20/05/2026
හුනියම
එහි 1994 අවුරුද්දේ ගම්වල ජීවත් වූ ප්‍රභූ පවුල්වල මිනිස්සු නිතරම විවාහ යෝජනාවක් බැලුවේ තමන්ගේ පවුල්වලට ගැලපෙන ප්‍රභූ පවුලකින්. එහෙම කරන මගුල් කටයුතුවලදී හැම තීරණයක්ම ගත්තේ දෙමව්පියන්ගේ කැමැත්ත මත මිසක් දරුවන්ගේ කැමැත්ත මත නෙවෙයි. ඒ විදිහේ සම්ප්‍රදායික පවුලක ජීවත් වෙච්ච විකුම්ටත් සිද්ධ වුණේ තමන්ගේ අම්මාගෙත් තාත්තාගෙත් කැමැත්ත මත තමන්ගේ විවාහ ජීවිතය තීරණය කරන්න.
විකුම් මේ වෙනකොටත් පොලීසියේ උසස් නිලයක් දරපු තරුණයෙක්. පවුල්වල සම්ප්‍රදායෙන් පිට අලුත් විදියට හිතන, සාම්ප්‍රදායික රාමුවෙන් මිදුණු වෙනස්ම සිතුවිලි පරම්පරාවක් ඔහුට තිබුණා. ඒ වෙනකොටත් ඔහුට විවිධ පැතිවලින් මංගල යෝජනා ඉදිරිපත් වෙලා තිබුණා. හැමදාම සතියකට දවසක් ගලේවෙල කපු මහත්තයා විකුම්ගේ ගෙදරට ගොඩ වුණේ. ගෑණු ළමයි කීප දෙනෙක්ගේ පින්තූරත් කේන්දර කොපිත් එක්ක. එහෙම එන යෝජනා අතරේ සමහර ගැහැණු ළමයි ගොඩාක් රූමත් අය. තවත් අය ගොඩාක් උගත්. ඒත් විකුම්ගේ රැකියාවත් එක්ක ඔහුට ඕන වුණේ මේ හැමටම වඩා තමන්ගේ රාජකාරී ස්වභාවයට තේරුම් ගත්ත, සම්ප්‍රදායික රාමුවට කොටු නොවුණු බුද්ධිමත් ගැහැණු ළමයෙක්. ඒත් විකුම්ගේ අම්මා තාත්තා වගේම නෑයෝත් හිතන විදියට කැමැත්තක් තිබුණේ නෑ. එයාලට ඕන වුණේ හොඳ පෙළපතක් තියෙන සල්ලිකාර කෙල්ලක් විතරයි.
මේ විදියට විකුම් තමන්ගේ ජීවිතයේ වැදගත්ම තීරණය වෙනුවෙන් සූදානම් වෙමින් හිටියා. එක දවසක් නිවාඩුවට ගෙදර ඇවිල්ලා හිටපු වෙලාවක, මිල්ලගහ ගෙදර නැන්දා ගෙදරට ගොඩ වුණේ ගොඩාක් සතුටින්. සෑහෙන කාලෙකට පස්සේ දැකපු නැන්දා නිසා විකුම් වගේම ගෙදර අයත් ගොඩාක් සතුටු වුණා. ඉතින් අක්කේ, සෑහෙන කාලෙකට පස්සේ මොකද අපේ පැත්ත මතක් වුණේ? එහෙම එකක් නෑ හිච්චි මල්ලි. උඹලාව මට නිතරම මතක් වෙනවා. ඒත් ඉතින් කොහොම කරන්නද? අපේ ගම්බලත් බොහොම දුර. එන්නම දවසක් ගත වෙනවා. ඒ කාරණාව නම් ඇත්තමයි. මටත් ඔය පැත්තේ ඉන්න හිතෙන වාර ගණනක්. ඒත් ඉතින් මුළු දවසක්ම ඒ වෙනුවෙන් කැප කරන්න බෑ. ඒත් ඉතින් මම මේ දුරු කතර ගෙවාගෙන ආවේ ඔබලට වැදගත් කාරණාවක් කියන්න. කාරණාවක් කිව්වට මේක වැදගත් යෝජනාවක්. අපේ විකුම් පුතාත් ඉන්න එක හොඳයි. ඒ මොකක්ද අක්කේ ඒ කාරණාව? චුට්ටක් පුතාත් මෙහෙන් වාඩි වුණානම්.
මිල්ලගහ නැන්දා හරි බැරෑරුම්ව වාඩි වුණා. ගොඩක් ලොකු බැරෑරුම් කාරණාවක් කියන්න කියන වග විකුම්ගේ අම්මාටත් තාත්තාටත් හොඳට තේරුණා. ඒ නිසාම අම්මයි තාත්තයි සීරුවට බලාගෙන හිටියේ පුදුම වෙලා. නැන්දා ටිකක් ඉස්සරහට වෙලා තමන් ආපු කාරණාව කියන්න පටන් ගත්තා. මේකයි පුතේ. මම දන්නවා දැන් කාලෙක ඉඳන් ඔබට මගුල් තුලාවක් හොයනවා කියලා. මම දන්නවා හොඳට ඉගෙනගත්ත ලස්සන ගෑණු ළමයෙක් ඉන්නවා අපේ ගමේ. බොහොම හොඳ පෙළපතක්. අපේ මහත්තයාගේ නෑදෑයෙක්. කෙල්ලටත් වටේටම මගුල් හොයනවා. ඉතින් මට ඒක පාරටම උඹලා මතක් වුණා. ඒකයි මම මේ තකහනිය දුවගෙන ආවේ. මේ කතාවට විකුම්ගේ අම්මයි, තාත්තයි මුහුණට මුහුණ බලාගත්තේ කුතුහලෙන්. මේ වගේ යෝජනාවක් අරගෙන ඇවිත් මේ වැඩේ කරන්න තියෙන උනන්දුව ගැන හිතලා. ඒත් ගෙදර ආපු මනුස්සයෙක්ගේ හිත රිද්දන්න බැරිකමට, නෑදෑකම කැඩිලාවේ කියන බයට කිසිම දෙයක් කතා කරන්නේ නැතුව අම්මයි තාත්තයි බලාගෙන හිටියා.
ඉක්මන් වෙන්න එපා. මේ තියෙන්නේ කෙල්ලගේ පින්තූරේ. කොහොමත් මම දවසක් දෙකක් මෙහෙ ඉඳලයි යන්නේ. ඉතින් පුතා ඒ කාලේ ඇතුළත හිතලා බලලා මට උත්තරයක් දෙන්නකෝ. ඒත් නැන්දාලාගේ ගම වගේ ගොඩාක් දුරකින් තියෙන ගමකින් මගුල් කටයුත්තක් කරගැනීමට විකුම්ගේ හිතේ කවදාවත් කැමැත්තක් තිබුණේ නෑ. නැන්දාට එක පාරට මුකුත් කියන්න බැරිකමට බිම තිබුණු ෆොටෝ එකත් අරගෙන වචනයක්ම නොකියා හෙමින් සීරුවේ කාමරයට ගියා. මේ විදියට තවත් දවසක් ගත වෙලා ගියා. ඊළඟ දවසේ හවස නැන්දා යන්න පිටත් වෙද්දී නැන්දා ළඟට ගියපු විකුම් එහෙම සීරුවේ කතා කරන්න පටන් ගත්තා. නැන්දේ, මම නැන්දාගේ යෝජනාව ගැන කල්පනා කළා. ඒත් නැන්දේ කෙල්ලගේ ගම තියෙන්නේ ගොඩක් දුරින්. අනික නැන්දා දන්නවනේ මගේ රස්සාවත් එක්ක මට නිවාඩු ලැබෙන්නෙත් පොඩි දවසයි. එකෙනුත් එයාලගේ ගෙදර යන්න එහෙ මෙහෙ යන්න වුණාම මගේ නිවාඩුව මට නැති වෙනවා. ඒ හින්දා නැන්දා මම කෙල්ලෙක් හොයනවා නම් හොයන්නේ ගමේ ටිකක් ළඟින්. එහෙම උනොත් අපිට මගුල් උත්සවයේ දෙපැත්තෙම කට්ටියට ගන්නත් ලේසියි. ඒ හින්දා නැන්දේ මම මේ යෝජනාවට කැමති නැහැ. විකුම් එක්ක නැන්දගේ මූණේ තිබුණු සතුට නැති වෙලා ගියා. බලාපොරොත්තු බිඳිලා ගියා. එතනින් එහාට වචනයක් කතා නොකරපු නැන්දා ගෙදරින් පිට වෙලා ගියේ ලොකු හිත තදාගෙන කියන එක විකුම්ට විතරක් නෙවෙයි, අම්මාටත් තාත්තාටත් දෙන්නටම තේරුණා.
ඒ වුණත් විකුම්ගේ අම්මත් තාත්තත් ඔහුගේ තීරණය ගැන ගොඩාක් සතුටු වෙලා එතන ඉඳන් අපේ ගමේ කෙල්ලෙක් විකුම්ගේ මගුල් කටයුත්ත වෙනුවෙන් හොයා බලන්න තීරණය කළා. සාදු සාදු! නිවාඩුවට ගමේ පන්සලට යන එක ඒ කාලේ ඉඳන්ම විකුම්ගේ පුරුද්දක් වෙලා තිබුණා. ඉතින් වෙනදා වගේම මේ නිවාඩුවටත් ගමේ පන්සලට ගිහිල්ලා ලොකු හාමුදුරුවොත් එක්ක ටික වෙලාවක් කතා කරලා දේවාලේ කපු මහත්තයා වෙච්ච කිරිමාම මුණගැහෙන්න ගියේ දෙවියන් බැඳලා පුංචි ආශිර්වාදයකුත් කරගන්න හිතාගෙන.
ආනේ, මේ අපේ විකුම් මහත්තයා නොවේද? හදිස්සියේම ඩියුටි වලින් නිවාඩුවක් ලැබුණා වගේ. මට හිතුණා නිකමට පන්සල පැත්තට ගොඩවෙන්න. ඒක හොඳයි. මහත්තයා චුට්ටක් මේ පැත්තට වුණා නම්... ඒ විදිහට කිරිමාම කපු මහත්තයා මුලින්ම දේවාලේ පූජාසනය ළඟට කතා කරලා කතරගම දෙවියන්ගෙත් විෂ්ණු දෙවියන්ගෙත් පිළිම ඉස්සරහින් තිබුණු දෙවියන්ට පූජා කරපු නූලක් කිරිමාම අතට අරගත්තා. ඉතින් මහත්තයා, මට ආරංචි වුණා මහත්තයාට මගුල් කටයුත්තක් බලනවා කියලා. අම්මලා ඇවිල්ලා කලින්ම පූජාවකුත් කරලා කියන්න. ඒකට හරි නෑ. කෝ දෙන්නකෝ මහත්තයා අත. දෙවියන්ට පූජා කරපු මේ නූල මහත්තයාගේ අපල උපද්‍රව දුරු කරාවි, බොහොම හොඳයි. විකුම් නිහඬවම කපු මහත්තයාට අත දුන්නේ බොහොම ගෞරවයෙන්.
මේ විදියට ටික කාලයක් ගත වෙලා යද්දී අල්ලපු ගමේ රූමත්, හොඳට ඉගෙනගත්ත කෙල්ලෙක් වෙච්ච මිහිරි එක්ක විකුම්ගේ විවාහය තීරණය වුණා. නමටම ගැලපෙන මිහිරි කතාව, ලාස්යය, උගත්කම, පෙනුම නිසා කවුරුත් මිහිරිට ආදරෙන් සැලකුවා. මේ විදියට ඔවුන්ගේ විවාහ උත්සවය නගරයේ ප්‍රසිද්ධ ශාලාවක සූදානම් වුණා. මුළු මගුල් ශාලාවම සරසලා තිබුණේ විකුම්ගෙත් මිහිරිගෙත් ආසාවට කහපාට මල්වලින්. විකුම් මංගල ඇඳුමෙන් සැරසුණා. මිහිරි හිටියේ හරියට කුමාරිකාවක් වගේ රත්රන් ආභරණ පැළඳගෙන. ඔළුව ගාලා තිබුණු කහපාට මල් නිසා සුන්දරත්වය තවත් වැඩි වුණා. උත්සවය අවසන් වුණා. ඔවුන් ලස්සන හෝටලයක මධුසමය ගත කරලා ආපහු විකුම්ගේ ගෙදර එන ඒ සුන්දර දවස උදා වුණා.
එදා විකුම්ගේ ගෙදර එයාගේ ඥාතීන්ගෙනුත් හිතවතුන්ගෙනුත් පිරිලා තිබුණා. ඒ අතරේ චාරිත්‍ර කටයුතු කරන කපු මහත්තයා මිහිරිට ගෙට ගොඩ වෙන්න කියලා කිව්වේ නැකත වෙලාව එළඹුණු නිසා. චාරිත්‍ර කටයුතු සිද්ධ වෙන අතරතුරේ ගෙදර හිටපු හැමෝගෙම බැල්ම තිබුණේ මිහිරි දෙසටයි. ලජ්ජාවෙන් ඔළුව පහත් කරගෙන දකුණු කකුල උස්සලා කිරිභාජනය පෙරළගෙන ගාඩියක් ඉස්සරහට තියන්න යද්දී සිද්ධ වුණේ කවදාවත් හීනෙකින්වත් හිතපු නැති දෙයක්. එක පාරටම මිහිරිට දැනුණේ හරියට තමන් කළුවර කුහරයකට ඇතුළු වෙනවා වගේ. ඒත් එක්කම මිහිරිට සිහිය නැතුව ඇදගෙන වැටුණා. මේක දැකපු ගෙදර හිටපු හැමෝගෙම හිත්වලට දැනුණේ පුදුමාකාර බයක්. මිහිරි මිහිරි ඔයාට මොකද වුණේ? විකුම් එහෙම කෑගැහුවා. ඒත් එක්කම වට වුණු අනිත් අය මිහිරිගේ අත්වලින් අල්ලලා එසෙව්වා. එක්කෙනෙක් ඔළුව යටින් කොට්ටයක් තියද්දී තවත් කෙනෙක් දිව්වා වතුර ටිකක් ගේන්න. වතුර බින්දු කීපයක් මිහිරිගේ මුහුණට ඉස්සට පස්සේ ටික වෙලාවකින් මිහිරි ඇස් ඇරලා වටපිට බැලුවා. "මම... මම මේ කොහෙද ඉන්නේ?" "මිහිරි ඔයා හොඳින්ද? මොකද ඔයාට එකපාරම සිද්ධ වුණේ?" මිහිරි හෙමින් හිනා වුණා. "මම දන්නේ නෑ, එකපාරටම හැම තැනම කළුවර වුණා. මට මතක එච්චරයි." වට වෙලා හිටපු හැමෝම හොඳ හුස්මක් අරගෙන තමන්ගේ පපුව අතගාගත්තේ කෙල්ල හොඳින් ඉන්න නිසා. "ඔය තෙල් ජාති කාල නිදි මරලා මේ දවස් ටිකේ තහෙට්ටු නිසා වෙන්න ඇති." එතන හිටපු වැඩිහිටියෙක් එහෙම කිව්වත් සමහර අයට නම් මේක පෙනුනේ මහා අසුභ ලකුණක් විදිහට. කුතුහලෙන් හා නින්දාවෙන් ඒ අයගේ ඇස්වල ගතිය රැඳිලා තිබුණා.
මෙහෙම තවත් දවස් කීපයක් ගත වෙලා ගියා. ඒ හැම දවසක්ම කිසිම ප්‍රශ්නයක් නැතුව සාමාන්‍ය විදියට ගෙවිලා ගියා. අලුත් මනාල යුවළ මුලින්ම මිහිරිලාගේ ගෙදරත් එයාට හිතවත් නෑ ගෙවල්වලත් යන්න තීරණය කරගෙන තිබුණා. කැවිලි කිරිපැණි වගේ දේවලුත් අරගෙන මිහිරිගේ ගෙදරත් එයාලගේ නෑයන්ගේ ගෙවල්වලත් යුවළම හවස් වරුවේ ගිහින් ඒ අයගෙන් ආශිර්වාද ලබාගත්තා. හැම දෙයක්ම සාමාන්‍ය විදියට සිද්ධ වුණා. එදා දවල් මිහිරිගේ ගෙදරින් බත් කාලා හවස තුනට විතර තේත් බීලා හැමෝම පිටත් වුණේ ගොඩාක් සතුටින්.
එදා කාර් එක ඩ්‍රයිව් කරේ විකුම්ගේ හොඳම යාළුවා. අනික් අතට සීට් එකේ ඉස්සරහා හිටියේ විකුම්ගේ නෑදෑයෙක් වෙන මල්ලි කෙනෙක්. පිටිපස්සේ සීට් එකේ හිටියේ මනාල යුවළ. විකුම් හරි සතුටින් මිහිරිගේ අත අල්ලගෙන හැන්දෑවේ ඉර බහින දිහා ගොඩාක් සතුටින් කාර් එකේ ජනේලයෙන් බලාගෙන හිටියා. අඳුර වැටෙන්න කිට්ටු වෙලා තිබුණු නිසා කාර් එක ටිකක් වේගයෙන් ඩ්‍රයිව් කළේ රෑ වෙන්න කලින් ගෙදර යන්න හිතාගෙන. ගමේ පාරවල්වල වාහන නැති තරම්. මේ විදියට ඉස්සරහට ඇදුණු කාර් එක හදිසියෙන්ම වංගුවකදී ගොඩාක් දුරට රෙද්දක් ඇඳගත්ත වයසක ගෑණු කෙනෙක් වම් පැත්තෙන් කැලෑවේ පඳුරු අතරින් මතු වෙලා එක පාරටම කාර් එක ඉස්සරහට ආවා. ඒත් එක්කම ගැහුණු බ්‍රේක් එකත් එක්ක වාහනය පාලනය කරගන්න බැරුව පාරෙන් පැත්තකට පැනලා පැත්තකින් තිබුණු ලොකු අඹ ගහක වැදිලා නතර වුණා. ඒත් එක්කම ලොකු අඬකුත් එක්ක ගහේ පොත්ත ගැලවිලා ගිය හඬ, වීදුරු කැඩෙන හඬ, යකඩ ඇඹරෙන හඬ විතරක් පාරේත් වටපිටාවෙත් හිටපු මිනිස්සුන්ට ඇහුණා. මේ හැම දෙයක්ම වෙන්න ගිය තත්පර කිහිපය විතරයි. මිහිරි හිටියේ හොඳටම බය වෙලා. ඒ වුණත් එක්සිඩන්ට් එක වෙන වෙලාවේ විකුම් මිහිරිව ඔහුගේ පපුවට හේත්තු කරගෙන අතින් ආරක්ෂා කරගෙන තිබුණා. ඒ වුණත් විකුම් තල්ලු වෙලා ගිහින් විකුම්ගේ අත තුවාල වෙලා තිබුණේ ඉස්සරහ සීට් එකේ. ඉතින් එයාගේ අතින් ලේ පෙරුණා. විකුම්ගේ නළලත් පැලිලා තිබුණා. ඉස්සරහ සීට් එකේ හිටපු කොල්ලගේ ඔළුව ඩෑෂ් බෝඩ් එකේ වැදිලා පැලිලා එයාගේ නළලෙනුත් ලේ ගලන්න ගත්තා. අනික් අතට හොඳටම අමාරු වෙලා තිබුණු ඩ්‍රයිව් කරපු කොල්ලගේ උරහිස පැනලා තිබුණා. ඉතින් අනතුර සිද්ධ වෙච්ච ගමන්ම ගමේ මිනිස්සුත් පස්සෙන් ආපු වාහනවල මිනිස්සුත් විකුම්ලාගේ කාර් එක වටේටම එකතු වුණා. වටපිටාවේ හිටපු මිනිස්සු බයටම කෑගැහුවා.
ඒ අතරේ විකුම් සීරුවේ ඇඟට වාරු අරගෙන බයෙන් බයෙන් දොර ඇරගෙන එළියට බැස්සේ කාර් එක හැපුණු ගෑණු මනුස්සයා ගැන හිත හිතා. ඔහුට හිතුණේ මේ වයසක මනුස්සයා දැන් කාර් එක යට ඇති, එහෙමත් නැත්නම් එයා මැරිලා පාරේ වැටිලා ඇති කියලා. විකුම් සීරුවේ පාරේ පිටිපස්සට ගිහින් ඒ ගැන හොයලා බැලුවා. ඒත් එතන කිසිම දෙයක් තිබුණේ නෑ. ඊට පස්සේ එයා සීරුවේ බැලුවේ පාර දිහා. පාරේ වාහනය බ්‍රේක් කරපු තැන හැරෙන්නට සම්පූර්ණයෙන්ම පාර හිස් වෙලා තිබුණා. අඩුම තරමේ පාරේ ලේ පාරක්වත් තිබුණේ නෑ. මේක විකුම්ට ලොකු ප්‍රහේලිකාවක් වුණා. මොකද කාර් එක ඇතුළේ හිටපු හැමෝම දැකලා තිබුණා අර වයසක ගෑණු කෙනා පාර පනිනවා. ඒ විතරක් නෙමෙයි, එයා වාහනයට අනතුර වෙනවා. ඒත් වටපිටාවේ හිටපු කිසිම කෙනෙක් එහෙම ගෑණු කෙනෙක් පාරේ පනිනවා අනතුර වෙච්ච වෙලාවේ දැකලා තිබුණේ නෑ. ඒ ගැන මිනිස්සු එක්ක කතා කරන්නවත් තවදුරටත් කල්පනා කරන්නවත් විකුම්ට වෙලාවක් තිබුණේ නැත්තේ අනිත් අයට හොඳටම අමාරු නිසා. ඒ වෙලාවේ ගමේ අයගේ උදව්වත් ඇතුව ඉස්සරහ සීට් එකේ හිටපු කොල්ලෝ දෙන්නා පිටිපස්සේ වාඩි කරවලා ලේ පෙරෙන අත් දෙකෙන් බොහොම අමාරුවෙන් ස්ටියරින් රෝදය අල්ලගෙන විකුම් හෙමින් සීරුවේ ළඟ තිබුණු ස්පිරිතාලයට ඇතුළු වුණා. මිහිරියටත් විකුම්ටත් එයාගේ නෑදෑයා වෙන මල්ලිටත් ඉස්පිරිතාලයෙන් පිට වෙන්න පුළුවන්කම ලැබුණත් කාර් එක ඩ්‍රයිව් කරපු කොල්ලට විතරක් දවස් කීපයක් ඉස්පිරිතාලයේ නතර වෙන්න සිද්ධ වුණා. විකුම් ගෙදර ඇවිල්ලා කල්පනා කළේත් එදා පාර හරහා පැනලා කාර් එක ඉස්සරහට ආපු වයසක ගෑණු කෙනා ගැන. තමන්ගේ තුවාල නිසා විකුම් තවත් නිවාඩු කිහිපයක් ඉදිරියට දීර්ඝ කරගත්තා.
එක්සිඩන්ට් එක සිද්ධ වෙලා දවස් කීපයකට පස්සේ හදිසියේම මිල්ලගහ ගෙදර නැන්දා විකුම්ලාගේ ගෙදරට ආවා. එයා ආවේ ගොඩාක් කෑම ජාති අරගෙන. ඒ අතර එයා තුවාල වෙච්ච දෙන්නට විශේෂයෙන් හදපු සුප් එකකුත් අරගෙන ඇවිත් තිබුණා. නැන්දා ආපු ගමන්ම ගියේ විකුම් යුවළ හිටපු කාමරයට. පොඩි වෙලාවක් යුවළට ආදරෙන් කතා කරපු නැන්දා සුප් පැන්දක් අරගෙන යදින්නට බොන්න ලෑස්ති වුණා. ඒත් මිහිරිත් විකුමුත් බෙහෙත් ගත්තේ විනාඩි කීපයකට කලින් විතරයි. ඒ හින්දා ඒ දෙන්නටම තිබුණේ කෑම බීම ගැන ලොකු අරුමයක්. ඒ හින්දා දෙන්නම සුප් එක බොන්න බැහැයි කියද්දී මිල්ලගහ ගෙදර නැන්දා ගොඩාක් දුකින් කතා කරන්න පටන් ගත්තා. "පුතේ, මෙච්චර දුරක් ගෙවාගෙන මගේ අතින්ම කෑම හදලා ගෙනාවේ උඹලා දෙන්නට තියෙන ආදරයට. පොඩ්ඩක් හරි මේකෙන් බීපල්ල දරුවනේ." එහෙම කියලා මිහිරිගේ කටට සුප් හැන්දක් කිට්ටු කළා. හිතේ දෙවියන්ට සරණ කියලා මිහිරි ඔහු තුළ බලලා සුප් පැන්ද බීලා දැම්මා. ඊළඟට නැන්දා ලෑස්ති වුණේ විකුම්ට බොන්න. "නැන්දේ, මම දැන් බෙහෙත් බිව්වා. අනිත් එක මට හරිම අප්රියයි කෑම ජාති. ඔයා ඕක ඇඳ ළඟින් තියලා යන්නකෝ. මම හෙමින් පස්සේ බොන්නම්." ඒත් විකුම්ගේ ඒ කතාව නැන්දා ගාණකටවත් ගත්තේ නැතුව විකුම්ට බලෙන්ම වගේ සුප් හැන්දක් බොන්න දුන්නා. ඊට පස්සේ සිද්ධ වුණේ කවුරුත් හිතපු නැති පුදුම දෙයක්.
වෙනදා ගෙට ආවොත් දවසක් දෙකක් නතර වෙලා යන නැන්දා එදා ඉක්මනටම යන්න ඕන කියලා ගෙදරින් පිට වෙලා ගියා. නැන්දා පිට වෙලා ගියේන් හරියටම විනාඩි දහයක් විතර ගත වෙද්දී මිහිරිගේ ඇඟට දැනුණේ ලොකු අමුතුකමක්. එකපාරටම එයාට අප්රියාවක් ඇවිත් එක දිගටම වමනය කරන්න පටන් ගත්තා. එහෙම වමනය කරලා එක පාරටම මිහිරිට සිහිය නැති වුණා. හොඳටම බය වුණු ගෙදර අය මිහිරිව ගමේ තිබුණු රෝහලට අරගෙන ගියත් එතන හිටපු ඩොක්ටර්වරු පරීක්ෂා කරලා නගරයේ රෝහලට මාරු කරන්න කිව්වා. එතනදීත් මිහිරිව පරීක්ෂා කරපු වෛද්‍යවරු කිව්වේ මිහිරි ටික දවසක් ඉස්පිරිතාලයේ නතර වෙන්න කියලා. මිහිරිව ඉස්පිරිතාලයේ නතර කරලා විකුම්ගේ අම්මත්, තාත්තත් විකුමුත් ආපහු ගෙදර ආවා. එහෙම එන අතරමගදී ඔවුන්ට දැනගන්න ලැබුණේ තවත් භයානක ආරංචියක්. එයාලගේ ගෙදර මොකක් හරි සිදුවීමකින් සම්පූර්ණයෙන්ම ගිනි අරගෙන තිබුණා. ගමේ මිනිස්සු එකතු වෙලා ගින්න නිවලා තිබුණත් ඒ වෙනකොටත් ගෙදරින් භාගයක් විතර අළු වෙලා තිබුණා. ගෙදර සිද්ධ වෙන කරදර නිසා විකුම් අම්මා එක්ක ආපහු පන්සලට ගියේ මිහිරි වෙනුවෙන් භාරයක් ගැටගහන්න. ඒ අතරතුරේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම විකුම් දේවාලේ කපු මහත්තයා වෙච්ච කිරිමාමත් එක්ක කිව්වා. "කොහොම වුණත් පුතේ මේ කතාව ඇහුවම මට මොකක්දෝ අමුතුවක් දැනෙනවා. ඒකට කමක් නෑ. මේ නූල ගිහින් පුතා කෙල්ලගේ අතේ ගැට ගහන්නකෝ. අනිවාර්යෙන්ම හොඳක් අහන්න ලැබේවි." "හොඳයි මාමේ. එහෙනම් මම ගිහින් එන්නම්." "දෙවියන්ගේ පිහිටයි පුතේ." ඒ විදියට එදා කපු මාමා දුන්නු නූල විකුම් මිහිරිගේ අතේ බැන්දා. පස්සේ මිහිරිට ගොඩාක් හොඳ සුවයක් දැනුණා. දේවාලෙන් ගෙනත් ගැටගැහුවු ඒ නූල දැකලා මිහිරිට ගොඩාක් සතුටු හිතුණා. මොකද මිහිරි කියන්නෙත් පොඩි කාලේ ධර්ම දෙවියන්ව විශ්වාස කරපු කෙල්ලෙක් නිසා.
ගින්නෙන් විනාශ වෙච්ච ගෙදර ආපහු හදන්න වැඩ කරන කට්ටිය අතරේ ඉන්න කලින් විකුම් උදේ පාන්දරම ගිහින් බැලුවා ඉතුරු වෙලා තියෙන දේවල් මොනවද කියලා. එහෙම යන අතරේ පාර අයිනේ තියෙන අඹගස මුලදී ඔහුගේ ඇස් ගැටුණේ පිච්චුණු අවුල් ජාතියක් වගේ කහපාට මිරිස් කරල් වගේ දේවල් දාපු පොඩි මැටි භාජනයක්. "මේවා කවුරුහරි හිතාමතාම තියපු දේවල්. ඔව්, මම මේ ගැන ගිහිල්ලා පළවෙලින්ම තාත්තට කියන්න ඕනේ." විකුම් ආපහු ගෙදරට ඇවිත් මේ ගැන ගෙදර කට්ටියට කිව්වට පස්සේ හැමෝගෙම හිත්වලට දැනුණේ ලොකු සැකයක්. ඒ අතරේ කාමරය ඇතුළේ හිටපු මිහිරි හයියෙන් හිනා වෙලා ගෙදරින් එළියට දුවන්න පටන් ගත්තා. මිහිරි දිව්වේ මැටි භාජනය තිබුණු අඹගස පැත්තට. ගෙදර අය කෑගහලා මිහිරිව නවත්තන්න බැලුවත් එයාලට ඒක කරගන්න බැරුව ගියා. අඹගස ළඟ නතර වුණු මිහිරි අමුතු විදියට හිනා වෙලා පිච්චුණු කේන්දරය දිහා බැලුවා. ඒ වෙලාවේ මිහිරිගේ මූණේ තිබුණේ මහා තරුණු පෙනුමක්. මිහිරි හැසිරුණේ හරියට පිස්සියක් වගේ. ඒ වෙලාවේ මිහිරිව නතර කරන්න, එයාව අල්ලන්න හැදූ ඕනම කෙනෙක් මිහිරි තල්ලු කරලා විසි කළා මේ හරියට ස්පොන්ජ් බෝලයක් විසි කරනවා වගේ. ඊට පස්සේ ආපහු පරණ ගෙදර දිහා බලලා හිනා වෙලා කුස්සියට දිව්වා. මිහිරි අම්මා උදේට කන්න තම්බලා තිබුණු කරවල හට්ටිය අතට අරගෙන කන්න පටන් ගත්තා. ඒක කාලා ඉවර කරලා ආපහු තමන්ගේ කාමරයට වැදිලා හයියෙන් දොර වහලා දැම්මා. හොඳටම බය වුණු පවුලේ කට්ටිය බලෙන්ම දොර කඩලා ඇතුළට යද්දී දැක්කේ බෙට් එකක් අරගෙන එතන තිබුණු පාලක ගැට ගහලා අනිත් කෙළවර එයාගේ පෙල්ලේ පටලවන්න හදන හැටි. මේක දැකලා බය වෙච්ච ගෙදර කට්ටිය මිහිරිව අල්ලලා ඉක්මනට පුටුවක තියලා කැට ගැහුවා. ඒ අතරේ අම්මා බුදු පහනේ තිබුණු තෙල් ටිකක් ගෙනත් මිහිරිගේ ළයේ ගෑවා. ඒත් එක්කම එකපාරටම මිහිරිට සිහිය නැති වුණා. මේ සිදුවීම්වලින් හොඳටම බය වෙච්ච විකුම්ගේ අම්මා විකුම්ව පිටත් කළේ ගමේ පන්සලේ, දේවාලේ කපු වැඩත් කරන ගමේ ගුරුන්නාන්සේ වෙච්ච කිරිමාම එක්ක කතා කරගෙන ඉන්න. එහෙම ගියපු විකුම් නැවත ගෙදර එද්දී මිහිරි ගෙදරින් පැනලා ගිහින් තිබුණා. ගමේ මිනිස්සු හැම තැනම එකතු වෙලා හෙව්වත් මිහිරිව මුලදී හොයාගන්න බැරුව ගියා. ඒත් ඒ වෙලාවේ එක තැනකදී දැක්කා මිහිරි සොහොන ඉස්සරහින්ම වාඩි වෙලා ඇහිපිය ගහන්නේ නැතුව සොහොන දිහා බලාගෙන ඉන්නවා. මේ ආරංචිය ලැබුණට පස්සේ ගුරුන්නාන්සේත් එක්ක විකුමුත් සොහොන ළඟට ගියා. සොහොනට කිට්ටු වෙලා මිහිරි වාඩි වෙලා හිටපු විදිය දකිද්දී වට වෙලා හිටපු ගමේ අය වගේම විකුම්ගේ හිතටත් දැනුණේ ලොකු බයක්. ඒ වෙලාවේ කරන්නේ මොකක්ද කියන එක විකුම්ටත් හිතාගන්න බැරුව ගියා. ටික වෙලාවක් ඒ දෙස බලාගෙන හිටපු කිරිමාම ගුරුන්නාන්සේ කරේ දාගෙන හිටපු ඔලොගුවෙන් තෙල් බෝතලයක් එළියට අරගෙන ඒකෙන් තෙල් බිංදු දෙකක් විකුම්ගේ ඇඟිලිවල ගෑවා. "මහත්තයා දැන් කිසිම දෙයකට බය වෙන්න කාරියක් නෑ. මේ තෙල්වල ඒ තරම් බලයක් තියෙනවා. ගිහින් කෙල්ලගේ ඔළුවට අත තියලා කතා කරන්න." ගුරුන්නාන්සේගේ වචනත් එක්ක විකුම්ගේ හිතට ආවේ ලොකු ධෛර්යයක්. එයා හෙමින් සීරුවේ සොහොනට කිට්ටු වෙලා වාඩි වෙලා හිටපු මිහිරිගේ ඔළුවට අත තැබුවා. ඒත් එක්කම අමුතු විදියට වෙවුලපු මිහිරි ආපහු සිහිය නැතුව ඇදගෙන වැටුණා. ඒ විදිහට බිම ඇදගෙන වැටුණු මිහිරිගේ ඇඟේ තිබුණේ අසාමාන්‍ය සීතලක්. ඒ විතරක් නෙමෙයි මිහිරිගේ සමේ වර්ණයත් වෙනස් වෙලා තිබුණා. පස්සේ ගමේ තුන් හතර දෙනෙක් එකතු වෙලා මිහිරිව ඔසවලා උරහිසට ගත්තේ ගෙදර එක්කරගෙන යන්න. ඒත් කෙල්ලගේ ඇඟේ තිබුණේ අසාමාන්‍ය බරක්. සාමාන්‍යයෙන් ශක්ති සම්පන්න පොලිස් නිලධාරියෙක් වෙච්ච විකුම්ටත් ඒ බර හොඳටම දැනුණා. මේ අසාමාන්‍ය බරත් එක්ක ගමේ මිනිස්සුන්ගේ හිත්වලට වගේම විකුම්ගේ හිතටත් දැනුණේ ලොකු බයක්. ඒත් එයාල ඉස්සරහෙන් ගමන් කරපු ගුරුන්නාන්සේ නිසා හැමෝගෙම බය හිත්වලින් තුරන් වෙලා ගියා.
මේ විදියට ගෑණු ළමයාව ගෙදරට ගෙනාපු ගමේ අය ගුරුන්නාන්සේගේ උපදෙස් පරිදි කෙල්ලව කාමරේ ඇඳ උඩ හාන්සි කෙරෙව්වා. "විකුම් මහත්තයා, කෙල්ලගේ හැසිරීමයි කලින් වෙච්ච සිද්ධීත් බැලුවාම මට පේන්නේ මේක ඔයාලගේ ළඟම නෑදෑයෙකුගේ හුරුකමක්. කොහොම වුණත් විකුම් මහත්තයාගේ වාසනාවට තමයි දේවාලෙට ආවේ. විකුම් මහත්තයාගේ අතෙයි කෙල්ලගේ අතෙයි ගැටගැහුවු නූල් දෙක නිසා ඔය දෙන්නා බේරුණේ. ඒ වුණොත් දැන් කෙල්ලට ආපහු හොඳ කරන්න නම් ලොකු හුරුකමක් කරන්න වෙනවා. මම කියන විදියට මහත්තයා අද හවස් වෙනකොට කරන්න ඕනේ." ඒ විදියට කිරිමාම ගුරුන්නාන්සේගේ උපදෙස් පරිදි ගෙදර හැම දෙයක්ම සූදානම් වුණා. පරණ ගෙදර මැදුලත්, ගමේ අය ගෙනා අවුල් කොටනුත්, ගොක්කොළවලිනුත් තටුවක් හැදුවා. ඒ තටුවට මල්, තෙල්, ගිල් පහන්, කපුරු ආදිය පිළිවෙලට තැන්පත් කෙරුණා. හවස් වෙද්දී මේ හැම කටයුත්තක්ම ඉවර කරපු ගුරුන්නාන්සේ ගෙදර අයටත් හැමෝටමත් උපදෙස් දෙන්න පටන් ගත්තා. "දැන් මම මේ පිළිවෙත පටන් ගන්නයි යන්නේ. ගෙදර ඔක්කොම දොරවල් ජනෙල් ඇරලා දාන්න ඕනේ. අනිත් කාරණාව තමයි ඔය ගෑණු ළමයා එක විදියට ඔයගොල්ලන්ට කතා කළාට ඒවාට අවනත වෙන්න එපා. කිසිම කෙනෙක් කිසිම කෙනෙක් එක්ක කතා කරන්න එපා. කෙල්ල මොන දේ කිව්වත් කරන්නත් එපා. කවුරුහරි එහෙම කළොත් මේ ආත්මය කෙල්ලගේ ඇඟෙන් යන එක එච්චර ලේසි කාරියක් වෙන්නේ නෑ."
ටික වෙලාවකට පස්සේ ගුරුන්නාන්සේ තමන්ගේ පූජාව ආරම්භ කළා. හෙමින් සීරුවට පටන් ගත්ත මැදුරැල්ල ටික වෙලාවකින් වේගවත් වුණා. ඒ අතරතුරේ සැරෙන් සැරේට ගුරුන්නාන්සේ දුම්මල, කබලට විසි කරන ත්‍රිමල්ලගේ සුවඳ ගෙදර පුරාම පැතිරුණා. ඒත් එක්කම තමයි හදිස්සියේම මිහිරි හිටපු කාමරයේ දොර ටිකෙන් ටික ඇරිලා අමුතු විදියට මිහිරි ඇවිදගෙන ඇවිත් ගුරුන්නාන්සේගේ ඉස්සරහා වාඩි වුණේ. එයාගේ ඇස්වල තිබුණේ රතු පාටට හුරු බෝර පාටක්. කෙල්ල හෙමින් සීරුවේ කතා කරද්දී කටින් පිට වුණේ පිරිමි කෙනෙක්ගේ හඬ මිශ්‍ර වෙච්ච අමුතුම විදියේ කටහඬක්. "මට කරන්න දෙයක් නෑ. මාව මේ කෙල්ලගේ ඇඟට බැඳලයි තියෙන්නේ. මම එයාට පොරොන්දු වෙලා ඉන්නේ. උඹ කවුරු වුණත් මට වැඩක් නෑ. මේක කෙල්ල අතහැරලා ගියොත් මෙලොවයි පරලොවයි දෙකම මම නටවන්නම්." ඒත් මේ භයානක ආත්මය කොහෙත්ම මිහිරිගේ ඇඟ අතහරින්න කැමති වුණේ නෑ. එක එක විදියට ගුරුන්නාන්සේ බය කරන්න බැලුවා. තවත් සමහර වෙලාවට එයා අඬදබර කළා. ඊළඟට විකුම් දිහාට ඇඟිල්ල දික් කරලා අමුතු විදියට කතා කරන්න පටන් ගත්තා. "ඔව්, මට ඕන වුණේ උඹව අරගෙන යන්න. ඒත් මේ මැතිණියට පැනලා ඒ හැමදේම නැති කළා. මම උඹලා පවුලේ එක එකාත් ඉතුරු කරන්නේ නැහැ." ඊට පස්සේ ගුරුන්නාන්සේත් එක්ක මේ ආත්මය එක එක විදියට කතා කළා. මේ භයානක ආත්මයට ගුරුන්නාන්සේ එක දෙයක් දෙන්න පොරොන්දු වුණත් ඒ කිසිම දෙයකට මේ ආත්මය කැමති වුණේ නෑ. "හොඳයි, මේ කාපන් අපි උඹට කුකුල් බිල්ලක් දෙන්නම්. ඒකත් අරන් මේ කෙල්ලව දාලා යන්න." "නෑ මට කුකුල් බිල්ලක් එපා. මට ඕනේ මුන් දෙන්නගෙත් ලේ." මිහිරිගේ ඇඟට වැහිලා ඉන්න ආත්මය එහෙම කිව්වට පස්සේ ගුරුන්නාන්සේ ලොකු රවුමක් ඇඳලා ඒක ඇතුළට විකුම්ට එන්න කිව්වා. ඊළඟට ගුරුන්නාන්සේ කලින් ගෙන්නගෙන තිබුණු පොහොට්ටු ගෙඩි දෙකක් අරගෙන ඒ පොහොට්ටු ගෙඩි දෙක උඩට මිහිරිගේ ඇඟිල්ලෙන් ලේ බින්දුවකුත් විකුම්ගේ ඇඟිල්ලෙන් ලේ බින්දුවකුත් වැක්කෙරුවා. ඊට පස්සේ ටික වෙලාවක් මන්තර ජප කරපු ගුරුන්නාන්සේ එකපාරම මිහිරි අතට තවරපු පොහොට්ටු ගෙඩිය කපලා දැම්මා. පොහොට්ටුව කැපෙනවත් එක්කම මිහිරි සිහිය නැතුව ඇදගෙන වැටුණේ කපාපු ගහක් වගේ. ඊළඟට ගුරුන්නාන්සේ හැරුණේ විකුම් අතට දාලා තිබුණු පොහොට්ටු ගෙඩිය දිහා. ඒ විදියටම පොහොට්ටුව කපද්දී විකුම්ටත් විලි සැරයක් වැදුණා වගේ එකපාරටම සිහිය නැතුව ඇදගෙන වැටුණා. ගුරුන්නාන්සේගේ මේ ගුරුකම් කටයුත්ත දිහා එදා ඒ ගෙදරට එකතු වෙලා හිටපු ගමේ අය බලාගෙන හිටියේ පුදුමාකාර බයකින්.
ඒ විදියට තවත් මන්තර කීපයක් ජප කරපු ගුරුන්නාන්සේ වතුර භාජනයක් අරගෙන ඒකට තෙල් ගොටුවක් දාලා ඒ තෙල් ගොටුවෙන් මන්තුර බින්දු කීපයක් මිහිරිගේ මුහුණටත් විකුම්ගේ මුහුණටත් ඉස්සා. ඒත් එක්කම දෙන්නටම සිහියාවත් වෙලා වටපිට බැලූවා. ඇවුත් සිටි අයගේ ඇස්වලට අමුතු විදිහේ හලහලයක් එකතු කර ගනිමින්. "විකුම් මහත්තයා, පහුගිය දවස්වල කවුරුහරි ඇවිල්ලා මහත්තයාට මොනවා කන්න දුන්නාද? මට හොඳට මතක් කරලා කියන්න බලන්න." "ඔව්, ගුරුන්නාන්සේ, මම අපේ නැන්දා ඇවිල්ලා අපිට සුප් එකක් හදලා දුන්නා." "ආ... එතන තමයි මහත්තයා වැරදුණු තැන. එතනින් තමයි මේ මලයක්ෂ ආත්මය බැඳලා තියෙන්නේ. විකුම්ගේ නැන්දාට ඕන වෙලා තිබුණේ බොරු හිතවත්කමක් මවාපාලා ඒකෙන් ප්‍රයෝජන අරගෙන විකුම්ගේ පරණ ගෙදරත් අලුත් ගෙදරත් තියෙන දේපළ අයිති කරගන්න. ඒක වෙන්නේ නැති නිසා තමයි විකුම්වත් මිහිරිවත් මරලා දාන්න මේ භයානක මලයක්ෂ ආත්මය එයාලගේ ජීවිතවලට බැඳලා තිබුණේ."
මේ තොරතුරු දැනගත්තට පස්සේ කවදාවත් එයාලගේ නැන්දා එක්ක කතා කරන්න ඕනේ නෑ. එයාලා මුලින්ම කළේ නැන්දා එක්ක තිබුණු හැම සම්බන්ධයක්ම සම්පූර්ණයෙන්ම අතහැරලා දැම්මා. ඊට පස්සේ පුළුවන් තරම් ඉක්මනට ගමේ මනුස්සයෙකුට මේ පරණ ගෙදරත් අලුත් ගෙදරත් අඩුවට විකුණලා දාලා එයාලා වෙනත් ගමකට ගිහින් පදිංචි වුණා. අද මිහිරි රජයේ විද්‍යාලයක ගුරුවරියක්. මේ විදියට විකුම්ගෙත් මිහිරිගෙත් තෙරුවන් ගැන වගේම දෙවියන් ගැන තිබුණු විශ්වාසය නිසා එයාලට වෙන්න ගියපු භයානක උපද්‍රවයෙන් බේරුණා. මෙක කියවල අපෙ පෙජ් එකත් පලො කරගෙනම යන්න අමතක කරන්න 🙏