක් වගේ. කොළඹ හිටියත් ගමක ඉන්නවා වගේ හැගීමක් හිතට එන්නේ එක පාරටම. ඒත් එක්කම හිතෙන්නේ මෙහෙ මෙහෙමනම් ගම කොච්චර ලස්සන ඇතිද කියලා.

පලි-: ඒ වගේ ලස්සන ගමකින් තමයි හස්බන්ඩාව හොයාගත්තේ. එහේ ගිය වෙලාවක ඒ පැත්තත් පෙන්නන්නම්කෝ😉

Aurelia කියන්නේ සාමාන්‍ය ලෝකයේ කිසිවෙකුට පහසුවෙන් හොයාගන්න පුළුවන් තැනක් නෙමෙයි. ඒක තිබුණේ පොළොව මත නෙමෙයි. අහස මැද පාවෙ...
23/06/2026

Aurelia කියන්නේ සාමාන්‍ය ලෝකයේ කිසිවෙකුට පහසුවෙන් හොයාගන්න පුළුවන් තැනක් නෙමෙයි. ඒක තිබුණේ පොළොව මත නෙමෙයි. අහස මැද පාවෙන සුන්දර දූපත් ගණනාවක් අතරේ.

නිල් පාට වලාකුළු අතරින් හමාගෙන යන මල් සුවදකින් aurelia ව හැම වෙලේම පිරිලා තිබුණා. කුඩා ගංගා අහසේ සිට පහළට වැටෙනවා වගේ පෙනුණත් ඒවා වැටෙන්නේ නැහැ. ඒවා aurelia වේ මැජික් බලයෙන් ආරක්ෂා වෙලා දිලිසෙන දිය ඇලි වගේ පාවෙමින් තිබුණා.

එහි තිබුණේ විශාල මාලිගා නෙමෙයි. ඒ වෙනුවට තිබුණේ කුඩා, උණුසුම්, ආදරණීය කොටේජ. ඒ හැම කොටේජයකටම තමන්ගේම කතාවක් තිබුණා. සමහරු එකම පවුලකින් ආව අය. සමහරු දුර ඈත තැන්වලින් ආපු අය. ඒත් අවසානයේ හැමෝම එකම දෙයක් හොයාගත්තා. ඒ තමන්ගෙම තැනක්.

අරූලියාවේ එක් පැත්තක, විශාල ගසක් වට කරගෙන ලස්සන නිල් පැහැති කොටේජ් එකක් තිබුණා. ඒක තමයි සෙරීන් කොටේජ් එක. ඒ කොටේජ් එකේ හතර දෙනෙක් ජීවත් උනා.

සෙරින් — හැමෝගේම හිත සනසන්න පුළුවන් තරම් උණුසුම් හදවතක් තිබුණු ගැහැණු ළමයෙක්.

ඇවන් — හැම වෙලාවෙම සිනාසෙන, කාටවත් තනි වෙන්න දෙන්නෙ නැති සහෝදරයෙක් වගේ මිතුරෙක්.

රියා — පොත් අතර ජීවත් වුණත්, තමන් ආදරය කරන අය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන කෙනෙක්.

ලියෝර් — සන්සුන් හඬකින් කතා කරන, සංගීතයෙන් මිනිසුන්ගේ හදවත සනසන්න පුළුවන් කෙනෙක්.

ඔවුන් එකම ලේ වලින් හැදුන සහෝදර සහෝදරියෝ නොවුණත්, ඔවුන් එකිනෙකාට ගොඩක් ආදරය කලා. හරියට ඇත්තම පවුලක් වගේ. ඇත්තටම මේක තමයි එයාලගේ පවුල.

එදා උදේ සෙරින් කොටේජ් එකේ හැමෝම හිටියෙ කලබලයෙන්.

“අපිට අලුත් කෙනෙක් එනවා කියලා තාමත් විශ්වාස කරන්න බෑ,” රියා පොතකින් හිස උස්සලා කිව්වා.

ඇවන් කන්න ගෙනාපු පළතුරු කූඩයක් අතේ තියාගෙන හිනා වුණා.

“එයාට හොඳ පිළිගැනීමක් දෙන්න ඕනේ. මම හිතන්නේ අපි කේක් එකක් හදමු.”

රියා ඔහු දිහා බැලුවා.

“පසුගිය වතාවේ ඔයා හදපු කේක් එක ගලක් වගේ තිබුණා.”

“ඒක විශේෂ කේක් එකක්,” ඇවන් කිව්වා.
“ඒක කන්න හොදට ශක්තිය ඕනි”

සෙරින් ඔවුන් දෙස බලා හිනා වුණා. මේ තමයි ඇය ආදරය කරන මිනිසුන්. පරිපූර්ණ නැති ඒත් ඇය වෙනුවෙන් හැමදාම ඉන්න මිනිසුන්. ඇයගේ එකම පවුල.

හදිසියේම අහස වෙනස් වුණා. හුළඟ ටිකක් සීතල වුණා. Aurelia වේ පැරණි සීනුවක් හඬ නැගුවා. Aureliaවට නව සාමාජිකයෙක් පැමිණෙමින් සිටියා.

කොටේජ් එක ඉදිරිපිටට ඇවිත් ඈත බැලුව සෙරින්ට වලාකුළු අතරින් කෙනෙක් සෙමින් ඇවිදගෙන එනවා පෙනුණා. ඔහු සිටියේ තනියම. ටිකෙන් ටික ඔහු කොටේජය ලඟට ලං උනා.

අළු පාට ඇස් දෙකක්. අවුල් වූ කළු පැහැති හිසකෙස්. ලොකු ස්වෙටර් එකක් ඇඳගෙන හිටිය ඔහුව ලෝකයෙන් ටිකක් ඈත් වෙලා වගේ පෙනුනේ.

ඔහුගේ නම කේන්. ඔහු කොටේජ් එක දිහා බැලුවා. ඒත් ඔහුගේ ඇස්වල තිබුණේ සතුටක් නෙමෙයි. තිබුණේ දිගු කාලයක් තිස්සේ හංගගෙන හිටපු තනිකමක්.

සෙරින් ඔහු ළඟට ගියා.

“Aurelia වට සාදරයෙන් පිළිගන්නවා,” ඇය මෘදු හඬකින් කිව්වා.

කේන් කිසිවක් කිව්වේ නැහැ.

ඒත් ඔහු අතේ තිබුණු කුඩා මල හදිසියේම දිලිසෙන්න පටන් ගත්තා. Aurelia ව ඔහුව පිළිගත්තේ හරිම පුදුම විදියට. සමාන්‍යයෙන් අලුතින් එන අය අතේ තියෙන මලේ පෙති ගැලවිලා aurelia ව පුරා පැතිර යන ඒ මල් සුවදටම එකතු වෙනවා.

සෙරින් පුදුමයෙන් බැලුවා.

ඒ මොහොතේ ඇයට තේරුණේ නැහැ. මේ නිහඬ පිරිමි ළමයා එක්ක ඇයගේ ජීවිතය කොච්චර වෙනස් වෙයිද කියලා. ඔවුන් තවම දැනගෙන හිටියේ නැහැ. කේන් aurelia වට ආව නව සාමාජිකයෙක් විතරක් නෙමෙයි කියලා.

ඔහු ආවේ…

අමතක වෙලා තිබුණු පරණ රහසක් නැවත අවදි කරන්න.

~Ahinsa's Corner🪼~

11 වන වරටත් පවත්වන ලද දකුණු ආසියාවේ විශාලතම පහන් කූඩුව🤍
13/06/2026

11 වන වරටත් පවත්වන ලද දකුණු ආසියාවේ විශාලතම පහන් කූඩුව🤍

Crush එකවම බදිනවා කියන එකත් ලේසි පහසු වැඩක් නෙමෙයි😎♥️💍
12/06/2026

Crush එකවම බදිනවා කියන එකත් ලේසි පහසු වැඩක් නෙමෙයි😎♥️💍

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Ahinsa’s Corner posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share