17/09/2026
🚨 පොලිස් අත්අඩංගුවෙන් මිදී සැකකරු නිල්වලා ගඟට පනී! 😱🌊
අකුරැස්ස අමලගොඩ හන්දිය ප්රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු, පොලිස් අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇති බව වාර්තා වේ.
පලායමින් සිටි සැකකරු අමලගොඩ හන්දිය ආසන්නයේදී ඇඳුම් ඉවත් කර කිඹුලන් බහුලව සිටින බවට පැවසෙන නිල්වලා ගඟට පැන, ගඟ හරහා පිහිනා පලාගිය බවට තොරතුරු වාර්තා වේ. 😱
මෙම සිදුවීම 2026/09/16 දින සිදුව ඇති අතර, සැකකරු සොයා පොලිස් මෙහෙයුම් ක්රියාත්මක කර ඇති බව සඳහන් වේ.
📍 ස්ථානය: අමලගොඩ හන්දිය – අකුරැස්ස
📅 දිනය: 2026/09/16
🎥 අත්අඩංගුවෙන් මිදී ගඟට පැන පලාගිය අවස්ථාවේ දර්ශන පහතින්...