Walk with Thilina

Walk with Thilina Travel Page

ලෝකයේ තියෙන තවත් ලස්සනම beach එකක් උනු තායිලන්තයේ Railey Beach එක.මේක Krabi වල mainland එකේම තියෙන දූපතක් උනාට වටේටම තිය...
28/06/2025

ලෝකයේ තියෙන තවත් ලස්සනම beach එකක් උනු තායිලන්තයේ Railey Beach එක.

මේක Krabi වල mainland එකේම තියෙන දූපතක් උනාට වටේටම තියෙන උස කඳු නිසා යන්න පුලුවන් බෝට්ටුවලින් විතරයි.

Shot with DJI Air 3 Drone

02/06/2025

මේ වචන 50ක විතර prompt එකක් දීලා මම Google Veo 3 වලින් ජෙනරේට් කරපු AI වීඩියෝ එකක්.

මේ වීඩියො එකේ අන්තිමට කියන එක පොඩ්ඩක් අවුල් උනාට මේකෙ සිංහලත් සෑහෙන හොඳ මට්ටමක තියෙනවා. Veo 3 වල audio තියෙන්නෙ experimental level එකේ. ඊලඟ versions වලදි මේක තවත් හොඳට හැදිලා එයි.

මේ වීඩියො එක ජෙනරේට් කරන්න මම පාවිච්චි කරපු prompt එක පලවෙනි කමෙන්ට් එකේ දාන්නම්.

19/04/2025

සිංගප්පූරුවෙ ඉඳන් තායිලන්තෙට යන අතරෙ- මේ පේන්නෙ මැලේසියාවෙ Johar වලට උඩින්)Follow Walk with Thilina on TikTok for more videos

පහුගිය කාලෙ Travel videos විදියට ගොඩක්ම හැදුවෙ Facebook/Tiktok short videos නිසා, ඉස්සරහට යූටියුබ් වීඩියෝස් ටිකක් ගේන්න ...
10/03/2025

පහුගිය කාලෙ Travel videos විදියට ගොඩක්ම හැදුවෙ Facebook/Tiktok short videos නිසා, ඉස්සරහට යූටියුබ් වීඩියෝස් ටිකක් ගේන්න හිතුවා.

එතනින් පලවෙනි එක විදියට අනිද්දා (12 බදාදා) රෑ 7ට ලෝකෙ තියෙන ලස්සනම ගමක් උනු තායිලන්තයේ පාවෙන මුස්ලිම් ගම්මානයේ (Floating Muslim Village) ❤️❤️ video එකක් අරගෙන එනවා.

ඉන්දුනීසියාවෙ වගේ නෙවෙයි, තායිලන්තයේ Drones වලට තියෙන නීති ටිකක් තදයි. Maya Bay, James Bond Island, Hong Island ඇතුළු ලස්සන ගොඩක් තැන් "No drone zones” විදියට නම් කරලා තියෙන නිසා ඒ තැන්වල කොහොමටවත් drones fly කරන්න දෙන්නෙ නෑ. ඉතින් drones යවන්න තායිලන්තයේ අදාල ආයතන වල අවසර එහෙමත් අරගෙන කරපු මේ වීඩියෝ එක දැනට මගේ අතින් හැදුනු හොඳම වීඩියෝ එක වේවි. ☺️🫣

මගේ travel videos වලට කැමති අය Walk with Thilina යූටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න. ( https://youtube.com/ )

Tiktok : Walk with Thilina
( https://www.tiktok.com/ ).

04/02/2025
04/01/2025

ලංකාවෙ මිනිස්සුන්ගෙ ජීවිත එළිය කරන්න උදව් වෙන ජල දහරාවකින් නිර්මාණය වන අඩි 413ක උසින් යුතු ලංකාවෙ අට වෙනියට උසම දිය ඇල්ල.

22/12/2024

සිංගප්පූරුවේ Jewel Changi ගුවන් තොටුපලේ පිහිටා ඇති අඩි 130ක් උස, ලෝකයේ උසම ගෘහස්ථ දිය ඇල්ල - HSBC Rain Vortex

The world's tallest indoor waterfall (height 130ft), which is located at Jewel Changi Airport, Singapore.

07/12/2024

SriLankan Airline එකෙන් බැංකොක් ඉඳන් ලංකාවට

Indonesia Travel Diary -  #3*********************************ලොම්බොක් කියන්නෙ ඉන්දුනීසියාවෙ තියෙන වර්ග කිලෝ මීටර් 4607ක ...
24/03/2024

Indonesia Travel Diary - #3
*********************************
ලොම්බොක් කියන්නෙ ඉන්දුනීසියාවෙ තියෙන වර්ග කිලෝ මීටර් 4607ක විශාලත්වයෙන් යුක්ත දූපතක්.

සංචාරක කර්මාන්තය පැත්තෙන් ගත්තම බාලි දූපත තරම් ප්‍රසිද්ධ නොවුනත් මේ දූපතේ තියෙන සුන්දරත්වය නිසාම වර්තමානය වෙනකොට සැලකිය යුතු සංචාරකයන් පිරිසක් මේ දූපතටත් පැමිණෙනවා.
ඉන්දුනීසියාවේ දෙවෙනියට උසම ගිනි කන්ද උනු මවුන්ට් රින්ජානි වගේම සුන්දර දිය ඇලි සහ බීච් කිහිපයක් මේ දූපතේදි දැක ගන්න පුලුවන්.

ලොම්බොක්වල තියෙන ලස්සනම ප්‍රදේශ විදියට Sendang Gile හා Tiu Kelep දිය ඇලි පිහිටපු සෙනාරූ ප්‍රදේශයත්, ලංකාවෙ නුවරඑළිය දිස්ත්‍රික්කයට සමාන දේශගුණයක් තියෙන කඳුකර ප්‍රදේශයක් උනු සෙම්බාලූන් නගරයත් හඳුන්වන්න පුලුවන්.

Indonesia Travel Diary -  #2*********************************නුසා පෙනීඩා කියන්නෙ බාලි දූපතේ ඉඳන් කිලෝ මීටර් 18ක් ගිණිකොණ...
15/01/2024

Indonesia Travel Diary - #2
*********************************
නුසා පෙනීඩා කියන්නෙ බාලි දූපතේ ඉඳන් කිලෝ මීටර් 18ක් ගිණිකොණ පැත්තට වෙන්න පිහිටල තියෙන දූපතක්.

මේකෙ තියෙන Kelingking Beach, Diamond Beach, Broken Beach, Crystal Bay, Atuh Beach වගේ බීච් සංචාරකයො අතර ජනප්‍රියයි.
ඒ ඇරුනම යන්න ටිකක් අමාරු ඒ නිසාම ටිකක් අප්‍රසිද්ධ Suwehan Beach, Pandan Beach වගේ බීච් කිහිපයකුත් මේකෙ තියෙනවා.

මේ දූපත ගැන මම කරපු විනාඩි 10ක Cinematic වීඩියෝ එක බලන්න බැරි උනු කෙනෙක් ඉන්නවනම් මේක තමයි යූටියුබ් ලින්ක් එක.
https://www.youtube.com/watch?v=eXpqhDDmy5M

මේ දූපතට යන විදිය ගැන කිව්වොත්, බාලිවල සනූර් වරායෙ ඉඳලා මේ දූපතට යන සංචාරක බෝට්ටු සේවාවන් කිහිපයක්ම තියෙනවා. ඉන්දුනීසියන් රුපියා ලක්ෂ 2ත් 3ත් අතර ගණන්වලට එහෙම බෝට්ටුවක සීට් එකක් බුක් කරන්න පුලුවන්. (ලංකාවෙ මුදලින්නම් 4300-6400 අතර මුදලක්). යන්න එන්න දෙකට වෙන වෙනම ටිකට් බුක් කරන්නෙ නැතුව return ticket එකක් ගන්නත් පුලුවන්. ඒක තමයි ලාභම. අපි යන්න හිතාගෙන ඉන්න වෙලාව බලලා බෝට්ටුවක සීට් එකක් ඔන්ලයින් බුක් කරන්න පුලුවන්.

අනිත් ගාස්තු ගැන කියනවනම්, මේ දූපතට ඇතුල් වෙන්න එක කෙනෙකුගෙන් ඉන්දුනීසියන් රුපියා 25000ක් (ලංකාවෙ මුදලින් රුපියල් 530ක් වගේ) අය කරනවා. ඒ ඇරුනම Kelingking Beach, Diamond Beach වගේ සමහර සංචාරක ස්ථාන වලට යද්දි ඉන්දුනීසියන් රුපියා 10000, 25000 වගේ මුදලක් ගෙවලා ටිකට් ගන්න ඕන.

Tree house එකේ ඉඳන් ෆොටෝ එකක් ගන්නවනම් IDR 75000ක් (ලංකාවෙ මුදලින් රුපියල් 1600ක් වගේ) අය කරනවා. Tree house එක ඇරුනම Thousand island viewpoint එක ලඟ සල්ලි ගෙවලා photos ගන්නම හදපු තව ලස්සන තැන් 2-3ක් තියෙනවා.
අනිත් දේ තමයි පොදු ප්‍රවාහන සේවා මේ දූපතේ නැහැ. සංචාරකයො අතර ජනප්‍රියම ප්‍රවාහන ක්‍රමය වෙන්නෙ දවස් පදනමට ස්කූටරයක් රෙන්ට් එකට ගන්න එක. එහෙම නැත්නම් ටැක්සියක් ගන්න වෙනවා.

මේ දූපතට සමහර සංචාරකයො යන්නෙ day trips. හැබැයි වර්ග කිලෝ මීටර් 209ක් විශාල, සුන්දර තැන් රාශියක් තියෙන, මිහිපිට තියෙන පාරදීසයක් විදියට හඳුන්වන්න පුලුවන් මේ වගේ දූපතකට යද්දි දවස් 2-3ක්වත් ඉන්න බලාගෙන යන එක තමයි හොඳම. මට drone videos ටිකක් එහෙමත් ගන්න තිබුනු නිසා මම දවස් හතරක් මේ දූපතේ හිටියා.

Indonesia Travel Diary -  #1*********************************උබුඩ්(Ubud) කියන්නෙ බාලිවල මැද හරියට වගේ වෙන්න පිහිටල තියෙන...
12/01/2024

Indonesia Travel Diary - #1
*********************************
උබුඩ්(Ubud) කියන්නෙ බාලිවල මැද හරියට වගේ වෙන්න පිහිටල තියෙන විශේෂයෙන්ම ඉන්දුනීසියාවෙ සංස්කෘතියත් එක්ක බැඳුනු සුන්දර නගරයක්.

සංස්කෘතිකමය වශයෙන් ගත්තම Ubud Palace, Sacred Monkey Forest, Ubud Art Market එක වගේම, සුන්දරත්වය අතින් ගත්තම Kanto Lampo, Suwat ඇතුළු දිය ඇලි කිහිපයක්ම තියෙනවා සංචාරකයොන්ගෙ ආකර්ශණය හිමි උනු.

උබුඩ්වලට සුන්දරත්වයක් එකතු කරන තවත් දෙයක් තමයි හෙල්මලු ක්‍රමයට හදපු ලස්සන කුඹුරු. Ubud Rice Terrace එහෙමත් නැත්නම් Bali Rice Terrace කියල google එකේ සර්ච් කලොත් දකින්න ලැබෙන ගොඩක්ම කුඹුරු පිහිටල තියෙන්නෙ උබුඩ් අවට. (කොහොම උනත් මට තිබුනු කාලෙත් එක්ක ඒ හැම තැනක්මනම් කවර් කරන්න බැරි උනා.)

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Walk with Thilina posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Walk with Thilina:

Share