10/07/2026
ආයෙමත් ලැබුණොත් පණ ගැහෙන හදවතක්
මට අවැසි වන්නට ශ්වේත පැහැ නෙළුමක්
මහා සයුර පරදන වැවක් මැද උපතක්
පිපුණාම පිදෙන්නට සෑය ළඟ වරුවක්
සුවඳ පෙති විහිදුවා සෑ මළුවෙ පිදෙන්න
සඳ රැස්වලින් තෙමි තෙමී හිත නිවන්න
සීතලම හුළඟකට සුවඳ මුසු කරන්න
මහා සෑයෙ ගලක් මත පෙති පරව යන්න
මට ඕනි ආයෙමත්,
සුදු නෙළුමක්ව පිපෙන්න.....
📖 සුදු නෙළුමක් වී
✍🏻 අහින්සා පැහැසරණි | අහින්සා පැහැසරණි