11/06/2025
🥺
✍🏼සල්ලි දීලා කඩෙන් කන්නට
අපිට තේරෙන් නැති නිසා...
නිවා ගන්නට දැනුන බඩගිනි
කෑම හොය හොය මම ගියා...
✍🏼යටම ලීයට ටිකක් ඈතින්
රසම දේකට ඇස් ගියා...
එද්දි හස්සක හංගලා ආ
පොඩ්ඩවත් මට සිහිවුනා...
✍🏼පොඩ්ඩා ආසම කන්න පොල්මයි
සිහිවෙලා හිනහත් ගියා...
කෑලි කඩ කඩ හපල දුන්නම
කන්නෙ මගෙ තුරුලට වෙලා...
✍🏼ටිකක් කාලා අරන් යනවා
අනිත් ටික පොඩ්ඩට කියා....
බලලා වටපිට හෙමි හෙමින් මම
පොල් කෑල්ලට ලං උනා...
✍🏼වෙනදා වගෙ නෑ මේක අදනම්
මොකෝ මෙච්චර හිරවෙලා...
කටින් අල්ලන් ඇද්දා තදටම
මගේ මුලු හයියම තියා....
✍🏼කටට ආවත් පොල් කෑල්ලම
මගේ දත් වල තදවෙලා....
උඩින් වැටුනේ යකඩ පතුරක්
බෙල්ල විදගන උල් ගියා...
✍🏼පෙලාගන කුස රැදුනු බඩගිනි
ගසාගන කොහෙදෝ ගියා..
හයිය නෑ මට ගලව ගන්නට
ඇස් දෙකම මගෙ තෙත් උනා...
✍🏼එන්න බැරිවෙයි අයම අම්මට
පොඩ්ඩෝ අම්මව අහුවුනා...
උබව සිහිවී එන්න ඇද්දත්
බෙල්ල තව තව තද උනා...
✍🏼කාපු චුට්ටත් බෙල්ලේ සිදුරෙන්
පොඩ්ඩෝ එලියට පිටවුනා...
හිර වෙලා මම ගොඩක් ඇඩුවා
උබේ පංගුව බල බලා....
✍🏼කෑම පෙන්නල පනත් ගන්නට
පොඩ්ඩො මිනිසුන් පෙලඹුනා...
උසස් මනසට මිනිස් මොලයට
තිරිසන්නු අපි පැරදුනා...
✍🏼(ඔයා දකින හැම සතෙක්ම එක ආත්මෙක හරි ඔයාගෙම අම්මා , තාත්තා වෙලා ඉපදිලා තියනවා...සත්තු දිහා සෙනෙහසින් බලන්න..අපිට දැනෙන වේදනා..බඩගිනි..දුක්..තිරිසන් සත්තුන්ටත් එහෙමම දැනෙන බව අමතක කරන්න එපා...!!)
..උපුටා ගැනීමකි...✍🏼ලකා with Ireland boys