27/08/2026
🐘🌊 Elephant Rock, Arugam Bay - Travel Guide 🇱🇰
අහසයි මුහුදයි එකතු වෙන මායිමක, නිදිබර අලි රජෙක් ළඟ ගත කරපු අපූරු සැඳෑවක්! 🌅✨
"Our Travel Journey" අපේ තවත් නැවතුමක් වුණේ ආරුගම්බේ තියෙන සුන්දරම සහ අපූරුම තැනක් වෙන Elephant Rock (අලි ගල). ඈතින් බලද්දී නිදාගෙන ඉන්න අලියෙක්ගේ හැඩය පෙනෙන නිසා තමා මේකට මේ නම ලැබිලා තියෙන්නේ. ඔයාලත් ආරුගම්බේ යනවා නම් මඟ නොහැරම යන්න ඕනේ තැනක් ගැන Travel Guide එකක් මෙන්න:
📍 කොහේද තියෙන්නේ? (Location)පොතුවිල් ප්‍රදේශයට ආසන්නව, ආරුගම්බේ ප්‍රධාන වෙරළ තීරයේ ඉඳන් පානම පාර දිගේ කිලෝමීටර් ක් විතර ගමන් කලාම තමා මේ සුන්දර ස්ථානය පිහිටලා තියෙන්නේ.
🚗 යන්නේ කොහොමද? ආරුගම්බේ ටවුන් එකේ ඉඳන් යතුරු පැදියක හෝ ත්‍රීරෝද රථයක විනාඩි 10-15ක ගමනක්. ගුවන් හමුදා කඳවුර පසුකරද්දි මේ ස්ථානයට හැරෙන වැලි පාර හමුවෙනවා.
වාහන නතර කරන තැන ඉඳන් වෙරළ දිගේ මීටර් කිහිපයක් පයින් යන්න ඕනේ. ගල මුදුනටම යන්න විනාඩි 10ක වගේ පොඩි කඳු නැගීමක් තියෙනවා.
⏰ යන්න හොඳම කාලය
ආරුගම්බේ සීසන් එක වෙන අප්‍රේල් ඉඳන් සැප්තැම්බර් වෙනකම් තියෙන වියළි කාලගුණය තමා වඩාත්ම සුදුසු.
දවසේ හොඳම වේලාව
උදෑසන 6.00 ට විතර යනවනම් sunrise එක මුහුද පැත්තෙන් බලන්න පුලුවන්. ඒ වගේම අවට කැලෑවෙන් වෙරළට එන වන අලි (Wild Elephants) බලාගන්න ලොකු අවස්ථාවක් තියෙනවා.
සවස 4.30 න් පසු ලංකාවේ දකින්න ලැබෙන වර්ණවත්ම සහ සුන්දරම හිරු බැසයෑම (Sunset) නරඹන්න වගේම සුපිරි Photos ටිකක් ගන්න හොඳම වෙලාව.
මේ මුහුදු තීරය නොගැඹුරු නිසා Surf කරන්න ඉගෙන ගන්න අයට (Beginners) සුපිරිම තැනක්.
ඒ වගේම ගල මුදුනට නැග්ගාම එක පැත්තකින් මුහුදත්, අනෙක් පැත්තෙන් කලපුවත් (Lagoon) ඇතුළත් ලස්සන ඡායාරූප ගන්න පුළුවන් හොඳ 360° view එකක් බලාගන්න පුලුවන්.
ඔයාලත් ආරුගම්බේ ගියපු වෙලාවක Elephant Rock එකට ගිහින් තියෙනවාද? ඔයාලගේ අත්දැකීම් Comment එකකින් අපිට කියන්න! 👇
LankaTravel