29/10/2025
නවසීලන්තෙ බස් වල යන්න බෑ සල්ලි දීලා..
දැන් ලංකාව ඉන්න අය කියාවි මොන බොරුද ශෝක් මෝඩ කතාවක් කියලා🤭 ඒ වගේම තමයි ලංකාවෙදි අපි හිතන් ඉන්න දේවල් බොහොම වෙනස් මෙහෙ ආවට පස්සේ.නිව් සීලන්ඩ් බස් වල යන්න නම් වෙනම එකට බස් කාඩ් එකක් මුලින් වෙනම තැනකින් සල්ලි දීලා ගන්න ඕන.බස් එක ඇතුලෙ තියෙන මැෂින් එකට ටැප් කරලා තමයි යන්න පුළුවන් වෙන්නේ.
අපි මෙහේ දේවල් වල ඇත්ත ඔයාලට කියන්නේ හොඳ වගේම නරක දේවල් පෙන්නලා දෙන්නේ ජිවිතේ වරද්ද ගන්නෙ නැතුව, සල්ලි ලක්ශ කෝටි ගණන් විනාශ කරගන්නෙ නැතුව ගේමක් ගහගන්න පුළුවන් වෙන්න.
සමහරුන්ට රිදෙනවා මෙහේ නරක ලියනකොට ලංකාවෙ අය ඩිමෝටිවේට් වෙනවා කියලා.එහෙම සුකොමල බොලද හිත් තියෙන උන්නම් මගේ පෝස්ට් එකක් වත් කියවන්න එපා රටකට එන්න තියා.
රටකට එනවනම් ඒකට පුදුම මොරාල් එකක් තියෙන්න ඕන.ඒක අරයට මෙයාට හොල්ලන්න බෑ.ඒක කාටවත් ඕනවට කිසිම දේකින් වෙනස් කරන්න බෑ.එච්චරයි...මෙහේ ඔයාව හුරතල් කරන්න කවුරුත් නැ.ඔයාට දවල් රැ නැතුව මුල කාලේ මහන්සි වෙන්න වෙනවා.
රටකට එන්න ආසයිනම් වැඩිපුර ඒ රටේ හොද දේවල් විතරක් නෙවෙයි නරක දේවල් මොනවද ගැටළු මොනවද, මිනිස්සුන්ට වැරදුනේ මොනවද , ඔයාට මුහුණ දෙන්න වෙන ප්රශ්න මොනවද, ඔයා ඒවට රෙඩි වෙන්නේ කොහොමද? ඔයා ලග හැමදේටම ප්ලෑන් B එකක් තියෙනවද කියලා බලන්න.මොකද එතකොට ඔයා වැටෙන්නේ නෑ.
ආපූ හැමෝටම හරි ගියෙත් නෑ හැමෝටම වැරදුනෙත් නැ..
හැබැයි දැන ගියොත් කතරගම නොදෙන ගියොත් අතර මග.
හැමෝගෙම රට සිහින සැබැ වේවා 🤗🤗