Curly & Burly

Curly & Burly Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Curly & Burly, Digital creator, Colombo.

Food 🍔🍟 | Travel 🛫🌏 | Lifestyle 🧗‍♂️🏊‍♀️

Welcome to our little corner of love ❤️, lenses 📷 & childlike wonder alive 🧚‍💫

Built on love 💞, powered by wanderlust ✈️, nourished by soulful food 🍕 & green escapes 🍃 where peace lives within 🧘✨️

💝 සාර්ථකත්වය කරා යන ගමන 🎯පරාජය කියන්නෙ, සාර්ථකත්වයට විරුද්ධ පදයක් නෙවෙයි. ඔබව සාර්ථකත්වයට ඔසවා තබන ගමනේ පෙරගමන්කරුවායි ✨...
09/07/2026

💝 සාර්ථකත්වය කරා යන ගමන 🎯

පරාජය කියන්නෙ, සාර්ථකත්වයට විරුද්ධ පදයක් නෙවෙයි. ඔබව සාර්ථකත්වයට ඔසවා තබන ගමනේ පෙරගමන්කරුවායි ✨️

සමහර වෙලාවට අපට ජීවත් වෙන්න අමතක වෙන තරමටම, අපි බයේ තැති ගැන්මෙන් ජීවත් වෙනවා. මොකද, අපි අසාර්ථක වෙන්න එච්චරටම බයයි 💔

නමුත්, හැම වැරදුන පියවරක්ම අපට පාඩම් ගොඩාක් කියලා දෙනවා, සාර්ථකත්වයට කවදාවත්ම කියලා දෙන්න බැරි වුණු විදිහෙ පාඩම් ගොඩක් 🪄

අසාර්ථක වීම කියන්නෙ ඔයා ප්‍රමාණවත් නෑ කියන එක නෙවෙයි. සමහර වෙලාවට ඒක, ඔයා රැඳෙන්න ඕන තැනට යන්න කලින්, ජීවිතේ ඔයාව ඒ සඳහා හැඩගස්වන ලස්සන විදිහක් 🪻

වැටෙන්න බය වෙන්න එපා. උත්සාහ කරන්නවත් බය කෙනෙක් වෙන එකට විතරක් බය වෙන්න 💪

දවසක ආපස්සට හැරිලා බලද්දි ඔයාට තේරෙයි, ඔයා ජීවිතේ මකලා දාන්න හිතපු පිටුම, අද ඉන්න ශක්තිමත් "ඔයාව" ලියපු පිටු බව 💫

✍️ මේ ඔයාලගෙ Curly & Burly

----------------------------------------------------------------------------------

💝 JOURNEY TOWARDS SUCCESS 🎯

Failure isn't the opposite of success—it's part of becoming who you're meant to be ✨️

Sometimes, we spend so much energy trying not to fail, that we forget to truly live 💔

But, every wrong turn teaches us something the right path never could 🪄

Failure isn't proof that you aren't enough. Sometimes, it's simply life shaping your heart before it places you where you're meant to bloom 🪻

Don't fear falling. Fear becoming someone who never dared to try 💪

One day, you'll look back and realize, the chapters you wanted to erase became the ones that wrote the strongest version of you 💫

✍️ Yours, Curly & Burly

ලස්සන ආදර කතාවක් කියන්නේ හැම වෙලාවෙම හිනාවෙන ඇස් දෙකක් හොයන එක නෙවෙයි. ඇස් තෙමෙන කතාබහකින් අනතුරුවත් දීප්තිමත් ඇස් දෙකකි...
08/07/2026

ලස්සන ආදර කතාවක් කියන්නේ හැම වෙලාවෙම හිනාවෙන ඇස් දෙකක් හොයන එක නෙවෙයි. ඇස් තෙමෙන කතාබහකින් අනතුරුවත් දීප්තිමත් ඇස් දෙකකින් එකිනෙකා වැළඳ ගන්න එක 💖✨️

ඒ නිසා නිහඬියාවට ඔයාලා දෙන්නා අතරෙ දුරස්බවක් ඇතිකරන්න නොදී, එකිනෙකාට විවෘත වෙන්න. මොකද ඇත්තම ආදරේ තියෙන තැනක ඒ අවංක බව ඔයාලට, තව තවත් එකිනෙකාව තේරුම් ගන්න, එකිනෙකාට ළං වෙන්න අවස්ථාව හදලා දෙනවා මිසක ඔයාලව දුරස් කරවන්නේ නෑ 💞

ආදරේ කියන්නේ සියයට සියයක් ගැලපීම නෙවෙයි. නොගැලපීම් අතරෙත් එකිනෙකා අත නොහරින, එකිනෙකාව තේරුම් ගන්න හදවත් දෙකක බැඳීමට 🫶💫

✍️ මේ ඔයාලගෙ Curly & Burly

----------------------------------------------------------------------------------

A beautiful love story isn't about always looking into two smiling eyes. It's about finding your way back to each other with brighter eyes after a tearful conversation. 💖✨️

Instead of letting silence create distance, open up to each other. Because where love is real, a hard conversation with honesty doesn't push you apart—it creates a chance to understand each other a little deeper, love each other a little better, and grow even closer 💞

Love has never been about 100% compatibility. It's about two hearts that choose understanding over ego, grace over pride, and never let go of each other—even in the middle of a storm 🫶💫

✍️ Yours, Curly & Burly

07/07/2026

Tea time කියන්නෙ මට නම් sunset ritual එකක් ☕🧆 හැන්දෑවට දඩිබිඩියෙ හදාගන්න මේ cheese බේරෙන රසම රස snack එකත් එක්ක තේ කෝප්පයක් එකතු වුණාම, දවසේ මහන්සියත් නිකන්ම දියවෙලා යනවා වගෙයි මට දැනෙන්නෙ ❤️💫

14/06/2026

Birthday Getaway 💞

මුල්ම වතාවට මම අද අපේ පිටුවෙ මේ ලියමන ලියන්නේ මගේ ජීවිතේම වෙච්ච Curly, ඔයා වෙනුවෙන් ❤️✨️ඉතින් Curly, මේ දවස මට ඔයා උපන් ...
09/06/2026

මුල්ම වතාවට මම අද අපේ පිටුවෙ මේ ලියමන ලියන්නේ මගේ ජීවිතේම වෙච්ච Curly, ඔයා වෙනුවෙන් ❤️✨️

ඉතින් Curly, මේ දවස මට ඔයා උපන් දවසම විතරක් නෙවෙයි, මගේ ජීවිතේ ලස්සනම පරිච්ඡේදයක් ආරම්භ වුණු දවස 📖💫

Happy Birthday to my fabulous wife, my biggest supporter, my best friend, my adventure partner & the love of my life ❤️😍

Thank you for every sacrifice you've made, every quiet act of love, & every moment you've stood by me 💞

You have a beautiful way of making my world brighter, my heart calmer, and every ordinary day feel a little more special 💫💝

I wish you a life filled with endless happiness, good health, beautiful memories, and every success your heart dreams of 🎁🥰

Just as you have always stood beside me, I promise to stand beside you through every chapter, every dream, every challenge, and every adventure that comes our way 🤗 Your dreams are my dreams, your happiness is my happiness, and your hand is the one I want to hold through all of life's journeys ✨️

My love for you cannot be measured in words, days, or lifetimes. It grows beyond distance, beyond time, beyond forever itself ❤️😘

Happy Birthday, my hun bun ❤️🌹✨

I love you infinity times and more ♾️💕🥹

✍️ Yours loving, Burly

♡ 07.06.2026 ♡

මට වෙලාවකට හිතෙනවා මං කොච්චර තෘප්තිමත් ජීවිතයක් ගෙව්වත් මට මෙහේ ගෙවන ජීවිතේ පුංචි හිස්තැන් දෙකක් දැනෙනවා කියලා 🥹 එකක් මට...
02/06/2026

මට වෙලාවකට හිතෙනවා මං කොච්චර තෘප්තිමත් ජීවිතයක් ගෙව්වත් මට මෙහේ ගෙවන ජීවිතේ පුංචි හිස්තැන් දෙකක් දැනෙනවා කියලා 🥹 එකක් මට මගේ දෙමව්පියෝ ළඟ නැතිකම. අනික පන්සලේ බෝ මළුවේ සිසිලස විඳින්න නැතිකම 🍃

ඉතින් එහෙම හිතෙන වෙලාවට මං මගේ අතීතයට යනවා. පුංචි කාලේ අම්මගෙයි තාත්තාගෙයි අතේ එල්ලිලා වැලි මළුව දිගේ ඇවිදගෙන ගිය හැටි, බෝ පත්‍ර සුළඟට සෙලවෙන නාදයෙන් නැළවුණ හැටි, ඉරිදා උදේට මල් වට්ටියකුත් අතින් අරගෙන අක්කයි අයියයි එක්ක පා ගමනින්ම දහම් පාසල් ගිය හැටි, චුට්ටක් ලොකු වෙද්දි දහම් පාසලේ යාළුවොත් එක්ක වෙසක් කූඩු හදලා මුළු පන්සලම සරසපු හැටි, අදටත් ජීවිතේ නිදහස්ම නිස්කලංකම මතක. ඒ මතක මංපෙතේ ඇවිදිද්දි මට අදටත්, සුළඟත් එක්ක මුහු වෙච්ච පන්සල සිසාරා ගිය ඒ, හඳුන්කූරු සුවඳ දැනෙනවා දැනෙනවා වගේ. ඉතින් මං හිතාගන්නවා ඊළඟ නිවාඩුවට ලංකාවට ගියාම ටිකක් වැඩිවෙලාවක් පන්සලේ ගත කරන්න ඕනේ කියලා. මේ තියෙන්නෙ පහුගිය නිවාඩුවේ එහෙම ගත කරපු හවස්වරුවල අරගත්තු පින්තූර ටිකක් වගේම මතක මංපෙතේ සැරිසරන ගමන් දෙන්නත් එක්කම හදපු වෙසක් කූඩුවල පින්තූර.

✍️ මේ ඔයාලගේ Curly

01/06/2026

Our version of Heavenly Vesak 🪷💫

Send a message to learn more

අපි හැමෝම කියනවානෙ, හරියටම අවුරුදු තිබ්බේ අපි අම්මයි තාත්තයි එක්ක පුංචි කාලේ අවුරුදු සමරද්දි කියලා. ඉතින් මටත් හිතෙනවා ඒ...
26/05/2026

අපි හැමෝම කියනවානෙ, හරියටම අවුරුදු තිබ්බේ අපි අම්මයි තාත්තයි එක්ක පුංචි කාලේ අවුරුදු සමරද්දි කියලා. ඉතින් මටත් හිතෙනවා ඒ කතාව ඇත්තම ඇත්තක් කියලා. ඒ ඇත්ත නිසා වෙන්න ඇති ලංකාවෙන් දුර ඈත රටක හිටියත් අප්‍රේල් මාසෙ වෙද්දි තාමත් මාව ලංකාව පැත්තටම තල්ලු වෙලා යන්නෙ. ඉතින් මේ පාර අවුරුද්දට ගෙදර ගියවෙලේ අපි එකතුවෙලා ලෑස්ති කරගත්ත කැවිලි ටිකක් තමයි මේ 💖

ඇත්තටම මට හිතෙන්නෙ අවුරුදු තියෙන්නේ අම්මගෙ වැලඳගැනීම් ඇතුලේ ❤️🥰 තාත්තගෙ අහිංසක හිනාව ඇතුලේ ❤️😍 ඒ දෙකටම ලෝබකම් කරන දරුවන්ගෙ හදවත් ඇතුළෙ ❤️😘

✍️ මේ ඔයාලගෙ Curly

25/05/2026

මගේ අතින්ම හැඩවුණ අපේ අවුරුදු කැවිලි මේසෙ 🌞

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Curly & Burly posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share