News Alert

News Alert “Daily news, sports, entertainment, politics, lifestyle—සියලු පුවත් එකම page එකෙන්.”

කොළඹ වරායට බස්නාහිර දෙසින් නාවික සැතපුම් 17 ක් පමණ ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී වෙළඳ නෞකාවකින් ගිලිහී ගිය හිස් බහාලුම් 17 ක...
01/08/2026

කොළඹ වරායට බස්නාහිර දෙසින් නාවික සැතපුම් 17 ක් පමණ ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී වෙළඳ නෞකාවකින් ගිලිහී ගිය හිස් බහාලුම් 17 ක් මුහුදේ පාවෙමින් පවතින බවට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

පවතින මුහුදු දියවැල් රටාව සැලකිල්ලට ගැනීමේදී, මෙම පාවෙන හිස් බහාලුම් බේරුවල සිට මීගමුව හරහා පුත්තලම දක්වා විහිදෙන වෙරළ තීරය දෙසට ගොඩබිම දෙසට පාවී ඒමේ වැඩි සම්භාවිතාවක් පවතින බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.

යම් හෙයකින් මෙම පාවෙන බහාලුම් කිසිවක් නිරීක්ෂණය වුවහොත්, ඒ පිළිබඳ තොරතුරු වහාම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි පණිවිඩ මධ්‍යස්ථානය වෙත හෝ ළඟම පිහිටි ධීවර වරාය නිලධාරීන් වෙත දැනුම් දෙන ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටියි.

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ...
17/07/2026

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත ස්ථාන මාරු කර තිබේ.

ඒ අනුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා මින් ඉදිරියට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරි ඉටු කිරීමට නියමිතය.
゚ ゚viralシ

හිටපු පොලිස්පතිවරයෙකු වූ සී.ඩී. වික්‍රමරත්න මහතා සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.අතුරුගිරියේ පිහිටි ඔහුගේ නිවසේදී වෙ...
17/07/2026

හිටපු පොලිස්පතිවරයෙකු වූ සී.ඩී. වික්‍රමරත්න මහතා සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.

අතුරුගිරියේ පිහිටි ඔහුගේ නිවසේදී වෙඩිතබාගෙන සියදිවි නසාගෙන ඇති බව සඳහන්ය.

වෙඩිවැදීමෙන් අනතුරුව ඔහු අද (17) උදෑසන මුල්ලේරියාව රෝහලට රැගෙන ගොස් ඇති අතර, ඒ වනවිට ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

වසර 30කට අධික කාලයක් පොලිස් සේවයේ කටයුතු කර තිබූ සී.ඩී. වික්‍රමරත්න මහතා මෙරට 35වැනි පොලිස්පතිවරයා වේ.

පොලිස්පති ධුරයට පත්වීමට පෙර වික්‍රමරත්න මහතා දකුණු පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කළේය.

පාස්කු බෝම්බ ප්‍රහාර සිද්ධියෙන් පසු එවක පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසු වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කරන ලදී.

පොසොන් පොහොය වෙනුවෙන් දිවයින පුරා මේ වන විට දන්සැල් 18,000කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු...
28/06/2026

පොසොන් පොහොය වෙනුවෙන් දිවයින පුරා මේ වන විට දන්සැල් 18,000කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ, ඊයේ (27) පස්වරුව වන විට දිවයින පුරා දන්සැල් 18129ක් ලියාපදිංචි වී ඇති බවය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව හෙට (29) සහ අනිද්දා (30) පවත්වනු ලබන දන්සැල් පරීක්ෂා කරන බව ඔහු අවධාරණය කළේය.

පොසොන් කලාප ආශ්‍රයෙන් පවත්වාගෙන යනු ලබන වෙළඳසැල් සහ තාවකාලික වෙළඳසැල් පරීක්ෂාව එම සතිය පුරාවට සිදු කිරීමට නියමිතය.

මෙවර අනුරාධපුර පූජා භූමිය ආශ්‍රිතව ඊයේ (27) දින වනවිට දන්සැල් 200කට අධික සංඛ්‍යාව ලියාපදිංචිවී ඇති බව චමිල් මුතුකුඩ මහතා කීය.

දූෂණ චෝදනාවලට හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා වරදකරු කරන බව කොළඹ මහාධිකරණය නියෝග කරයි.සරණ ගුණවර්ධන මහතාට එරෙහිව...
09/06/2026

දූෂණ චෝදනාවලට හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා වරදකරු කරන බව කොළඹ මහාධිකරණය නියෝග කරයි.

සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවල තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව විත්තිකරුට දඬුවම් නියම කිරීමට නියමිත අතර ඊට අදාළ කරුණු දැක්වීම් නීතිඥවරු විසින් මේ වන විට සිදු කරමින් තිබේ.

2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී රජයට පාඩුවක් සිදු කිරීම තුළින් ”දූෂණය” නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගනු කර තිබේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැස...
09/06/2026

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති විය හැකිය. සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40 පමණ තරමක තද සුළං ඇති විය හැකිය.

දශකයකට පසු ඇතිවන ප්‍රබලම එල්-නිනෝ තත්ත්වයක බලපෑමක් ඉදිරියේ දී එල්ල වීමේ හැකියාවක් පවතින බවට එක්සත් ජාතීන්ගේ කාලගුණවිද්‍ය...
03/06/2026

දශකයකට පසු ඇතිවන ප්‍රබලම එල්-නිනෝ තත්ත්වයක බලපෑමක් ඉදිරියේ දී එල්ල වීමේ හැකියාවක් පවතින බවට එක්සත් ජාතීන්ගේ කාලගුණවිද්‍යා ඒජන්සිය අනතුරු අඟවා තිබේ.

මෙරට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවද පවසන්නේ මේ හේතුවෙන් ජූලි - අගෝස්තු මාසවලදී ශ්‍රී ලංකාවට නියං තත්ත්වයක් ඇති වීමේ ඉඩක් ඇති බවය.

එල්-නිනෝ තත්ත්වයක් යනු පැසිෆික් සාගරයේ මතුපිට ජලයේ උෂ්ණත්වය සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහළ යාමෙන් ලොව පුරා කාලගුණ රටාවන්හි විශාල වෙනස්කම් ඇති කරන ස්වභාවික සංසිද්ධියක්ය.

එහි ප්‍රතිඵලයක් ලෙස නැගෙනහිර දෙසින් හමන වායු දහරා, උණුසුම් ජල රැලි ආසියානු කලාපය දෙසට යොමුකිරීම සඳහා බලපෑම් එල්ල කරන අතර, අදාළ කාලසීමාව තුළ වායුගෝලීය උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ඉහළයෑමක් සිදුවේ.

මෙම එල්-නිනෝ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව වැනි කලාපවලට සාමාන්‍ය වර්ෂාපතනය අඩුවී දරුණු නියං තත්ත්වයක් ඇති වීමේ හැකියාවක් පවතී.

එහි තවත් ප්‍රතිඵයක් ලෙස පැසිෆික් සාගරයට යාබද උතුරු හා දකුණු අමෙරිකානු මහාද්වීප රටවලට අධික වර්ෂාව, ගංවතුර සහ නායයෑම් වැනි තත්ත්වයන්ට මුහුණදීමට සිදුවේ.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ කාලගුණවිද්‍යා ඒජන්සිය අනාවැකි පළ කරන්නේ, මෙම වසරේ ජුනි සිට අගෝස්තු දක්වා කාලය තුළ එල්-නිනෝ තත්ත්වයක් ඇති විය හැකි බවටය.

මෙම එල්-නිනෝ තත්ත්වය මෙම වසරේ නොවැම්බර් මාසය දක්වා වුවද, පැවතීමට ඉඩ ඇති බව එම සංවිධානය නිකුත් කළ වාර්තාවල සඳහන්ය.

කාලගුණ නිවේදනය
03/06/2026

කාලගුණ නිවේදනය

🔺BREAKING NEWS | 2026/05/31 සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළට
31/05/2026

🔺BREAKING NEWS | 2026/05/31 සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළට

රජය ක්‍රියාත්මක කරන “ප්‍රජා ශක්ති”  ජාතික වැඩසටහනේ 2026 සහ 2027 සංවර්ධන සැලසුම් සම්බන්ධ වැඩමුළුවක් ජනාධිපති කාර්යාලයේදී ...
24/05/2026

රජය ක්‍රියාත්මක කරන “ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහනේ 2026 සහ 2027 සංවර්ධන සැලසුම් සම්බන්ධ වැඩමුළුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ ග්‍රාමීය දිළිඳු බව තුරන් කර, සමාජය සවිබල ගැන්වීම සඳහා මෙතෙක් ක්‍රියාත්මක කළ වැඩසටහන් සමාලෝචනය කිරීම මෙන්ම 2027 වසර සඳහා යෝජනා හඳුනා ගැනීමේ රාමුවක් සකස් කිරීම සම්බන්ධව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when News Alert posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share