22/09/2025
ඓතිහාසික රුහුණු කතරගම දේවාලයට පමණක් නොව මුලුමහත් කතරගම පුරවරයටත් ඒ තුලින් රටටත් නොමැකෙන සේවාවක් ඉටුකළ එම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ නිල කාලය අද දිනයෙන් අවසන් වෙයි.
සිය ධුර කාලය තුල ඔහු කළ විශිෂ්ඨ සේවාව නිසාම කතරගම ජනතාව පාරට බැස ඒ මහතා යලිත් කතරගම දේවාලයට පත් කරන්නැයි පසුගියදා විරෝධතා ද ආරම්භ කලේය. ඉන් නොනැවතී අත්සන දස දහසක පෙත්සමක් ජනාධිපතිවරයා වෙත ද යවනු ලැබීය.
කෙසේ වෙතත් යලිත් වරක් කතරගම දේවාලයේ නිලවරණයට ඉදිරිපත් නොවන බවට ඩිෂාන් ගුණසේකර මහතා කල් ඇතිව ප්රකාශ කර තිබුණි.
හිතවතාණෙනි,
කීර්තිමත් සේවාවක් ඉටුකළ
ඔබට බෙහෙවින්ම ස්තුතියි❤🙏
#මනුස්සකම