Amawaka sada

Amawaka sada news

12/10/2025

ජිවිතේ දිනන පොඩ්ඩන් වෙනුවෙන් බුත්තල පුරවරයට..

12/10/2025
ඊයේ (සැප්තැම්බර් 24 බදාදා) සවස 5.45 ට ගාල්ලෙන් පිටත් වූ ගාල්ල-ඇල්පිටිය (752)  බස් රථයේ ඉදිරිපස අසුනේ භික්ෂූන් වහන්සේ නමක...
25/09/2025

ඊයේ (සැප්තැම්බර් 24 බදාදා) සවස 5.45 ට ගාල්ලෙන් පිටත් වූ ගාල්ල-ඇල්පිටිය (752) බස් රථයේ ඉදිරිපස අසුනේ භික්ෂූන් වහන්සේ නමක් වැඩ සිටිනු දුටුවෙමි.
දොඩන්දූව ප්‍රදේශයේදී (මගේ මතකයට අනුව) භික්ෂූන් වහන්සේ එක්වරම සිහිසුන්ව අනෙක් පස පිරිමි පුද්ගලයාගේ උරහිස මතට වැටෙනු දුටුවෙමි.
කොන්දොස්තර මහතා ඇතුළු පිරිස භික්ෂූන් වහන්සේගේ කම්මුලට තට්ටු දමමින් "හාමුදුරුවනේ.." යැයි පැවසුවත් ප්‍රතිචාරයක් නොදැක්වූ උන් වහන්සේ ට කොන්දොස්තර මහතා විසින් මුහුණට වතුර ඉසූ පසු යලි සිහිය ලැබුණි. නමුත් උන්වහන්සේ දැඩි අපහසුවෙන් පසු වෙන බව දුටුවෙමි.

හාමුදුරුවන් වහන්සේ පපුවේ වම්පස අල්ලමින් ආසනය මත වැතිරෙනු දුටු සියල්ලෝම කලබලයට පත්විය. කොන්දොස්තර මහතා උන්වහන්සේ ව දිරි ගැන්වීය. " හාමුදුරුවනේ..බය වෙන්න එපා අපි හොස්පිට්ල් එකට එක්කගෙන යන්නම්." භික්ෂූන් වහන්සේට පැවතියේ දැඩි වේදනාවක් පමණි.

බස් රථයේ ඒ වන විටත් බොහෝ දෙනා සිටී. ( මේ කාල වේලාවෙ බස් රථවල මගීන් කොපමණ සිටීදැයි දන්නෝ දනිති.) කුමාරකන්ද බස් නැවතුමේ බොහෝ දෙනා බසයට ගොඩවීමට බලාසිටිනු දුටුවෙමි. ඒ කිසිවක් නොතැකූ තරුණ රියදුරු මහතා නොනවත්වා බසය රෝහල වෙත ධාවනය කලේ භික්ෂූන් වහන්සේගේ ජීවිතය බේරා ගැනීමටය.
කොන්දොස්තර මහතා මගීන්ව ආමන්ත්‍රණය කළේ යටහත් පහත්වයි " සමාවෙන්න ඕන..අපිට හොස්පිට්ල් යන්න වෙනවා..කලබල කරන්න එපා. ඉස්සරහ හෝල්ට් වලින් බහින්න ඉන්න අය ඉක්මනින් බැහැගන්න බලන්න.. හාමුදුරුවන් ට අමාරුයි."

අපි රියදුරු මහතාට පැවසුවේ බසය නතර කර ත්‍රීරෝද රථයක හෝ ගිලන් රථයක උන්වහසේ රෝහලට ගෙනියන ලෙසයි. නමුත් ඒවා පැමිණීමට ප්‍රමාද වෙනවා යැයි පවසමින් වේගයෙන් ඉදිරියට ඇදුනේ මගී ආරක්ෂාව හා හාමුදුරුවන් වහන්සේගේ ජීවිත ආරක්ෂා ව පිලිබද සැලකිල්ලෙනි.

මගීන්ගේද උපරිම සහයෝගය රියදුරු මහතාට සහ කොන්දොස්තර මහතාට ලැබුණි.
අවසානයේ ආරච්චිකන්ද රෝහල වෙත කඩිනමින් ලගා වූ පසු ස්වාමීන් වහන්සේ ඔසවාගෙනම රෝහල තුලට යාමට රියදුරු මහතා ඇතුළු පිරිස කටයුතු කළහ. සිතට ඇති වූයේ පුදුමාකාර සතුටකි. ජීවිතයක් බේරාගැනීමේ සතුට මුල්වරට ලැබූ බොහෝදෙනා බසයේ විය. ඒ කල කැපවීමට බස් රථයේ රියදුරු මහතාට හා කොන්දොස්තර මහතාට අපි ස්තූතීවන්ත විය යුතුමය.
තමන්ට පැවරුණු රාජකාරිය වත් හරි හැටි ඉටු නොකරන රියදුරු - කොන්දොස්තරවරු අතර මේ දෙපළ ඇගයීමට ලක් විය යුතුමය. මුදල් ඉපයීම ප්‍රථම රාජකාරිය කර නොගත් මේ දෙදෙනා මගී ආරක්ෂාවට මුල් තැන ලබා දුන්නහ.

රෝගී භික්ෂූන් වහන්සේ කුමන විහාරස්ථානයේ දැයි නොදනිමි. උන්වහන්සේ ට ඉක්මන් සුවය පතමු.🙏

කොන්දොස්තර මහතාව ඡායාරූපය ට හසු කර ගත නොහැකි උන නමුත් ඒ වෙලාවෙ රියදුරු මහතාගේ ඡායාරූපයක් ලබා ගැනීමට හැකි විය. කළ මෙහෙවරට බොහොම ස්තූතී. 🙏

• වලංගු යෝග්‍යතා සහතිකයක් නොමැතිව රිය පැදවීම – රු 4,000.00• ලියාපදිංචියකින් තොරව රිය පැදවීම -රු 10,000.00• බලපත්‍රයක් නො...
24/09/2025

• වලංගු යෝග්‍යතා සහතිකයක් නොමැතිව රිය පැදවීම – රු 4,000.00
• ලියාපදිංචියකින් තොරව රිය පැදවීම -රු 10,000.00
• බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම – රු10,000.00
• රක්ෂණයක් නොමැතිව රිය පැදවීම – රු20,000.00
• වැරදි අංක තහඩු සහිතව රිය පැදවීම – රු10,000.00
• රියදුරු අතර ධාවනය වන රියදුරු දෘෂ්ටි රේඛාව තුල විද්යුත් උපාංගය භාවිතා කිරීම – රු10,000.00
• රිය පැදවීමේදී ගංජා දුම්පානය – රු10,000.00
• බලපත්‍රයේ නියමයන් නොසලකා මෝටර් රථය භාවිත කිරීම -රු 30,000.00 + දින 15 ක් සිරගත කිරීම
• තහඩු නොමැතිව රියදුරු බලපත්රයක් හෝ බලපත්‍රයකින් තොරව රිය පැදවීම – රු5000.00
• බලපත්‍රයක් නොමැතිව හෝ රියදුරු බලපත්රයකින් තොරව රිය පැදවීම – රු2000.00
• බලපත්‍රයක් හෝ අවසරයකින් තොරව රිය පැදවීමට අවසර දීම – රු15,000.00
• නතර කළ විට බලපත්‍රයක් හෝ රියදුරු බලපත්‍රය නොතිබීම – රු10,000.00
• අනතුරක් සිදු නොවූ නොසැලකිලිමත් රිය ධාවනය – රු11,000.00
• නොසැලකිලිමත් රිය ධාවනය මගින් රථය ගැටීම- රු25,000.00
• ආසන පටියකින් තොරව රිය පැදවීම – රු 2000.00
• ආසන පටි පැළඳ නොගෙන මගීන් සමඟ ගමන් කිරීම – රු2000.00
• නිශ්ශබ්ද කලාපවල නලා ශබ්ද කිරීම – රු5000.00
• බලපෑම් යටතේ ධාවනය කරන පුද්ගලයෙකු සමඟ ගමන් කිරීම – රු12,000.00
• රථවාහන සලකුණු වලට කීකරු වීම අසමත් වීම – රු10,000.00
• රථයක් ඉස්සර කරන විට වම් පසට වන්නට ධාවනය නොකිරීම – රු5,000.00
• වමෙන් ඉස්සර කිරීම – රු5,000.00
• වෙනත් ඉස්සර කරන වාහන වලට ගමන් කිරීමට ඉඩ නොදීම – රු5,000.00
• මාර්ගයේ බාධා වන ආකාරයෙන් රථ ධාවනය- රු4,000.00
• මාර්ගය ඉදිරිය නොපෙනෙන තැනක ඉස්සර කිරීම – රු9,000.00
• හැරීවීම සඳහා වාහන දෙකක දිගට වඩා පසුපසට ධාවනය කිරීම – රු3,000.00
• 16-32 km / h කින් වේගයෙන් සීමාව ඉක්මවා – රු12,000.00
• කිලෝමීටර් 33-49 – රු20,000.00
• කිලෝ මීටර් 50 ක හෝ ඊට වැඩි – රු30,000.00
• රථවාහන සංඥානයට අනුකූල වීම අසමත් වීම – රු10,000.00
• ගමනාගමන පාලක සලකුණ සමග අනුකූල නොවීම – රු12,000.00
• වාහනයේ නිදහස් ගමන් මාර්ගයට බාධා කිරීම – රු5,000.00
• රියදුරු අතර ජංගම දුරකථන හෝ ⁣වෙනත් විද්යුත් උපාංගයක් භාවිතා කිරීම – රු10,000.00
• රියදුරු අතර විද්යුත් උපාංගයක් තබා ගැනීම – රු10,000.00

උපුටා ගැනීමකි.. 📝

❌🛑අම්මෙක් වෙනුවෙන් පුලුවන්නම් මේක පුලුවන් තරම් share කරන්න අද මගේ අම්මා හෙට ඔයගෙ අම්මා වෙන්න පුලුවන් නිසා, මගේ අම්මා can...
24/09/2025

❌🛑අම්මෙක් වෙනුවෙන් පුලුවන්නම් මේක පුලුවන් තරම් share කරන්න අද මගේ අම්මා හෙට ඔයගෙ අම්මා වෙන්න පුලුවන් නිසා,
මගේ අම්මා cancer හොස්පිටල් එකේ නතර කරේ අගෝස්තු 12.අම්මගේ biopsy එකක් ගන්න ඕනා කියලා කියපු නිසා, අම්මා ඇඩ්මිට් කරේ 22 ward එකට. ඒ ward එකෙන් අම්මව බලන්න පුළුවන් උපරිම විදියට බැලුව. Dr ප්‍රසාද් ගුණසේකර ගේ ward ඒක. ඇත්තටම dr ගේ registar හරිම කරුණාවන්ත විදියට අම්මා ගැන බැලුව. එතනින් එයාලා කිව්වේ surgery ward එකට යවන්න ඕනා ඒ නිසා dr අනුරුද්ද තෙවරප්පෙරුමට යොමු කරනවා කියලා. හැබැයි එයා දවස් 7කට නුවර‍එළිය trip එකක් ගිහින් කමක් නෑ ඒත් තව කෙනෙක් ඒ වෙනුව ඉන්න ඕනේ නේද? ඒ 27 ward ඒක. ඒ වෙනකොටත් අම්මට සේලයින් විතරයි දෙන්න නියම කරලා තිබුනේ. 27 ward එකට දැම්මට පස්සේ අම්මට සැලකුවේ හරිම පිළිකුල් විදියට දවල් මම යනකොට අම්මා හරිම අමාරුවෙන් කගහනවා. මම ward එකේ මිස් ලගට ගිහින් ඇහුව ඇයි අම්මා වතුර ඉල්ලනවා දෙන්නත් එපා නුම් සේලයින් තුනෙන් එකක් වත් උදේ ඉදන් දීල නෑ කියලා. එයාලා මටත් සැර දාලා ඒක අපි දෙන්නම් ඔයා යන්න කියලා කියද්දීත් මම ලග ඉන්න doctor ගෙන් ගිහින් ඇහුව අම්මා හරි අමාරුවෙන් කගහනවා dr මොකද කරන්නේ කියලා එයත් හරිම අකමැත්තෙන් එතන ඉන්න මිස්ස්ට කියනවා ඔන්න mofin කැල්ලක් වත් දීල දාන්න කියලා. කරන්නම දෙයක් නැති නිසා මම ගෙදර ආවා. හවස අම්මව දවසටම ඒක සේලයින් එකක් වත් නැතුව හොස්පිටල් එකේ එහා කොනේ ඉදන් මෙහා කොනට අරන් ගිහින් 6 පාරක් scan කරන්න කියලා(එක්කන් යන වාරයක් පාස machine එක කැඩිලලු) දවස් ගානක් සේලයින් එකකින් හිටපු ලෙඩෙක් මොන තරම් දුකක් විදින්න ඇතිද බඩේ කැක්කුම එක්ක කැඩුණු wheel chair එකක එහේ මෙහෙ අරන් යද්දී. අම්මා අඩ අඩ ගිය කියලා ලග ඉන්න කෙනා කිව්වා. ඒ මහන්සි වෙලා ආව අම්මා හවස් වෙද්දී සිහිය නැතිව ඉන්නවා දැකල අපි ගිහින් මිස්සලාට කියනකොට එයාලා ඇවිත් බැලුව. එතකොට සේලයින් ඒක ගහන්න හැදුවත් අම්මා හොදටම dehydrate වෙලා. මුකුත්ම කරන්න බැරුව icu දැම්මා. දවස් 10 වඩා රෝහලේ හිටපු අම්මා icu දාලා සිහිය නැති උනාම dr ඇවිත් කියනවා බඩ හොදටම ඉදිමිලා operation නොකරොත් නැති වෙනවා කරත් sure නෑ කියලා. අන්තිමට එහෙම කියලාත් උදේ ඉදන් සිහිය නැතිව හිටිය අම්මව operation එකට ගත්තේ හොදටම හවස් වෙලා උදේ එයාට ලොකු surgery එකක් තියෙනවා කියලා ඒ ගන්නකොට අම්මගේ තිබුන block ඒක පුපුරලා ඇග හැම තැනම ඒ විෂ ගිහින්. එකම ඒක දවසක් machine එකෙන් හිටපු අම්මා August 21 නැති උනා.habai cancer එකෙන් nemei. 27 ward එකෙන් උන නොසැලකිලිමත් කම නිසා. අපි එකට කතා කරාම මරණ පරීක්ශක කියනවා body ඒක release කරන්න බෑ. ඒක ඉල්ලලා අස් කරගන්නලු. දවස් ගානක් අම්මට හොස්පිටල් එකෙන් දුන්න දුකත් එක්ක අපි කවුරුවත් එයාට තව දුක් දිදී එතන තියන්න තිබුන අකමැත්ත නිසාත් අපිට අම්මා නැති දුක දරන්න ඒ මොහොතේ තිබුන අපහසුවත් නිසා අපි ඒක ඉල්ලලා අස් කරගත්ත. අපි අද වග කිව යුතු කෙනෙක් ඇත්නම් කියන්න කැමති මේ ගැන සියලු සාක්ෂි ලග තියෙනවා. තවත් මෙහෙම ආදරණියන්න්ගේ ජීවිත නිරපරාදේ අහිමි වෙන්න නොදී මේ පිළිබද පියවරක් ගන්න. Cancer හොස්පිටල් එකක් කියන්නේ මිනිස්සු මානසික වගේම ශාරීරිකාව හුගක් පීඩාවට පත් වෙන තැනක්. එතන සේවකයාගේ ඉදන්ම කාරුණික තැනක් බවට පත් කරනවා නම් මීට වඩා අසරණ රෝගීන් මානසික සහනයෙන් අඩු තරමේ මැරිලා හරි යයි. මෙහෙම තැනක staff එකක් may තරම් ආකාරුණික වෙන්න පුලුවන්ද?

ICU ඇතුලට අරන් යද්දි අම්මා කිවූවේ මෙච්චරයි
“මට බැන්නා මට බැන්නා” කියලා විතරයි මගේ අත අල්ලන්

අම්මව ICU එකේ ඉදන් Mortuary එකට අරන් යන එකයි, එතනින් පස්සේ මරන පරීක්ශා කරන්න ඉන්න මිනිහගේ ඉදල පගාව ගන්න බලන් ඉන්නේ උබල ඇත්තටම මිනිස්සුද බං?????

Copied

I
01/08/2025

I

ආදරනීය දුවේ පුතේ ඔබ වෙනුවෙන්ම පවත්වන spoken ඉංග්‍රීසි පාඨමාලාව

*කොච්චර grammar පුලුවන් උනත් ඉංග්‍රීසි කතා කරන්න බැරිද ඒකට විසදුම මම කියා දෙන්නම්.

*ඉතාමත් සරල ලෙස ප්‍රායෝගිකව ඉගැන්වීම් සිදු කරයි.

*6,7,8 ශ්‍රේණි 9,10,11 ශ්‍රේණි සඳහා වෙන වෙනම පැවැත්වේ.

*ඉංග්‍රීසි කතා කරන්න උනන්දුවක් ඇති ඔබ සඳහාම පවත්වන මෙම පාඨමාලාවට උනන්දුව කැපවීම තියෙන ළමුන් පමණක් සම්බන්ධ වන්න.

*මාස හයටම පාඨමාලා ගාස්තුව 3000යි.

ආරම්භය අගෝස්තු 24 දින රා‍ත්‍රි 7 ට. පළමු දින නොමිලේ සම්බන්ධ විය හැක.

ලියාපදිංචි වීමට ඔබෙ නම ඉගෙනුම ලබන වසර ලිපිනය whatsapp කරන්න.
Whatsapp : 0779645869
D.M Chaminda Disanayaka

11/03/2025

Address

Gampaha
Gampaha

Telephone

+94774010245

Website

Alerts

Be the first to know and let us send you an email when Amawaka sada posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share