
11/09/2025
අලුත් අයට පුංචි පුංචි දේවල් ටිකක් කියල දෙන්න හිතුව...🧡
මොකකක්ද මේ Bleed & Safe area කියන්නේ?
ඔබ Professionally Designer කෙනෙක්නම් මේ ගැන අවබෝධය අනිවාරෙන්ම ඔබට තිබිය යුතුය. නමුත් මම මේක කියන්නේ Field එකට අලුත් කොල්ලෝ කෙල්ලෝ ටිකට.
Print Media (Leaflet, Posters, Packaging) වලට Design එකක් කරන අවස්ථා වලදී මෙය අනිවාර්ය කාරණයකි. Bleed area කියා සරලව හඳුන්වන්නේ print media එකක් design කරන විටදී design එකේ real size එකට අදාල trim area එකෙන් එලියට වැඩිපුර තියන ඉඩ ප්‍රමාණයකටය. ඇත්තටම ඒක අමතර ඉඩකි. සාමාන්‍යයෙන් 3-5mm ප්‍රමාණයක් මේ සඳහා භාවිත කරයි. නමුත් design එකේ size එක අනුව එම ප්‍රමාණය depend වෙනවා.
මේහිදී Background colors, images, patterns... design එකේ තියෙන මේ හැම දෙයක්ම් bleed area එකෙන් ඔබ්බට යන්න ඕනි.
ඇයි අපි bleed එකක් තියන්නේ?
Print Media එකක් කියන්නේ අනිවාර්යයෙන් මුද්‍රණයෙන් පසුව කැපීමකට ලක් වෙනවා (Cut කරනවා). එවිට එම මුද්‍රණය තරමක් වැඩිපුර කපා දැමුවොත් මෙමගින් අනවශ්‍ය සුදු දාර පෙනීම වළක්වනවා. එවිට design එකට සිදු වන හානියද අවම වේ.
එතකොට ඇයි Safe area?
මේක අපි හදා ගන්නේ අපේ design එක ඇතුලේ. අපි design එකේ real area එකට වඩා සැලකිය යුතු ප්‍රමාණයක් ඇතුලෙන් සීමාවක් තබා ගත යුතුය. Design එකේ include වෙන විශේෂ ම දේවල් (Text, logo) මේ වගේ ප්‍රධාන ම elements safe area එකෙන් ඇතුලේ කරන්න අපි මතක තබා ගත යුතුය. මේකටත් හේතුව ඉතින් කලින් කිව්වා වගේම cut එකේදී වෙන්න පුළුවන් හානිය අවම කර ගැනීම තමයි.
Osura K. Sooriyabandara 🖊
SOFT LOOK Pvt Ltd
(ප.ලි. - නොදන්න අය දෙයක් ඉගෙන ගන්න. වැඩිපුර තව දේවල් දන්නා අය comment එකකින් ඒ දේවල් කියන්න) 😌