06/08/2026
හිරෝෂිමා අපිට කියලා දෙන පාඩම...
අද හිරෝෂිමා සාම අනුස්මරණ දිනය.
1945 අගෝස්තු 6 වැනිදා හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බයක් වැටුණා. එක මොහොතකින් ජීවිත දහස් ගණනක් නැති වුණා. නගරයක්ම විනාශ වුණා. ඒ දුක අදත් ලෝකයට අමතක වෙලා නැහැ.
හැබැයි, ජපානය ඒ දුකේම නතර වුණේ නැහැ. ඔවුන් එකමුතු වුණා. විනය රැකගත්තා. මහන්සි වුණා. අධ්‍යාපනයට වටිනාකම දුන්නා. රට නැවත ගොඩනැඟුවා. අද ජපානය ලෝකයේ දියුණුම රටවල් අතරින් එකක්.
මම ජපානයේ අවුරුදු විස්සකට වැඩි කාලයක් ජීවත් වෙමින්, ව්‍යාපාරිකයෙකු සහ ගුවන් නියමුවෙකු ලෙස කටයුතු කරන කෙනෙක්. ඒ කාලය තුළ මම ඉගෙන ගත්ත ලොකුම පාඩම තමයි, රටක් හදන්නේ කතා වලින් නොවෙයි, විනයෙන්, කැපවීමෙන්, මහන්සියෙන් සහ එකමුතුකමින් කියන එක.
ඒත් මගේ මව්බිම ශ්‍රී ලංකාව මට කවදාවත් අමතක වෙලා නැහැ. මම උපන්, පාසල් ගිය, හැදී වැඩුණු මේ රටට මගේ හිත අදත් බැඳිලා තියෙනවා. ඒ වගේම මට ජීවිතය ගොඩනඟාගන්න අවස්ථාව ලබා දුන් ජපානයටත් මම ගෞරව කරනවා.
මම හැමදාම විශ්වාස කරන දෙයක් තියෙනවා.
"මට ලැබුණු අවස්ථාවෙන් මගේ මිනිස්සුන්ටත් ප්‍රයෝජනයක් වෙන්න ඕනේ."
ඒ නිසා දිගාමඩුල්ලේ අසරණ පවුල්වල ජීවන තත්ත්වය ඉහළ නැංවීමටත්, තරුණයන්ට නව අවස්ථා නිර්මාණය කිරීමටත්, අපේ ජනතාවට වඩා හොඳ අනාගතයක් ගොඩනැඟීමටත් මට හැකි උපරිමයෙන් දායක වෙන්න මම කැපවෙනවා.
හිරෝෂිමා අපිට මතක් කරන්නේ යුද්ධය නොවෙයි. කොච්චර වැටුණත් නැවත නැගිටින්න පුළුවන් කියන සත්‍යයයි.
අපේ දිගාමඩුල්ලත් දියුණු වෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය වෙන්නේ වැඩ කරන මිනිස්සු, නිවැරදි දැක්මක් සහ ජනතාව සමඟ එකට ගමන් කරන නායකත්වයක්.
වැටුණා කියලා අවසානයක් නැහැ. නැවත නැගිටින එක තමයි සැබෑ ජයග්‍රහණය.
— රුෂාන් මාලින්ද
#හිරෝෂිමාසාමඅනුස්මරණය #ජපානය #ශ්‍රීලංකාව #රුෂාන්මාලින්ද #දිගාමඩුල්ල