
01/05/2025
සිංහල සින්දුවක් රූගත කිරීමට Miss Italia තරුවක් ලංකාවට! ✨
Miss Italia තරුවක් මෙරට සංචාරක කර්මාන්තයේ නව පෙරළියක් සනිටුහන් කරමින්, සුන්දර දිවයිනේ රූගත කළ අලුත්ම සිංහල මියුසික් වීඩියෝවක් නොබෝ දිනකින් ඔබ අතරට..✨
මේ Music වීඩියෝවේ රංගනයෙන් දායක වෙන්නේ ඉතාලියේ සුප්‍රසිද්ධ රූපලාවන්‍ය තරඟයක් වන 2024 හි "Miss Riviera delle Palme" ලෙස කිරුළු පැළඳි අතිශය රූමත් Ginevra Caló තරුණියයි. ඇයගේ පැමිණීමත් සමඟම, මෙම නිර්මාණය ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමටත්, මෙරට සුන්දරත්වය ලොව පුරා විදහා දැක්වීමටත් සූදානම් වෙනවා. 🌍
ඒ විතරක් නෙවෙයි, මේ සිංහල ගීතය තවත් විදේශීය භාෂා කිහිපයකට පරිවර්තනය කර ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙවැනි නිර්මාණ අපේ රටේ සංචාරක කර්මාන්තයට නැවුම් අත්දැකීමක් මෙන්ම දැවැන්ත අඬිතාලමක්. ලෝකයේ විවිධ රටවල සංචාරකයින්ට ලංකාව කෙරෙහි ආකර්ෂණය ඇතිවන්නත්, මෙහි සුන්දරත්වය අත්විඳින්නත් මේක ඉමහත් අවස්ථාවක් වනවා නොවනුමානයි.
රැදීටින්න අප සමඟ ඒ සොඳුරු මොහොත විඳගන්න. ❤️