04/06/2026
“නාදුනන කෙනෙකුගෙ මරණය ගැන වුණත් ශෝක වෙන්ඩ පුළුවන් විදිහේ කරුණාවන්ත හදවතක් තියෙන කුමරියක් ඉන්න නිසා ඔබතුමීගෙ රටේ මිනිස්සු වාසනාවන්තයි.“ ඔහු කීවේය. එහෙත් කුමරිය ඔහු කියන දේ ගණනකට ගත්තේ නැත. ඇය හීන් හඩින් මුමුණමින් බැගෑපත් වූවාය. “ඔයා මැරෙයි! ඒක මහ දරුණු දෙයක් වෙයි!“
“හැම මනුස්සයෙක්ම මැරෙනව තමයි. ඒත් හැම මනුස්සයෙක්ම හැබැවටම ජීවත් වෙන්නෙ නෑ!“
ඉසබෙලා කුමරියත්, විලියම් වොල්ලාසුත් මොහොතක් එකිනෙකාගේ දෑස් දෙසම බලා සිටියහ. ඔවුන් දෙදෙනා කොතරම් වෙලාවක් ඒ අයුරින් උන්නාදැයි ඔවුන්ම දන්නේත් නැත. ඔවුන් ඒ ගැන සිතන්නට ගියේත් නැත. ඉන්පසුව ඇය සගවාගෙන උන් මංජුසාවක් පිටතට ගෙන ඔහුට රහසින් මෙසේ කීවාය. “මේක බොන්න! ඒකෙන් ඔයාගෙ වේදනාව අඩු වෙයි!“
“ඒකෙන් මගේ මනස හිරිවට්ටයි. ඒත් මං හොද සිහියෙන් ඒ දේවල් විදින්ඩ ඕන. මං අසිහියෙන් හිටියොත්, එහෙම නැත්නම් මං වැළපුණොත්, ලෝන්ග්ෂාන්ක්ස් මාව බිද දැම්මා වෙනවා...“
“ඔයාට වධ දෙනවා කියලා හිතනකොටත් මට ඒක දරාගන්න බෑ.! මේක බොන්න!“
ඇය ඒ මංජුසාව ඔහුගේ මුවට තබා තද කර, එහි තිබුණු ඖෂධය ඔහුගේ මුව තුළට වත් කළාය. ඇය කරන්නේ කුමක්දැයි බලා ගන්නට උත්සාහ කරමින්, ආරක්ෂක සෙබළුන් සිර කුටියේ දොරට එපිටින් ඒ මේ අත ඇවිදින හඩ ඇයට ඇසුණි. විලියම් දෙස බලාගෙනම ඇය මදක් පස්සට වූවාය. ආදරයෙන් පිරුණු ඇගේ දෙනෙත් සමුගැනීමේ වේදනාවෙන් විසල් වී තිබුණි. ඉන්පසුව කදුළු වසන් කරගන්නට මෙන් මුහුණ බිමට යොමාගත් ඇය ආපසු හැරුණාය. ඊලගට ඇය එතැනින් පිටව යන්නට ගියාය.
වොල්ලාස් ඇය යන දෙස බලා සිටියේය. මහ හඩක් නගමින් දොර වැසී ගිය පසුව, ඔහු තම මුවේ රදවාගෙන උන් දම් පැහැති ඖෂධය ඔහුගේ සිරකුටියේ බිමට විසිකොට කාරා කෙළ ගැසුවේය.
අභීත හදවත...
විමසීමි 0706420147