09/08/2026
ගා/ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයේ 2026 වර්ෂය සඳහා තෝරාගත් ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නිල ලාංඡන පැළඳවීමේ උත්සවය "විනේතෘ - 2026" 2026.08.05 වන දින විද්‍යාලයීය රංග ශාලාවේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්විය.
ඇල්පිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පුබුදු මලවරආරච්චි මැතිතුමා, විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය වෛද්‍ය බර්ට්‍රම් ගුණවර්ධන මැතිතුමා ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් මේ සඳහා සහභාගි විය.
විදුහල්පති රොෂාන් ප්‍රදීප් රාහුබද්ධ මැතිතුමාගේ මග පෙන්වීම යටතේ විද්‍යාලයීය ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.