koko sri agri net E8 visa

koko sri agri net E8 visa male

සෘතුමය ධිවර අශ්‍රත රැකියා සදහා මිට වඩා ප්‍රමණයක් යවා ගන්න පුලුවන් මෙම රැකියා 500 අමතරව නමුත් අදාල අංශ නිහඩයි.. අමාත්‍යාං...
29/09/2026

සෘතුමය ධිවර අශ්‍රත රැකියා සදහා මිට වඩා ප්‍රමණයක් යවා ගන්න පුලුවන් මෙම රැකියා 500 අමතරව නමුත් අදාල අංශ නිහඩයි.. අමාත්‍යාංශය රමුවකට කොටු නොවි රැකියා වියුක්ත පිරිස වෙනුවෙන් දෙයක් කරයි කියලා හිතනවා.. 🥺
🇱🇰🙏🇰🇷

🔊 කොරියාවේ රැකියා සිහිනය දකින ඔබ සැමට සුබ පැතුම් ...! 🇱🇰♥️
🌟🇰🇷 2026 EPS-TOPIK Point-Based Selection. (EXAM) විස්තර 📚💪

හැමෝම හොඳින් සූදානම් වෙලා, විශ්වාසයෙන් ඉදිරියට යන්න. ඔබේ මහන්සියට සාර්ථක ප්‍රතිඵලයක් ලැබේවා! ♥️🇰🇷✈️

ඔබේ කොරියානු සිහිනය සැබෑ වේවා ... ! 🌟

කොරියන් හිතවතී 💐

🇱🇰🇰🇷✈️
fans

28/09/2026

විශේෂ නිවේදනයයි !

2026 වර්ෂයට අදාලව පැවැත්වීමට නියමිත,කොරියානු භාෂා EPS-TOPIK විභාගයේ නිෂ්පාදන සහ ධීවර අංශයන්ට අදාලව විභාග අයදුම්පත් නිකුත් කිරීම ඔක්තෝබර් 26 සිට 30 දක්වා දිනයන් වලදී සිදුකෙරෙන බව නිල වශයෙන් නිවේදනය කර ඇත.

අයදුම් කිරීම සඳහා අවශ්‍ය වන උපදෙස් ඔක්තෝම්බර් මස 12 වන දින SLBFE නිල වෙබ් අඩවිය හරහා ලබා දෙන බවද දැනුම් දී ඇත

#කොරියන්

🇰🇷දකුණු කොරියාව අද වන විට ලොව ප්‍රමුඛතම ආර්ථික සහ තාක්ෂණික බලවතෙකු බවට පත්ව සිටියද,1960 සහ 1970 දශකවලදී එය ඉතා දිළිඳු රට...
27/09/2026

🇰🇷දකුණු කොරියාව අද වන විට ලොව ප්‍රමුඛතම ආර්ථික සහ තාක්ෂණික බලවතෙකු බවට පත්ව සිටියද,
1960 සහ 1970 දශකවලදී එය ඉතා දිළිඳු රටක් ලෙස පැවතිණි.
එම යුගයේදී කොරියාවේ සිදු වූ ශීඝ්‍ර ආර්ථික වර්ධනය හෙවත් "හන් ගංඟාවේ ආශ්චර්යය" (Miracle on the Han River) පිටුපස විදේශගත කොරියානු ශ්‍රමිකයන්ගෙන් ලැබුණු දායකත්වය අතිමහත්ය.

👷දකුණු කොරියාවේ දියුණුවට විදෙස්ගත ශ්‍රමිකයන් බලපෑ ප්‍රධාන ආකාර පහත පරිදි විග්‍රහ කළ හැකිය:

1. විදේශ විනිමය උපයා දීම (Foreign Exchange Earnings)
දකුණු කොරියානු රජය 1960 දශකයේදී මුහුණ දී තිබූ ප්‍රධානතම ගැටලුව වූයේ කාර්මිකරණය සඳහා අවශ්‍ය ඩොලර් සංචිත නොමැති වීමයි.

බටහිර ජර්මනියට ගිය පතල් කම්කරුවන් සහ හෙදියන්: 1963-1977 කාලය තුළ කොරියානුවන් 8,000කට වැඩි පිරිසක් බටහිර ජර්මනියේ පතල් කම්කරුවන් ලෙසද, 10,000කට ආසන්න පිරිසක් හෙදියන් ලෙසද සේවයට ගියහ.

ඔවුන් සිය වැටුපෙන් වැඩි කොටසක් මවු රටට එවන ලද අතර, මෙම විදේශ ප්‍රේෂණ එකල දකුණු කොරියාවේ දේපළ වෙළඳාම්, යටිතල පහසුකම් සහ කර්මාන්ත ආරම්භ කිරීමට අවශ්‍ය මුලික ප්‍රාග්ධනය සපයා ගැනීමට උපකාරී විය.

2. මැදපෙරදිග ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විප්ලවය (Middle East Construction Boom)
1970 දශකයේ තෙල් අර්බුදයෙන් පසු මැදපෙරදිග රටවල් (සෞදි අරාබිය, කුවේට් වැනි) මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධනය ආරම්භ කළ අතර, දකුණු කොරියානු ඉදිකිරීම් සමාගම් සහ ලක්ෂ සංඛ්‍යාත ශ්‍රමිකයන් එරටට ගියහ.

1970-1980 ගණන්වල මැදපෙරදිග සේවය කළ කොරියානු ශ්‍රමිකයන් අතිවිශාල ඩොලර් ප්‍රමාණයක් රටට එවන ලදී.

මේ හරහා Hyundai, Daelim, සහ Samsung වැනි කොරියානු සමාගම් ගෝලීය මට්ටමේ ඉදිකිරීම් යෝධයන් බවට පත් විය.

3. තාක්ෂණය, නිපුණතා සහ කළමනාකරණ දැනුම හුවමාරුව
විදේශගත වූ ශ්‍රමිකයන් සහ ඉංජිනේරුවන් දියුණු රටවල භාවිත වූ නවීන යන්ත්‍රසූත්‍ර, ඉදිකිරීම් තාක්ෂණය සහ කාර්මික නිපුණතාවලට නිරාවරණය විය.

සේවය නිමා කර ආපසු කොරියාවට පැමිණි පසු, ඔවුන් මෙම තාක්ෂණික දැනුම සහ පළපුරුද්ද දේශීය කර්මාන්තශාලා සහ යටිතල පහසුකම් ගොඩනැගීමට යොදා ගත්හ.

4. වියට්නාම් යුද්ධයේ අනුයුක්ත කිරීම් (Vietnam War Involvement)
ශ්‍රමිකයන්ට අමතරව, වියට්නාම් යුද්ධයට සහභාගී වූ කොරියානු සෙබළුන් සහ සිවිල් කොන්ත්‍රාත්කරුවන් හරහා කොරියාවට විශාල ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණයක් ලැබුණි. මෙයද විදේශීය මූලාශ්‍රවලින් ලත් ශ්‍රම සහ සේවා ආදායමක් ලෙස රටේ ආර්ථිකයට සෘජුවම බලපෑවේය.

5. දේශීය යටිතල පහසුකම් ගොඩනැගීමට අතහිත දීම
විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබුණු විදේශ විනිමය ඇපයට තබමින් කොරියානු රජයට ජාත්‍යන්තර බැංකුවලින් ණය ලබා ගැනීමට හැකි විය. එම මුදලින් කොරියාවේ ප්‍රධාන මහාමාර්ග
(උදා: Seoul-Busan Expressway), වානේ කර්මාන්තශාලා (POSCO) සහ බලශක්ති ව්‍යාපෘති ඉදිකරන ලදී.

සංවර්ධිත දකුණු කොරියාවක් නිර්මාණය කිරීම සඳහා මුල්ගල තැබූ ප්‍රධානතම ශක්තියක් වූයේ, එරට අභ්‍යන්තරයේ වූ සම්පත් පමණක් නොව, විදේශයන්හිදී දහඩිය හෙලූ කොරියානු විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දායකත්වයයි.
🙏🙏🙏🇰🇷

👵👴වයසින් පරිනත සැම කොරියනු ජතිකයෙකුගෙම අදහස මෙය බව ඔවුන්ගෙ කතාබහ තුලන් මා හට අවබොද විය.
ශ්‍රි ලංකාවෙද විදෙස රැකියා ක්ෂේත්‍රය තුල කඩිනමින් ප්‍රතිසංස්කරණ විය යුතුය.
ශ්‍රි ලංකාවෙ දියුණුව ලෝකයට අඬබෙර ගසා පැවිසිය යුතු නෙවෙ..
ලොකෙයෙන් සැඟව ක්‍රියාවෙන් ඔප්පු කල යුතුය.
එම නිසා ඍතුමය වැඩසටහන් වැනි ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාවට නැංවීමට ගරු විෂයභාර ඇමතිතුමා ඇතුළු නිලධාරින් වචනයකට සීමා නොවී කටයුතු කරාවියැයි විශ්වාස කරමි. මෙය බෙදා හැරිම(share) තුලින් නෙත ගැටෙවි.

මිට පෙර මා C-4 රැකියා ජාවාරම් පිලිබදව ලිපියක් ගෙනා අතර එසෙ යැවිමට තවමත් නිත්‍යානුකුල ක්‍රමවෙදයක් නොමැත. ශ්‍රි ලංකා විදෙස රැකියා නියුක්ති කාර්යාංශය⁣ද මෙ පිලිබදව දැනුවත් කර ඇත.

Koko sri agri net පිටුව follow කරලා තියා ගන්න.
🇱🇰🙏🇰🇷

🙏
26/09/2026

🙏

🫰🇱🇰🇰🇷
24/09/2026

🫰🇱🇰🇰🇷

🫰
24/09/2026

🫰

🇰🇷දකුණු කොරියාවේ C-4 (Short-Term Employment / කෙටිකාලීන රැකියා)වීසා කාණ්ඩය යටතේ ක්‍රියාත්මක වන කෘෂිකාර්මික හා ධීවර ක්ෂේත...
24/09/2026

🇰🇷දකුණු කොරියාවේ C-4 (Short-Term Employment / කෙටිකාලීන රැකියා)
වීසා කාණ්ඩය යටතේ ක්‍රියාත්මක වන කෘෂිකාර්මික හා ධීවර ක්ෂේත්‍රවල ඍතුමය රැකියා (Seasonal Work Program - E-8 වීසා සඳහා පදනම් වන) පිළිබඳ විස්තර පහත දැක්වේ.

C-4 කෘෂි වීසා එකේ ප්‍රධාන ලක්ෂණ,

රැකියා කාලසීමාව: මාස 3 කි (දින 90). මෙය කෙටිකාලීන වීසා කාණ්ඩයකි.

🧑‍🌾කාර්යය: ප්‍රධාන වශයෙන් කොරියාවේ වගා වාරවලදී (වගා කිරීම, අස්වැන්න නෙලීම) සහ ධීවර ක්ෂේත්‍රයේ කෙටිකාලීන ශ්‍රම හිඟය පියවා ගැනීමට ගොවීන්/ධීවරයින් යටතේ සේවය කිරීමයි.

🏧වැටුප: කොරියානු රජයේ අවම වැටුප් නීතියට (Minimum/Law) යටත්ව ගෙවීම් සිදු කෙරේ.

🔴වීසා බලපත්‍රය ලබාගැනීමේ ක්‍රමවේදය
C-4 ඍතුමය රැකියා වීසා සාමාන්‍යයෙන් තනි පුද්ගල පුද්ගලික අයදුම්පත් (Individual Applications) මගින් ලබාගත නොහැක.

මෙය සිදුවන්නේ ක්‍රම දෙකකටය:
රජයන් අතර ගිවිසුම් (MOU - Memorandum of Understanding)
දකුණු කොරියානු පළාත් පාලන ආයතනයක් (Local Government) සහ වෙනත් රටක පළාත් පාලන ආයතනයක් / විදේශ සේවා නියුක්ති කාර්යාංශයක් අතර ඇති කරගන්නා රාජ්‍ය මට්ටමේ ගිවිසුම් හරහා පමණි.

තැරැව්කරුවන්ට හසු නොවන්න C-4 කෘෂි වීසා ලබාදෙන බව පවසමින් විවිධ පුද්ගලික ඒජන්සි හෝ තැරැව්කරුවන් මුදල් අයකිරීමට උත්සාහ කළ හැක. මෙය රාජ්‍ය අංශයේ මැදිහත්වීමෙන් පමණක් සිදුවන්නක් බැවින් සැමවිටම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) හරහා තොරතුරු තහවුරු කරගන්න.

මෙ දින වල දකුණු කොරියනු නිවඩුසමය අරම්භව ඇත. මෙය හා සම්බන්දව නිවැරිදි මුලශ්‍ර ඔස්සෙ කරුණු ඉදිරියෙදි අරගෙන එන්නම්.. Koko sri agri net පිටුව follow කරලා තියා ගන්න.
🇱🇰🙏🇰🇷

23/09/2026
ගරු සභාපති තුමා පැවුසු  අකාරයට ධීවර රැකියා බහුල ප්‍රන්ත සමඟ ගිවසුම් ගත විමට මෙම වර්ෂයෙ හැකි වෙවිද?තායිලන්තය ගැටලුවට හා අ...
21/09/2026

ගරු සභාපති තුමා පැවුසු අකාරයට ධීවර රැකියා බහුල ප්‍රන්ත සමඟ ගිවසුම් ගත විමට මෙම වර්ෂයෙ හැකි වෙවිද?

තායිලන්තය ගැටලුවට හා අනෙකුත් ප්‍රශ්න වලට ඍජුව මැදිහත් උන ලෙස ඍතුමය වැඩසටහන් සදහාත් ගරු ඇමතුමා ඇතුලු නිලධාරීන් අවදානයක් යොමු කරයිද...?

මන්දගමිව වුවත් අදාල අංශ මැදිහත් වී අපෙක්ෂාවෙන් ඉන්න දරුවන් හට
සාධනීය පිළිතුරක් ලබාදෙවි යැයි විශ්වාස කරමි. බොහො දෙනා විමසිම් කරලා තිබුනා යවත්කාලින තොරතුරුක් නැද්ද කියලා..
කොහොම නමුත් මා පෙර සදහන් කල පරිදි නව ප්‍රන්ත සමඟ අවබෝධතා ගිවිසුම් තවමත් අත්සන් නොකල නිසා රැකියා ඇනුවුම් ලැබ මෙ වර්ෂයෙ අදාලව නව ප්‍රනත්යකට නියමු කණ්ඩායමක් පිටත් කර හරිවි යැයි තවමත් කිව නොහැක.

Koko sri agri net පිටුව follow කරලා තියාගන්න.
🇱🇰🙏🇰🇷

Address

Gampha
Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when koko sri agri net E8 visa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share