
21/06/2025
කවිකම් කියා මල්දම් ගෙළ වට ලාලා
සල් මල් අතුළ සුව යහනක සතපාලා
විල් තෙර කුමුදු මානෙල් වල පෙම ගාලා
මතකයි එදා උන් හැටි කිඳුරී මාලා
හීසර ඇවිත් මොර සූරන වැහි දාක
කිඳුරිට කියාදී සැප සුව රජ ගේක
පෙම්බර පපුව විදලා ගිනියම් රෑක
ඉසුරින් නිවා දැමුවයි කිඳුරඟ සෝක
පෙම් කවි නසා මල්දම් විසි කරමි කියා
රන් ආභරණ සංකර පිළි ලබන නියා
හිල් උන කිඳුරු පපුවක ගිනි පුළිඟු තියා
පෙම්බර කිඳුරි බරණැස් රජ එක්ක ගියා.
#කොපී
©