
02/02/2025
ගංජා හෙවත් කංසා....🧡🍁
ඒ ක්‍රිස්තු වර්ෂ 70වයි. චීන රටේ අධිකරණ කාර්යාලයක සේවය කෙරූ ගයි ලූන්ට මහත් වූ හිසරදයක් තිබුණේය .ඒ ඒකාලයේ සටහන් තබන්නට භාවිතා කළ උණබම්බු පතුරුවල බරය. ලුන්ට මීට වඩා බරින් අඩු සැහැල්ලු මාධ්‍යයක් අවශ්‍ය කළේය. ඒ සඳහා විවිධ අත්හදා බැලීම් කළ ලුන් දවසක් කංසා ශාකයේ කෙඳි හා මල්බෙරි පොතු එකට දමා සැදූ තලපයක් දින ගණනාවක් පල් වෙන්නට තැබුවේය. ඉන් පසු සැදී තිබූ දැල් පාසිය හතරැස් කොටුවක වේලෙන්නට හැරියේය. වතුර වාෂ්ප වී ගිය තැන ඉතිරි වූයේ නම්‍යශීලී තන්තු තට්ටුවකි. ඒ තට්ටුව කඩදාසි නැතිනම් “ෂී” නමින් නම් විය. ඒ අනුව ලෝකයේ පළමු කඩදාසිය හැදුනේ කංසාවලිනි. විද්‍යාත්මකව (Cannabis setiva) නමින් හඳුන්වන කංසා ශාකය මිනිසාට මුලින්ම හමුවූයේ මීට අවුරුදු දොළොස්දහසකට පෙර චීනයේ අල්තායි කඳුවැටියේ ගංගා නිම්නයේ තිබීය.
එතැන් පටන් කංසා ශාකය ඉන්දියාව පර්සියාව ග්‍රීසිය ආදී රටවල ව්‍යාප්ත විය. එය එකල චීනයේ ප්‍රධාන භෝග පහෙන් එකක් වූ අතර ඉන්දියාවේ ප්‍රධාන භෝග තුනෙන් එකක් විය. කංසා ගස මීටර් දෙකක් පමණ උසින් වැඩෙන තනි කඳක් ඇති කේතුධර ආකාරයේ පඳුරකි. එහි ගෑනු හා පිරිමි වශයෙන් ගස් දෙවර්ගයකි. කංසා ගස්වල මල් පිපෙන්නේ ගසේ කඳේය. ඒ පොකුරු වශයෙනි. කංසා මැලියම්වල ඊටම ආවේණික වූ රසායන වර්ග 80ක් පමණ ඇත. කංසා සෑම කොළයක් ළඟම තනි දිග කොළයක් මතු වන්නේය. ඊට අමතරව වෙනස් කොටස්වල රසායනික ද්‍රව්‍ය 365ක් පමණ ඇත. ආයුර්වේදයේ හා දේශීය වෙදකමේ කංසා විවිධ නම්වලින් හඳුන්වා දෙයි. භංගා, ගංජා, මාතුලානී, අජයා, මාදිනී, ත්‍රී ලෝක විජය පත්‍ර ඒ නම් අතරින් කිහිපයකි.
කංසාවලින් හදන්න පුළුවන් එකම දේ කඩදාසි පමණක් නොවේ. කංසා එක්තරා ආකාරයක කප් රුකකි.
කංසා ඇටවලින් පිටි හා තෙල් නිපදවන්නට හැකිය. මේ කංසා තෙල් හදන වැඩේ ලෝකෙ වැඩියෙන්ම කරන රට චීන දේශයයි. කංසා තෙල්වලින් ආහාර පිසින තෙල්, තෙල් සායම් හදන්නට, මුද්‍රණ තීන්ත හදන්නට, පුද්ගලික සනීපාරක්ෂක ද්‍රව්‍ය නිපදවන්නට, සැලඩ් තෙල් නිපදවන්නට, මාගරින් හදන්නට, අතිරේක ශක්ති ජනක නිපදවන්නට භාවිතා කර හැකිය.
ගංජා භාවිතයේ ඉතිහාසය...
===-===-==-==-==-==-==-==-==
කැනබීස් (Cannabis Sativa) යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන මරිජුවානා (ස්පාඥය භාෂාවෙන් ), ගංජා (බෙංගාල භාෂාවෙන්) , හෂීස් (අරාබි), ත්‍රයිලෝක විජයා පත්‍ර (සිංහල) පොසිල පරාග විශ්ලේෂණයට අනුව ටිබෙට් සානුවට ඉහලින් හට ගන්නට ඇති බව විශ්වාස කෙරේ. බොහෝ පුරාණ සංස්කෘතීන් මෙම ශාකය ඖශධයක් ලෙස බුද්ධ වර්ෂ 500 දී පමණ සිට භාවිතා කොට ඇත. ඖශධිය සහ මනෝ චිකිත්සක ශාකයක් ලෙස ප්‍රකට ගංජා ශාකය, හානිකර නොවන ඖශධයක් ලෙසද හැදින්වේ. එය පුරාණ චීනයේ නිර්වින්දකයක් ලෙස භාවිතා කොට ඇත. මෑතකදී විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් බටහිර චීනයේ සොහොන් ගැබකින් වසර 2500කට පෙර ගංජා භාවිතා කොට ඇති බවට සාක්ෂි සොයා ගනු ලැබිණි. ඓතිහාසික ශ්‍රී ලංකාවේ ගැමියන් මෙන්ම යුධකාමීන් ගංජා හා බිං කොහොඹ වැනි ඖශධ යොදා සකස් කර ගත් පානයක් තිබු බවත් ඔවුන් යුද්ධයේදී පැරැද වීම ඉතා අසීරු කරුණක් වූ බවත් එම කරුණු නිසා එවකට ඉංග්‍රීසින් එම ඖශධ දෙකම තහනම් කල බවත් කියැවේ..
අවුරුදු දෙදාස් පන්සීයකටත් පෙර පටන් ගංජා භාවිතා කල බවට සාධක චීනයෙන් හමුවෙයි...
අඩු තරමින් මෙයින් අවුරුදු 2500 කට පෙර මිනිසුන් ගංජා (කංසා) දුම පානය කරන ලද බව තහවුරු කෙරෙන සාක්‍ෂි බටහිර චීනයේ සොහොන් ගැබකින් සොයා ගැනීමට විද්‍යාඥයන් කණ්ඩායමක් සමත් වී ඇත.
එම පැරැන්නන් ගංජා දුම් පානය කරන්නට ඇත්තේ චාරිත්‍රයක් හෝ එසේත් නැත්නම් ආගමික වතාවක් වශයෙන් විය හැකි බවත් පර්යේෂණයට සහභාගී වූ විද්‍යාඥයෝ අදහස් කරති.
විද්‍යාඥයන් මතට යොදාගත හැකි ගංජා ශාකය සොයාගනු ලැබ තිබෙන්නේ බටහිර චීනයේ සොහොන් ගැබක අඟුරු කබල්වල දැවුණ දර අතරිනි.
ගංජා යනු මානසික උත්තේජනය ඇති කෙරෙන THC සංකීර්ණය අධික මට්ටමින් අන්තර්ගත වෙන ශාක විශේෂයකි ගංජා ශාකයේ අන්තර්ගත එම උත්තේජනකාරී ගුණය පිළිබඳව එකල මිනිසුන් හොඳින් දැන සිටින්නට ඇතැයි විද්‍යාඥයෝ පවසති.
එහි අන්තර්ගත තෙල් සහිත ඇට සහ කෙඳි ලබා ගැනීම සඳහා යටත් පිරිසෙයින් ක්‍රිස්තු පූර්ව 4,000 ට පෙර පවා මිනිසුන් ගංජා වගා කරන්නට ඇති බවත් ඔවුන්ගේ අදහස වෙයි.
එහෙත් එම යුගයේ මිනිසා බොහෝ ගංජා වර්ග මෙන්ම, THC සංකීර්ණය පහළ මට්ටමක වූ මානසික උත්තේජනය සඳහා පාවිච්චි කළ හැකි වෙනත් ශාක වර්ගත් වගා කර ඇත.
ගංජා අන්තර්ගත අඟුරු කබල් සොයා ගනු ලැබ තිබෙන්නේ පාමීර් කඳුකරයේ (Pamir Mountains) ඉහළ ස්ථානයක පිහිටි Jirzankal සුසාන භූමියකිනි.
අඟුරු කබලක බහා ලූ ගිනියම් ගල් සමග ගංජා ශාකය තැන්පත් කිරීමෙන් අනතුරුව ඉන් නගින දුමාරය පැරණි මිනිසුන් ආඝ්‍රාණය කරන්නට ඇත යන්න විද්‍යාඥයන්ගේ අදහස වෙයි.
ඉතිහාසය.....
මැදපෙරදිග විසූ බලවත් සාලමොන් රජතුමාගේ සොහොනින් හටගත් පූජනීය වෘක්ශය ලෙස ගංජා පැලෑටිය හඳුනාගන්නවා.
යුරෝපයේ මායාකාරීන්/මායාකරුවන් තෙවන ඇස පාදාගැනීම හරහා රහස් දැනුම ලබාගැනීමේ මාර්ගයක් ලෙස ගංජා වල ප්‍රභේදයක් සහ වෙනත් විවිධ ඖශධ වර්ග භාවිතා කලා. රෝමය/ග්‍රීසිය ආශ්‍රිතව මේ වෙනුවට භාවිතා වුනේ අබිං. නමුත් එය ගංජා මෙන් නොව, ඇබ්බැහිවන සුලු සහ භාවිතා කරන්නා ක්‍ෂය කරවන අහිතකර ඖශධයක්..
...................අන්තර්ජාලය ඇසුරෙනි...................