Organic farmer Ellawala

Organic farmer Ellawala Organic farmer Ellawala - social media unit

24/07/2024
12/03/2024
💁ස්වභාවික පළිබෝධනාශක කිහිපයක් ගැනයි අද මේ ලිපිය...කෘෂි කර්මාන්තය යනු අතීතයේ සිටම ලාංකිකයන්ගේ ජීවිතය හා බැඳී පැවතුන ක්ෂේත...
23/01/2024

💁ස්වභාවික පළිබෝධනාශක කිහිපයක් ගැනයි අද මේ ලිපිය...

කෘෂි කර්මාන්තය යනු අතීතයේ සිටම ලාංකිකයන්ගේ ජීවිතය හා බැඳී පැවතුන ක්ෂේත්‍රයකි. අතීත මුතුන් මිත්තන් ලංකාව ධන ධාන්‍යයෙන් ස්වයංපෝෂිත කිරීමෙන් පසු අතිරික්තය අපනයනය කිරීමේ පවා යෙදුනේ මෙරට කෘෂි කර්මාන්තයේ තිබු සශ්‍රික බව නිසාවෙනි. වගාවන් සඳහා ඔවුන් යොදා ගත්තේ තමාගේ නිවසේ සිටිනා ගවයින්ගේ ගොම පොහොර, කොම්පෝස්ට් පොහොර ආදියයි. වගාවේ ඇති වූ කෘමි උවදුරු හා පණුවන් වැනි සතුන් මර්ධනයට භාවිත කරන ලද්දේ අවටින් සොයාගත හැකි ස්වභාවික ශාක කොටස් හා සත්ව අපද්‍රවය වලින් සකසා ගත් විවධ මිශ්‍රණයන්ය.
නමුත් කාලයත් සමඟ තාක්ෂණයේ ඇති වූ දියුණුව නිසා නිෂ්පාදනය වර්ධනය කිරීමේ අරමුණෙන් කෘතීම පොහොර, පළිබෝධනාශක හා වල්නාශක වලට ගොවීන් හුරුවිය. මිනිසාගේ සෞඛ්‍යට අහිතකර මෙම නිෂ්පාදනයන් සහල්, එළවළු, පළතුරු නිෂ්පාදනය කිරීමේදී යොදාගන්නා නිසා නොදැනුවත්වම ඒවා අපගේ ශරීරවලට ඇතුල් වී පිළිකා වැනි භයානක රෝග තත්වයන් ඇති කිරීමේ අවදානමක් පවතී. මෙවැනි රෝග තත්වයන්ගෙන් මිදී නිරෝගී දිවියක් සඳහා කෘතීම පළිබෝධනාශක භාවිතය වෙනුවට ස්වභාවික පළිබෝධනාශක භාවිතයට නැවත ගොවීන් හුරුකළ යුතුවේ. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ කොහොඹ, සුදුඵෑනු, කුරුඳු කොළ, සුරියකාන්ත කොළ, දාස්පතියා, පැපොල් කොළ, ඉඟුරු කොළ වැනි ස්වභාවික ශාක කොටස් හා එදිනෙදා නිවසේ භාවිතයට ගන්නා සබන්, ලුණු වැනි දේ යොදාගෙන නිවසේදී සකසාගත හැකි පරිසර හිතකාමී පළිබෝධනාශක පිළිබඳව ඔබව දැනුවත් කිරීමයි.
01.කොහොඹ -:
කොහොඹ යනු අතීතයේ සිටම භාවිත කරන ලද පළිබෝධනාශකයකි. කොහොඹ ශාකයේ වැඩියෙන්ම භාවිතයට ගන්නේ පත්‍ර හා බීජයි. අගෝස්තු හා ඔක්තෝම්බර් මාස වලදී කොහොඹ ගෙඩි සෑදේ. මෙම ගෙඩි වල මාංසල කොටස සෝදා ඒවා අව්වේ වෙලා ගත් පසු කොහොඹ ඇට වෙන් කර ගත හැක. මෙලෙස වෙන් කරගත් කොහොඹ ඇට ග්රෑම් 40ක් හොදින් කොටා ජලය ලීටරයක් සමඟ මිශ්‍ර කරන්න. ඉන් පසු පැය 12 -24ක් පමණ කාලයක් අඳුරු ස්ථානයක තබා මිශ්‍රණය හොඳින් පෙරාගන්න. අනතුරුව වෙළඳපළේ ඇති සබන් වර්ගයක් මිශ්‍ර කර සවස් කාලයේදී මෙම මිශ්‍රණය බෝග වලට ඉසින්න. මෙමගින් වගාවන්ට හානිකරන බොහෝ කෘමින් මර්ධනය කරගත හැක. එම කෘමින් කීපයක් පහත දැක්වේ
• බටු වගාවට යෙදීමෙන් පත්‍ර කනින්නා, පත්‍ර කීඩෑවෝ, කරටි හා ගෙඩි විදින දළඹුවන් මර්ධනය කළ හැක.
• බෝංචි වගාවට යෙදීමෙන් පත්‍ර කීඩෑවෝ, පැල මැක්කන්, බෝංචි මැස්සා, කරල් විදින දළඹුවන් මර්ධනය වේ
• විසිතුරු මල් වගාවට යෙදීමෙන් පත්‍ර කනින්නන්, පත්‍ර කුඩිත්තන් මර්ධනය වේ.
• ගෝවා වගාවට යෙදීමෙන් ලුපර් දළඹුවා, ගෙඩි විදින දළඹුවා, දියමන්ති පිට සහිත සලබයා පාලනය කළ හැක.

02.සුදු ළුණු-:
ගෘහණියන්ගේ මුළුතැන්ගේ ආහාර රස කරන කුලුබඩුවක් ලෙසින් ගැනෙන සුදුඵෑනු කෘමි සතුන් මර්ධනය සඳහා යොදාගත හැක. එහි ඇති සැර සුවඳ නිසා එය ඉසීමෙන් කෘමිසතුන් ශාක වල වර්ධනය වීම වලක්වා ගත හැක. මේ සඳහා සුදුඵෑනු ගෙඩි දෙකක් ගෙන ජලය ඉතා ස්වල්පයක් දමා බ්ලෙන්ඩරයක් ආධාරයෙන් හොඳින් අඹරා ගන්න. මෙම මිශ්‍රණය රැයක් තිබෙන්නට හැර ජල ගැලුම් කාලක්, එළවලු තෙල් කෝප්ප බාගයක්, ඝන සබන් තේ හැන්දක් මෙයට එකතු කරන්න. පසුව මෙම මිශ්‍රණයෙන් කෝප්පයක් වතුර ගැලුම් කාලක් සමඟ මිශ්‍ර කරමින් වගාවට යොදන්න. මෙමගින් වගාවට හානිකරන කෘමි සතුන් මර්ධනය කළ හැක.
03. තක්කාලි දඩු-:
මුළුතැන්ගේ තුළ නිරන්තරයෙන් දක්නට ලැබෙන තක්කාලි සලාද හා විවිධ එළවළු ව්‍යාංජන රසවත් කිරීමට යොදා ගනී. තත්කාලී ගසේ කඳන් හා පත්‍ර මඟින් කෘමි උවදුරු වලට කදිම බෙහෙතක් සකසා ගත හැක. මෙහිදී ගසේ කඳ හා පත්‍ර සිහින්ව කපා පොඩිකරන්න. එයට ප්‍රමාණවත් පරිදි ජලය එකතු කර මඳ ගින්නේ රත්කර පෙරා වගාවට ඉසින්න. මෙමගින් වගාවට හානි කරන කෘමි සතුන් මර්ධනය කර ගත හැක.
04. දුම්කොළ-:
දුම්කොළ මිනිසාට මෙන්ම සතුන්ටද අහිතකර වේ. මේ නිසා දුම්කොළ වලින් සකසා ගත් මිශ්‍රණයක් වගාවට යෙදීමෙන් වගාවට හානිකරන කෘමින් මර්ධනය කළ හැක. ස්වභාවික දුම්කොළ කෝප්පයකට වතුර ගැලුමක් එකතු කර එම මිශ්‍රණය රැයක් තබන්න. පැය 24කට පසු මෙම මිශ්‍රණය ලාදුඹුරු පැහැයක් ගනී. මෙය තද දුඹුරු පැහැයෙන් යුතු නම් මෙයට තව ජලය එක් කරන්න. බොහෝ බෝග වල සිටින කෘමින් මෙමගින් මර්ධනය වේ.
05. අරලිය මල්-:
එළවළු වගාව සඳහා හානි කරන කෘමි සතුන් සඳහා අරලිය මල් භාවිත කළ හැක. අරලිය මල් කුඩාවට කපා ඒවා ජලයට එක් කර දිනක් පමණ එම ජලය පල් වීමට ඉඩහරින්න. ඉන්පසු මෙම මිශ්‍රණය එළවළු වගාවට ඉසීමෙන් සියලු හානිකර කෘමින් විනාශ කළ හැක.
06. අනෝදා ඇට-:
අනෝදා ඉතා රසවත් පළතුරකි. අනෝදා ගෙඩියේ ඇට ග්රෑම් 70ක් හොඳින් අඹරාගෙන එය ජලය ලීටරයක දියකර ගන්න. ඉන්පසු එම මිශ්‍රණය පෙරා වගාවට ඉසින්න. මෙම යුෂ උරාබොන මකුණන්, පැළ කීඩෑවන්, කොළ කීඩෑවන් හා කොළ කන පණුවන් සාර්ථකව මර්ධනය කළ හැක.
තවත් දවසක ප්‍රතිචාර මත තවත් ස්වභාවික පළිබෝධනාශක කිහිපයක් ගැන අපි අරගෙන එන්නම,

කතෘ නොදනිමි..හරිත ගෙවත්ත පිටුවෙන් උපුටා ගැනීමකී ස්තූතියී

22/01/2024

"රට භාර ගන්න ඉතිරිව සිටින එකම කණ්ඩායම මාලිමාව පමණයි"

මේ රට භාර ගැනීමට ඉතිරිව සිටින එකම කණ්ඩායම ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ කණ්ඩායම බවත් අනෙක් දෙපාර්ශ්වයම පාලනය ගෙන ගිය ආකාරය ජනතාව දුටු බවත් මල්වතු මහ නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියෝ අනුර කුමාර දිසානායක

මන්ත්‍රිවරයා හමුවේ පැවැසූහ. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හා එහි විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත පසුගියදා මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමට ගිය අවස්ථාවේ උන්වහන්සේ මේ බව පැවැසූහ.

එහිදී මල්වතු මහ නාහිමියන් ප්‍රකාශ කළේ “ඔබලා පාලන බලය ගන්න උනන්දු වෙලා බලන්න, මේ අවස්ථාව ගිලිහිලා ගියොත් ආයේ අවස්ථාවක් එයි කියලා හිතන්න බැහැ” යනුවෙනි.

එමෙන්ම අස්ගිරි පාර්ශ්වයේ මහ නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් මුණගැසීමට ඔවුහු කටයුතු කළහ. උන්වහන්සේ මුණගැසීමෙන් අනතුරුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මෙසේ පැවැසීය.

“අපේ රට හැම පැත්තෙන්ම ගිලා බැහැලා. රට ගොඩගන්න පුනරුද යුගයක් අවශ්‍යයි. ඒ නිසා මහ නායක හිමියන් ඇතුළු ආගමික නායකයන් වෘත්තීයවේදීන් ඇතුළු පිරිස් සමඟ අපි මේ දිනවල සාකච්ඡා කරනවා. මේක හුදෙකලා සටනක් නොවෙයි. ජාතික සටනක්.

රටේ ජනතාවට අලුත් වෙනසක අවශ්‍යතාව පැහැදිලිවම තියෙනවා. කඩා වැටී තිබෙන රට ගොඩගන්න එක අපිට පමණක් නොව පොදු ජනයාටත් ඒ අවශ්‍යතාව තියෙනවා. මේ රට ගොඩගැනීමේ අවශ්‍යතාව යනු පොදු ජනතාවගේ අපේ දෙපාර්ශ්වයේම එක සමානයි. විශේෂයෙන්ම මේ වසරේ මේ රට වෙනස් කළ හැකි බව අපිට විශ්වාසයක් තියෙනවා.”

- අනුරාධා හේරත් (මව්බිම)

Address

No. 89, Ihalagama
Ellawala
89

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 15:00
Sunday 09:00 - 15:00

Telephone

+94716517172

Website

Alerts

Be the first to know and let us send you an email when Organic farmer Ellawala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Organic farmer Ellawala:

Share