Ceylon Weekend

Ceylon Weekend “Exploring Sri Lanka, one weekend at a time 🌿🍴 | Travel, Food & Chill Vibes”

24/04/2026

GALLE NIGHT CITY 🌃

ලංකාවේ Camping වලට තියෙන තවත් සුපිරිම Place එකක් 💚⛺️Bambaragala Pathana - බඹරගල පතන ⛰️       බඹරගල පතන ශ්‍රී ලංකාවේ ඌව ප...
21/11/2025

ලංකාවේ Camping වලට තියෙන තවත් සුපිරිම Place එකක් 💚⛺️

Bambaragala Pathana - බඹරගල පතන ⛰️

බඹරගල පතන ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. උසිම් මීටර් 967 ක් පමණ ඇති බඹරගල පතනට ඇල්ල නගරයේ සිට 19Km පමණ දුරින් පිහිටා ඇත. ⛰️

බඹරගල පතන කඳු නගින්නන්ට සහ කඳවුරු බැඳීමට කදිම ස්ථානයකි. 🌄

මෙම ස්වාභාවික තෝතැන්න වෙත ප්‍රවේශ වීම සාපේක්ෂව සරල ය. පස්සර, මොනරාගල, අම්පාර සහ පිටමාරුව සිට බස් රථ 10 වන කණුව සැතපුමේ නතර වේ. එතැන් සිට සංචාරකයින්ට නමුණුකුල හෝ බණ්ඩාරවෙල බස් රථය අල්ලාගෙන, ක්ලබ් හන්දියෙන් බැස යා හැකිය. අමතර පහසුව සඳහා, කඳවුරු භූමියට ආසන්නයේ නමුණුකුල පාසල ද ඇත. 📮

ඔයාලා වාහනයක යනවනම් Google Map එකේ Location එක ලගටම පෙන්නනවා. විශේශයෙන්ම කියන්න ඕන 4*4 වාහන සහ Bike වලට විතරයි උඩටම යන්න පුලුවන් වෙන වාහනයකට යන්න ටිකක් අමාරුයි. 🚫

ඔබ මෝටර් රථයකින් පැමිණෙන්නේ නම්, කඳවුරු භූමිය අසල ඇති නිවාසවල නවතා තැබිය හැකිය.

අසල ගංගාවක් හෝ උල්පතක් නොමැත. අවශ්‍ය ජලය රැගෙන එන්න. වාහනය නවතා ඇති නිවසින් ජලය ඉල්ලා සිටිය හැක. ❇️

අපේ Youtube Channel එක පැත්තට ගියොත් ඔයාලට Video එක බලලා අදහසක් ගන්න පුලුවන් වෙයි - https://youtu.be/QQibQyjIQNE?si=dsetK7JVFJos9-1 🤩

ඇත්තටම බඹරගල පතන කියන්නෙ මාරම ලස්සන View එකක් තියෙන Camping Site එකක්.⛺️ ඔයත් Travel කරන කෙනෙක් නම් මෙතනට යන්න අමතක කරන්න එපා.ඒ වගේම මේ තැන් විනාස කරන්නැතුව එන්න. 🙏

✍ Ceylon Weekend

🇱🇰 ඕනම කෙනෙක්ට වාහනෙන් ගිහින් කෑම්පින් කරන්න පුලුවන් තැනක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ...☘️ඒ තමං මහනුවර  දිස්ත්‍රික්...
20/11/2025

🇱🇰 ඕනම කෙනෙක්ට වාහනෙන් ගිහින් කෑම්පින් කරන්න පුලුවන් තැනක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ...☘️

ඒ තමං මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි සුන්දර ☘️
- වැවතැන්න -

Hike එකක් නැතුව ඕනම කෙනෙක්ට Camping Experience එක ගන්න පුලුවන් ලස්සන තැනක් තමයි මේ වැවතැන්න කියන්නේ. ☺

යාලුවෝ එක්ක වගේම පවුලේ අය ආච්චිලා සීයලා එක්ක උනත් මෙතනට ඔයාලට යන්න පුලුවන් මොකද හැම පහසුකමක්ම ඔයාලට තියෙන නිසා සහ වාහනෙන්ම එතනට යන්න පුලුවන් නිසා 🤩 ඔයාලා Camping කරනවනම් Camping එකට ඕන කරන tent සහ අනිත් දේවල් ටික ඔයාලා අරන් යන්න ඕන. ⛺️

ඔයාලටත් මෙතනට ලේසියෙන්ම යන්න පුලුවන් යන විදිහ කියනවනම් ඔයාලා නුවර පැත්තෙන් යනවනම් නුවර මහියංගනය පාරේ නුවර ඉදන් 30km විතර යනකොට හම්බවෙනවා මැදමහනුවර ටවුන් එක. මැදමහනුවර ටවුන් එක පාස් කරලා 1km විතර යනකොට ලොකු වංගුවක් එක්ක දකුණු අත පැත්තට පාරක් හම්බවෙනවා. ඒපාරේ 4km විතර යනකන් පාර හොදයි ඉතුරු 3km වගේ ටිකක් පොඩ්ඩක් පාර සවුත්තුයි. ඒක නිසා අවදානෙන් යන්න. 🚗

මෙතන ඔයාලට Toilet පහසුකම් සහ වතුර පහසුකම් තියෙනවා. 🛁

මෙතනට 8 දෙනෙක්ට 2500ක ටිකට් එකක් ගන්න ඕන 8 දෙනාට අඩු උනත් 2500ක් දීලා ඒ ටිකට් එක ගන්න ඕන.

ඕන නම් ඔයාලට Hut එකක් තියෙන තැනකින් Tent ටික setup කර ගන්න පුලුවන් අමතර ගානක් ගෙවන්න ඕනෙ නෑ 👀

යනවා වගෙම ඔය තැන් පරිස්සම් කරලා ගෙදර එන්න තව කෙනෙක්ට යන්න පුලුවන් විදිහට.. 🖤☘️

ඔයාලට තව විස්තර බලාගන්න පුලුවන් අපේ Youtube Channel එකට ගිහින් වැවතැන්න වීඩියෝ එක බලලා ආවොත් https://youtu.be/_-exRCk5aeM?si=a5fa7UFEu2EW6mRw 😇

මතක ඇතුව Channel එක subscribe කරලා Like එකක් Comment එකක් දාගෙන යන්න 💛

✍ Ceylon Weekend

13/11/2025

මේ ලස්සන ඇස් දෙකෙන් දකින්න හැමෝටම පුලුවන් උනා නම් 🥺💚

10/11/2025

ලංකාවේ ලස්සනම දිය ඇල්ල 💚☘️

09/11/2025

මුහුදු වෙරළ + හොදම යාලුවෝ = සුන්දර මතක💛

09/11/2025

ලංකාවේ තහනම් කරපු දිව්‍යලෝකයක් වගේ ලස්සන පිදුරුතලාගල රක්ෂිතය🥺💚

Address

Elpitiya

Alerts

Be the first to know and let us send you an email when Ceylon Weekend posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share