Sithuvili Saura

Sithuvili Saura Nisadas...

26/08/2026
ගිනිගන්න හිතක් නිවන්න...අමාවක දවසෙදිත් අත් නොහැරපු..වදනින් නොකි දේ දැනුන..ගිරි දුර්ග අතරි ගලායන..මමත් දියඇලකි...දිනක නුබ...
08/08/2026

ගිනිගන්න හිතක් නිවන්න...
අමාවක දවසෙදිත් අත් නොහැරපු..
වදනින් නොකි දේ දැනුන..
ගිරි දුර්ග අතරි ගලායන..
මමත් දියඇලකි...
දිනක නුබ ලග ඇද හැලුන...

නුබ මට අවැසි කිසිදින..
නොහිටියත් මාලග..
කියන්න බොහෝ ඇති මුත් ..
මා ගොලුකල ..
නපුරු නුබේ හිත ලග...

එත් පුදුමෙකි...
නුබ මට සැලකු ලෙස සලකන..
දිරියක් නැත නුබ මෙන්...
අමාවකට මම නොපෙනුද...
හඳ අහස අත්හැර කොහේ යන්නද..
නුබ නමින් විකසිත වු ඒ හැගුම්...
හෙටත් නුබට පාර කියවි...
නුබට අදුර තහනම්...
මගේ හුස්ම වැටෙනතෙක්....

සිතුවිලි සයුර

07/06/2026

Check out Sithuvili sayura’s post.

07/06/2026

The Quantum Refresh Rate of Reality

🖥 අපි ඇත්තටම ජීවත් වෙන්නේ අවුරුදු 80ක්ද? බුදු දහමට අනුව අපි තත්පරයකට කෝටි වාරයක් "මැරි මැරී උපදිනවා"! 🤯 මනස සහ පදාර්ථය ගැන අභිධර්මයේ එන Quantum අබිරහස! ⚛️✨

අපි කණ්ණාඩියෙන් අපේ මූණ දිහා බලලා හිතනවා "මේ ඉන්නේ මම, මට මේ වගේ ස්ථිර ශරීරයක් තියෙනවා" කියලා. අපි හිතන්නේ අපි ඉපදුණු දවසේ ඉඳන් මැරෙන දවස වෙනකම් එක දිගට "ජීවත් වෙනවා" කියලයි.
හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මේ ලෝකේ ස්ථිරව පවතින කිසිම දෙයක් නෑ, හැමදේම අතිශය වේගයෙන් හැදි හැදී කැඩෙනවා (උප්පාද, ඨිති, භංග) කියලා. නවීන ක්වොන්ටම් භෞතික විද්‍යාව (Quantum Physics) එක්ක අභිධර්මය ගලපලා බැලුවම මේකේ තියෙන Science එක පට්ටම විස්මිතයි! 👇

1. ශරීරයේ මායාව (The Illusion of Pixels) 🏃‍♂️✨ ඔයා ෆෝන් එකේ වීඩියෝ එකක් බලද්දී, ඒක ඇත්තටම වීඩියෝ එකක් නෙවෙයි; තත්පරයකට පින්තූර (Frames) 60ක් විතර අතිශය වේගයෙන් මාරු වෙන නිසා ඇහැට පේන මායාවක් විතරයි (60 FPS). අභිධර්මයේ පැහැදිලි කරනවා අපේ මේ භෞතික ශරීරයත් හැදිලා තියෙන්නේ "රූප කලාප" කියන අතිශය කුඩා ක්වොන්ටම් ශක්ති අංශු වලින් කියලා. මේවා තත්පරයකට කෝටි ප්‍රකෝටි වාරයක් අලුතින් හැදි හැදී විනාශ වෙනවා. ඒ කියන්නේ ඔයාගේ ශරීරය කියන්නේ ඝන දෙයක් නෙවෙයි, අතිශය වේගයෙන් කැරකෙන Data Stream එකක් විතරයි!

2. මනසේ වේගය (The Processor Speed) 🧠⚡️ රූපය එච්චර වේගෙන් මාරු වෙද්දී, අපේ "හිත" (චිත්ත වීථි) ඊට වඩා 17 ගුණයක් වේගෙන් හැදි හැදී කැඩෙනවා! ඒ කියන්නේ දැන් මේ පෝස්ට් එක කියවන ඔයා නෙවෙයි ඊළඟ තත්පරේ මේක ලයික් කරන්නේ. ඒ වෙද්දී ඔයා කෝටි වාරයක් මැරිලා අලුත් වෙලා ඉවරයි. හරියට අතිශය වේගවත් Network Packet ටිකක් එහාට මෙහාට ගමන් කරනවා වගේ වැඩක්.

3. එහෙනම් අපි ඇයි දුක් විඳින්නේ? (The Glitch of Attachment) 💔 අපි දුක් විඳින්නේ මේ ඇත්ත තේරුම් ගන්නේ නැති නිසයි. මේ ලෝකේ හැමදේම "කැඩි කැඩී, මාරු වෙවී" ඉස්සරහට යන ප්‍රවාහයක්. හැබැයි අපි හදන්නේ ඒකේ "එක තැනක්" බලෙන් අල්ලගන්න (උපාදානය). ඒක හරියට, Market එකක පරණ වෙලා Close වෙලා ගිය Candlestick එකක් දිහා බලාගෙන, ඊළඟට එන අලුත් Trend එකට මුහුණ නොදී ඒ පරණ එකම අල්ලගෙන අඬනවා වගේ වැඩක්! වයසට යද්දී අපි දුක් වෙන්නේ, අර ළමා කාලයේ තිබුණු "Frame" එකම තාමත් අපේ ඔළුවේ තියාගෙන ඉන්න හදන නිසයි.

4. ප්‍රඥාව (The Ultimate Decryption) 🔓👁 මේක තේරුම් ගන්න එකට තමයි "අනිත්‍ය දකිනවා" (ප්‍රඥාව) කියලා කියන්නේ. මේ අවබෝධය එනකොට ඔයාට තේරෙනවා "අල්ලගන්න මම කියලවත්, මගේ කියලවත් කවුරුවත් මේකේ නෑ" කියලා. අන්න එදාට ඔයාගේ හිතේ තියෙන බර සීරෝ (Zero) වෙනවා.

ඉතිං මචං... අපි මේ තත්පරයක් තත්පරයක් ගානේ මැරි මැරී උපදිනවා. ඊයේ හිටපු ඔයා නෙවෙයි අද ඉන්නේ. මේ ජීවිතේ කියන්නේ තත්පර ගාණකින් අතුරුදහන් වෙන අතිශය සුන්දර, ඒත් ඛේදවාචකයක් වෙච්ච Hologram එකක් විතරයි.

මේක තේරුම් ගත්තොත්, ඔයාට ආයේ කවදාවත් ජීවිතේ දේවල් නැතිවෙද්දී බිම වැටිලා අඬන්න ඕනේ වෙන්නේ නෑ. මොකද නැතිවෙන්න දෙයක් ඇත්තටම අපිට කවදාවත් තිබිලා නෑ! 🌌✨

copyied @ truly terrifying tiktok page.

10/03/2026

කොනිත්තු හදවතක්...
සිබින්නට තරම් ....
ප්‍රේමය නොසන්ඩාලය...

ඒ ප්‍රේමයම...
කිසිත් නොකියා..
අත් හැරිමට තරම්..
පරිනතය...

සිතුවිලි සයුර

02/03/2026

නුබ කොතනකද මා නුබ සමඟය
මා නම්වු ව්ශ්වයිය නිර්මනය
විශ්වයේම පදාර්ත මුසුවු නිර්මානයකි
ඉතින් මේ මුලු විශ්වයේම මා සිටි
නුබ සැතපුම් ගනනක් දුර සිටියද...
පදාර්ත එකින් එක නිර්මානවී...
නිර්මනයවු මා
මා තුල උපන් ප්‍රේමය..
ප්‍රේමනීය අශිර්වාදයක්වී ...
නුබ වටා පාරා වලල්ලක් සේ හිදි
ඉතින් අපි කොහෙද අපෙන් දුර...
නුබ මාහට ප්‍රේම කලද නොකලද
කම් නැත....
ප්‍රේමය ප්‍රේමයම මිස..
ගනුදෙනුවක් නොවේ...
එය ආත්ම බැදිමකි...
භවයෙන් භවය නුබවම සොයන..
නොසන්සිදු ආත්මීය බැදිමකි..

Sithuvili sayura.

21/02/2026

අපි ආදරේ කරන්නේ අපි විසින් හදාගත්තු visual රාමුවකට ? එත් එකද ඇත්ත?

නෑ කොහෙත්ම නෑ

එත් ඒක වෙන්නේ අපේ මනෝමය ශරිරයට එකේදි වෙන ලස්සන දෙයක් තමයි Quantum Entanglement

ඒක වෙන්නෙ අපේ හිත අතුලේ විතරක් නෙමේ..
අපි ආදරේ කරන කෙන සමග අපි නොදැනුවත්වම Invisible thread නිර්මානය වෙනවා.

ඒකට දුර බලපාන්න නෑ හරියට Quantum Physics වල සිදුවන Quantum Entanglement
වස්තු දෙකක් කොපමන දුරින් හිටියත් ඒ දෙක එකිනෙකට ප්‍රතිචාර දක්වනවා.

එතකොට Thelipathi connection එකක් නිර්මනය වෙනවා.

කොහොම නමුත් ඔයා ඉන්නෙ ඒ වගෙ invisible thread එකකනම්
ඒක ආත්ම ගානක බැදිමක් වෙන පුලුවන්.ඔයා කාට කැමති උනත් අන්නිමට ඔයා නොදැනුවත්ම ඒ කෙනා ලග නතර වෙනවා.

Twin flame සම්බන්දතාට නියම උදාහරණයක්.ඒ වගෙ අයට ඔයගෙ හැගිම් වචන වලින් නොකිවත් ඔයගේ එක බැල්මකින් අඳුර ගන්න පුලුවන්.හරියට ගින්දරයි වතුරයි වගේ. දෙන්න කවදාවත් එකට අවිලෙන්නෙනෑ. එක්කෙනෙක් ගිනිගන්නකොට අනිත් කෙනා නිවෙනවා.


සිතුවිලි සයුර

14/02/2026

ආදරේට කොන්දේසි තිබ්බට...
ප්‍රේමයට කොන්දේසි නෑ...
ප්‍රේමය කියන්නේ...
ආත්ම දෙකක ඇති වෙන...
ආත්මීය බැදිමක්....

නොහදුනන ශරිර දෙකක..
හුරු පුරුදු දැනිමක්...
මා නුබට දුන් ප්‍රේමය....
ඔබ මුවගින් නොපැසු සියල්ල..
දැනෙන දැනිමක්...

ඉතින් මන් හරි ආදරේ..
එච්චරයි...
ඉතින් මම නුබට..
කොන්දෙසි විරහිතව ප්‍රේමකරමි...
නුබත් සමග බොහොදුර ඇවිද යමි...
නුබේ නිවුන් සෙවනැලසේ
ඉතින් මමයි නුබේ නිවුන් දැල්ල
අදත් හෙටත් ඊලග භවයටත්..

සිතුවිලි සයුර .

Address

Dehiwala

Website

Alerts

Be the first to know and let us send you an email when Sithuvili Saura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share