23/06/2026
නිල් පාට මුහුදු වෙරළ, මීදුමෙන් වැහුන කඳුකරය, ලස්සන දියඇලි... සංචාරකයෝ ඩොලර් දහස් ගණන් වියදම් කරලා බලන්න එන මගේ ඔබේ පුංචි දූපත ඇත්තටම "පාරාදීසයක්" තමයි. 🇱🇰✈️
හැබැයි මේ සුන්දර පාරාදීසයේ ඇතුළාන්තය අද වෙනස්ම කතාවක් කියනවා. පිටින් බලන කෙනෙකුට සිරිය රැඳි ශ්‍රී ලංකාව ඇතුළේ ඉන්න මිනිස්සුන්ට අද ජීවත් වීම ලොකු සටනක් වෙලා. තමන්ගේ උපන් බිමට පණ ඇරලා ආදරය කරන මිනිස්සු, අද තමන්ගේ හැමදේම දාලා රට යන්න Boarding pass එකක් ගන්න පෝලිම් ගැහිලා ඉන්නේ ඇයි?
මේක නිකන්ම හිතුමනාපෙට වෙන දෙයක් නෙවෙයි; 1948 නිදහසේ ඉඳන් අද වෙනකම් ලංකාව ආපු ගමන් මග සහ මෑතකදී ඇතිවුන ආර්ථික කඩාවැටීම නිසා සිද්ධ වුණු දරුණු වෙනස්කම්වල ප්‍රතිඵලයක්. 🌍📉
මුලින්ම අපි හැරිලා බලමු අතීතයට. 1948 දී බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබද්දී ශ්‍රී ලංකාව කියන්නේ ආසියාවේ ඉතාම පොහොසත්, දියුණු වෙන්න ලොකුම හැකියාවක් තිබුණ රටක්. හැමෝම හිතුවේ ලංකාව ඉක්මනින්ම නවීන කාර්මික රටක් වෙයි කියලා. හැබැයි නිදහසෙන් පස්සේ බලයට පත්වුණ පාලකයෝ දිගුකාලීන ආර්ථික සැලසුම් හදනවා වෙනුවට කෙටිකාලීන දේශපාලන වාසි වලට සමහර තීරණ ගත්තා. ⏳🏛️
රටේ අපනයන ආදායම වැඩි කරගන්න, අලුත් කර්මාන්ත බිහි කරන්න ලොකු උනන්දුවක් පෙන්නුවේ නෑ. තේ, පොල්, රබර් සහ පස්සේ කාලෙක ඇඟලුම් ක්ෂේත්‍රයට විතරක් සීමා වෙච්ච අපනයන වෙළෙඳපොළක් තමයි අපිට තියෙන්නේ. රටේ ආදායමට වඩා වියදම අධික වෙද්දී, ඒ අඩුව පුරවන්න දිගින් දිගටම විදේශීය ණය ගන්න අපේ ලංකාව පුරුදු වුණා. මේ විදිහට දශක ගාණක් තිස්සේ එකතු වුණු ණය කන්දරාව සහ වැරදි කළමනාකරණය තමයි 2022 දී ලංකාව ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට ඇදලා දැම්මේ.
2022 ආර්ථික කඩාවැටීමෙන් පස්සේ ලංකාව IMF එකෙන් ඩොලර් බිලියන 2.9ක ණය සහනයක් ලබාගත්තා. දැන් රාජ්‍ය මට්ටමෙන් බලද්දී ආර්ථිකය යම්තාක් දුරට ස්ථාවර වෙලා වගේ පේනවා. උද්ධමනය තනි ඉලක්කමකට අඩු වෙලා, රුපියල ටිකක් ශක්තිමත් වෙලා, දළ දේශීය නිෂ්පාදිතය (GDP) ටික ටික ඉහළ යනවා. රජය අයවැය අතිරික්තයක් පවා පෙන්වලා තියෙනවා. 📊💔
හැබැයි ප්‍රශ්නය තියෙන්නේ මෙතන නෙවෙයි. මැක්‍රෝ ආර්ථික දර්ශක (Macroeconomic indicators) කොච්චර ලස්සනට පෙනුණත්, රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතවලට ඒකෙන් ලැබුන ලොකු සහනයක් නෑ. මේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කරන්න රජය පාවිච්චි කරපු දැඩි "Austerity measures" (සකසුරුවම් පියවර) හින්දා පීඩාවට පත්වුණේ රටේ දුප්පත් සහ මධ්‍යම පාන්තික ජනතාවමයි. ආර්ථිකය ටිකක් ගොඩ එද්දී මිනිස්සු තවත් අසරණ වුන එකට අපූරු උදාහරණයක් තමයි අද ලංකාව.
IMF කොන්දේසිත් එක්ක රජයට සිද්ධ වුණා තමන්ගේ වියදම් 6%කින් විතර කපලා, ආදායම වැඩි කරගන්න බදු බරත් වැඩි කරන්න. ලංකාවේ VAT (Value Added Tax) එක 18%ක් දක්වා ඉහළ දැම්මා. මේක 2006න් පස්සේ වාර්තා වුණු ඉහළම බදු ප්‍රතිශතය. Income tax වගේ නෙවෙයි, VAT එක පොහොසත් කෙනාටත් දුප්පත් කෙනාටත් පොදුයි. තමන්ගේ ආදායමෙන් වැඩි හරියක් කෑම බීමවලට වියදම් කරන දුප්පත් පවුල්වලට මේ 18%ක බදු බර දරාගන්න බැරි තරම් දරුණුයි. 💸⚡
ඒ මදිවට ඉන්ධන සහ විදුලිය වෙනුවෙන් රජයෙන් ඒ ආයතන වලට දීලා තිබුණ සහන සම්පූර්ණයෙන්ම වගේ ඉවත් කළා. මේකේ ප්‍රතිඵලයක් විදිහට විදුලි බිල සහ තෙල් මිල අහස උසට ගියා. (ඉරාන යුද්ධයත් මේකට තවත් සෘජු හේතුවක්) ආර්ථික අපහසුතා නිසා ලංකාවේ නිවාස විශාල ප්‍රමාණයකට බිල් ගෙවාගන්න බැරුව විදුලිය විසන්ධි කරන්න පවා සිද්ධ වුණා කියලා ජාත්‍යන්තර වාර්තා වල කියනවා. මිනිස්සුන්ට තමන්ගේ පුද්ගලික වාහනයක් පාවිච්චි කරන එක තියා පොදු ප්‍රවාහනයෙන් ගමනක් යන එකත් මාරම වියදම් අධික වැඩක් වුණා.
දැන් අපි බලමු ලංකාවේ මිනිස්සුන්ගේ ආදායමයි වියදමයි අතර තියෙන ඇත්තම තත්ත්වය. ඒත් මෑතකදී පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 30,000ක් විදිහට ගැසට් කළත්, ඒකෙන් අද කාලේ ජීවත් වෙන්න පුළුවන්ද? වැඩි කරපු එක හොඳයි, ඒත් මුදල මදි නේද? ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ලංකාවේ සාමාන්‍ය මාසික වැටුප රුපියල් 58,192ක් වුණත්, බහුතරයකගේ නියම වැටුප (Median salary) තියෙන්නේ රුපියල් 48,000 අවට. දෛනික ආදායම් ලබන අයගේ තත්ත්වය ඊටත් වඩා අන්තයි, එයාලගේ මධ්‍යස්ථ ආදායම රුපියල් 30,000 සීමාවේ තියෙන්නේ. 🥚🥔
2019 වසරට සාපේක්ෂව වැටුප් වැඩි වෙලා තියෙන්නේ 20% - 38% අතර ප්‍රමාණයකින්. හැබැයි බඩු මිල? මහ බැංකුවේ දෛනික මිල වාර්තා දිහා බැලුවොත්, 2019 දී රුපියල් 100ට තිබුන නාඩු කිලෝව අද රුපියල් 230කට වඩා වැඩියි (130%ක වැඩිවීමක්). රුපියල් 20ට තිබුණු බිත්තරය අද 35 - 40 සීමාවේ. රුපියල් 250ට තිබුණු දේශීය අල කිලෝව අද 350 පැනලා.
මේකෙන් පැහැදිලි වෙන්නේ මොකක්ද? 2019 දී රුපියල් 100,000ක් හම්බ කරපු කෙනෙක් ගෙවපු ජීවන තත්ත්වය අද ගෙවන්න නම් රුපියල් 200,000කට වඩා ඕනේ. හැබැයි කාගේවත් පඩි ඩබල් හෝ ත්‍රිබල් වුණේ නෑනේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ Purchasing power (මිලදී ගැනීමේ හැකියාව) දරුණු විදිහට කඩා වැටිලා. මිනිස්සු දැන් කරන්නේ "ජීවත් වෙන එක" නෙවෙයි, යන්තම් "බේරිලා ඉන්න එක" විතරයි. 😣🛒
හැබැයි මේ ආර්ථික කුණාටුවට අහු වුනේ දුප්පත් අය විතරක් නෙවෙයි, රටේ ඉන්න දක්ෂම වෘත්තිකයෝ වෙන දොස්තරලා, ඉංජිනේරුවෝ, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වැඩ කරන අය වගේ අයටත් මේක තදින්ම වැදුණා. ඉස්සර නිදහස් අධ්‍යාපනයෙන් උපරිමයටම ඉගෙනගෙන දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක් වුණාම වාහනයක් ගන්න, ගෙයක් හදන්න, ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තිබුණා. 🩺🧑💻
හැබැයි අද? උපයන විට බදු (Income tax) අධික ලෙස වැඩි වීම සහ රුපියලේ අගය බිඳ වැටීම නිසා වෘත්තිකයෙක් ගන්න පඩියෙන් ගෙවල් කුලියයි, වාහන ලීසිං එකයි ගෙව්වාම ඉතුරු වෙන්නේ අත පිහදාගන්න විතරයි. තමන් අවුරුදු ගණනාවක් මහන්සි වෙලා ලබාගත්ත උපාධියට, දැනුමට ලංකාවේ නිසි ඇගයීමක් සහ වැටුපක් ලැබෙන්නේ නෑ කියලා එයාලට තේරෙනවා.
මේකේ ප්‍රතිඵලයක් විදිහට ලංකාවේ වෛද්‍යවරුන්ගෙන් 8%කට වඩා රට හැර ගිහින්, තවත් 15%ක් දිගුකාලීන නිවාඩු ඉල්ලලා තියෙනවා. රෝහල්වල බෙහෙත් අඩු ප්‍රශ්න අස්සේ දොස්තරලත් රට යද්දී වැටෙන්නේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය. කොච්චර දුප්පත් රටක් උනත් අපි ලෝකයේ අඩුම මාතෘ හා ළදරු මරණ අනුපාත තියාගෙන ඉන්න, සෞඛ්‍ය ක්ෂේත්‍රය ලෝකෙ දියුණුම සමහර රටවල් වලටත් වඩා හොඳ රටක්. මේ වැටෙන්නේ ඒ සෞඛ්‍ය ක්ෂේත්‍රය. මේ "Brain drain" (බුද්ධි ගලනය) රටේ අනාගතයට මාරම බරපතළ තර්ජනයක්. 📉🏥
මෙතනදි තව දෙයක් කියන්න ඕන. ඒ තමයි සාමාන්‍ය රැකියාවකට නොගිහින් ගෙදරට වෙලා විදේශ රටවල් වලට වැඩ කරන ගමන් සහ සේවා සපයන ගමන් ඉන්න තරුණ තරුණියෝ ගැන. කවුරුත් වැඩිය කතා නොකළට මේ පිරිසත් ශ්‍රී ලංකාවට විදේශ විනිමය අරන් එන්න දිවා රෑ නැතුව මහන්සිවෙන පිරිසක්. හැබැයි තාමත් ඔවුන්ට හරි අඳුනාගැනීමක් නෑ, බැංකුවලින් ඔවුන්ගේ වෘත්තිය ගණන් ගන්නෙ නෑ.
ඒ වගේම ඩුබායි වගේ ප්‍රදේශයකට තමන්ගේ හැකියාව පෙන්නලා Freelance Visa වගේ අරන් ඔවුන්ට යන්න පුළුවන්කම තිබිලත් තමයි ගොඩක් අය තාම ලංකාවෙ ඉන්නේ. රජය IMF කීමට හෝ තනි මතයට ඔවුන් සේවා සපයලා ගන්න මුදල් වලට බදු පනවන්න හදනවා. හැබැයි ඒ බදු මුදල් රටට සේවයක් කරන්න පාවිච්චි කරනවාට වඩා අස්වැසුම වගේ දේවල් හරහා කිසිවක් නොකර කම්මැලිකමේ ඉන්න බහුතරයක් මිනිස්සුන්ට නිකන් දෙන එක කිසිසේත්ම පිළිගන්න බැරි දෙයක්. ඒ වගේම ඉහත කියපු සේවාවන් සපයන්න ඔවුන් පාවිච්චි කරන Subscription සේවාවන් වලටත් VAT බද්ද ජූලි ඉඳන් ක්‍රියාත්මක වෙනවා. මේක තවත් රටට විදේශ විනිමය ගේන මිනිස්සු රට අතෑරලා යන්න හේතුවක්.
ඒ වගේම සේවා අංශය ගැන කතා කළොත් ලංකාවේ නිවාඩු දවස් ලෝකයේ අනිත් රටවලට වඩා ගොඩක් වැඩි වුණාට, පෞද්ගලික අංශයේ සේවා සංස්කෘතිය අද වෙනකොට හරිම විෂ සහිත (Toxic) තැනකට පත්වෙලා. තමන්ට නීතිමය වශයෙන් හිමි නිවාඩුවක් ගන්නත් Manager එක්ක ලොකු සාකච්ඡාවක් දාලා, අන්තිමට නිවාඩු ගන්නේ තමන් ලොකු වරදක් කළා වගේ වරදකාරී හැඟීමකින්. 🏢
අතිකාල සේවා සඳහා හරියට මුදල් නොගෙවා, ඒක ආයතනය වෙනුවෙන් තියෙන කැපවීමක් විදිහට පෙන්වන්න ලංකාවේ සේවා ස්ථාන පුරුදු වෙලා ඉන්නවා. ලංකාවේ ශ්‍රමිකයා ලාභයි, ඒ නිසාම සේවක ශ්‍රමය සූරාකෑම වැඩියි. Office වෙලාවෙන් පස්සේ, නිවාඩු දවස්වල පවා වැඩ කරන්න සේවකයන්ට බල කෙරෙනවා. තමන්ගේ මානසික සෞඛ්‍යය සහ තාරුණ්‍යය නැති කරගෙන මෙච්චර මහන්සි වුණත් ලැබෙන පඩියෙන් මාසෙ අන්තිමට ඉතුරු වෙන්නේ බිංදුවක් නම්, තරුණ පරම්පරාව ලංකාව දාලා යන්න හිතන එක පුදුමයක්ද? 🤷♂️💼
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) දත්ත බැලුවොත්, 2019 වසරේදී විදේශ රැකියා සඳහා රටින් පිටව ගියේ නිපුන ශ්‍රමිකයන් (Skilled workers) 138,648ක් විතරයි. හැබැයි 2024 වෙද්දී ඒක 244,467 දක්වා 76%කින් ඉහළ ගිහින් තියෙනවා. මේ වසර අවසාන වෙනකොට මේ සංඛ්‍යාව ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්. ✈️🧳
කටුනායක Airport එකට ගියොත් දකින්න ලැබෙන්නේ තමන්ගේ ආදරණීයයන්ව බදාගෙන අඬන, රට දාලා යන මිනිස්සුන්ගේ පෝලිම්. මිනිස්සු යන්නේ ලංකාවට ආදරේ නැති නිසා නෙවෙයි. තමන්ගේ දරුවන්ට හොඳ අනාගතයක් හදලා දෙන්න, තමන් කරන මහන්සියට හරියන්න වටිනාකමක් සහ නිදහසක් ලැබෙන පරිසරයක් ලංකාව ඇතුළේ නැති නිසයි.
ලංකාවට ගොඩ එන්න විකල්ප මං පෙත් තිබුණේම නැද්ද?
ආර්ථික අර්බුදයකින් ගොඩ එන්න Austerity පියවර විතරක්ම නෙවෙයි තියෙන්නේ. ලෝකයේ වෙනත් රටවල් මීට වඩා වෙනස් ක්‍රම පාවිච්චි කරලා තියෙනවා. 🗺️💡
ඇමරිකාව : 2008 මූල්‍ය අර්බුදය: ඇමරිකාව කළේ වියදම් කපන එක නෙවෙයි, රජයෙන් ඩොලර් බිලියන 475ක් ආර්ථිකය ස්ථාවර කරන්න වෙළෙඳපොළට මුදා හැරපු එක. එයාලා ව්‍යාපාරවලට සහ පවුල්වලට බදු සහන දීලා ආයෝජන දිරිගැන්නුවා. අන්තිමට රජය දාපු සල්ලි පොලියත් එක්කම ආපහු උපයගත්තා.
පෘතුගාලය : මුලින්ම IMF එක කියපු විදිහට බදු වැඩි කරලා වියදම් කැපුවත් ඒක හරියන්නේ නැති තැන පෘතුගාලය වෙනස් පාරක් ගත්තා. එයාලා Google, Mercedes-Benz වගේ ලෝක ප්‍රකට සමාගම්වලට පෘතුගාලයේ Office පටන් ගන්න බදු සහන සහ Incentives දුන්නා. ඒ වගේම විදේශිකයන්ට ආයෝජන අවස්ථා විවෘත කරලා ඩොලර් බිලියන ගණනක ආයෝජන රටට ගෙනාවා.
මේ දේවල් ශ්‍රී ලංකාවට 100%ක් එහෙමම කරන්න කිසිසේත්ම බෑ. හැබැයි සමහර දේවල් ලංකාවට උත්සාහ කරලා බලන්න හරි තිබුනා කියන එක කියන්න පුළුවන්.
වියදම් කැපීම දූෂිත සහ අනවශ්‍ය රාජ්‍ය වියදම් පාලනය කරන්න හොඳ වුණත්, සේවකයන්ට පඩි නොගෙවා කඩයක් පවත්වාගෙන යන්න හදනවා වගේ හැමදේම කැපුවොත් වෙන්නේ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම වැහෙන එක. ලංකාවත් දැන්වත් තමන්ගේ පටු අපනයන වෙළෙඳපොළ වෙනස් කරලා, අලුත් සේවා සහ භාණ්ඩ ලෝකයට අපනයනය කරන්න පියවර ගන්නම ඕනේ. ලෝක බැංකු වාර්තාවලට අනුව ලංකාවට තවමත් ඩොලර් බිලියන 10ක සහ අලුත් රැකියා 142,000ක අපනයන විභවයක් (Untapped potential) තියෙනවා. හැබැයි ඒකට දැනට විදේශයන්ට සේවා දෙන පුද්ගලයින්ව දිරිමත් කරනවා මිසක ඔවුන්ව තව තවත් තලන එකත් නෙවෙයි කරන්න ඕන.
ශ්‍රී ලංකාව ස්වභාවධර්මයෙන් පාරාදීසයක් වුණත්, ඒ පාරාදීසය ඇතුළේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් ආර්ථික ස්ථාවරත්වයක් සහ සාධාරණත්වයක් ගොඩනැගීම අත්‍යවශ්‍යයි. පාලකයන්ගේ වැරදි තීරණවල පලිය රටේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් බදු පිට බදු ගහලා ගන්නකම්, රටේ තාරුණ්‍යය සහ බුද්ධිමතුන් රට හැර යාම නතර කරන්න බෑ. රටක් විදිහට අපිට මේක "Comeback story" එකක් කරගන්න නම්, මිනිස්සුන්ව තලාපෙළන ආර්ථික ක්‍රමයෙන් මිදිලා, අලුත් ආයෝජන සහ අපනයන අවස්ථා කරා යන්නම වෙනවා. 🌟
ඉතින් මේ ගැන ඔයා මොකද හිතන්නේ? අපිට මෙහෙම වෙන්න හේතු වුන දේවල් ගැන ඔයාගේ අදහසත් පහළින් Comment කරන්න. මේ ලිපිය වටිනවා කියලා හිතෙනවා නම් Like කරලා, රට යන්න හිතන, නැත්නම් රටේ ආර්ථිකය ගැන උනන්දු ඔයාගේ යාළුවන්ටත් බලන්න Share කරන්න අමතක කරන්න එපා! තවත් මෙවැනිම ලිපියකින් හමුවෙමු, සුබ දවසක්! 🇱🇰❤️👋