Talk with Nawa

Talk with Nawa Personal blogger❤️ _දර්මයෙහි හැසිරෙන්නා දර්මය විසින් රකී_

30/07/2026

දෙවිනුවර ❤️

දෙවිනුවර කාවඩි වල ඉතිහාසය ගැන කතා කරද්දි ඒක මේ පෙරහැරට එකතු වෙන්නෙ අදින් වසර 100ක් හෝ 150ක් පමණ කාලයකට පෙර. කාවඩි නර්ථනය ගත්තම ඒක ස්කන්ද කුමාර නැතිනම් කතරගම දෙවියන් වෙනුවෙන් පමණක් සිදුකරන පූජාවක් විදියටයි සලකන්නෙ. ඒත් දෙවිනුවට දේවාලයේදී එය කතරගම සහ විශ්නු දෙවියන් වෙනුවෙන් පවත්වනවා. මුලින්ම දෙවිනුවර දේවාලයේදී මෙම නර්තනය ආරම්භ වෙන්නේ දකුණු ඉන්දියානු වෙලෙන්දන් හා කම්කරුවන් මෙරටට පැමිනීම සමග ඔවුන්ගේ බාරහාර ඔප්පු කිරීම සඳහා තනි තනිව පෙරහැරේ කාවඩි නර්ථනයේ යෙදී තිබෙනවා. ඉන්පසුව මෙය ස්ථිර ලෙස එකතු වෙන්නෙ 1950න් වගේ පස්සෙ. ඊට පස්සෙ කාවඩි නර්ථන කණ්ඩායම් වලට පෙරහැරට එක්තු වෙන්න අවස්ථාව ලැබෙනවා. වර්ථමාණය වන විට භාර හාර සඳහා සහ කණ්ඩායම් සඳහා අවස්ථාව ලැබෙනවා. මේ කණ්ඩායම් බොහොමයක් දෙවිනුවර පෙරහැර සඳහාම නිර්මාණය කරගත් කණ්ඩායම් විදියට දක්වන්න පුලුවන්.

මේ දෙවිනුවර වැඩ ඉන්නෙ දෙවිනුවර ශ්‍රී උපුල්වන් විශ්නු දෙවියන් කියල සඳහන් උනත් සංකල්පීයව මේ දෙවිවරුන් දෙදෙනෙක්. විශ්නු දෙවියන් යනු හින්දු සංස්කෘතියේ ප්‍රධාන දෙවිවරුන් තිදෙනාගෙන් එක් අයෙක්. එහෙත් උත්පලවන්න නැත්නම් උපුල්වන් කියන්නෙ නිල් පැහැති ශරීරයක් ඇති සිංහල දෙවි කෙනෙක්. කෙසේ නමුත් නායක්කාර් වංශික රජවරුන් ලංකාවේ පාලණය ඇරඹීමත් සමඟ මෙම දෙවිවරු දෙදෙනාම එක් අයෙක් ලෙස සැලකීමට පටන් ගෙන තිබෙනවා. ඒ ඔස්සේ තමයි අදටත් උපුල්වන් විශ්ණු දෙවියන් ලෙස හඳුන්වන්නේ..

ප්‍රභාත් ගොඩකන්ද ✍️

18/06/2026

ලස්සන තැන් ඉතින් ❤️
#ලස්සන

13/06/2026

පීල්ල ❤️👐

26/05/2026

ජීවිතේ මේ යන රේස් එක දුවලා ඉවර කරන්නම වෙනවා මිත්‍රයා... ❤️

16/05/2026

Know the real. Avoid the fake.✨☠
Highland vs created High Land brand case
Short film via awareness community

Film by Oshadha Dilshan Nawanjana

27/04/2026

Walk for peace 🙏❤️

26/04/2026

Earth Day ekata ඔයාගෙම නම තියෙන ලස්සන Landsat image එකක් හදමුද ? . මෙන්න විදිය 🌍❤️📢

සුබම සුබ සිංහල දෙමළ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම ...❤️❤️❤️
14/04/2026

සුබම සුබ සිංහල දෙමළ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම ...❤️❤️❤️

29/03/2026

Maradana Railway Station ❤️

17/03/2026

කඩුපුල් සුවද ❤️😇
Epiphyllum oxypetalum

හිරු අවරට යද්දී උදෑසන පිපි මල් කෙමෙන් මිලින වී ගියද ගෙමිදුලෙහි මෙන්ම තුරු වදුලුවල ද විල් ජල තලය මත ද දහසකුත් මල් හිනැහෙන්නට පටන් ගනී.
රෑ මනාලියන් බඳු රැයේ පිපෙන මේ පියකරු මල් අතරින් කඩුපුල් මලට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි.
එය කෙතරම් මනහර පුෂ්පයක්ද යත් පිපෙන සමයේ නා ලොවින් නාගයන් මෙහිවුත් කඩුපුල් නෙළා සිරිපා වඳින්නට යතැයි ජනප්රවාදයක් පවතී.කඩුපුල් මල් පිළිබඳව නොයෙක් තැන්වලදී අපට අසන්නට ලැබුණත් රැයේ පිපී රැයේම පරව යන හෙයින් කඩුපුල් මලක අසිරිය දැක ඇත්තේ නම් ඒ ටික දෙනෙකි.
කඩුපුල් ශ්රී ලංකාවේ පමණක් නොව වෙනත් රටවල මල් වවන්නන් අතර ද ඉතා ජනප්රිය වූ මල් විශේෂයකි.
ඔවුන් එයට “රාති්රයේ රාජිනිය”(Queen of the Night) යන විරුදාවලිය ඇත්තේ කඩුපුල් මලෙහි ඇති සුන්දර බව නිසාම විය යුතුය.මුල් කාලයේ Phyllocactus ලෙසත් දැනට Epiphyllum ලෙසත් හඳුන්වන මෙම ගණයට අයත් කඩුපුල් විශේෂ දහනවයක් පමණ හඳුනාගෙන තිබේ.
ඊට අමතරව මුහුන්කරණ ක්රම මඟින් මල් වවන්නන් විසින් නව විශේෂ ගණනාවක්ම ව්යාප්ත කර ඇත්තේය.
සාමාන්යයෙන් සෑම කඩුපුල් විශේෂයක්ම පාහේ සුදු පැහැති මල් දරයි. මුහුන්කරණයෙන් ලබාගත් විශේෂවල දම්, රතු, රෝස සහ තැඹිලි වැනි දීප්තිමත් වර්ණ සහිත මල් හට ගනී.එහෙත් රැයේ පිපෙන අපේ සුදෝසුදු කඩුපුල් මලින් මතුවන චමත්කාරය ඒ වර්ණවත් මල් තුළින් දැකීමට හැකිවෙතැයි සිතිය නොහැකිය. (Wordpress.com)

Address

369/A/2 , Midella, Thalawa, Wanduramba
Galle
80100

Alerts

Be the first to know and let us send you an email when Talk with Nawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share