Talk With Senura Kodithuwakku

Talk With Senura Kodithuwakku Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Talk With Senura Kodithuwakku, Media/News Company, Gajigewatta , Meepa , Habaraduwa, Galle.

🎙️ Event Host | Announcer | Debater
💬 Social Soul | People’s Energy | Voice of the Crowd

Bringing people together with words & energy ✨
Turning moments into memories 💫
Skilled in hosting, passionate in connecting ❤️
Let’s talk, laugh, inspire

පළමු රන්දෝලියේ වගකීම රුහුණු මහා කතරගම දේවාලයේ වාසනාට....
23/08/2026

පළමු රන්දෝලියේ වගකීම රුහුණු මහා කතරගම දේවාලයේ වාසනාට....

23/08/2026

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ❤️🇱🇰

සිව්වන කුඹල් පෙරහැරේ සධාතුක පෙරහැර කරඬුව වඩමවමින් ආයිත්තම් මණ්ඩපයෙහි මගුල් ඇදුමෙන් සැරසීමට ඉතිහාසයේ ප්‍රථම වරට දළදා මැදු...
21/08/2026

සිව්වන කුඹල් පෙරහැරේ සධාතුක පෙරහැර කරඬුව වඩමවමින් ආයිත්තම් මණ්ඩපයෙහි මගුල් ඇදුමෙන් සැරසීමට ඉතිහාසයේ ප්‍රථම වරට දළදා මැදුරේ තේජස්පූර්ණ පුලතිසි රාජා වරම් ලැබූ වගයි...

සිය සිය සිය දහසට .... ඇගිලි ගණිනා අපිට ....ඔබ ගැන සිහි වේවී නිතරම...ශ්‍රී ලාංකේය සුගම සංගීත ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙවරක් ...
20/08/2026

සිය සිය සිය දහසට .... ඇගිලි ගණිනා අපිට ....
ඔබ ගැන සිහි වේවී නිතරම...

ශ්‍රී ලාංකේය සුගම සංගීත ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙවරක් ඉටු කළ, ‘ජාතියේ යශෝරාවය’ ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ ගායිකා විශාරද, ආචාර්ය නන්දා මාලනිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඇය 82 වැනි වියේ පසුවුණා.

1943 අගෝස්තු 23 වන දින අලුත්ගම, ලෙවන්දූවේදී උපත ලැබූ ඇය, නව යෞවන වියේදී කොළඹ කොටහේන ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය හැදෑරුවා.

එහිදී ටී.එන්. මාග්‍රට් පෙරේරා ගුරුවරියගේ මගපෙන්වීම මත ලංකා ගුවන් විදුලියේ කරුණාරත්න අබේසේකරයන්ගේ "ළමා මණ්ඩපය" වැඩසටහනට එක්වෙමින් "බුදු සාදු" ගීතය ගායනා කරමින් ඇය සිය සංගීත ගමන ආරම්භ කරනු ලැබුවා.

පසුව 1961 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වූ "රන්මුතු දූව" චිත්‍රපටයේ පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් නාරද දිසාසේකරයන් සමඟ "ගලන ගඟකි ජීවිතේ" ගීතය ගායනා කරමින් චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසි ඇය, එතැන් පටන් දශක ගණනාවක් පුරා හෙළ ගීත කෙත පෝෂණය කළා.

ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාපීඨයෙන් ශාස්ත්‍රීය සංගීතය හදාරා විශාරද උපාධිය ලබාගත් ඇය, 'සත්‍යයේ ගීතය', 'පවන', 'හේමන්තයේදී', 'පෙම්බර ලංකා' වැනි අතිශය ජනප්‍රිය ඒකපුද්ගල ගීත ප්‍රසංග සහ ගීත ඇල්බම ගණනාවක් රටට දායාද කළ අතර, කුඩා දරුවන් වෙනුවෙන් "සින්දු හෝඩිය" ඇතුළු ළමා ගීත නිර්මාණය කිරීමටද ඇය පියවර ගත්තා.

ඇගේ විශිෂ්ට ගායන කෞශල්‍යය වෙනුවෙන් හොඳම ගායිකාවට හිමි සරසවිය සම්මාන 12ක් සහ ජනාධිපති සම්මාන 10ක් ඇතුළු ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙනවා.

20/08/2026

කාලය අවුරුදු 1716ක් ගෙවී ගියත්,
ශ්‍රද්ධාවේ ගාම්භීරත්වය තාමත් ඒ විදියමයි.

හෙළයේ ආත්මය රැඳි,
සංස්කෘතියේ හුස්ම හෙළන
කන්ද උඩරට ශ්‍රී දළදා පෙරහර සමය
අද සෙංකඩගල පුරය ම සුවඳවත් කරන්නේ ඒ ශ්‍රද්ධාව නිසාමයි....

මේ නිකම්ම දර්ශනයක් නොවී
එදා රජ සමයෙ ඉදන් පරපුරෙන් පරපුරට බාරදුන්
ජීවමාන උරුමයක් බව මේ සංස්කෘතිය හරි අපූරුවට සාක්ෂි දරන්නෙ හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයේ වටිනාකම ලොවටම පසක් කරමින්ය..

දෙස් විදෙස් බැතිමතුන්ගේ ගෞරවයට පාත්‍ර වුණු
දළදා සමිඳුන්ගේ මහිමය අදත් නොඅඩුව පවතින්නෙ ඒ නිසාමයි..
*Follow us:*
https://www.facebook.com/share/r/1BQw2vtKh6/

අපේ උරුමයට අපි ආඩම්බර වෙමු!


ඉතිහාසයේ ප්‍රථම වතාවට තුන්වන කුඹල් පෙරහරේ කිරුළු පළදින්නට සැරසෙන දළදා මාලිගාවේ ශ්වේත කුමාරයා මියන් රාජා.... 🐘           ...
20/08/2026

ඉතිහාසයේ ප්‍රථම වතාවට තුන්වන කුඹල් පෙරහරේ කිරුළු පළදින්නට සැරසෙන දළදා මාලිගාවේ ශ්වේත කුමාරයා මියන් රාජා.... 🐘

දකුණුලක අගනුවර අභිමානවත් ගාල්ල උඩින් බලද්දි තමයි ලස්සනම❤️🇱🇰
19/08/2026

දකුණුලක අගනුවර අභිමානවත් ගාල්ල උඩින් බලද්දි තමයි ලස්සනම❤️🇱🇰

වසර 25කට පසු ජනරාජා සදගල මත පා තැබූ වගයි...
19/08/2026

වසර 25කට පසු ජනරාජා සදගල මත පා තැබූ වගයි...

වසර 25ක විරාමය අවසන් කරමින් ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ ජ්‍යෙෂ්ඨයා ජනරාජා අද දෙවන කුඹල් පෙරහැරේ සදගල බසින්නට සූදානම්...
19/08/2026

වසර 25ක විරාමය අවසන් කරමින් ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ ජ්‍යෙෂ්ඨයා ජනරාජා අද දෙවන කුඹල් පෙරහැරේ සදගල බසින්නට සූදානම්....


"සිංහල ගීතයේ යතිවර සළකුන" වදන් වලින් ධර්මය ගැයූ, අකුරින් බුදු ගුණ වර්ණනා කළ රචක හිමි...ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවගේ ශ්‍රද...
19/08/2026

"සිංහල ගීතයේ යතිවර සළකුන"

වදන් වලින් ධර්මය ගැයූ, අකුරින් බුදු ගුණ වර්ණනා කළ රචක හිමි...

ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවගේ ශ්‍රද්ධාවට ආහාරයක් වූ,
අදටත් අපගේ හදවත් තුළ ජීවමානව රැඳෙන
ජනප්‍රිය බොදු බැති ගී රැසකට මූලිකත්වය දුන්
පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ත නාහිමියන් වහන්සේගේ අපවත්වීම
සම්බුද්ධ ශාසනයට මෙන්ම බොදු ගී සාහිත්‍යයටද
ඇති වූ අති මහත් පාඩුවකි.

උන්වහන්සේගේ රචනානුභාවයෙන් බිහි වූ සෑම ගීතයක්ම
අපේ දුක නිවාලන ධර්ම දේශනාවක් සේ අදත් අපට මඟ පෙන්වනවා.

උන්වහන්සේ ඉතිරි කර ගිය සාහිත්‍යමය උරුමය
අනාගත පරපුරටද ආදර්ශයක් වනු නොඅනුමානය.



Address

Gajigewatta , Meepa , Habaraduwa
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Talk With Senura Kodithuwakku posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share