හිතුවක්කාරි

  • Home
  • හිතුවක්කාරි

හිතුවක්කාරි we are trying to show bitter truth and fun also�

නික්ම යාම හොදම තීරණය  කරගත් නුඹට නතර වීමට හේතුවක්  පෙන්වා දීමට මා දන්නේ නැත. සමුගැනීම තේරීමක් කර ගත් නුඹව  තවත් රදවා ගෙන...
29/05/2025

නික්ම යාම හොදම තීරණය කරගත් නුඹට නතර වීමට හේතුවක් පෙන්වා දීමට මා දන්නේ නැත.

සමුගැනීම තේරීමක් කර ගත් නුඹව තවත් රදවා ගෙන සිටීමට ක්‍රමයක් තිබේ දැයි මා දන්නේ නැත.

වෙන්වීම නිදහසක් සේ දකින ඔබව නිදහස් නොකර සිටින්නට තරම් ආත්මාර්ථකාමී වන්නට මා දන්නේ නැත.

ඉතින් ,

නික්මීම හොදම තීරණය දැයි නොදන්නා මුත් සමුදීම ද ප්‍රේමයක් බව හදවතට ඒත්තු ගන්වා නුඹ වෙනුවෙන් නුඹව නිදහස් කරමි. 🤍✨️

සමුදි ජයසිංහ ✍️

සමහරු කියනවාඉවසලා ඉවසලා බැරිම උනාම මිනිස්සු නිහඩව අතාරිනවා කියලාඒත් ,මං ඔයාව අතාරින්න හිතන හැම වෙලාවකමමගේ හිත 'තව එක දවස...
29/05/2025

සමහරු කියනවා
ඉවසලා ඉවසලා බැරිම උනාම
මිනිස්සු නිහඩව අතාරිනවා කියලා

ඒත් ,
මං ඔයාව අතාරින්න හිතන හැම වෙලාවකම
මගේ හිත 'තව එක දවසක් බලමු ' කියනවා

ඉතිං
කවදාවත් එන්නේ නැති ,කවදම හරි දවසක් වෙනුවෙන්
මං තාමත් මග බලන් ඉන්නවා....! ❤️‍🩹
#කේශු

අසීමිත උත්සාහයකින් පසු හති වැටුන මම, නිහඬව හිඳ, ප්‍රේමයේ වැරදි කාරයා වීමටතීරණය කළෙමි..නෝක්කාඩු කතන්දර බොහෝ ප්‍රමාණයකට පස...
25/05/2025

අසීමිත උත්සාහයකින් පසු හති වැටුන මම, නිහඬව හිඳ, ප්‍රේමයේ වැරදි කාරයා වීමට
තීරණය කළෙමි..

නෝක්කාඩු කතන්දර බොහෝ ප්‍රමාණයකට පසුව..
වචන හුවමාරු පසුකරගෙන, බැගෑපත්වීම්..ඉල්ලීම්..අවධානය ලබා ගැනීම්..පැහැදිලි කිරීම්..වෙනස් කිරීම්.. සියල්ලටම සමුදෙමින්..

නිහඬ වීමට තීරණය කළෙමි..

එය අනෙකාටද පහසුවක් බව වටහා ගත්තෙමි..

"ප්‍රේමයට පමනක් නොව සියලු දේම හිතට දැනි ඒ කෙනා තේරුම් ගෙන කල යුතු දෙයක් මිස බ, ලෙන් කර ගත යුත්තක් නොවිය යුතු බව අවසානයේ ලියා තබමි.... 😊🤍

🫡🥰🙏
18/05/2025

🫡🥰🙏

ආබාධිත රණවිරුවන්ට නිදුක්නීරෝගීව සතුටින් ඉන්න ලැබේවා🥰දිවිඅහිමිවූ රණවිරුවන්ට නිවන් සුව ලැබේවා🙏
17/05/2025

ආබාධිත රණවිරුවන්ට නිදුක්නීරෝගීව සතුටින් ඉන්න ලැබේවා🥰
දිවිඅහිමිවූ රණවිරුවන්ට නිවන් සුව ලැබේවා🙏

පින්බර වෙසක් මංගල්‍යක් වේවා 🪔🙏🌼☸️❤
11/05/2025

පින්බර වෙසක් මංගල්‍යක් වේවා 🪔🙏🌼☸️❤

තරබාරුව ඇතුළු රෝග රැසක් මට්ටු කරන උණු වතුර සත්කාරයඋණු වතුර පානය කිරීම තුලින් ලබාගන්න පුළුවන් වාසි 12 ක් පිළිබදව ඔබව දැනු...
16/04/2025

තරබාරුව ඇතුළු රෝග රැසක් මට්ටු කරන උණු වතුර සත්කාරය

උණු වතුර පානය කිරීම තුලින් ලබාගන්න පුළුවන් වාසි 12 ක් පිළිබදව ඔබව දැනුවත් කරන්න අද අපි තීරණය කලා.

අපි එකින් එක බලමු මොනවද මේ වාසි කියලා.වතුර කියන්නෙ අපේ ජීවිතයට අත්‍යවශ්‍යම සාධකයක්. ගොඩක් වෛද්‍යවරු දවසකට වතුර වීදුරු 8ක් වත් බොන්න කියල උපදෙස් දෙනවා. ඔයාගේ සාමාන්‍ය වතුර වීදුරුව වෙනුවට, උණු වතුර පානය කලොත් ලබාගන්න පුළුවන් වාසි පිලිබඳව කලින් දැනගෙන හිටියද ?

තරබාරු බව අඩුකර මේදය දිය කිරීමට ඉවහල් වේ.
වර්තමානයේ කාන්තා පිරිමි භේදයකින් තොරව බොහෝ දෙනා මුහුණ දෙන ගැටලුවක් තමයි අධික තරබාරු බව. මීට හේතුව අපි විසින්ම අනුගමනය කරන වැරදි පිලිවෙත්ය. ඒ නිසා සාමාන්‍ය වතුර වෙනුවට දිනපතා උණු වතුර භාවිතයෙන් සිරුරේ තැම්පත්වන මේදය දහනය කිරීමට හැකිවේ. මෙම ක්‍රියාවලිය තවදුරටත් වේගවත් කරගැනීමට උණු වතුරට දෙහි කැබැල්ලක් දමා සෑම උදෑසනකම පානය කරන්න පුරුදු වන්න. සිරුරේ විෂ ඉවත් වී වේදනාව සමනය කරයි. උණු වතුර භාවිතයත් සමගම සිරුරට රස්නයක් ලැබී සිරුරෙන් දහඩිය පිටවීමට පටන් ගනී. ඒ සමග සිරුරේ විෂ රසායනික ද්‍රව්‍ය ඉවත්ව ගොස් රුධිර සංසරණය ක්‍රමවත් වේ. උණු වතුර වලට වේදනාව සමනය කිරීමේ හැකියාව පවතී. විශේෂයෙන්ම කාන්තාවන්ට ඔසප් දිනයන් වලදී උණු වතුර භාවිතය නිසා එහි වේදනාව අඩු කරගැනීමට හැකියාව ලැබේ.

ශරීරයේ පරිවෘත්තිය ක්‍රියා පහසු කරයි.
උනුසුම් ජලය පානය කිරීමෙන් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලිය පහසු වේ. ආහාර බිදීම වේගවත් කරයි. ඉන් බඩවැල් චලනයට සහය වී මලබද්ධය අවදානම අඩු කරයි. ආහාර වේලකට පෙර වතුර මිලි ලීටර 500 ක් පානය කිරීම ආහාර පරිවෘත්තිය ක්‍රියාවලිය 30%කින් වේගවත් කිරීමට උපකාරී වන බව නවතම සොයාගැනීමයි. හිස කෙස් වර්ධනයට හා තරුණ බව සුරකී.

උණු වතුර පානය කිරීම නිසා හිස් කබලේ වියලීම අඩුකර හිස්හොරි ඇතිවීම අවම කරයි. මේ නිසා දිගු නීරෝගී කෙස් කළඹක් හිමි කරගත හැක. පෙර සදහන් කල පරිදි ශරීරයෙන් විෂ රසායනික ද්‍රව්‍ය පිටකිරීමට උණු වතුර පානය ඉවහල්වන නිසා සිරුර නීරෝගීමත් වී තරුණ පෙනුම රැකදෙයි. එලෙසම සම රැලි වැටීම වලකා සුමුදු බව ගෙනදෙයි. තවද කුරුලෑ ආසාදන වැලැක්වීමට උණු වතුර පානය හේතු වේ.

ශරීරයේ තියෙන විෂ පහසුවෙන්ම ඉවත් කරනවා.
මේ වෙද්දී අපි කන්නේ, බොන්නේ ගොඩක් විෂ සහිත දේවල්.. ඒවා අපේ ශරීරයේ තැන්පත් වෙනවා.. අපි උණු වතුර බොද්දි අපේ ශරීරයට දහඩිය දැමීම මගින් මේ විෂ ශරීරයෙන් පිට වෙනවා.වයසට යාම පාලනය කරනවා ශරීරයේ විෂ තිබෙද්දී වයසට යාම වේගවත් වෙනවා.. උණු වතුර බීම මගින් ශරීරයේ විෂ හරණය වන නිසා වයසට යාම ප්‍රමාද කරනවා.. අකලට වයසට යන එක කල් දා ගන්න උණු වතුර වලට පුළුවන්. හමේ නම්‍යශීලිත්වය වැඩි කරන සයිල වර්ධනය වනවා වගේම සමේ සුමුදු බවත් වර්ධනය වෙනවා. ඔසප් වේදනාව අඩු කරනවා.

උණු වතුර බීමෙන් උදරයේ මාංශ පේශී ලිහිල් වීමක් සිදු වනවා.
ඒ මගින් සහනයක් ලැබෙනවා. හැමදාම උණු වතුර බොන කෙනෙක් ට ඔසප් වේදනාව බොහෝ සෙයින් අඩු කර ගන්න පුළුවන්. ආහාර හොඳින් ජීර්ණය වෙනවා. අපේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව තැන්පත් වෙලා තිබෙන මේද කොටස් දිය කර හරින්න උණු වතුර වලට පුළුවන්. ඒ වගේම මල බද්දයටත් උණු වතුර බෙහෙවින්ම ගුණ දායකයි. ඒ වගේම කොලෙස්ටරෝල් වගේ බෝ නොවන රෝග බොහෝමයක් පාලනය කරන්න උණු වතුර වලට පුළුවන්.

කේශ කල්‍යාණය වඩවනවා
ශක්තිමත්, පෘෂ්ටිමත් දිගු කොණ්ඩයක් ලබා ගන්නට උණු වතුර වලට පුළුවන්. හිසකේ වල කෙලවර ශක්තිමත් කරලා, වැඩීමේ වේගය පස් ගුණයකින් වැඩි කරන්නට නිතර උණු වතුර බීමෙන් හැකියාව ලැබෙනවා. රුධිර සංසරණය ප්‍රකෘතිමත් කරයි-උණුවතුර පානය කිරීම රුධිර සංසරණය ප්‍රකෘතිමත් කිරීමට ඉතාමත් වැදගත්. උණුසුම් ජලය පානය කිරීමෙන් රුධිර සංසරණ පද්ධතියේ නාලවල තැම්පත් වී ඇති මේදය හා විෂ ද්‍රව්‍යය ඉවත් කරනවා. මේ නිසා රුධිර සංසරණ පද්ධතිය ප්‍රකෘතිමත් වී දිගුකාලීන නිරෝගී බවක් ඔබට ලබා දීමට උපකාරී වෙනවා. සිරුරේ වේදනාවන් සමනය කරයි-ගතට දැනෙන වෙහෙස, මහන්සිය, විඩාව මගහරවා ගන්න උණුවතුර කියන්නේ වඩාත් හොඳ වේදනානාශක ඖෂධයක්. උණුසම් ජලය මගින් මාංශපේෂීලට පහසුවක් ඇති කරනවා. විශේෂයෙන්ම කාන්තාවන්ගේ ඔසප් සමයේදී ඇති වන වේදනාවන් වලට උණුසුම් ජලය පානය කිරීමෙන් යම් සුවයක් ලබාගත හැකියි.

උගුරේ සහ නාසයේ සිරවීම් ඉවත්කිරීමට
හෙම්බිරිස්සාව කියන්නෙ අපි කාටත් එපා කරපු ලෙඩක්. සෙම නිසා අවහිර වුනු නහය, කසන උගුර වැනි තත්ත්ව වලට උණු වතුර පානය කිරීම ඉතා හොද විසදුමක්. ඔසප් වේදනාව අඩුකරගැනීම-උදරයේ ඇති මාංශ පේශීන් වලට සහනයක් ලබාදීමේ හැකියාව උණු වතුර වලට තිබෙනවා. මේ නිසා ඔසප් වේදනාව සමනය කරගන්න උණු වතුර පානය උපකාරී වෙනවා. අකලට වයස්ගත වීම නතර කිරීමට-අකලට වයස්ගත වීම සිදුවන්නේ සිරුරේ ඇති විෂ ද්‍රව්‍ය නිසයි. මේවා ඉවත්කිරීම මගින් අකලට වයස්ගතවීම වලක්වා ගන්න උණු වතුර පානය කිරීමෙන් පුළුවන් වෙනවා. හමේ නම්‍යත්වය වැඩි කරන සෛල නැවත සැකසීමේ හැකියාව ඇති නිසා උණු වතුර පානය කිරීම මගින් ඔබේ සමේ සුමුදු බවත් වැඩි වෙනවා.

කුරුලෑ ඉවත් කිරීමට-සිරුර ඇතුලතින් පිරිසිදු කිරීමේ හැකියාව
උණු වතුර වලට ඇති නිසා, කුරුලෑ තත්වයන් සියල්ල නැති කරන්න උණුවතුර වලට පුළුවන්.පෘෂ්ටිමත් කොන්ඩයකට-හිස කෙස් වල අගිස්ස ශක්තිමත් කර දිගු සිනිදු සහ පෘෂ්ටිමත් කෙස් කළඹක් ලබාදෙන්න උණුවතුර වලට පුළුවන්. හිස්හොරි වලක්වා ගැනීමට-උණුවතුර පානය කිරීම මඟින් හිස් කබලේ වියලි බව අඩුකර හිස්සොරි ඇතිවීම වලක්වා ගන්න පුළුවන්. ස්නායු පද්ධතිය නිරෝගී කිරීමට- සිරුර තුල ලේ ගමනාගමනය වර්ධනය කරමින් ස්නායු පද්ධතිය නිරෝගී කරන්න උණුවතුර වලට පුළුවන්. ආහාර ජීර්ණයට-බඩවැල් තුල ඇති මේදය දියකර ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රියාකාරී කරවනවා. බහිශ්‍රාවිය පහසු කිරීමට-බඩවැල් තුල ඇති ආහාර ඉවත් කර මලබද්ධය වැනි සංකූලතා අඩු කරමින් බහිශ්‍රාවිය කටයුතු පහසු කරනවා.

(උපුටාගැනීම අන්තර්ජාලයෙන්

කෑම ලෝකෙ

ජීවිතේ කවදමහරි අවස්තාවක ඔයාට අවස්තාවක් ලැබිලා තියෙනවද,පරිනත පිරිමි ආත්මෙකට ප්‍රේම කරන්නඑහෙම නැත්නම්,පරිනත පිරිමියෙක්ට ආද...
16/04/2025

ජීවිතේ කවදමහරි අවස්තාවක ඔයාට අවස්තාවක් ලැබිලා තියෙනවද,
පරිනත පිරිමි ආත්මෙකට ප්‍රේම කරන්න
එහෙම නැත්නම්,
පරිනත පිරිමියෙක්ට ආදරේ කරන්න!

ඒක හරි ලස්සන හැඟීමක්
මොකද
එයාල හරියට දළ ඇත්තු වගේ
වැඩි මවාපෑම් නෑ!
වැඩි කතා සද්ද බද්ද නැ

පැලෙන්න ආදරේ තමයි
ඒත් පෙන්නන්නේ නෑ

ඒ වගේ පිරිමි
මොන්ටිසෝරි ටයිප් කෙල්ලන්ට ආස නෑ

උන් හොයන්නේ
පොලවේ පය ගහල ඉන්න කෙල්ලෝ

නිතරම මැනික බාබා කියන්න
කෝල් මැසේජ් ගන්න එයාලට වේලාවක් නෑ
එයාල කරන රස්සාවත් එක්ක
තමන් ආදරේ කරන කෙල්ලට අවදානය දෙන්නත් අමතක කරන්නේ නෑ වැඩ ඇරිල එද්දි කෙල්ල ආස කෑමක් උස්සන් එන්න අමතක කරන්නෙ නැ.

නිතරම කෙල්ලගේ අතේ පයේ එල්ලිලා ඉන්නේ නෑ
ඒත්
පාරක් පනිද්දී අතින් අල්ලන්
ආරක්ශාකාරී හැඟීමක් දනවන්න අමතක කරන්නෙත් නෑ
වාහනේ යනකොට සීට් බෙල්ට් එක දාන්න බයිසිකල් එකෙ යනකොට හෙල්මට් එක ආදරන් දාන්න අමතක කරන්නෙත් නැ.

කොහෙ හරි යනවා කිවුවම
හෝල්ට් එකෙන් හෝල්ට් එකට කෝල් අරගෙන
වීඩියෝ කෝල් අරගෙන
නටන්නේ නෑ ලොකේශන් දාන්න කියල මැරෙන්නෙ නැ

ඒත්

පරිස්සමෙන් ගිහින් එන්න කියන්න අමතක කරන්නේ නෑ! රෑ උනොත් ගන්න එන්නද අහන්න අමතක කරන්නෙ නැ.

කෙල්ලගේ ෆෝන් සෝශල් මීඩියා චෙක් කර කර
අවිස්වාස කරන්නේ නෑ !
ඒත්,
කෙල්ලට හොඳ නරක කියල දෙන්න අමතක කරන්නේ නෑ මේක කරොත් ප්‍රතිපලය මේකයි කියල කියනව.

අත් නැති ඒව අදින්න එපා,අරහෙම අඳින්න මෙහෙම අඳින්න කියලා නීති දාන්නේ නෑ කෙල්ල හැඩට ඉන්නවනම් කොල්ලට කෝමත් සතුටුයිනේ!
ඒත්
කෙල්ලගේ ආත්මේ ගරුත්වය රකින්න පැකිලෙන්නේ නෑ!

අන්න එහෙමයි
පිරිමියෙක් පරිනත පිරිමියෙක් වෙන්නේ

හොයා ගන්න ටිකක් අමාරු උනත්
එහෙම කොල්ලෙක් ලැබෙන්න
කෙල්ලක් පින් කරන්න ඕනමයි!

page එකත් follow කරන්න යාලුවෝ...❤️

කිලෝමීටර් දස දහස් ගානක් දුර රටවල් දෙකක ඉන්න මිනිස්සු දෙන්නෙක් එකිනෙකාට ආදරේ කරනවා කියන එක ලේසි නෑ. ❤‍🩹එයා උදේට නැගිටිනකො...
13/04/2025

කිලෝමීටර් දස දහස් ගානක් දුර රටවල් දෙකක ඉන්න මිනිස්සු දෙන්නෙක් එකිනෙකාට ආදරේ කරනවා කියන එක ලේසි නෑ. ❤‍🩹

එයා උදේට නැගිටිනකොට මම නිදි
මම නැගිටිද්දී එයා දවල්ට කනවා
මම දවල්ට කනකොට එයා රෑට කනවා
මම වැඩ කරන වෙලාව තමයි එයා ෆ්‍රී වෙලාව
මම ෆ්‍රී වෙන වෙලාව එයා නිදියන වෙලාව
මම නිදාගන්න වෙලාව එයාට පාන්දර

කතා කරන්න, ආදරේ කරන්න සහ ලඟින් ඉන්න තියෙන වෙලාව හරිම අඩුයි.

කැපකරන්න වෙන දේවල් අසීමිතයි!

නොරිස්සුමක් තරහක් නොදැනෙනවා නෙවෙයි. ඒත් රණ්ඩු වෙලා තේරුමක් නෑ කියලා දැනෙද්දී ඉවසගෙන ඉන්නවා.

"ඕවා හරියන වැඩ නෙවෙයි...."

මිනිස්සුන්ගේ කතා එක්ක හිත වැටෙන තැන් අප්‍රමාණයි. ඒත් විස්වාසේ නිසා අවිස්වාසයක් ඇති වෙන්න නොදී ගලාගෙන යනවා.

එයාට මාව නොපෙනෙන සහ මට එයාව නොපෙනෙන වෙනස්ම සංස්කෘතීන් තියෙන රටවල් දෙකක ජීවත් වෙන්න උනාම තේරුම් ගැනීමයි විස්වාසෙයි අසීමිතව තියෙන්න ඕනේ.

ඒත් හැමතිස්සෙම එහෙම පවතින්නෑ.

කොයිතරම් තේරුම් අරන් හිටියත් ඇඬෙන තැන්, තරහා ගිහින් බුම්මන් ඉන්න තැන් ඕනේ තරම් තියෙනවා.

ඉතින් එහෙම දවසකත්,

"මැණික මම දන්නවා මේක හරි අමාරුයි කියලා. ඒත් මේ ගෙවුන අවුරුදු ගාන වගේම මම එක්කම ඉන්න..." කියලා එයා කිව්වාම මම නිවෙනවා.

සමහර වෙලාවට මටම පුදුමයි එයා කොහොමද මගේ සමහර නෝක්කාඩු ඉවසන්නේ කියන එක ගැන.

ඒ තරමට එයා මාව දරාගන්නවා. සමහර විට මමත් ඒ තරම්ම එයාව දරාගන්නවා ඇති.

කොහොම උනත් මම තදින්ම විස්වාස කරනවා,

'අනේ ලඟ හිටියා නම්...' කියලා අපිට දැනෙන මේ දවස් ඉක්මනට ගෙවිලා යාවී.

ඊට පස්සේ මට හිතුන ගමන් එයාව බදාගෙන ඉඹින්න පුළුවන් දවස් ඉක්මනට ඒවී. ඒ වෙනකල් මම බලන් ඉන්නවා' ආදරෙන් !
❤️❤️

Online ඕන එකක්

03/02/2025

Happy 77th independence day 🇱🇰

02/02/2025
23/11/2024

එහෙම කරන්න එපා සහෝදරයා

Address


Website

Alerts

Be the first to know and let us send you an email when හිතුවක්කාරි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share