02/05/2026
එකලොස්වන කොටස
ඒ නපුරු පාට බෝල ඇස් පියවිලා ගිහින්..විනාඩි ගණක් මම මගෙ දෙතොල් ඒ නළලට තද කරන් ඉන්න ඇති..මට මහා ලොභකමක් දැනෙනවා තීර්ථ ගැන..ඒ හැගිම මගෙ හදවතට බර වැඩි.ඉස්සරහට මේ දේවල් කොහොම විසදෙයිද කියලවත් මම දන්නෙ නෑ..එත් පළවෙනි වතාවට දැනුන මගෙ ආදරේ මේ..තාම පොඩි කාලයක් වුණාත් මට තීර්ථව දැනෙන්නෙ අවුරුදු ගාණක් මම ආදරේ කර කෙනෙක් විදියට..එත් තීර්ථ මට ආදරෙ කරයිද..එයාලගෙ ආදරේ දැනටමත් මගෙ නංගි එයාගෙ කරගෙන ඉවරයි..
අද වුණ දේවල් එක්ක තීර්ථගෙ හිතෙ මම ගැන තියන කේන්තිය තවත් වැඩි වෙන්න ඇති.එත් ඒ දේවල් මම කරේ මගෙ අහිංසකයා වෙනුවෙන්..ඒ වේලාවේ මම තීර්ථට ඇත්ත කියන්න ගියා නම් මගෙ අහිංසකයා උන් මරලා දායි.ඒ දේ වෙනවා මම බලාගෙන ඉන්නෙ කොහොමද..
"ම්ම්ම්හ්"
තීර්ථගෙ මුවින් පිටවුණෙ කෙදිරියක් වෙද්දි මම ගැස්සිලා ගියා..එයාට රිදෙනවැති..ඇයි තීර්ථ හැමදාම එයාට රිද්දගන්නෙ..එයාට තිබුණා ඒ පාර මට ගහන්න..මම ඒ අත පරිස්සමට ඇද උඩින් තියලා එයා ළගින් ඈත් වෙලා පල්ලයහාට ආවේ ඔරලොසුවේ වේලාව 11.30විදියට සටහන් වෙලා තියෙද්දි..නංගි ඇවිත් නටපු නඩගමේ හැටියට වේලාව ගිහින් දැනුනෙවත් නැති වෙද්දි.. තීර්ථට උදේටවත් කන්න උනේ නෑ.ඒ නිසාම මම ඉක්මනට දවල්ට කන්න කෑම හැදුවේ මොහොතකට මේ හැම ප්‍රශ්නයක්ම අමතක කරලා වෙද්දි.
තීර්ථට කෑම හදන හැම වතාවෙම මම ඒවා හදන්නෙ පුදුම තරම් ආදරේකින්..ඉක්මනට මම හාල් ටික රයිස්කුකර් එකෙන් ගහලා චිකන් ටිකත් ඩෙවල් දලා,පරිප්පු හදලා ,ගොටුකොළ සම්බොලයක් හදලා ගත්තේ ඔරලොසුවෙන් වේලාවත් බලන ගමන්..ඉක්මනට කෑම ටික මේසෙට යවලා මම උඩට ගියේ නාගන්න හිතාගෙන..මම යද්දිත් තීර්ථට හොදටම නිදි..පුදුමයි මේ තරම් වේලාවක් ඔය මනුස්සයා නිදා ගන්නවා.තීර්ථට ඒ විදියටම ඉන්න දිලා මම ඉක්මනට වොශ් රූම් එකට රිංගගෙන නාගත්තේ.මම තීර්ථ ළගට ගියේ තීර්ථව නැගිට්ටවන්න හිතාගෙන..මේ තරම් වේලාවක් තීර්ථ දවල්ට නිදාගන්නවා මම දැකලා නෑ..එයාගෙ ඇගට අත තියද්දි මම ගැස්සිලා ගියේ ඒ ඇගෙනි දැනුන රස්නේට වෙද්දි..
"තීර්ථ"
මට ටිකක් සද්දෙන් කෑ ගැහුනේ ඒ ඇගෙන් දැනෙන රස්නේ නිසා..තීර්ථට උණ අරගෙන..මම ඉක්මනට ඒ ඇගට අත තියලා බලද්දි තීර්ථ නින්දෙන්ම ඇඹරෙන්න ගත්තේ මගෙ අත් වලින් දැනුන සීතලට වෙන්න ඇති..තුවාලේට බෙහෙත් දැම්මත් බැන්ඩෙජ් එක උඩිනුත් ලේ මතු වෙලා තියෙද්දි මගෙ ඇස් වලින් කදුළු ආවේ මේ හැමදෙයක්ම මම නිසා කියලා හිත කෑ ගහද්දි ..
"තී..ර්..ථ අනේ නැගිටින්නකො..ඔයාට අමාරුයිද"
බ්ලෑන්කට එක අස්සට වෙලා පොඩි එකෙක් වගෙ ඉන්න තීර්ථව මම මගෙ ළගට අරගෙන ඒ මුණ අතගාන්න ගත්තා ..මට හිතාගන්න බෑ මොනවද කරන්න ඕන කියලා..තීර්ථ මම කතා කරාත් ඇස් අරින්නෙ නැතිනිසා මම තවත් බය වුණා..මට මතක් වුණේ ගිමාන්ත අයියව.ඉක්මනට ටේබල් එක උඩ තිබුන පොන් එක අරගෙන ගිමාන්ත අයියට කොල් කරේ .
"කියපන් නංගි"
"අ..නේ..අයියෙ..තීර්ථ කතා කරන්නෙ නෑ නේ.මට බය හිතෙනවා..තීර්ථට හොදටම උණ"
මම ඉකි ගහ ගහ ගිමාන්ත අයියට තීර්ථගෙ තත්වේ පැහැදිලි කරද්දී ..මම මේ වගෙ වේලාවල් වලට ගොඩක් කලබලයි..විශේෂයෙන් තීර්ථගෙ වැඩ වලදි ..මට එහා පසින් ඇහුනේ වාහනයක් බ්‍රේක් කරන හඩ..ගිමාන්ත අයියටත් අපි නිසා කරදරේ..
"උබ බය වෙන්න එපා නංගි..මම ඉක්මනට ඩොක්ටර්ට එන්න කියන්නම්..මම මේ වාහනෙ හරවන ගමන් ඉන්නෙ.විනාඩින් දහයෙන් ගෙදර"
ගිමාන්ත අයියා පොන් එක කට් කරද්දි මම ඉක්මනට වතුර ටිකක් බොල් එකට දාගෙන ඇවිත් රෙදි කෑල්ලකින් ඒ ඇග තෙමන්න ගත්තේ උණ ටිකක් හරි අඩු වෙයි කියලා හිතාගෙන..
"මේ හැමදේම මම නිසාද තීර්ථ..අද ඔයා මේ විදියට තුවාල කර ගත්තේ මම නිසා තීර්ථ..මට සමාව දෙනවද වස්තු..ඔයා ඔයාටම මේ විදියට රිද්ද ගත්තේ ඇයි"
මම ඒ කන් වලට මුමුණන ගමන් ඒ ඇග වතුරෙන් තෙත් කරද්දීත් තීර්ථ හිටියේ ඇස් පියාගෙන..එත් එක්කම වගෙ මට ඇහුනේ වාහනයක් ගේට් එකෙන් ඇතුළට දාන සද්දෙ..විනාඩි දෙකක් වගෙ යද්දී ගිමාන්ත අයියා එක්ක ආවේ අවුරුදු පනහක විතර ඩොක්ටර් කෙනෙක් වෙද්දි මම කරේ ඉක්මනට තීර්ථ ළගින් ඈත් වුණ එක..
"බය වෙන්න එපා නංගි..ඩොක්ටර් ආවනේ.."
ගිමාන්ත අයියා මගෙ ඔලුව අතගාල කියද්දි මම බලාගෙන හිටියේ තීර්ථගෙ දිහා..ඇත්තටම ගිමාන්ත අයියත් නැත්තම් මම මොනවා කරන්නද..තීර්ථට සහොදරයො නැති වුණාට ගිමාන්ත අයියා කියන්නෙ එයාගෙ සහොදරයා වගෙ කියන දේ මම මේ ගෙවිලා ගිය දවස් ටිකට තේරුම් ගත්තා..මේ ලොකේ හැම මනුස්සයෙක්ටම මේ වගෙ යාළුවෙක් ඉන්න ඕන..ඕනම වේලාවක අපේ ළගින් ඉන්න යළුවෙක්..ඕනම ප්‍රශ්නයක් එක ඉදගෙන විසදගන්න පුළුවන් යාළුවෙක්..එහෙම කෙනෙක් ඉන්න එක අපේ ජිවිතේට පුදුමාකර හයියක්..මම ඒ බැදිම තීර්ථගෙනුයි ගිමාන්ත අයියගෙනුයි දැකලා තියනවා.ඒ අතින් තීර්ථ කියන්නෙ ගොඩක් වාසනාවන්ත මනුස්සයෙක්..
"බය වෙන්න දෙයක් නෑ මිස්ටර් ගිමාන්ත.මිස්ටර් තීර්ථගෙ අතේ තියන තුවාලේ නිසා තමයි එයාට උණ අරගෙන තියෙන්නෙ..දැන් ප්‍රශ්නයක් නෑ මම ඉන්ජෙක්ෂන් එකක් දිලා තියෙන්නෙ..එයාව හොදට බලාගන්න.."
"Okay doctor, Thank you so much "
"It's my pleasure ,Is this Thirtha’s wife? Is that rights"
"You’re right doctor , she is Thirtha’s wife.”
ගිමාන්ත අයියා එක්ක ඩොක්ටර් ටික වේලාවක් කතා කරද්දි මම බලාගෙන හිටියේ ඇස් පියාගෙන නිදාගෙන ඉන්න තීර්ථ දිහා..මගෙ පපුව හිනි පිහිතුඩකින් හුරනවා වගෙ වේදනාවක් දැනෙන්නෙ මට..මම තව ටිකක් හරි එයාව බලන්න පරක්කු උනානම් තීර්ථට මීට වඩා අමාරු වෙන්න තිබ්බා..මේ හැමදේටම වැරදි මම නේද.."
"නංගි"
ආයෙත් ගිමාන්ත අයියා කතා කරද්දි මම මේ ලෝකේට ආවේ..ඒ වෙද්දිත් මඑ ඇස් වල කදුළු පිරිලා ඉවරයි.මම එවා හංගන්න හැදුවත් ගිමාන්ත අයියගෙ ඇස් වලට මාව අහුවෙලා ඉවරයි.
"ඇත්තමයි නංගි උබට පිස්සුද අහ්..දැන් ඔය අඩන්නේ ඔයා නිසා තීර්ථට මෙහෙම උනා කියලා නම් ඔය විකාර ඔලුවෙන් නැති කරගන්නවා"
ගිමාන්ත අයිය මගෙ හිත කියෙව්වා වගෙ කියවද්දි මම බිම බලාගත්තා..එයා මොන දේ කිව්වත් මේ දේවල් වලට වගකියන්න ඕන කෙනා මම..
"ඔයාට ගොඩක් පිං අයියේ..ඔයා නොහිටින්න මට හිතාගන්න බෑ මම මොනවා කරන්නද කියලා"
"ඌ වෙනුවෙන් ඕන දෙයක් මම කරනවා නංගි..දැන් උබෙ ඔය කදුළු පිහිදගෙන අරූට බෙහෙත් ටික පොවපන්."
ගිමාන්ත අයියා කියද්දී මම හා කියන්න ඔලුව වැනුවා..ගිමාන්ත අයියා සාලෙට ඇවිදගෙන යනකොට මමත් ඒ පස්සෙන්ම ඇවිදගෙගියේ තීර්ථට කෑම එකක් බෙදාගෙන එන්න..
"අයියෙ කෑම මේසෙට තියලා තියෙන්නෙ..ඔයා බෙදාගෙන කන්න..මම තීර්ථට බත් ටිකක් කවලා එන්නම්"
මම කියද්දි ගිමාන්ත අයියා හා කියන්න ඔලුව වැනුවා..ගිමාන්ත අයියට කන්න දිලා මම තීර්ථට බත් ටිකකුත් බෙදාගෙන කාමරේට ගියේ..පව් එයාට අමාරු ඇති.නැත්තම් කවදාවත් ඔය විදියට හිටපු මනුස්සයෙක් නෙවෙයිනේ එයා..
"තීර්ථ"
මම ඒ ඇගට අත තියලා කතා කරද්දි තීර්ථ අමාරුවෙන් ඇස් විවෘත කරා..දැන් නම් ඇගෙ තිබුණ රස්නේ ගතිය අඩු වෙලා ගිහින්..
"කෑම කලා ඉමුද..ඔයාට බෙහෙත් බොන්න තියනවා"
මගෙ දිහාම බලාගෙන හිටපු ඒ ඇස් මගහැරලා මම කියද්දි එයා පොඩි එකෙක් වගෙ ඔලුව වැනුවා..මම එයාව කෙලින් කරාලා බත් කට කට කවන්න ගත්තෙ මම කවන හැම කටක්ම එයා කල දනකොට..
"ඇයි මම ගැන මේ තරම් වද වෙන්නෙ ම්ම්..ටනාශත් මගෙන් ඈත්කරලා මාව කසාද බැන්දෙ මගේ දේපළ නිසා නම් ඇයි හැම නිතරම ඔය ඇස් දෙකෙ කදුළු පිරෙන්නෙ සේයා"
ලයික් කමේන්ට් කරන්න..
උපුටා ගැනිම සපුරා තහනම්🚫
Seww✍️