Embnews.lk

Embnews.lk This is official page for Embilipitiya News This is official site for Embilipitiya News

චන්ද්‍රිකා වැවට අත තිබ්බොත් අපි රජයට අත තියන්න ලෑස්තියි චන්ද්‍රිකා වැව අම්මා වගේ වලව ගොවින් සහ ධිවරයෝ එක හඩින් කියයි
17/05/2024

චන්ද්‍රිකා වැවට අත තිබ්බොත් අපි රජයට අත තියන්න ලෑස්තියි
චන්ද්‍රිකා වැව අම්මා වගේ
වලව ගොවින් සහ ධිවරයෝ එක හඩින් කියයි

චන්ද්‍රිකා වැවට අත තිබ්බොත් අපි රජයට අත තියන්න ලෑස්තියි චන්ද්‍රිකා වැව අම්මා වගේ වලව ගොවින් සහ ධිවරයෝ එක හඩින් ක.....

රනිල් එක්ක ටික කාලයක් එකට වැඩ කරන්න වෙයිතිස්සගෙන් හෙළිදරව්වක්... සජබ – එජාප එක්වීමක් ගැන ඉඟියක්ද තිස්ස මේ දෙන්නේ
20/08/2023

රනිල් එක්ක ටික කාලයක් එකට වැඩ කරන්න වෙයි
තිස්සගෙන් හෙළිදරව්වක්...
සජබ – එජාප එක්වීමක් ගැන ඉඟියක්ද තිස්ස මේ දෙන්නේ

රනිල් එක්ක ටික කාලයක් එකට වැඩ කරන්න වෙයිතිස්සගෙන් හෙළිදරව්වක්... සජබ – එජාප එක්වීමක් ගැන ඉඟියක්ද තිස්ස මේ දෙන්නේ ...

අබුද්දස්ස කාලේ අහන්න දකින්න ලැබෙන දේවල්දැනටමත් එකම පවුලේ සහෝදර සහෝදරියෝ හත් දෙනාගෙන් පස් දෙනෙක්ම දිවිනහගෙනඑප්පාවලින් මුළ...
02/08/2023

අබුද්දස්ස කාලේ අහන්න දකින්න ලැබෙන දේවල්
දැනටමත් එකම පවුලේ සහෝදර සහෝදරියෝ
හත් දෙනාගෙන් පස් දෙනෙක්ම දිවිනහගෙන
එප්පාවලින් මුළු රටම කම්පා කරන පුවතක්

අබුද්දස්ස කාලේ අහන්න දකින්න ලැබෙන දේවල්දැනටමත් එකම පවුලේ සහෝදර සහෝදරියෝ හත් දෙනාගෙන් පස් දෙනෙක්ම දිවිනහගෙනඑප්....

02/08/2023

කන්න දෙයක් නැති වුණත් කමක් ලයිට් ටික දෙන්න
උඩවලව ගොවීන්ට වතුර දෙන්න ඇමැතිවරු දෙන්නයි කැමැති
ජනපති ඇතුළු අනිත් ඇමැතිවරු අකමැතියි
https://youtu.be/A6lZbDh7OQk

ඩොලර් අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ආනයන සීමාවන් පනවා ඇති භාණ්ඩ වර්ග 843 කට එම භාණ්ඩ ආනයනය කිරීමේදී භාණ්ඩල සම්පූ...
29/05/2023

ඩොලර් අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ආනයන සීමාවන් පනවා ඇති භාණ්ඩ වර්ග 843 කට එම භාණ්ඩ ආනයනය කිරීමේදී භාණ්ඩල සම්පූර්ණ වටිනාකමට සමාන මුදල් තැම්පතුව කෑෂ් මාර්ජින් සීමාව ඉවත්කර තිබෙනවා. එම භාණ්ඩ 843 අතරට ජංගම දුරකථන, ශීතකරණ, විදුලිපංකා සහ පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ඇතුළත් බවටයි වාර්තා වන්නේ. එබැවින් ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහත බසිනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව විශ්වාසය පළ කරනු ලබනවා.

https://lankaground.com/archives/11196

ඩොලර් අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ආනයන සීමාවන් පනවා ඇති භාණ්ඩ වර්ග 843 කට එම භාණ්ඩ ආනයනය කිරීමේදී භාණ්ඩල ....

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(08) උදෑසන යළි දිවයිනට පැමිණ තිබෙනවා. ජනාධිපතිවරයා මැයි 4 වනදා එංගලන්තය බලා පිටත්ව ගිය...
08/05/2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(08) උදෑසන යළි දිවයිනට පැමිණ තිබෙනවා. ජනාධිපතිවරයා මැයි 4 වනදා එංගලන්තය බලා පිටත්ව ගියේ තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය සඳහා සහභාගි වීමටයි. එම සංචාරයේදී ජනාධිපතිවරයා පොදු රාජ්‍ය මණ්ඩලයීය නායකයින්ගේ සමුළුවකටද එක්වූවා.

https://lankaground.com/archives/11190

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(08) උදෑසන යළි දිවයිනට පැමිණ තිබෙනවා.ජනාධිපතිවරයා මැයි 4 වනදා එංගලන්තය බලා පිටත්...

කාබනික පොහොර යොදා ගනිමින් යාපනයේ වගා කෙරුනු ඇඹුල් කෙසෙල් කිලෝ 25,000 ක් සතියකට වරක් ඩුබායි වෙතට යැවීමට පියවර ගෙන ඇති බව ...
04/05/2023

කාබනික පොහොර යොදා ගනිමින් යාපනයේ වගා කෙරුනු ඇඹුල් කෙසෙල් කිලෝ 25,000 ක් සතියකට වරක් ඩුබායි වෙතට යැවීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. එහි පළමු පියවර ලෙස මෙම සතියේදී ඇඹුල් කෙසේ කිලෝ 10,000 ක් ඩුබායි වෙතට යැවීම සඳහා සූදානම් කිරීම මේ දිනවල යාපනය නිලාවරෙයි මංසන්ධියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් කෘෂි නවීකරණ ව්‍යාපෘති කාර්යාලයේදී අරඹා තිබෙනවා. මේ සඳහා යාපනයේ කෙසෙල් ගොවීන් 700 ක් පමණ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා....

https://lankaground.com/archives/11176

කාබනික පොහොර යොදා ගනිමින් යාපනයේ වගා කෙරුනු ඇඹුල් කෙසෙල් කිලෝ 25,000 ක් සතියකට වරක් ඩුබායි වෙතට යැවීමට පියවර ගෙන ඇති ....

වෙසක් පෝය නිමිති කර ගනිමින් එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයේදී මහා සංඝරත්නය පනස් නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් ප...
04/05/2023

වෙසක් පෝය නිමිති කර ගනිමින් එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයේදී මහා සංඝරත්නය පනස් නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පූජා කිරීම අද (04) සිදු කෙරුණා. මෙහිදී එප්පාවල නගරයේ සිට මහා සංඝරත්නය පනස් නමක් එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලය වෙත පෙරහැරින් වැඩම කරවා, එම විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී දානය ඇතුළු පිරිකර මහා සංඝරත්නය වෙත පූජා කිරීම කළා. විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසු දරුදැරියන් හා ඔවුන්ට ගුරුහරුකම් ලබා දෙන විදුහල්පතිවරුන්, ගුරුභවතුන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මෙන්ම විශ්‍රාමලත් විදුහල්පතිවරුන් හා ගුරුභවතුන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් හා එතෙක් මෙතක් ඉතිහාසයේ එම විද්‍යාලයේ සේවය කර විශ්‍රාම ලබා මිය පරලොව ගිය විදුහල්පතිවරුන් හා ගුරුභවතුන්ට පිං පෙත් අනුමෝදන් කිරීම වෙනුවෙන් මෙම පිංකම සිදු කරනු ලැබුවා....

https://lankaground.com/archives/11173

වෙසක් පෝය නිමිති කර ගනිමින් එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයේදී මහා සංඝරත්නය පනස් නමක් විෂයෙහි සංඝගත දක.....

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කරමින් නීත්‍යානුකූල නොවන ලෙස විදේශ රැකියාවලට පිටත්ව යන ශ්‍රමිකයින් ...
04/05/2023

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කරමින් නීත්‍යානුකූල නොවන ලෙස විදේශ රැකියාවලට පිටත්ව යන ශ්‍රමිකයින් සහ එම මිනිස් ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් ගුවන් තොටුපොලේදී හඳුනාගෙන නීතිය හමුවට පැමිණවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශේෂ පියවර ගෙන තිබේ. ඒ අනුව මෙම වසරේ පළමු මාස තුන තුළ විදේශ රැකියා ජාවාරම්වලට ගොදුරු වූ වින්දිත කාන්තාවන් 170 දෙනෙකු සහ ජාවාරම්කරුවන් පිරිසක් කටුනායක බණ්ඩාරණායක ගුවන් තොටුපොලේ දී හඳුනාගෙන නීතිය හමුවට පැමිණ වීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර ඇත....

https://lankaground.com/archives/11170

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කරමින් නීත්‍යානුකූල නොවන ලෙස විදේශ රැකියාවලට පිටත්ව යන ශ්.....

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් නොමැති බැවින් අත්‍යවශ්‍ය හා හදිසි ශල්‍යකර්ම සිදුකළ යුතු රෝ...
19/04/2023

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් නොමැති බැවින් අත්‍යවශ්‍ය හා හදිසි ශල්‍යකර්ම සිදුකළ යුතු රෝගීන් හා දැඩි සත්කාර ඒකකයේ තැබිය යුතු රෝගීන් ප්‍රධාන රෝහල් හතරක් වෙත යැවීමට එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.ඒ. එම්.ඩබ්ලිව්.එස්. බණ්ඩාර තීරණය කර ඇත.

ඒ අනුව කරාපිටිය, මාතර, හම්බන්තොට හා රත්නපුර රෝහල් වෙත එම රෝගීන් මාරු කර එවන බව දන්වමින් රෝහල් අධ්‍යක්ෂවරයා එම රෝහල් හතරේ අධ්‍යක්ෂවරුන් වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ අතර, එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් නොමැති නිසා අත්‍යවශ්‍ය හා හදිසි සැත්කම් සිදුකළ යුතු රෝගීන් එම රෝහලට එවීමෙන් වළකින්නැයි ද ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂවරයා රත්නපුර, මොනරාගල හා හම්බන්තොට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් ද කර ඇත.

නිර්වින්දන වෛද්‍යවරුන් නොමැති බැවින් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබිය යුතු රෝගීන් එවීමෙන් ද වළකින්නැයි වෛද්‍ය බණ්ඩාර එම අධ්‍යක්ෂවරුන් වෙත යැවූ ලිපියෙන් ඉල්ලා තිබේ.

ලිට්‍රෝ කිලෝ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් දහසකට ආසන්න ප්‍රමාණයක් අඩු කෙරෙන බව එම සමාගම පවසනවා. එහි සභාපති මුද...
03/04/2023

ලිට්‍රෝ කිලෝ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් දහසකට ආසන්න ප්‍රමාණයක් අඩු කෙරෙන බව එම සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් මහතා කියා සිටියේ අප්‍රේල් මස 4 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට මෙම මිල සංශෝධනය සිදු කරන බවයි. එසේම එලෙස සංශෝධනය කෙරෙන මිල ගණන් හෙට(04) පෙරවරුවේදී ප්‍රකාශයට පත් කරන බවද ඔහු කියා සිටියා. ලෝක වෙලෙඳ පොළේ ගෑස් මිල පහළ යාම, රුපියල ශක්තිමත් වීම ඇතුළු කරුණු කිහිපයක් මෙම මිල අඩු කිරීම කෙරහි බලපා ඇති බවත් මෙම මිල පහළ දැමීම මෙරට ගෑස් ඉතිහාසයේ ඉහළම අගයකින් සිදුවන ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය බවත් සභාපති මුදිත පීරිස් මහතා වැඩිදුරටත් කියා සිටියා.

https://lankaground.com/archives/11159

ලිට්‍රෝ කිලෝ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් දහසකට ආසන්න ප්‍රමාණයක් අඩු කෙරෙන බව එම සමාගම පවසනවා.එහි සභාපත.....

අනුරාධපුර සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය ඊයේ(01) මධ්‍යම රාත්‍රීයේ පීලි පැනීමකට ලක්ව තිබෙනවා...
02/04/2023

අනුරාධපුර සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය ඊයේ(01) මධ්‍යම රාත්‍රීයේ පීලි පැනීමකට ලක්ව තිබෙනවා. දුම්රිය දොපර්තමේන්තුව කියා සිටියේ මහවදී රාත්‍රී තැපැල් දුම්රිය මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි. දුම්රිය පීලි පැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා. එසේම දුම්රිය පීලිගත කර යථා තත්ත්වයට පත් කරන තුරු කොළඹ කොටුවේ සිට මහව දක්වා පමණක් දුම්රිය ධාවන කටයුතු සීමා කර තිබෙනවා.

https://lankaground.com/archives/11147

අනුරාධපුර සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය ඊයේ(01) මධ්‍යම රාත්‍රීයේ පීලි පැනීමකට ලක්ව ත...

Address

Pallegama
Embilipitiya

Alerts

Be the first to know and let us send you an email when Embnews.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Embnews.lk:

Share