02/09/2026
🌿❤️ අගෝස්තු 02දින අපේ පුංචි කඩේට ආපු විශේෂම ඕඩර් එක… ❤️
සමහර දවස්වල අපේ කඩේට එන ඕඩර් කියන්නේ කෑම පාර්සල් කිහිපයක් විතරක් නෙවෙයි…අපේ හිතේ ලස්සන මතකයක් ඉතිරි කරලා යන සුන්දර හමුවීම්. 🥹❤️
අදත් ඒ වගේම දවසක්…
කොළඹ ඉඳන් විනෝද චාරිකාවක් යන අතරමඟදී, අපේ මිදුලේ බස් එක නවත්තලා, නාලා කාලා ටිකක් විවේක අරගෙන යන්න ආපු ආදරණීය පිරිසකට දවල් කෑම වේල සූදානම් කරලා දෙන්න අපිට අවස්ථාව ලැබුණා. 🚌🌿
ඒ වෙනුවෙන් ආදරෙන් සූදානම් කළ බත් පාර්සල් 20+ට.... අදික ප්‍රමාණයක් , වෙලාවටම එයාලගේ අතට දෙන්න අපිට පුළුවන් වුණා කියන්නේ අපිට ලොකු සතුටක්. ❤️
බත් එක විතරක් ම නෙවෙයි… එයාලා යන්න කලින් අපේ කඩේ තිබුණු අලුවා, කිරිටොෆි ඔක්කොම වගේ ආසාවෙන් අරන් ගියේ "අනේ මේවා හරිම රසයි" කියන ගමන්. කෑම වේලෙන් පස්සේ ලැබුණු ඒ පුංචි පැසසුම හරිම අගෙයි.🥰🍬
අපේ පුංචි කඩේ ගැන විශ්වාසය තියලා, ලස්සන ඕඩර් එකක් අපිට භාර දුන්නට දුරබැහැරින් ආපු ඔයාලා හැමෝටම හදවතින්ම ස්තූතියි! 🙏❤️
ඔයාලගේ මේ ගමන සිනහවෙන්, සතුටින්, පරිස්සමෙන් ගිහින් එන්න කියලා අපි ආදරෙන් සුබ පතනවා. 🚌✨
අපේ පුංචි කඩේට ඇවිත්, අපේ දවසත් ලස්සන කරලා ගියාට ස්තූතියි… ❤️ආයෙත් දවසක මේ පැත්තෙන් යනකොට අපිව මතක් කරලා එන්න. 🌿🥰
Gamage නැන්දා
Sahani Oshadhi නංගී
බොහොම ස්තූතියි . 🎀🌹
අපගේ දු.අ -0717167005
📍 ගාල්ල,උඩුගම, දෙල්ලව පාරෙ ගල්ලන්දල පාලම අසල..
゚ #අපේකඩේ Prasadi Liyanage